20වෙනි කොටස🦋
“හෙ…හෙලෝ තාත්තා ගුඩ්මෝර්නින්ග් .”සරසි කිව්වේ ඇදේ විට්ටමට කොට්ටයක් හේත්තු කරගෙන.
“ඔයා තාම නිදිද…”නිහාල් සරසිගෙන් ඇහුවේ ඒ කටහඩ වෙනස් නිසා.
“හරි ඒක නෙවේ සරසි අද මට ඔයාගේ මාමණ්ඩි එක්ක මීටින්ග් එකක් තියෙනවා.ඔයාගේ හස්බන්ඩ් එනවා කිව්වද . “සරසිගේ දෑස් ඉබේටම ගියේ බිත්තියේ ගහලා තියෙන ආදීගේ පොටෝ එක දිහාට.
“හෙලෝ සරසි ඔයාට මාව ඇහෙනවද…”
“ඔව් තාත්තා ආදී එනවනම් කිව්වා.හැබැයි එයා මීටින්ග් එකට එන්නෙ නැතිවෙයි.”
“ඒ මොකද…”සරසි දිග හුස්මක් අරගෙන හිතට ආපු බොරුවක් නිහාල්ට කිව්වේ නිහාල්ව කලබල කරන්න කැමති නැති නිසා.
“තාත්තේ ආදී බිස්නස් ට්‍රිප් එකක් ගිහින්”
“තවත් බිස්නස් ට්‍රිප් එකක්.ආදී දැන් ඔයත් එක්කද නැවතිලා ඉන්නේ…”නිහාල් ඇහුවේ නොරිස්සුම් හඩකින්.සරසිගේ ඇස් ආපහු සැරයක් ගියේ ආදීගේ පොටෝ එකට.සරසි නිහාල් අහපු දේට උත්තර දෙන්න ගියේ නැත්තේ සරසි කැමති වුනේ නෑ ආදීගේ වැරැද්දක් නිහාල්ට කියන්න.
“මේ අහන්න සරසි එයා කොච්චර බිස්නස් ට්‍රිප් ගියත් කමක් නෑ.ඔයාටයි ආදිටයි කියලා තමන්ගෙම දරුවෙක් හදාගන්න.”
“තාත්තා…”
“ආපහු සැරයක් මට නිදහසට කරුනු කියන්න ලෑස්ති වෙන්න එපා සරසි.අවුරුදු පහක් ගිහින් ඔයාලට තාම දරුවෙක් නෑ.ඔයාගේ වැරැද්දක් නැත්තම් මේ වෙනකොටත් ඔයාලට දරුවෙක් ඉන්න ඕන.”සරසි නිහාල් කියපු දේ නිසා නලල රැලි ගහගත්තා.දරුවෙක් හදාගන්න සරසිගේ අකමැත්තක් නෑ.ඒත් ප්‍රශ්නේ තමන් මැරි කරපු දවසේ ඉදන් ආදී මේ ගෙදරට නොආපු එක.
“ඔයා ඒක කරන්නේ කොහොමද කියලා මට ප්‍රශ්නයක් නෑ.ඒත් ඒ හම්බෙන දරුවා.මේ කම්පැනි එකේ අනාගත ඕනර් වෙන්න ඕන.”
“හරි තාත්තා “
“මොකද ආදිගේ තාත්තත් එක්ක දිගටම බිස්නස් කරන්න තියෙන එකම චාන්ස් එක මේක.ඒක හරි ගියොත් අපිට එයාලත් එක්ක දිගටම බිස්නස් කරගෙන යන්න පුලුවන්.”
“මට තේරෙනවා තාත්තා…”සරසි කිව්වේ දිග හුස්මක් අරගෙන.නිහාල් පෝන් එක කට් කරනවත් එක්කම සරසි පෝන් එක ඇදට විසිකරලා ගත්තේ ආදීගේ පොටෝ එක.
“කෙනෙක් මේ තරම් ලස්සන වෙන්නේ කොහොමද…”සරසි කල්පනා කරේ ආදීගේ පොටෝ එක අතේ තියාගෙන .ආදීගේ පොටෝ එක මුවගට ලන් කරගෙන සිපුමක් තිබ්බේ මූනේ හිනාවක් ඇදෙද්දි .
“මම ඔයා වෙනුවෙන් අවුරුදු පහක් බලාගෙන හිටියා.ඔයාගෙ අම්මයි තාත්තයි මට පොරොන්දු වුන විදිහටම මන් ඔයාව තව මාස තුනකින් හම්බෙනවා.”සරසි තමන්ටම කියාගත්තේ පොටෝ එක ඇදේ පැත්තකින් තියලා.සරසිගේ හිත ගියේ අවුරුදු පහකට කලින් වුන සිදුවීමට.
