(අවසාන කොටස)
“කවුරු හරි ආවා වගේ පිනිදි?…”
එයා මාව අතෑරලා දොරකඩට ගිහින් බැලුවා. මි/නී ම/ රු/ වා විරාජ්.ඒත් ගැහෙන්න ගත්තෙ මගෙ ප/පු/ව.මාත් විරාජ්ගෙ පිටිපස්සෙන් දුවගෙන මිදුලට ගියා.පොලිස් නිළදාරීන් දහදෙනෙක් විතර මිදුලට වෙලා ඉන්නවා.
විරාජ් මගෙ දිහා බැලුවා.එයාට පුදුම ඇති මෙච්චර කාලයක් ගිහින් පොලීසියෙන් එයා ඉන්න තැන ගත්තෙ කොහොමද කියලා හිතලා.මං කව්ද කියලා දැනගත්තාම විරාජ් පුදුම වෙයි.මට ආදරේ කරපු එකට විරාජ් පසුතැවිලි වෙයි.
ඒත් මං බලාපොරොත්තු වෙච්චි බිය කුතුහලය විරාජ්ගෙ මූණෙන් දිස් උනේ නැහැ. ඒ වෙනුවට විරාජ්ගෙ මුහුණෙන් පෙනුනෙ යම් සැනසීමක සේයාවක්.
“ඇයි පිනිදි ඔයා මගෙ දිහා ඔහොම බලන්නෙ?…”
විරාජ් මොකුත් නොදන්න තාලෙට එහෙම ඇහුවා.එයාව නීතියෙන් කොටු කරලා තියෙද්දි බොරුවට රඟපාන්න හදනවා.
“දැන් ඔයාගෙ ඔය රඟපෑම නවත්තන්න මාධව සේනානායක.මේ ඔෆිසර්ලා ඇවිත් ඉන්නෙ ඔයාව අත්තඩංගුවට ගන්න.ඔයාගෙ හැම දෙයක්ම මං හොයාගත්තා විරාජ්.නීතිය තමන්ගෙ පස්සෙන් පන්නනවා කියලා ඔයා හොඳටම දන්නවා.දැන් ඔයාගෙ හැම සෙල්ලමක්ම ඉවරයි.මං මෙච්චර දවසක් මේ රඟපෑම කරේ ඔයාව කොටු කරගන්න.මං ඕඅයිසී පිනිදි නානයක්කාර.ඉන්ස්පෙක්ටර් මෙයාව ඇරෙස්ට් කරන්න…”
මං එහෙම කිව්වා විතරයි විරාජ් මහ හයියෙන් හිනා වෙවී මිදුලට බැස්සා.පොලිස් නිළදාරීන්ටත් විරාජ්ව ඇරෙස්ට් කරන්න උවමනාවක් නෑ වගේ.ඔහේ බලන් ඉන්නවා. දැන් නම් මට කේන්තිත් එක්ක.
“ඔයාලට මං කියපු දේ ඇහුනෙ නැද්ද?මෙයාව ඇරෙස්ට් කරන්න.මේ ඉන්නෙ ඒ මි/ නී ම/ රු/ වා…”
මං ටිකක් සැරෙන් කතා කරා.එක පොලිස් නිළදාරියෙක් මට මොනවද මන්දා කියන්න හදනකොට විරාජ් ඔහුව නිශ්ෂබ්ද කරා.ඒත් එක්කම ඕඅයිසී තාරකගෙ ජීප් එක ඇවිත් මිදුලෙ නතර කරා.
“ගුඩ් මෝනින් සර්…”
මං හිතුවෙ ඕඅයිසී තාරක මටයි ගුඩ් මෝනින් කියන්න හදන්නෙ කියලා.ඒත් ඔහු ගුඩ් මෝනින් කිව්වෙ විරාජ්ට.
ඕඅයිසී තාරක මොලේ හොඳ නැද්ද විරාජ්ට සර් කියලා කතා කරන්නෙ.නීතිය ඉස්සර දරුණු වැරදිකාරයෙක් වෙච්චි කෙනෙකුට මෙහෙම ගරු කරන්න ඕඅයීසී තාරක පි/ස්/සු/ද?
