“අදවත් බෝඩිමක් හොයාගන්න පුලුවන් උනාද අයියෙ?…”

විරාජ් ගෙදර ආපු ගමන්ම මං එහෙම ඇහුවා. එයාට ගොඩක් මහන්සි පාටයි.හැම තැනකම ඇවිදින්න ඇති මට නවතින්න තැනක් හොය හොයා.

“උදේ ඉඳන් මුළු ටව්න් එක පුරාම ඇවිද්දා. බෝඩිම් නම් දෙක තුනක්ම හම්බ උනා.ඒත් ඔයාට ඒ තැන් හරියන්නෑ නංගි…”

“ඒ ඇයි?…”

“එක තැනක් බැලුවා.එතන මාසෙකට දහදාහක් ඉල්ලනවා.තවම ජොබ් එකක්වත් සෙට් උනේ නැතුව ඔයා කොහොමද එච්චර ලොකු ගානක් කුලිය ගෙවන්නෙ?අනික් තැන හත්දාස් පන්සීයයි.ඒත් එතන ඔයාට ආරක්ෂාව මදි නංගි.ඒ බෝඩිමට එහා පැත්තෙන් තියෙන්නෙ පාළු පාරකුත් මහ කැලයක්.ඒ කැලේ මිනිස්සු අ/ර/ක්/කු/ත් පෙරනවා.එච්චර හොඳ පැත්තක් නෙවෙයි ඒ හරිය.තව තැන් දෙක තුනක්ම තිබුනා.ඒ ඔක්කොම දහදාහෙන් උඩ…”

මට එක දෙයක් ඉවෙන් වගේ දැනුනා.විරාජ් මේ කියන්නෙ ඇත්තම නෙවෙයි.මට ඉන්න පුලුවන් බෝඩිමක් එයාට හොයාගන්න පුලුවන්.ඒක අමාරු දෙයක් නෙවෙයි.විරාජ් හිතාමතාමයි මේ බොරුව කරන්නෙ.එයාට ඕනි මාව මේ ගෙදර නවත්තගන්න.

මේ නුවරඑළියෙන් අඩු මුදලකට මට නවතින්න හොඳ බෝඩිමක් හොයාගන්න එක ඒ තරම් අමාරු දෙයක් නෙවෙයි.මේ පැත්තෙන් හොඳ හොටෙල් එකක උනත් මට ජොබ් එකක් හොයාගන්න පුලුවන්.

විරාජ් මට ආදරෙයි.ඒක මට දැන් ටික දවසක ඉඳන් හොඳට දැනුනා.එයා දැන් පිළිවෙලකට ජීවත් වෙන්නත් පුරුදු වෙලා.උදේට නැගිට්ටාම ඇඳ පිළිවෙලට හදනවා. අල්මාරියෙ ඇඳුම් උනත් පිළිවෙලට අහුරලා ලස්සනට තියාගෙන ඉන්නවා.කාපු බීපු පිඟාන් කෝප්ප හෝදලා නියමිත තැනින් තියනවා.

ගෙවී ගිය සතිය තුලදි මං විරාජ් ගැන හැම තොරතුරක්ම හොයාගත්තා.විරාජ් වැඩ කරපු කොළඹ බංගලාවෙ ලොකු හාමුගෙ විස්තරත් එක්ක ඒ කාලෙ බංගලාවෙ සේවකයින්ගෙනුත් තොරතුරු ලබා ගත්තා.

“මං ආපහු කොළඹ යනවා අයියෙ.තවත් මෙහෙ ඉඳන් ඔයාට බරක් වෙන්න මට බැහැ. සතියක්ම ගියානෙ.ඒත් බෝඩිමක් හොයාගන්න බැරි උනා.මං ගාමන්ට් එකට කෝල් කරා.වේකන්සි තියනවලු.මට එහෙන් බෝඩිමක් හොයාගන්න පුලුවන්…”

මං එහෙම කිව්වෙ විරාජ්ගෙ හිතේ තියන දේ එලියට ගන්න මිසක් ඇත්තටම නෙවෙයි. කොහොමත් හෙට අනිද්දම විරාජ්ව පොලීසියෙන් ඇරෙස්ට් කරනවා.එතකොට එයා පසුතැවෙයි මං වගේ කෙනෙකුට ආදරේ කරපු එකට.