සරසිට මතක් වුනේ තමන් නොදන්න කෙනෙක්ව මැරිකරපු එක.මිහනා ගෙදරින් ගියපු එක මතක් වුනේ ඇස් දෙකට කදුලු උනාගෙන එද්දි.
“මිහානා මන් හිතනවා ඔයා කොහෙ හිටියත් හොදින් ඇති කියලා.”සරසි තමන්ටම කියාගත්තේ දෑසට උනපු කදුලු පිහදගෙන.
🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡
හිරුයි මායි ඇතුලට එනකොටම දැක්කේ කට්ටිය බයෙන් බයෙන් වැඩ කරනවා.හරියට කලබලකාරි ස්වරූපයක් මන් ඒ අයගේ මූනූවලින් දැක්කේ.හිරූ සිතු කියලා කෑ ගහලා සිතුම්ව නැවැත්තුවේ මෙතන වෙන දේවල් දැනගන්න.මන් හිරූ දිහා බැලුවේ පුදුමෙන්.එක අතකට ඒකේ පුදුම වෙන්න දෙයක් නෑ.හිරූ මට වඩා මේකේ වැඩ කරන අය ගොඩක් අදුනගෙන හිටියේ.
“මොකක්ද මෙතන වෙන්නේ….ඇයි හැමෝම මෙච්චර කලබල වෙලා…”සිතුම් වටපිට බලන ගමන් දිග හුස්මක් ගත්තා.
“අද අපේ අලුත් සර් ඇවිත් හැමෝටම බැන්නා.ඒකයි මේ.”
“අලුත් සර්…”මන් ඇහුවේ සිතුම් කියපු දේට බාධා කරලා.
“අද උදේ ආපු වෙලේ ඉදන් සර් ඉන්නේ ගොඩක් කේන්තියෙන්.සර් පොඩි වැරැද්දක් දැක්කත් හැමෝටම කෑ ගහනවා.”මම නලල රැලි කරගෙන හිතුවේ මේ හොටෙල් එකට අලුත් සර් කෙනෙක් ආවේ කවද්ද කියලා.
“කවද්ද අලුත් සර් කෙනෙක් මේ හොටෙල් එකට ආවේ…”මන් අහපු දේට හිරුත් හිස වැනුවේ මන් අහපු දේ අනුමත කරන්න වගේ.
“ඊයේ ගයාන් සර් මේ හොටෙල් එක විකිණුවා.”ඊයේ මන් ගියාට පස්සේ වෙන්න ඇති.මගෙ හිතට දැනුනේ වේදනාවක්.ඒ ගයාන් සර්ගෙන් මට සමාව ගන්න බැරිවුන හින්දා.
“ඔයාලා දන්නවද අද නදිනි ජෙහානුයි අස් කරා.”
“ඒ ඇයි ….”හිරු ඇහුවේ ඇස් ලොකු කරගෙන.
“නදිනිව අයින් කරේ නම් එයා සර් එනකොට හිටියේ හිනාවෙවී කෝල් එක්ක.එතකොට ජෙහාන්ව අයින් කරේ එයාගේ යුනිෆෝම් එකේ බොත්තම් වැරදියට දාලා කියලා.”මගේ හිතට දැනුනේ බයක්.මේ සර් පොඩි වැරැද්දකටත් කට්ටියව අයින් කරනවනම් මාවත් අස් කරන්න් බැරි නෑ.
“දැන් මට තේරෙනවා.ඇයි මේ හැමෝම බයෙන් බයෙන් වැඩ කරන්නේ කියලා.අලුත් බොසා නම් මහම මහ ති/රි/ස/නෙ/ක්.”හිරු කිව්වේ කේන්තියෙන් .
“මිහානා….”පිටිපස්සෙන් ඇහුන හඩ නිසාම සිතුම් අපි දෙන්නා ගාවින් ගියේ ඒකටත් බැනුමක් අහන්න වෙයි කියලා හිතුන නිසා වෙන්න ඇති.ඒත් එක්කම මන් දැක්කේ අපි දිහාට ඇවිදගෙන එන පියත්ව.
“පියත් සර් ගුඩ්මෝර්නින්ග් .”හිරුයි මායි කිව්වේ එකටම වගේ.ඒත් පියත් සර් අපි කියන දේ නෑහුනා වගේ බැලුවේ ඔරලෝසුව දිහා.ඊට පස්සේ පියත් සර් අපි දිහාට ඔරලෝසුව හැරෙව්වේ හරියට වෙලාව බලන්න කියන්න වගේ.