“ගුඩ් මෝනින් මිස්ටර් තාරක.ඔයාලා මේ වෙද්දි සැබෑ මි/ නී ම/ රු/ ව/ ව ඇරෙස්ට් කරලා නේද තියෙන්නෙ?…”
“ඔව් සර්.මිනිහා හැංගිලා හිටියෙ නුවරඑළියෙ ගෙදරක.සර් මෙහෙ ඉන්නෙ කියලා ආරංචි වෙලා මිනිහා මෙහෙනුත් පැන ගන්නයි හැදුවෙ.ඒත් ඊට කලින් අපිව එයාව ඇරෙස්ට් කරා…”
“වෙරි ගුඩ් ජොබ් මිස්ටර් තාරක.මට ඔයාගෙ ඩිපාට්මන්ට් එකේ සේවය ගැන ගොඩක් ආඩම්බරයි…”
“තැන්ක්‍යු සර්…”
ඕඅයිසී තාරකයි අනික් පොලිස් නිළදාරීනුයි විරාජ්ට ආචාර කරලා ජීප් වල නැගලා යන්න ගියා.කිසිම කෙනෙක් මට මොකුත්ම කිව්වෙ නැහැ.අනික මං එයාගෙ ඕඅයීසී.මගෙ යටතෙ වැඩ කරන නිළාදාරීන් සේරම මං අහපු ප්‍රශ්න වලට ගො/ළු වෙලා වගේ සද්දෙ නැතුව හිටියා.කිසිම කෙනෙක් මාව ගනන් ගත්තෙවත් නැහැ.
මං ඔලුව අල්ලගෙන බිම වාඩි උනා.මාව දැන් නිකන් කරකෝලා අතෑරියා වගේ.මෙතන මොකක්ද සිද්ද වෙන්නෙ කියලා මට හිතාගන්න බැහැ.හැම දෙයක්ම නූල් බෝලයක් වගේ පැටලිලා.
විරාජ් කියන්නෙ මි/ නී ම/ රු/ වෙ/ ක්.ඒක සාක්කිත් එක්ක ඔප්පු වෙලා තියෙද්දිත් ඇයි එයාව පොලීසියෙන් ඇරෙස්ට් නොකලෙ?ඇයි පොලීසියෙන් විරාජ්ට සර් කියලා කතා කරලා ආචාර කරේ?
තාරක සර් කිව්වෙ සැබෑ මි /නී ම/ රු/ වා හැංගිලා හිටියෙ නුවරඑළියෙ කියලා.ඒකෙ තේරුම විරාජ් නෙවෙයිද ඒක කරේ?එහෙම වෙන්න විදියක් නෑනෙ.අර ෆොටෝස් වල හිටියෙ විරාජ්නෙ.ඒක මං මගෙ ඇස් දෙකෙන්ම දැක්කා.
“විරාජ් ඔයා කව්ද?…”
මං බැරිම තැන නැගිටලා ගේ ඇතුලට ගිහින් කේන්තියෙන්ම විරාජ්ගෙන් එහෙම ඇහුවා. විරාජ් මාව ගනන් ගත්තෙවත් නැහැ.මං අහපු දේ ඇහුනෙ නෑ වගේ කාමරේට වෙලා සද්දෙ නැතුව ඇඳුම් ඇන්දා.
මට නම් දැන් මේ යකාව උස්සලා පොලේ ගහන්න තරම් කේන්තියි.
“විරාජ් කතා කරනවා.මං ත/මු/සෙ/ගෙ/න් ඇහුවෙ.කන ඇහෙන්නැද්ද?…”
ඒත් විරාජ් කතා කරේ නැහැ.මෙයා නම් මේ සද්දෙ නැතුව ඉන්නෙ මාව අවුස්සන්නද කොහෙද.
“ලැජ්ජ නැද්ද කො/ල්ලො ඇඳුම් අඳින දිහා බලාගෙන ඉන්න?…”
විරාජ් එහෙම කියලා අනික් පැත්තට හැරිලා කලිසමේ ශිපර් එක දාගෙන බෙල්ට් එකත් දා ගත්තා.
