මතක අතරින්

දෙවන කොටස

මම එහෙම්මම දණ නවලා එයාට හැමදාම වගේ අදත් වැන්දේ. ඒ කළු සපත්තු ජෝඩුව මත මගේ කඳුලු වැටි සිත්තම් මැවෙද්දි මම නහයත් අතින් පිහදලා නැගිටලා එයා දිහා නොබලාම යන්න හැදුවේ. ඒත් මට යන්න උනේ නෑ. එයා මාව ඇදලා හිරකරගත්තේ ඒ පපුවට.

“ඇයි අපිට මෙහෙම උනේ සුදු. ඇයි. අපි කොච්චරනම් හීන මැව්වාද. අපිට මෙහෙම උනේ ඇයි සුදු. ඇයි අපිට මෙහෙම උනේ….”

ඇයි අපිට මෙහෙම උනේ. එයා අහන ප්‍රශ්නයට උත්තරය මමවත් දන් නැ. පිරිමි ඒ ඇස් වලින් වැටෙන උණු කඳුලු පහස මට හොදටම දැණුනා.

“ම්.. මට යන්න දෙන්න…”

මන් හැදුවේ එයාගෙන් ගැලවෙන්න උනත් එයා මගේ අත් දෙකින්ම අල්ලන් එඹුනේ මගේ මූණට.

“මම නැතුව ඉන්න පුලුවන්ද. මම නැතුව ඉන්න පුලුවන්ද…”

මම ඒ ඇස්වලින් හංගුනා. එයා නැතුව ජීවත් වෙන්නේ කොහොමද කියලා මම දන් නැ. ඒත් ජීවත් වෙන්නම ඕන.

“පරක්කු වෙනවා මට. තාත්තා බලන් ඇති අයියේ…”

තවත් අපිට එකට යන්න බෑ අත් අල්ලන්. වැටෙන්න වෙර දරණ කඳුලු ඇස් අග හිරකරන් මම හුස්ම හෙලුවේ අහක බලන්. ඒත් එයා ආපහු මාව පපුවටම තුරුලු කරන් ඉන්නවා. මිදෙන්න ලෝභ උනත් අද මම මිදිලා යන්නම ඕන.

“අපි ආයේ හම්බෙයිද දන් නෑ. ඉන්න තැනක පරිස්සමින් සතුටින් ඉන්න සුදු. පරිස්සමින් ඉන්න. මට සැනසීමක් නැතිවෙයි අද ඉදන්. මම අද අත අරින්නේ මගේ හුස්ම ටික. මගේ හුස්ම ටික නැතිව කොහොම ජීවත්වෙන්නද මම දන් නෑ. ඒත් හුස්ම අල්ලන් ඉන්නවා සුදු. මම හුස්ම අල්ලන් ඉන්නා. කොහේ කොහොම උන්නත් හිනා වෙලා සතුටින් ඉන්න…”

මාව මදක් ඈත් කරපු එයා හිමිහිට මගේ හිස පිරිමැද්දා. තාත්තා කෙනෙගේ ආදරය ආරක්ෂාව මට හොදටම දැණුනා. තවත් ඉන්න බෑ එයා ළග. එයාගේ අතින් මාව අත හැරුණ පමාවට මම දුවගෙන ගියේ එයා දිහාවත් නොබලා.

බලන්න බෑ ආයෙත් අයිති නැති බව දැන දැනම හිත එයාවම ඉල්ලනවා. ඒත් මම දැන් යන්නම ඕන. දෙනෙත් කඳුලැල් කඩා හැලෙද්දි මම කොපුල් කදුලු පිසල පිසල මම ඇවිදගෙන ගියේ මග තොටේ මිනිස්සු මගේ දිහා බලන් ඉන්නවාද කියලා නිනව්වක් නැතුව. කොහේට හරි ගිහින් කැ ගහලා අඩන්න ඕන උනා.

“තරු…”

මන් එනකම් මාර ගහ ළග බෙන්ච් එකට වෙලා බලන් හිටිය තරුට මම වාරු උනේ කදුලු නවත්තගා බැරුව. තාරුට දැනෙන්න ඇති මගේ වේදනාව.