“ඔයා මොනවද නංගි මේ කියන්නෙ?කවද්ද මං කිව්වෙ ඔයාව මට බරක් කියලා?ඔයා මෙහෙ ඉන්න එක මට ලොකු සතුටක් වගේම සැනසීමක් පිනිදි…… ප්ලීස් මාව දාලා යන්න එපා….. මං ඔයාට ආදරෙයි පිනිදි…”

විරාජ් මාව ඇදලා අරන් එයාගෙ ප/පු/ව/ට තුරුල් කරගත්තා.දෙයියනේ…. විරාජ් මට ආදරේ කරනවද?මං දැන් මොකද කරන්නෙ?විරාජ් කියන්නෙ මි/නී ම/රු/වෙ/ක්.මට පුලුවන් එහෙම කෙනෙකුට ආදරේ කරන්න?මං මෙහාට ආවෙ විරාජ්ව නීතියෙ රැහැනට කොටු කරගන්න මිසක් ආදරේ කරන්න නෙවෙයි.මේක මගෙ ඩියුටිය.ඒක මං හරියට කරන්න ඕනි.වෙන දේවල් වලට මගෙ හිත යොමු කරන්න බැහැ.

මේ ගෙදරදි විරාජ් මාව පරිස්සම් කරේ එයාගෙ ඇස් දෙක වගේ.කාගෙන්වත් මට කිසිම නපුරක් වෙන්න දුන්නෑ.වැඩකට ගියත් රෑ වෙන්න කලින් ගෙදර ආවා.මට කන්න බොන්න දීලා මාව හොඳට බලා ගත්තා.

මට උණ හැදුනු වෙලාවෙ මගෙ ළඟට වෙලා මගෙ හැම වැඩක්ම කරේ විරාජ්.කට තිත්ත නිසා මට කන්න පුලුවන් එක එක ජාතියෙ කෑම බීම ගෙනත් දුන්නා.මගෙ ඇඳුම් පවා එයා හේදුවා.මට නාන්න වතුර උණු කරලත් දුන්නා.රෑට එයාගෙ කාමරේට නොගිහින් මගෙ කාමරේ බිමින් පැදුරක් එලාගෙන විරාජ් නිදාගත්තෙ.ඒ රෑට මට අමාරුවක් උනොත් කියලා බයට.

විරාජ් මං වෙනුවෙන් ඒ වගේ කැපකිරීම් කරද්දි ඔහු මි/නී ම/ රු/ වෙ/ ක් කියන එකත් මට අමතක උනා.විරාජ් මට දක්වපු සෙනෙහස ඉස්සරහ මං අසරණ උනා.විරාජ්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න හදන එක ගැන මට දෙපාරක් හිතන්න තරම් හිතුනා.

විරාජ් ගොඩක් අහිංසකයි.එයා හරිම හොඳ අවංක විදියට ජීවත් වෙන්නෙ.මෙච්චර දවසක් අපි දෙන්නා මේ වහලෙ යට ජීවත් වෙලත් විරාජ් කවදාවත් මගෙන් අයුතු ප්‍රයෝජන ගන්න හැදුවෙ නැහැ.මගෙ දිහා වැරදි විදියට බලලා නැහැ.එයා මාව පරිස්සම් කරේ ඇස් දෙක වගේ.

එහෙම කෙනෙක් කොහොමද මි/නී ම/ රු/ වෙ/ ක් උනේ?විරාජ්ට බැහැ එහෙම දෙයක් කරන්න.මෙතන වෙන මොකක් හරි රහසක් තියනවා.කවුරු කෙනෙක් මේ මි/නී මැ/ රු/ ම කරලා ඒකට විරාජ්ව කොටු කරන්නයි හදන්නෙ.විරාජ්ට තමන් වැරදිකාරයෙක් නෙවෙයි කියලා ඔප්පු කරන්න සාක්කි නැතුව වෙන්න ඇති මෙහෙම හැංගිලා ඉන්නෙ.