“අනේ මේ මගෙ යකා අවුස්සන්නැතුව මං අහපු දේට උත්තර දීලා ඉන්නවා විරාජ්.මං ඔහේ හිතන ජාතියෙ අහිංසක කෙ/ල්ලෙක් නෙවෙයි හොඳේ.මං ඕඅයිසී පිනිදි නානයක්කාර.මගෙ ප්‍රශ්න වලට උත්තර නොදුන්නොත් මං ඔහේව අත්තඩංගුවට ගන්නවා මිස්ටර් මාධව සේනානායක…”
“පුහ්….
විරාජ් සමච්චලේට වගේ හිනා උනා.මං දැන් විශ්වාසයි.විරාජ් මං හිතන ජාතියෙ කෙනෙක් නෙවෙයි.මෙතන මොකක් හරි වෙන සීන් එකක් තියනවා.
“මොකද උ/ල/මෙ/ක් වගේ හිනා වෙන්නෙ?…”
මං රවලා ඇහුවා.
“උ/ල/මො හිනා වෙනවා ඔයා දැකලා තියනවද?…”
විරාජ් හක හක ගාලා හිනා උනා.
“ඔව්.මේ මගෙ ඉස්සරහ හිටගෙන හිනා වෙන්නෙ උ/ල/මෙ/ක් තමයි…”
“ෂටප් ගර්ල්…”
විරාජ් ‘ෂටප් ගර්ල්’ කියලා කෑ ගහපු විදියට මාව ගැස්සුනා.ඒත් මං බය උනේ නැහැ.
“ඇයි මොකෝ ඔච්චර සද්දෙ?ඔය සද්දෙට නම් මාව බය කරන්න හම්බවෙන්නෑ.මං අහන ප්‍රශ්න වලට උත්තර දෙනවා.ඕඅයිසී තාරක ඇයි තමුන්ට සර් කියලා කතා කරේ?…”
“උත්තර දුන්නැත්නම්?…”
විරාජ් කමිසෙ අත් දෙක නවාගෙන මගෙ ළඟට කිට්ටු උනා.ඒ බැල්මට නම් මගෙ හිත ටිකක් විතර ගැස්සුනාද මන්දා.
“අල්ලලා කූඩුවට දානවා…”
“ඒ කොහොමද?…”
“අත් දෙකට මාංචු දාලා හිරේ දානවා කියලා කිව්වෙ…”
මං දත් මි/ටි කාගෙන එහෙම කිව්වා. බොහොම අමාරුවෙන් මං කේන්තිය පාලනය කරගෙන හිටියෙ.
“මේ ඩීඅයිජී මාධව සේනානායකව ඇරෙස්ට් කරන්න කව්ද මැඩම්ට බලය දුන්නෙ?අනික තමන්ට වඩා උසස් නිළදාරියෙක්ට ගරු කරලා කතා කරන්න පුරුදු වෙන්න.මට නම් පුලුවන් මැඩම්ව දැන්මම ඇරෙස්ට් කරන්න අහිංසක කො/ල්ලෙකුට බොරු ආදර බලාපොරොත්තු දීලා ඒ කො/ල්ලව රැවැට්ටුවා කියලා…”
මොකක්??,,,,,, ඩීඅයිජී මාධව සේනානායක.
මං විරාජ්ගෙ මූණ දිහා බැලුවා.විරාජ් ඇහි බැමි උස්සලා ඇයි කියලා ඇහුවා මගෙන්. මෙයා කොහොමද ඩීඅයිජී කෙනෙක් උනේ?මං මෙච්චර දවසක් මි /නී ම/ රු/ වෙ/ ක් කියලා හිතලනෙ විරාජ්ගෙ පස්සෙන් පැන්නුවෙ.
මගෙ ඔලුවත් කැක්කුමයි දැන් නම්.විරාජ් මොනවා කියනවද කියලා මට පැහැදිලි නැහැ.
“මොකක්ද ඒ කතාවෙ තේරුම?…ප්ලීස් විරාජ්. වටේ යන්නැතුව කෙලින්ම මට කියන්න ඔයා කව්ද කියලා?…”
ඒ පාර විරාජ් මගෙ අතින් අල්ලගෙන මාව ඇඳෙන් වාඩි කරවලා එයත් මගෙ ළඟින්ම වාඩි උනා.