“ඇ… ඇයි ත්… තරූ ම්… මන් ම්.. මෙච්… චර ක්.. කාල ක.. ණ් නී. ඇ.. ඇයි තරු.. හ්…”

හදවත පැලෙන්න තරම් වේදනාගෙන දෙද්දි මම වාරු වෙලා ඇඩුවේ. තාරු මගේ හිස පිරිමැද්දෙ මොකුත්ම නොකියාම.

“ඇ… ඇයි ත්.. තාරු අ.. ඇයි. ම්.. මගේ අ.. අහ.. ස් . අ… අනේහ් ත්… තාරු. ම්… මන් ක්. කොහොමද ඉ.. ඉන්නේ එ.. එයා නැතුව. ම්.. මන් ක් කො… හොම… ද ඉන්.. නේ එ.. එයාහ් නැ..තුව…”

බැහැ දරන්න තවත්. පපුව පැලෙන්න තරම් වේදනායි.

“අඩන්න විහා. ඇති තරම් අඩලා හිත හදාගමු. අඩලා හරි හිත හදාගමු කෙ/ල්ලේ. උ/බට පුලුවන්. හිත හදාගමු අපි…”

කඳුලු නිමාවක් නෑ. අහස් වගේම මාත් අසරණයි. අපේ ලැබීමද මන්දා. කොච්චර අඩුවත් ඇස් වල කදුලු නිමක් නෑ. මන් අඩන්න ඇති පැයගානක් තාරුට වාරුවෙලා. මගේ පිනකට හම්බුණ යාලුවෙක්. නැත්තම් මන් මෙලහකට පිස්සියෙක් වගේ ඇවිදිනවා ඇති.

විහාරා හිරුමලි උන මට අහස් සූර්‍යව හම්බුණේ හරි අහම්බෙන්. ඔව් ඒ තාරු හින්දා. තරුගේ පාසල් යාලුවෙක් වෙච්ච නෙහාන්ගේ අයියා අහස්. අහබෙන් දැකපු අපි දෙන්නා කාලයක් යද්දි ආදරවන්තයෝ උනේ හරි ඉක්මනට. අහස් අයියා මට තාත්තෙක් වගේ ආදරයක් ආරක්ෂාවක් දුන්නා. ඒ හින්දාම මන් ඒ හිතට බැදෙන්න ඇති. අපේ ආදරය හරි ලස්සනට ගලන් ගියා. අපි ලස්සන හීන මැව්වා එක වහලක් යටට එන්න. ඒත් එකම එක දවසක ඒ හීන ගංවතුරකට ගහගෙන ගියා හැගීමක් දැණුනේ.

එදාත් රැකියාවේ හදිසි වැඩක් නිසාම මට හය විතර වෙනකම් ඉන්න උනා. හයට පාරට ආපු මම බස් හොල්ට් එකට වෙලා බලන් හිටියේ අහස් අයියා එනකම්. පරක්කු උනොත් එයා මොන වැඩෙ තිබ්බාත් මාව ගෙදරට ඇරලවන්න එනවා.

“විහාරා නේද…”

රැකියාව අවසන් වී නිවසට යාමට පාරේ ඉද්දි අහම්බෙන් ඇහුණ හඩට මම හැරිලා බැලුවේ.

“ඔව්…”

සාරියකින් සැරසි සිටි මදක් තලෙලු ඇයගේ රුවේ කුමක්දෝ හුරු ගතියක් දැණුනේ. ඒත් ඒ කවුද කියලා මගේ මනසට එකවර වැටහුන් නෑ…

“මන් හම්බෙන්නමයි හිටියේ. මම අහස්ගේ අම්මා. මන් කෙලින්ම කතාවට එන්නම්කෝ අහස් බදින්න කෙනෙක් ගෙදරින් යෝජනා කරලයි තියෙන්නේ. ඒත් තමුන් හින්දා බෑ කියනවා…”

අකුණු දහස් ගණනක් හිසමත පුපුරනවා වගෙ හැගීමක් දැනෙද්දි මම අම්මා දිහා බලාන හිටියේ. ඒ ඇස් වල තිබ්බේ තරහක්. හරියට එයාගේ පුතාව මම වෙනස් කරා වගේ බැල්මක්.

