මතක අතරින් 🌻
අවසාන කොටස
ඒ ඇස් කඳුලින් තෙත්වෙලා. මට තෙරෙන් නැ මොකුත්ම. තරුගෙ කවුරු හරි අසනීප වෙලාද මන්දා. මන් තරු පිටිපස්සෙන් ඔහේ ඇවිදන් ගියේ. වට පිට බල බලා ආපු මම හැප්පුනේ තරුගේ ඇගේ.
“විහා කලඹල වෙන්න එපා. අපි මේ ලෝකේට එනවා වගේම ආපහු යන්නත් ඕන…”
ඒ වචන ළග මාව සීතල වෙලා ගියා.
“ත්.. තරු ඔයා මොනාද මේ කියන්නේ. මට තෙරෙන් නෑ. කවුද හොස්පිටල් ඉන්නේ. ඔයා දන්නවා මන් ඉන්න තත්වය. මට මොකුත් තෙරෙන් නෑ තරු ඔයා කියන කිසිම දෙයක්…”
තාරුගේ කතාව මට තෙරුණේ නෑ. ඒ හින්දාමයි මම එහෙම ඇහුවේ.
“එන්නකෝ…”
තරු මාව අතින් අල්ලම් කොරිඩෝව දිගේ එක්කන් ගියේ කොහෙද යන්නේ කියලාවත් තෙරුම් ගන්න බැරුව. “මෘත ශරිරාගාරය” ලොකුවට ගහලා තියන බෝර්ඩ් එක දිහා මම බය වෙලා බලලා තරු දිහා බැලුවේ. සත්තයි මගේ මුලු පපුවෙම දැවිල්ලක් ඇති වෙලා ගියා.
“එ එන්න… කෝ ව්.. විහා…”
ඒ ඇස් වලිනුත් කදුලු පොලිමට වැටෙද්දි තරුයි තරුගේ අයියාටයි මැදි වෙලා මම ඇතුලට ආවේ.
“නංගි ඇත්තට මුහුණ දෙන්න ඕන. ඔයා තනි නෑ අපි හැමෝම ඔයා එක්ක ඉන්නවා…”
තරුගේ අයියා එහෙම කියන ගමන් ට්‍රොලියක් උඩ තිබ්බ සුදුපාට රෙද්ද මදක් ඈත් කරේ මාව පිටිපස්සට විසික්වෙද්දි. පපුව හත් අටකට පැලිලා යන තරම් වේදානාවක් ගෙන දෙද්දි මට මතක වටේටම කලුවර වෙනවා විතරයි.
මගේ ජිවිතයේ හිමිවීම් වලට වඩා තිබ්බේ අහිමිවීම්. මගේ ලෝකේ මට වටිනම කියන බැදිම් දෙක එකම දවසේ මාව දාලා ගියේ මාව මේ ලෝකේ තනිම කරලා. ඔව් මගේ තාත්තාත් එදාම මාව මේ ලෝකේ තනිකරලාම යන්න ගිහින් පපුවේ අමාරුව හැදිලා. අන්තිමට මම කාත් කවුරුවත් නැතිවම තනි උනා.
තාමත් මතකයි එදා එයා තාත්තාගේ මලගෙදර ආපු හැටි. තනියම නෙවේ එයාගේ නිත්‍යානුකූල අයිතිකාරයා එක්කමයි ආවේ. සත්තයි මට දුවගෙන ගිහින් ඒ පපුවට තුරුලු වෙලා කෑ ගහලා අඩන්න හිතුණා. කෝ ඒත් අයිතියක්. එයත් මාව තුරුලට ගන්න බැරුව බලන් හිටියා අද ඊයේ වගේම මතකයි.