“අයැම් සොරි පිනිදි.මං ඔයාට ඇත්තම කියන්නම්.මං ඩීඅයිජී මාධව සේනානායක. මගෙ ෆැමිලි එකේ ඉන්නෙ මමයි අම්මයි, අප්පච්චියි,මල්ලියි විතරයි.මගෙ මල්ලි නිසා තමයි මේ සේරම…”
“ඒ කිව්වෙ?…”
මට තවම චුට්ටක්වත් පැහැදිලි නෑ විරාජ් කියන දේ.
“මගෙ මල්ලි මාධව් සේනානායක.එයා හොඳ මනුස්සයෙක් නෙවෙයි.ඔය මි/ නී මැ/ රු/ ම කරේ මං නෙවෙයි එයා.අවුරුදු පහකට කලින් පොලිස් ට්‍රේනින් එකකට මං මැලේසියා ගිහින් ඉන්නකොට මගෙ නම පාවිච්චි කරලා එයා තමයි කොළඹ ඔය බංගලාවෙ හාමු මහත්තයගෙ ඩ්‍රයිවර් විදියට වැඩ කරලා තියෙන්නෙ…”
“එතකොර අර ෆොටෝස් වල හිටියෙ ඔයාගෙ මල්ලිද?…”
මට පුදුම හිතුනා.විරාජුයි එයාගෙ මල්ලියි නිවුන්නො උනාට දෙන්නා එක සමානයි. පොඩි වෙනසක්වත් දෙන්නා අතරෙ නෑ. සාමාන්‍යයෙන් නිවුන් දරුවො අතරෙ පොඩි හරි වෙනස්කමක් හරි තියනවනෙ දෙන්නා වෙන් කරන්න අඳුරගන්න පුලුවන් විදියෙ.
“ඔව් පිනිදි.ඔයා හිතන දේ මං දන්නවා. කලාතුරකින් වගේ නිවුන් දරුවන්ට එහෙම ලක්ෂණ පිහිටන්නෙ.අවුරුදු පහලවක් විස්සක් ගිහිල්ලත් අපේ අම්මට මාවයි මල්ලිවයි වෙන් කරලා අඳුරගන්න බෑ.ඒකයි මේ සේරම උනේ.
මේ දේ හින්දා මල්ලි කරපු වැඩ නිසා මං සෑහෙන ප්‍රශ්න වලට මුහුණ දීලා තියනවා පිනිදි.එයා වැරදි කරන්නෙ.ඒත් ඒවට අහු වෙන්නෙ මාව.පොලීසියෙන් කීප වතාවක්ම මාවත් ඇරෙස්ට් කරන්න හදලා තියනවා දන්නැතුව…”
හරි.දැන් මට තේරෙනවා සිද්ද වෙලා තියන දේ.අයියගෙයි මල්ලිගෙයි එකම සමාන බව නිසයි මේක මෙච්චර දුර ගිහින් තියෙන්නෙ. ඒත් ඇයි පොලිස් ඩිපාට්මන්ට් එකෙන් මට මේ ගැන දැන්නුවෙ නැත්තෙ?මං කොච්චර මහන්සි උනාද විරාජ්ව කොටු කරගන්න.මාව නිකන් වටේ යැව්වා සේරම එකතු වෙලා.
“ඇයි මට ඔයා මේ ගැන කලින් නොකිව්වෙ?…”
“මමයි පොලිස් ඩිපාට්මන්ට් එකට කිව්වෙ ඔයාට මේ ගැන දැන්ම කියන්න එපා කියලා. කෙ/ල්ල මට ආදරේ නිසා චුට්ටක් සප්‍රයිස් කරන්න හිතුනා.පව්.මාව කොටු කරගන්න සෑහෙන ගේමක් දුන්නා නේද?…”
“චුට්ටක් නෙවෙයි හොඳටම සප්‍රයිස් උනා.එදා කෝච්චියෙදි මාව බේරගන්න හරි හරියට ෆයිට් කරද්දිවත් මට නිකමටවත් හිතුනෙ නෑනෙ ඔයා ගැන මෙහෙම දෙයක්…”
“ඒකනෙ ඒකනෙ නංගී.කෙ/ල්ල රඟපාපු රඟපෑමට ඔස්කාර් සම්මානෙ දෙන්න වටිනවා.නිළි රැජිනියො පරාදයි අම්මෝ…”
විරාජ් මගෙ කොණ්ඩෙ අවුල් කර කර හිනා වෙවී එහෙම කියනවා.කොහොම හරි කමක් නෑ විරාජ් වැරදි නෑනෙ.