“තමුන්ගේ අම්මා තමුන්ට කිරි කඳුලක් දෙන් නැතුව වෙන මිනිහෙක් එක්ක ගියේ තමුන් ඉපදිලා දවස් පහෙන්. ඒ දුකටම තාත්තා මැ/රුණා. දැන් තාත්තා කියන්නේ බාප්පාට. ඔය වගේ පවුලකින් මගේ පුතාට කසාදයක් කවදාවත් කරලා දෙයි කියලා හිතුවද. අම්මා ගිය අඩිපාරේම දෝණියැන්දත් යයි. මගේ පුතා අන්තිමට විදවයි. හොද හිතින් කියන්නේ මගේ කොල්ලා ගැන තියන අදහස දැන්ම හිතින් අයින් කරගන්නවා…”

තදින් කතා කරන හඩට පාරේ මිනිස්සුත් බලන්න ඇති. ඒත් මට ගානක් නැ. මම කතා කරන්න හැදුවත් වචන පිටවෙන් නැ…

“අහස්ට කියලා කොහොම හරි කැමති කරගන්න හිතලා අපේ ගෙදර ලේලි වෙන්න හදනවා නම් ඒ මගේ මි/නිය උඩින් තමා. තමුන්ට කොහෙද අම්මෙක්. අම්මෙක්ගේ වේදනාව තමුන්ට කවදවත් දැනෙන් නැ. අම්මාගේ ආදරයවත් විදලා නැති තමුන් කොහෙද අම්මෙක්ගේ අගේ දන්නේ. කවදාවත් කිසිම දෙයකට රණ්ඩුවෙලා නැති අහස් තමුන් වෙනුවෙන් ඒ ගෙදර රණ්ඩු උනා…”

ඒ දේවල් මට ඇහුණේ හීනෙන් වගේ. අහස් අයියා මට ඒ කිසිදෙයක් කියලා තිබ්බේ නෑ. සමහරවිට මම කලබල වෙයි කියලා වෙන්න ඇති. අහස් අයියාගේ අම්මා ඔක්කොම මම ගැන හොයන් ඇවිල්ලා තිබ්බේ. අම්මා මාව දාලා ගිහින් තිබ්බේ කිරි කඳුලක් වත් දෙන් නැතුව. තාත්තා ඒ දුකට මාව බාප්පා ගාව තනි කරලා ගියා. ඔව් මම තාත්තා කියන්නේ බාප්පාට. කවදාවත් කසාදයක් කරගත්තේ නැත්තේ බැදලා එන පුංචි මට වෙනස්කමක් කරයි කියලාලු.

“අම්මා…”

මාව වගේම අම්මාත් ගැස්සෙන්න ඇති අහස් අයියාගේ හඩට.

“ආවද. මන් කියන්න ඕන ඔක්කොම මේ කුමාරිහාමිට කීවා. කතා කරගන්න දෙයක් අවසාන වතාවට කතා කරගෙන එන්න. මම යනවා…”

අයියාට මොකුත්ම කතා කරගන්න ඉඩක් නොතියාම අම්මා ගියේ අයියා මගේ දිහා අසරණව බලන් ඉද්දි. අම්මා ළග එයත් අසරණ ඇති මම අද අසරණ උන් වගේම.

එදා ඉදන් අයියා කොච්චර උත්සහා කරත් අම්මාව කැමති කරගන්න බැරි උනා. අම්මා අන්තිමට අම්මාවද මාවද තෝරගන්න කියලා තිබ්බේ එයාව හොදටම අසරණ කරලා.

මට අම්මා නෑ තමා. මන් හින්දා අයියාගේ අම්මාට කරදරයක් වෙන්න දෙන්න බැරි උනා. අම්මාගේ ආශිර්වාදය අපි දෙන්නාට කවදාවත් ලැබෙන් නැ කියලා තෙරුණ හින්දාම මම අයියාගෙන් අයින් වෙන්න තීරණය කලා. අයියාට ගොඩාක් පහදල තමා අකමැත්තෙන් උනත් මේ තීරණය ගත්තේ. අපි දෙන්නාම අඩපු තරම් දන්නේ අපි විතරයි. දෛවයට අභියෝග කරන්න අපිට බැනේ කියලා මම මගේ හිතට වගේම ඒ හිතට තෙරුම් කරේ අමාරුවෙන් උනත්.