අවුරුදු තුනක් ගෙවුණේ හරි ඉක්මනට. ඒ අහසේ දැන් ලස්සන ඉරක් පායලා. ඒත් සතුටින්ද මම දන් නෑ. ඒත් අවුරුදු තුනකට පස්සෙ මට ඕන උනා එයා සතුටින්ද බලන්න. මොකද මට අද යන ගමන සතුටින් යන්න ඕන හින්දා.
ලොකුවට මට මේ ගෙදරින් ගෙනියන්න කියලා දෙයක් තිබ්බේ නෑ. මගේ ලස්සන මතක පිරුණු ගෙදර සදහටම මම අගුලු ලෑවේ නැවත කිසිදිම නොඑන බලාපොරොත්තුව අතැතිවයි. ගේට් එක ළගට ආපු මම ආපහු හැරිලා ගෙදර දිහා බැලුවේ අවසන් වතාවට.මගෙයි තාත්තාගෙයි රසබර මතක තාම මට පේනවා වගේ. බර හුස්මක් හෙලපු මම ගෙට් එකත් වහලා ගෙදර යතුර දෙන්න ආවේ සිරිපාල අන්කල්ගේ ගෙදරට.
“අන්කල් ඒ කට්ටිය ආවාම මේ යතුර දෙන්න…”
මම යතුරු ඔක්කොම පරිස්සමට අන්කල් අතට දෙන ගමන් කිවේ.
“දුව කොහෙද යන්නේ මේ…”
මන් ගෙවල් විකුණලා යනවා කීව දවසේ ඉදන් ඒ ඇස් වල කඳුලු.
“දුර ගමනක් අන්කල්. දැන් ගොඩාක් මහන්සි මට….”
මන් එහෙම කියලා අවසන් වතාවට අන්කල්ගේ දෙපා වැදලා. තාත්තා නැති උනාට පස්සේ මේ අවුරුදු තුනටම මට තාත්තා උනේ සිරිපාල අන්කල්. අම්මා උනේ විමලා නැන්දා. ඒත් දැන් මට මහන්සි.
“අද උබ යන ගමන මම නවතන් නෑ. හැමදේම නැති උනාම ජිවිතය නැති කරගන්න අය අතරේ උබ ඔය ගත්ත තීරණය ගැන මට පට්ට ආඩම්බරයි. පොරොන්දු උන විදිහට කවදාවත් අහස් උබ ඉන්න තැන දැනගන් නැ. සතුටින් ඉදපන් බන්. මට ඒ ඇති…”
මම යන ගමන දන්න එකම කෙනා. තාරුගේ ඇස් වල හොදටම කඳුලු. ඒ ආදරේට කියලා දන්නවා. මන් හිනා වෙලාම තාරුට සමු දිලා එතනින්ම වීල් එකට නැග්ගේ අහස්ව අන්තිම මොහොතටට බලන්න හිතන්.
පොඩි කාලේ ඉදන් හැදුන වැඩුණ ගම දාලා යද්දි පපුව කීරි ගැහිලා ගියා. පොඩි කාලේ දුව පැනපු වෙල් යායවල් දකිද්දි ඇස් වල කඳුලු පිරුණා. ඒත් අද නවතින්න බෑ. හිත හදාගන්න මම මේ ගමන යන්නම ඕන.
වීල් එකෙන් බැහැලා මම හිමිහිට ඇවිදන් ගියේ අහස් අයියාගේ පුංචි කැදැල්ලට. මන් ගේට් එකෙන් ඇතුලට යනකොටම දැක්කේ අහස් අයියායි වලාකුලු අක්කායි එයාගේ දරුවාගෙයි සතුටු පිරුණ කැදැල්ල.
