මතක අතරින් 🌻

තෙවන කොටස

මෙච්චරකල් ආදරය කරපු එයා අද වෙන කෙනෙක්ගේ වෙන දවස. පපුව පැලෙන්න වගෙ වෙදනාවක් දෙද්දි මම් අල්මාරිය විවර කරලා උඩින්ම පිලිවලට නවලා තිබ්බ කලුපාට පසුබිමෙ සූරියකාන්ත මල් වලන් හැඩ උන සාරිය අතට ගත්තේ. එයා මට අරන් දිපු මන් ආසම සාරිය.

සාරියත් ඇදලා චූටි මෙකප් එකක් දාලා ඉවර වෙද්දි වගේම කාමරයට ආවේ තරු. ඒ මූණත් දුකින් පිරිලා.

“විහාරා ඔයාට අහස්ගේ වෙඩින් එකට යන්නම ඕනද. ඔයා කොහොමද එයා වෙනකෙනෙක්ගේ වෙනවා බලන් ඉන්නේ…”

තරු එහෙම ඇහුවේ මගේ ඇද උඩ වාඩි වෙන ගමන්. මන් අඩන් නෑ කියලා මටම පොරොන්දු උන හින්දාම බොහොම අමාරුවෙන් කදුලු හිර කරන් හිනා වෙලා තරු ලගින් ඉදගත්තා.

“විහාරා අඩපන් බන්. ඇති තරන් අඩපන්. අනේ ඔහොම ඉන්න එපා මට බයයි….”

මම කදුලු හිර කරන් හිටියත් තරුගේ ඇස් වලින් කඳුලු වැටෙනවා. එයා අඩද්දිත් මන් අඩන් නැති හින්දා හිතට බය ඇති.

“මේක මගේ දෛවය වෙන්න ඇති තරු. ඇඩුවා කියලා මේ දේවල් වෙනස් වෙන් නෑ. ඇඩුවාම හැමදේම වෙනස් වෙනවා නම් මම තරම් වෙන කවුරුත් අඩන් නැති වෙයි….”

මන් කිවේ හිනා වෙලා. ඒ හිනාව ඇතුලේ තියන වේදනාව එයාට දැනෙන්න ඇති. අඩලා දේවල් ලැබෙනවා නම් ලෝකේම මිනිස්සු අඩයි අහිමිවීම් ඉල්ලලා.

“අහස් අයියාගේ ලස්සනම දවස මට අඩලා විනාශ කරන්න බැ තරු. එයා මන් ළග නැතත් ඉන්න තැනක සතුටින් ඉන්න ඕන. ඒ ඇති මට හුස්ම ගන්න තරු…”

මම එතනම තිබ්බ පුංචි අත් බෑගය අතට ගත්තේ ඇදෙන් නැගිටින ගමන්. හිතට දරාගන්න බැරි උනත් මම මේ දේ දරාගන්න ඕන මගේ තාත්තා වෙනුවෙන්. මට මේ ලෝකේ ඉන්න එකම බැදීම එයා වගේම එයාට මේ ලෝකේ ඉන්න එකම බැදිමත් මම. ඉතින් මම ඒ වෙනුවෙන් දරාගන්නම ඕන.

“තාත්තා දවල්ට කන්න ඕන. කාලා බෙහෙත් බොන්න. මම තුනවිතර වෙද්දි එනවා හොදේ. සිරිසේන මාමා තව ටිකකින් එයි හොදේ. මන් කියලා යන්නම්…”

තාත්තා ගාවින් වාඩිවෙන ගමන් මම එහෙම කිවේ.

“පරිස්සමෙන් ගිහින් එන්න දෝණි. රෑ වෙනකම් ඉන්න එපා…”

මන් හිනවෙලාම ඔලුව වැනුවේ. තාමත් තාත්තාට මාව පොඩි දරුවෙක් වගේ. තාත්තාටත් වැදලා මම තරු එක්ක හන්දියට ආවේ වීල් එකක් ගන්න. අද මහ අමුතු මූසලකමක් දැනෙන්නේ. හොටෙල් එකට එනකලුත් මම නිහඩව හිටියා විතරයි.