“දෝණි…”

කල්පනා සාගරයේ ගිලිලා හිටිය තාත්තාගේ හඩ මට ඇහුණේ. මන් ඉක්මනට ඇස් අරන් ගියේ ඔරලෝසුවට. තාත්තාට බෙහෙත් දෙන වෙලාව ලන් වෙලා. මම කඳුලුත් පිහදන් ඉක්මනට කාමරයෙන් එළියට ආවේ හිනාවෙවිම. මොකද මන් කවදාවත් මගෙ දුක කදුල මම තාත්තාට පෙන්නුවේ නැත්තේ මගේ දුක ළග මට වඩා දුක්වෙන්නේ තාත්තා කියලා දන්න හින්දාමයි.

“තාත්තා බෙහෙත්. මට වෙලාව යනවා දැණුනේවත් නෑ…”

හිනාවෙගනම මම තාත්තා ඉස්සරහයින් ඉදගත්තේ බෙහෙත් පෙති එක්ක වතුර වීදුරුවක් දික් කරන ගමන්.

තාත්තාට හාර්ට් ඇටැක් හැදුනේ මීට අවුරුදු දෙකකට කලින්. දෙවියෝ බලලාද මන්දා මගේ තාත්තාගේ ජීවිතය බේරගත්තේ අනූනවයෙන්. එදා ඉදන් මම හරි පරිස්සමින් තාත්තාව බලාගත්තෙස් දුකක් දෙන් නැතුව. ඩොක්ටර් කිවේ ආයේ හාර් ඇටැක් එකක් ආවොත් තාත්තාගේ ජීවිතය ශුවර් නැ කියලා. ඒදා ඉදන් පුංචි දුකක්වත් මම තාත්තාට දුන් නැ.

“අර ගුණසිරිගේ ගම්පහා ඉන්න අක්කාගේ පුතාගෙන් දෝණිට යෝජනවක් ඇවිල්ලා තිබ්බේ. ඒකට මොකද කියන්නෙ දෝණි. ඔයා හැමවෙලේම මග ඇරිනවා…”

තාත්ත එහෙම කියද්දි මම හිනා වෙලාම ඒ බෙල්ලේ එල්ලුනේ මුණත් ඇඹුල් කරන්.

“ඔයා මාව එලවනමයි හදන්නේ අප්පා. තව අවුරුද්දක්වත් මට මෙහෙම ඉන්න දෙන්නකෝ අප්පා. මහ හොද නෑ. දැන් මට සුට්ටක්වත් ආදරේ නැ…”

මම තාත්තාගේ බෙල්ලේ එල්ලුනේ මුණත් ඇඹුල් කරන්. තාත්තා හිනාවෙනවා හොදටම.

“මන් යනවා උයන්න රෑට. මන් ගියාම තනියම තමා ඉන වෙන්නේ. එතකොට කියයි අපරාදේ මම කෙල්ලව දැන්ම බැන්දුවෙ ගාලා. ආන් එහෙම කියන්න ඕන වෙන් නෑ මාව දැන්ම බැන්දුවේ නැත්තම්…”

මම මුවත් ඇද කරලා ඉක්මනට දුවන් ආවෙ කුස්සියට තාත්තාගේ හිනා හඩ ඇහෙද්දි. කොහොම කියන්නද තාත්තාට මම මගේ ආදරයට යන්න දුන්නා කියලා. අයියාටයි මටයි අයියගේ ගෙදරින් ආශිර්වාදය ලැබුණා නම් මම මේ විද්දිත් තාත්තාට කියලා. ඒත් මොකද්දො අවාසනාවකට මන් ආදරය කරන අය මගෙන් ඈතට යනවා.

මම ඉක්මනට කඳුලු පිහදන් රෑට උයන්න ගත්තේ තාත්තා කුස්සියට එද්දි.

අහන්න මේ සිංදුව ඇස් දෙක පියාගෙන

මතුවට….

පැය ගානක් මහන්සි වෙලා ලියන කතාවට හිතට දැනෙන දේ අකුරු කරලා පුලුවන් අය ශෙයා කරන්න. ඔයාලාගේ අදහස් තමා මාව මොටිවේට් කරන්නේ. හැමදාම කතාව කියවලා ලයික් කරන,ලස්සන කමෙන්ට් දෙන, ඉන්බොක්ස් මැසෙජ් දාලා අදහස් කියන හැමෝටම ආදරෙයි

©️️ යේශ්න් අකේල්‍යා