මීට වසර හයකට පෙර මියන්මාරය විසින් බෞද්ධ විහාරස්ථානයකට අලියකු පරිත්‍යාග කිරීමක් සිදු උනා. එම අලියා හaට එත් ගොව්වන් විසින් හිරි හැර කරන වීඩියෝවක් පසු ගියදා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය උනා. එම පරිත්‍යාග කළ අලියාට කරදර කිරීම වහාම නවත්වන ලෙස ශ්‍රී ලංකාවට දන්වා සිටින බව මියන්මාරයේ විදේශ කටයුතු අමාත්‍යාංශය බදාදා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියා.
මියන් කුමාර ලෙස නම් කර ඇති මෙම අලියා මියන්මාර රජය විසින් 2013 දී කොළඹ බෙලන්විල පන්සලට පරිත්‍යාග කරන අලියෙකි. වීඩියෝ පටවල දැක්වෙන පරිදි අලියාට කරදර කළ අයට නිසි දඬුවම් ලබා දිය යුතු බවයි කොළඹ මියන්මාර තානාපති කාර්යාලය ශ්‍රී ලංකා බලධාරීන්ට පවසා ඇත්තේ.
මේ අතර ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපතිවරයා බ්‍රහස්පතින්දා මියන් කුමාර්ව බැලීමට නියමිතව තිබෙනවා.
පන්සල් කටයුතු පිළිබඳ වගකීම භාර ගන්නා එක් භික්ෂුවක් සිද්ධිය සම්බන්ධයෙන් සිය ශෝකය ප්‍රකාශ කළ බව විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශය පවසයි.

මූලාශ්‍රය: මියන්මාර ටයිම්ස්
එම සබැදිය පහතින්
https://www.mmtimes.com/news/myanmar-urges-sri-lanka-stop-abuse-elephant.html