හොටෙල් එක ළගින් බැහලා මම බලන් හිටියේ ඒ දිහා. මටත් නොදැනිම මට සිනහාවක් නැගුණා. මමයි එයයි මේ වගෙම ලස්සන වෙඩින් එකක් ගන්න හීන මැව්වා. ඒත් අද ඒ හිනේ හැබැ වෙලා. මම එක්ක නෙවෙ වෙනකෙනෙක් එක්ක. ඒත් එතැන අපි දෙන්නාගෙම සතුටක් නෑ.

AHAS ❤️ WALAKULU
WEEDING

ලස්සනට සිතුවම් ඇදලා ඇතුල් වෙද්දිම. මම ටික වෙලාවක් ඒ දිහා බලන් හිටියේ ඇහිපිහ නොහෙලාම.

“විහා යමු අපි ඇතුලට….”

මම හිමිහිට ඇවිදන් ආවේ තරුගේ අතේ එල්ලිලා. මාව වෙව්ලනවා. මුලු ඇගම දනවා වගේ. ඇස් වලට ක‍ඳුලු මෝදු උනේ මටත් නොදැනීමයි. එයා මංගල පෝරුව උඩ ඉන්නවා මනමාලිත් එක්ක. ඒ ඇස්වල දුක වේදනාව මට හොදටම පෙනුණා.

මම එහෙම්මම තරුට වාරු උනේ ඇස් දෙකෙන් කඳුලු පෝලිමට කඩා හැලෙද්දි. සත්තයි පපුව පිච්චිලා ගියා එයාගේ අත වෙනකෙනෙක්ගේ බැදෙද්දි.

“ත්.. තරු ම්.. මගේ අ.. අයියා. එ.. එයා හ්.. හරිම ල්…ලස්සනයි නේ…”

යුරෝපීයයන් කළු පැහැති ඇදුම් කට්ටලයකින් සැරසි හිටිය එයා අද ඇත්තටම ලස්සනයි. ලෝභ හිතුණා මට. පිම්බිච්ච ලේස් ගවුමක් ඇදලා හිටිය ඒ අක්කාත් බෝනික්කියක් වගේ.

“අඩන්න එපා විහාරා…”

තරු මගේ උරහිසට තටුවක් දාලා කතා කරද්දි මම ඉක්මනින් කඳුලු පිහදාගත්තේ, මම අඩනවා දැක්කොත් ඒක අහස් අයියාට හොද නැති හින්දා.

වෙලාව ගත වෙනවා දැණුනේම නෑ. පැය ගනන් ගෙවිලා යද්දි මම ඒ රුව දිහාමයි බලන් හිටියේ. මට අයිති නැති මගේ වස්තුව හිත පුරා සිත්තම් කරගත්තේ අවසාන වතාවට. වතුර උගුරක් මම බිවේ නැතුව මම බලන් හිටියේ.

“කොහේ කොහෝම කොතන හිටියත් ඔය මූණේ හැමදාම හිනාව තියෙන්න ඕන. මන් එක්ක හැබැකරගන්න හිතපු හැම හීනයක්ම හැබැවෙන්න ඕන. සතුටින් ඉන්න මගේ අයියේ…”

මන් ඒ දෙන්නා දිහා බලාගෙනම තොල්පෙති මිමිණුවේ. එයා වටපිට බලනවා බයවෙලා වගේ. මාව දැනිලද. මම ඉක්මනට එතනම තිබ්බ කණුවකට මුවා උනේ ඒ ඇස් වලින් වසන් වෙන ගමන්.