“ඇයි පිනිදි ඔයා සද්දෙ නැතුව ඉන්නෙ?කියන්න මගෙ රත්තරං.ඔයා මට ආදරෙයි නේද?…”

විරාජ් එහෙම අහද්දි මාව ගැස්සිලා ගියා.මං ටක්ගාලා විරාජ්ගෙන් ප/පු තුරුලෙන් ඈත් උනා.හිත ගොඩක් කලබලයි.විරාජ්ට ආදරේ කරන්න මට බැහැ.ආදරේ නොකර ඉන්නත් බැහැ.මං අසරණයි.

“ඔයා මට මොකුත් කියන්න එපා පිනිදි…”

විරාජ් ඇවිත් මගෙ උරහිස් දෙකට අත් දෙක තියලා මූණ දිහා බලන් හිටියා.විරාජ්ගෙ මූණ දිහා කෙලින් බලන්න බැරි මොකක්දෝ අපහසුතාවයක් මට දැනුනා.

“ඒ ඇයි?…”

“මං අහපු දේට උත්තරේ ඔයාගෙ මූණෙන් මට පේනවා පිනිදි.ඔයා මට ආදරෙයි.ඒත් ඒක කෙලින්ම කියන්න කෙ ල්ලට ලැජ්ජයි නේද?…”

ඔයාට පිස්සු හැදීගෙන එනවද පිනිදි?ඔයා පොලිස් ඔෆිසර් කෙනෙක් නේද?ඔහොමද තමන්ට පැවරිච්ච රාජකාරිය කරන්නෙ?තමන්ගෙ අරමුණ මොකක්ද කියලා අමතක කරන්න එපා.ඔයා මෙහාට ආවෙ විරාජ්ව කොටු කරගන්න මිසක් ආදරේ කරන්න නෙවෙයි.විරාජ් කියන්නෙ මි/නී ම/ රු/ වෙ/ ක්.නීතිය ඉස්සරහ වැරදිකාරයෙක්.එහෙම කෙනෙකුට ආදරේ කරන්න ඔයාට පි/ස්/සු/ද පිනිදි?

මගේ හිත මටම දොස් කියන්න ගත්තා.මාත් විරාජ්ට ආදරේ කරොත් අන්තිමට වෙන්නෙ අපි දෙන්නටම දුක් විඳින්න.දැනටමත් විරාජ් මට පන වගේ ආදරෙයි.එයා හිතන්නෙ මාත් එයාට ආදරෙයි කියලා.මගේ හදවතේ තිබ්බ දේ එයා මගෙ මූණ දිහා බලලා කිව්වා.

මට පුලුවන් විරාජ්ට ආදරේ නොකර ඉන්න. මං දක්ෂ පොලිස් නිළදාරිනියක්.මෙච්චර කාලෙකට මං මගෙ රාජකාරියට අවනම්බු වෙන විදියෙ කිසිම දෙයක් කරලා නැහැ. හැමදාම මං අවංකව රාජකාරිය අකුරටම ඉශ්ඨ කරා.කවදාවත් මං වංචාවක් කරලා නැහැ.

විරාජ්ට ආදරේ කරලා මට බැහැ මගෙ රාජකාරිය පැහැර හරින්න.මේ රටේ දරුනු අපරාද කරපු සමහර මිනිස්සු මුහුණ රටට පෙන්නන්නෙ හොඳ,වැදගත්,අවංක මිනිස්සු විදියට.විරාජුත් අන්න එහෙම කෙනෙක් වෙන්න ඕනි.නීතියෙන් රිංගලා ඇවිත් හොඳ මූණ පෙන්නගෙන මෙහෙ හැංගිලා ඉන්නවා.