ඒ ගෙලේ මම දුන්න මාලය තාමත්. ඒක මම ගත්තා. ඒත් ආපහු එයා ගාවට ගියේ කොහොමද මම දන් නැ. කාටවත් නොපෙනුන ඒ ඇස් අස්සේ වේදනාව මම දැක්කා. සතුටින් හිනා වෙලා ඉදියාට ඒ මාලය එයා කී පාරක් ස්පර්ශ කරාද මම හොදටම් දැක්කා. ඒත් ඒ වේදනාව නොපෙනෙන්න එයා එයාගේ චූටි වස්තුව එක්ක සෙල්ලම් කරනවා. ටික ටික එයාට මාව අමතක වෙලාම යයි. හිතට පුංචිම ඉරිසියාවක්වත් දැණුනේ නෑ. මන් එක්ක දැකපු හීනේ එයා හැබැ කරන්. ඉතින් දැන් මට මගේ ගමන සැනසිමේ යන්න පුලුවන්. ඉතින් මට වෙන සැනසීමක් කොහෙද. ඒ පුංචි කැදැල්ල දිහා මම මුවා වෙලා බලන් ඉදියේ. අවසාන වතාවට මම අහස් දිහාම බලන් හිටියා. ඒ රුව අවසාන වතාවට දැස් පුරාම වින්දා.
මම බැග් එකෙන් ලියුම් කවරයක දාගෙන ආපු එයා මට දුන්න මුදුව එක්ක මාලය පරිස්සමට දාලා එතනම තිබ්බ ලියුම් දාන පෙට්ටියට දැම්මා. මොකද ඒ දෙවල් දැන් අයිති මට නෙවේ. මේ අවුරුදු තුනම මම හුස්ම ගත්තේ ඒ මතක හින්දා. ඒත් ඒ මතකවලට මිහිදන් දෙන්න කාලය ඇවිදින්.
එ සතුට පිරුණ පුංචි කැදැල්ලට හදවතින්ම මම ආශිර්වාදය කරන ගමන් මම ආපහු පිය මැන්නේ බස්නැවතුම්පලට.
ඉර නොදන්නවා ඇති සූරියකාන්ත මලක් පේවුණෙම ඉර වෙනුවෙන් කියලා. එක අතකින් බලද්දි මමත් සූරියකාන්ත මලක්. අහස් සූර්‍යා වෙනුවෙන්ම පේවුණ සූරියකාන්ත මලක්. ඒත් අද මට ඒ ඉර අයිති නෑ.
බස් රථයේ කවුලුව ලගට වෙලා අතීතයත් වර්ථමානයත් එක්ක මම දෝලනය වුණා. ඇස් වලින් කදුලු වෙලා ඒ මතක වලට හේදිලා යන්න ඉඩ දුන්නා.
“ආරාමය ගාව බහින්න…”
කොන්දොස්තරගේ හඩින් මා පියවි සිහියට ආවේ. මගේ අලුත් ඇරඹුම ළගට මම ඇවිත්. බස් රථයෙන් බැහැපු මම නොපෙනි යන රථය දිහා බලන් හිමිහිට ඉදිරියට ඇදුනේ. පාරේ පවා පුදුම නිස්කලංක බවක් දැමුනේ.
“ශ්‍රී සීලවතී අරාමය” මම බෝඩ් එක දිහා බලන් ඉදලා හෙමිහිට ඇවිදන් ගියේ හිතට ලොකු සැනසීමක් දැනෙද්දි. අදින් පටන් ගන්න මගේ ජිවිතය ගොඩාක් වෙනස් වෙයි. ඉතින් අදින් මගේ හුස්ම වැටෙයි. මම ජිවත් වෙයි අලුත් කෙනෙක් විදිහට. මම හිමිහිට පියමන් කලේ අහස්ගෙයි මගෙයි සුන්දර මතක හිත යට වලදාන ගමන්. හැම මතකයක්ම වලදාලා යන මේ ගමනේ මේ මගේ නව ඇරඹුමයි. ආපහු හැරිමක් නැති වෙයි. ඉතින් නොබෝ දිනකින් මේ සූරියකාන්ත මල, බුදු හිමි පාමුල නිවන සොයා යන සුදු අරලියා මලක් වේවි.
— නිම් —-