“තරු අපි යමු…”

තවත් එතන ඉන්න ශක්තියක් නැති හින්දාම මම තරුගෙ අතින් අල්ලන් නැගිටිට්ටේ එයාට වාරුවෙන ගමන්. එලියට යන්න දොර ළගට ගිහින් මන් හැරිලා බැලුවේ අන්තිම වතාවට. සත්තයි පපුව පිච්චිලා ගියා. ඒ ඇස් මගේ මත්තෙ. මම ඇස් දෙකෙ කඳුලු පුරවන් මුව දෙපැත්තට කරලා මිමිණුවේ හිනා වෙන්න කියලා.

“සතුටින් ඉන්න…”

මම අන්තිම පාරට එයා දිහා බලලා බර හුස්මක් පා කරලා එලියට ආවේ ආයේ එකපාරක්වත් එයා දිහා නොබලාම. බලන් ඉන්න ඇති මම නොපෙනි යනකම්. ඒත් මටවත් එයාටවත් ආපහු අපේ වෙන්න බැ. එයා වෙනම පාරක අද ගියා.

තරු එක්ක මම පාර්ක් එකට ආවේ ඇති වෙනකම් අඩන්න. ගෙදර ගිහින් තාත්තා ඉස්සරහා අඩන්න මට හයියක් නැ. පපුව ඇදුන් කද්දි මම තරුට වාරු වෙලා ඉකි ගගහා ඇඩුවේ. ඒත් බිදක්වත් මේ ඇස් වල කඳුලු, පපුවට දැනෙන වේදනාව අඩු උනේ නෑ.

වෙලාව යනවා දැණුනේ නැ. මහ මූසල හැගීමකින් හිතම පිරිලා.

“විහා අපි යමු. දැන් රැත් වෙලා…”

වචනයකින්වත් මොකුත් නොකියා මන් ළග හිටපු තාරු නිහඩතාවය බින්දේ. ලා අදුර දසතින් ගලාවිත් විදුලි පහන් එලි එකිනෙක දැල්වෙමින් තිබ්බේ. මම නිකමට ෆෝන් එක අරන් වෙලාව බැලුවේ. ගෙදරින් මිස් කෝල් ගොඩාක්. මම පරක්කු නිසා වෙන්න ඇති හිතුණ හින්දා ගෙදරට ගත්තාත් ඒත් කවුරුත් ආන්සවර් කරේ නැ සමහරවිට නිදි ඇති. මේ වෙලාවට තාත්තා බෙහෙත් බිලා ටිකක් ඇලවෙන හින්දා මට එහෙම හිතුණේ.

“විහා යමුද පොඩි ගමනක්…”

මන් මොකුත් නොකියාම හිස වැනුවේ හා කියන්න. අපි දෙන්නා කතා නොකරම වීල් එකකට නැග්ගෙ තරු යන්න ඕන තෑ කියද්දි. වීල් එක ඇවිල්ලා නවත්තනකම්ම මට ගානක් නැ මන් ඇස් පියන් හිටියේ මගෙයි අහස් අයියාගෙයි මතකයේ නැවතිලා.

“විහා බහිමු…”

තරු කතා කරද්දියි මම ඇස් ඇරියේ. වට පිට බලද්දි මම එතකොටයි දැක්කේ හොස්පිටල් එකේ කියලා.

“යමු විහා පස්සේ විස්තරේ කියන්නම්…”

ඒ ඇස් කඳුලින් තෙත්වෙලා. මට තෙරෙන් නැ මොකුත්ම. තරුගෙ කවුරු හරි අසනීප වෙලාද මන්දා. මන් තරු පිටිපස්සෙන් ඔහේ ඇවිදන් ගියේ.

මතුවට….

පේජ් එකේ රිච් බැහැලා. පුලුවන් අය කතාව ශෙයා කරන්න. ඒ වගෙම කතාව ගැන දැනෙන හැගෙන දේ අකුරු කරන්න අමතක කරන්නත් එපා.

©️️ යේශ්නි අකේල්‍යා