“ඔය කටින් මට එක සැරයක් ආදරෙයි කියලා කියන්න පිනිදි.ඒක තමයි මගෙ ජීවිතේ මං අහන ලස්සනම සුන්දර වචන ටික…”

විරාජ් මාව තුරුල් කරගෙන එහෙම කිව්වා. මං කොහොමද විරාජ්ට ආදරෙයි කියන්නෙ?ඔහු නීතිය ඉදිරියෙ වැරදිකාරයෙක්.දැන් ආදරෙයි කියලා මං කොහොමද විරාජ්ගෙ හැඟීම් එක්ක සෙල්ලම් කරන්නෙ?ඒක පවක්.

මට මේ වෙලාවෙ වටින්නෙ විරාජ්ගෙ හැඟීම්ද එහෙම නැත්නම් මගෙ රාජකාරියද කියලා මගෙ හිත මගෙන්ම ප්‍රශ්න කරා.මගේ රාජකාරිය මං අකුරට ඉටු නොකලොත් නීතිය පැත්තෙන් මට ප්‍රශ්න ඇති වෙන්න පුලුවන්.

“මං ඔයාට ආදරෙයි විරාජ්…”

අත් දෙක අස්සෙ මූණ හංගගෙන මං එහෙම කිව්වා.විරාජ් එකපාරටම මාව උස්සගෙන කෑ ගහගෙන හිනා වෙලා වටයක් කැරකුනා. එයා ගොඩක් සතුටින් ඉන්නෙ මං එයාට ආදරෙයි කියපු නිසා.

මං කරේ වරදක් නෙවෙයි.පොලිස් නිළදාරීන් උනාම එහෙමයි.නීතියෙන් පනිමින් ඉන්න වැරදිකාරයෙක්ව අල්ලන්න පොලිස් නිළදාරියෙකුට ඕනෑම වෙලාවක සමාජය ඉදිරියෙ ඕනම චරිතයක් රඟපාන්න පුලුවන්. මාත් කරෙත් ඒකයි.

“මට අද ගොඩක් සතුටුයි පිනිදි.ඇත්තමයි…. මේ ජීවිතේ අදයි මං ගොඩක් සතුටු උනේ.මීට කලින් කවදාවත් මං මෙහෙම සතුටින් ඉඳලා නැහැ.තෑන්ක්ස් මැණික මාව විශ්වාස කරලා මට ආදරේ කරාට…”

විරාජ් මාව එයාගෙ ප/පු/ව/ට තුරුල් කරගෙන ගොඩක් වෙලා හිටියා.හිතාගන්න බෑ මට මේ මනුස්සයා කොහොමද මෙහෙම ලස්සනට රඟපාන්නෙ කියලා.මනුස්සයෙක්ව ම/ ර/ ලා දාලා මෙහාට ඇවිත් හැංගිලා ඉඳලා ගෑණු ළමේකුට බලාපොරොත්තු දීලා එයාගෙ හැඟීම් එක්ක සෙල්ලම් කරලා මොකක්ද විරාජ් මේ නටන්න හදන නාඩගම?

“ඇයි මැණික ඔයා සද්දෙ නැතුව ඉන්නෙ?ඇයි කතා කරන්නැත්තෙ?මාව විශ්වාස නැද්ද ඔයාට?…”

මගෙ නිශ්ෂබ්ද බව විරාජ්ට ප්‍රශ්නයක් වෙලා. මං හිතන්නෙ වෙන දෙයක් ගැන.විරාජ් වෙහෙසෙන්නෙ වෙන දෙයක් ගැන.විරාජ්ගෙ හිතේ මං ගැන විශ්වාසයක් ඇති කරලා එයාගෙ කටින් මේ ගැන ඇත්ත දැන ගන්න ඕනි.ඒත් ඒක එකපාරටම කරන්න බැහැ. අදනෙ මං විරාජ්ට ආදරෙයි කිව්වෙ. විශ්වාසය ඇති වෙන්න නම් ටික කාලයක් ගත වෙන්න ඕනි.