“දැන් අපි මොකද කරන්නෙ?…”
“මල්ලි කොහොමත් හිරේ.ආයෙ අවුරුදු ගානකට ඌ/ට එලියට එන්න ලැබෙන්නෑ. එයාව යහමගට ගන්න අපි සෑහෙන උත්සහ කරා පිනිදි.ඒත් එයා ගියේම වැරදි මාර්ගයෙ. ඒක එයාගෙ නොලැබීම වෙන්න ඇති.
අපි දැන් කොළඹ යමු.ගිහින් ඉවර වෙලා ගෙවල් වලට කියලා කසාද බඳිමු…”
“ඊට පස්සෙ?…”
“ඔයා තවම මගෙ විස්තර මොකුත් දන්නෑනෙ…”
“ඇයි නැත්තෙ?ඔයා ඕඅයිසී පිනිදි නානයක්කාර.ඔයාගෙ අප්පච්චි සරත් නානයක්කාර.එයා ස්කූල් ප්‍රින්සිපල් කෙනෙක්.මගෙ අප්පච්චිගෙ හොඳම යාළුවෙක්…”
“හැම දෙයක්ම හොයාගෙන අන්තිමට නේද මට කිව්වෙ?මං කොච්චර මහන්සි උනාද…”
“ඒක ඉතින් මැඩම්ගෙ ඩියුටියනෙ…”
“මාව රැවැට්ටුවා.මං තරහයි…”
“මං දන්නවා යාළු කරගන්න හැටි…”
“කොහොමද?…”
“මෙන්න…. මෙන්න…. මෙහෙම…”
විරාජ් මාව ඇඳට තල්ලු කරලා දෙපැත්තට අත් දෙක තියලා මගෙ ඇ/ඟ/ට එබුනා.ඊට පස්සෙ හෙමින් සීරුවෙ මගෙ තො/ල් සි/ප ගත්තා.තරහ කොහෙන් ගියාද දන්නෑ ඉතින්. එයාගෙ එක සි/ප ගැන්මකින් මගෙ මුළු ආත්මයම හිරි වැටීලා ගියා වගේ දැනුනා.
දෙ තො ල් වලින් පටන් ගැනුනු සි/ප ගැන්ම මගෙ මුහුණ පුරාවටත් ගෙල පුරාත් දැනුනා. මොහොතින් මොහොත ගත උනා.මං ඔහුගෙ ග/ත/ට තුරුළු වීගෙන උන්නා.මගෙ මුළු ආත්මයම ඔහුට අවනත වීගෙන ආවා.
“දැන් අපි කොළඹ යන්න ඕනි පිනිදි.එහෙ ගියාට පස්සෙ ඇති තරම් තුරුල් වෙලා ඉන්න බැරියැ…”
ඔහු මගෙ නලලට හාදුවක් දීලා ඇඳෙන් නැගිටලා ගිහින් ඇඳුම් ටික බෑග් එකට දාගෙන කොළඹ යන්න ලෑස්ති උනා.
කොළඹ ඇවිත් මාස තුනකට පස්සෙ දෙපැත්තෙම දෙමව්පියන්ගෙ ආශිර්වාදයත් එක්ක අපි හිල්ටන් එකේ වෙඩින් එක අරගෙන කසාද බැන්දා.අවුරුදු තුනක්වෙද්දි මං නිවුන් පිරිමි දරුවන් දෙදෙනෙකුගෙ මවක් උනා.ඇරපු අතක් නෑ දෙන්නම විරාජ් වගේමයි.කටකාර සැර මගෙ අපේ පැංචො දෙන්නා නිසා අපේ ජීවිත සම්පූර්ණ උනා.
අවසානයි.🌺
ලයික් එකක් දාගෙන අදහසකුත් කියාගෙනම යන්න.මේ කතාව දිගට ලියන්න හිතුවෙ නෑ.ඒකයි කොටස් තුනෙන් ඉවර කරේ