“ඔයාලා එන ටයිම් එක මේකද…”පියත් සර් අපි දෙන්නගෙන් ඇහුවේ උස් හඩින්.
“ඔයාලා දෙන්නා දන්නවද අපිටදැන් අලුත් බොස් කෙනෙක් ඉන්නවා කියලා.”හිරුයි මායි හිස වැනුවේ ඔව් කියලා.මොකද අපි ඒ ගැන දැනගත්තේ විනාඩි පහකට කලින් නිසා.
“හොදයි එයා ඇවිත් උදේ අටට කලින් ආපු අයගෙ රෙජිස්ටර් එක බැලුවා.ඒත් ඔයාලගේ නම් නෑ.”හිරුයි මායි මූනෙන් මූන බලාගත්තේ දැන්නම් අපි දෙන්නා ඉවරයි කියන්න වගේ.
“හිරූ ඔය වෙනදට පරක්කු වෙන්නේ නැති නිසා මන් සර්ට ඒ ගැන කිව්වා.ඒත් මිහානා.”මගේ නම ඇහෙනවත් එක්කම මන් දිග හුස්මක් ගත්තේ ඇයි මටම මෙහෙම වෙන්නේ කියලා හිතන ගමන්.
“මිහානා සර් කිව්වා ඔයා ආපු ගමන් කැබින් එකට එන්න කියන්න කියලා.ඔයාගේ යුනිෆෝම් එක ඉක්මනට ඇදගෙන ඔෆිස් එකට යන්න.”පියත් එහෙම කියලා යන්න ගියේ හිරූ ඇවිත් මගෙ උරහිසට අත තියෙනකොට.
“ඇයි මටම මෙහෙම වුනේ…”මන් හිරූ දිහා බලලා ඇහුවේ වේදනාවෙන්.මන් හිරුත් එක්ක ආවේ රෙස්ට් රූම් එකට.
“අලුත් බොසාට ඔයාව හම්බෙන්න ඕන කියන එකනම් මහම මහා පුදුමයක් මිහානා.මන් හිතන්නේ නෑ ඔයා එන්න පරක්කු වුනා කියලා.ඔයාට මොකක් හරි අයිඩියා එකක් තියෙනවද….”
“නෑ හිරූ දැන් මගේ ඔලුවට කිසිම අයිඩියා එකක් එන්නේ නෑ.”මන් කිව්වේ යුනිෆෝම් එක අරගෙන ඇදගන්න ගමන්.
🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡
මන් ගිහින් අලුත් බොස්ගේ ඔෆි එකෙන් එලියේ හිටගෙන හිටියා.සන්සුන් වෙන්න දිග හුස්මක් ගත්ත මන් තට්ටු කරේ කැබින් එකේ දොරට.මන් කොච්චර තට්ටු කරත් දොර ඇරෙන පාටක් පෙනුනේ නෑ.
“ඇයි කවුරුත් කතා කරන්නේ නැත්ත්…සර් කැබින් එක ඇතුලේ නැද්ද…හ්ම්ම් මන් මගේ වැඩ ටික කරලා පස්සෙ ඇවිත් සර්ව හම්බෙනවා.ඒත් එක්කම වගේ මගෙ කන්දෙකේ දෝංකාර දුන්නේ සිතුම්ගේ වචන.සිතුම් කියන විදිහට ඒ බොස් හරිම සැරයි.බැරිවෙලාවත් එයාට කේන්ති ගිහින් මාව ජොබ් එකෙන් අයින් කරොත්…මන් දොර ඇරගෙන ඇතුලට ගියේ තවත් බලාගෙන ඉන්න බැරිම තැන.
“සර් ඉන්නවද….”මන් ඇහුවේ ආපහු දොර ලගට ඇවිත්.උත්තරයක් වෙනුවට මගේ බෙල්ලට දැනුනේ සුසුම් හඩක්.මන් බිම බලාගත්තේ එයාගේ මූන මට බලන්න බයක් හිතට ආපු නිසා.
“ස…සර් ඔයා ඇයි මට එන්න කිව්වේ…”
“ඔයා හරිම නිර්භීතයි බබා…”බබා ඒ නම කියන්නේ ආදීනේ ඒ කියන්නේ මේ ආදීද…මන් ඔලුව උස්සලා බලද්දි දැක්කේ මගෙ දිහා හිනාවෙලා බලාගෙන ඉන්න….
🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡
💫මතු සම්බන්ධයි