“මට ඔයාව විශ්වාසයි අයියෙ.ඒකනෙ ආදරෙයි කිව්වෙ…”

“ඒ උනාට මට හිතෙන්නෙ ඔයා මොකක් හරි වෙන ප්‍රශ්නෙකින් ඉන්නවා කියලා පිනිදි.ඔයාගෙ ඇස් දෙක දිහා බැලුවම මට කියන්න පුලුවන් ඔයා මොකක් හරි ප්‍රශ්නයක් හිතේ තද කරගෙන දුක් විඳිනවා කියලා…”

විරාජ්ට මාව දැනෙනවා.මං කව්ද,මගෙ අරමුණ මොකක්ද කියලා එයාට දැනෙන්න කලින් මං එයාගෙ හිත වෙනස් කරන්න ඕනි.

“එහෙම ප්‍රශ්නයක් නෑ අයියෙ.මං කල්පනා කරේ අපි ගැන.අපි දෙන්නම ජීවිතේ තනි වෙච්චි දෙන්නෙක්.දෙන්නටම අම්මා, අප්පච්චි නැහැ.නෑදෑයෙක් යාළුවෙක් නැහැ. අපිට අපිව තේරුම් තව මොනවද ඕනි. දෙන්නම එකම බෝට්ටුවෙ.මං හිතන්නෙ දෙවියො මේ එකතු කරේ ගැළපෙනම දෙන්නව…”

“ඒක ඇත්ත පිනිදි.අපි දෙන්නම ජීවිතේ එකම විදියට දුක් විඳපු දෙන්නෙක්.ඉතින් අපිට අපිව තේරුම් ගන්න ගොඩක් ලේසියි.අපි ඉක්මනටම කසාද බඳිමු.ඊට පස්සෙ කරන්න ගොඩක් දේවල් තියනවා…”

“ඒ මොනවද?…”

විරාජ් මාව තුරුල් කරගෙන ඇඳෙන් වාඩි උනා.

“මට හොඳ ජොබ් එකක් හොයාගන්න ඕනි. මේ රස්සාව කරලා දෙන්නෙකුට ජීවත් වෙන්න අමාරුයි.දරුවෙක් ලැබුනු කාලෙක වියදම් වැඩියි.මේ ගේ අලුතින් හදන්න ඕනි. ඉස්සරහ පැත්තට තව කාමරයක් ගන්න ඕනි.සාලෙ තව ටිකක් ලොකු කරන්න ඕනි. එතකොට තමයි අපේ බබාලට සෙල්ලම් කරන්න පුලුවන්…”

“ඔයා හිතලා තියන දුර.ඉතින් ඔය ටික සේරම කරගන්න පුලුවන් අපි දෙන්නා නා/කි වෙන්න කලින්?…”

“පුලුවන්.උත්සහය තියනවා නම් මොනවද කරන්න බැරි?කට්ට කාලා අපි දෙන්නා කොහොම හරි ගොඩ එමු පිනිදි.මැණිකට ටික කාලයක් යනකල් දුක් විඳින්න වෙයි. තරහද?…”

එයා මගෙ අත උඩින් එයාගෙ අත තියලා එහෙම ඇහුවා.

“මං මොකටද තරහ වෙන්නෙ විරාජ්?ඔයත් එක්ක ඕනම දුකක් විඳගෙන ජීවත් වෙන්න මං කැමතියි.අපි කොහොම හරි ගොඩ එමු. ඉතින් කියන්නකො මොකක්ද අපි කරන්න ඕනි?…”

“මං ගාව එකතු කරගත්තු සල්ලි වගයක් තියනවා.වැඩි ගානක් නෙවෙයි.ඒකෙන් අපි පොඩියට බිස්නස් එකක් පටන් ගම්මු.කෑම කඩයක්?ඔයා උයන කෑම හරිම රසයි පිනිදි…”

“ෂා…. නියම අයිඩියා එක.ටව්මෙන් පොඩි කඩ කෑල්ලක් කුලියට ගත්තා නම් අපේම කියලා පුංචි හොටෙල් එකක් දාන්න පුලුවන්. මගෙ ගාවින් සල්ලි වගයක් තියනවා.ඒක ඇති වෙයි…”

“ඔයාගෙ සල්ලි වියදම් කරන්න එපා පිනිදි.ඒ ටික තියාගන්න හදිසි උවමනාවකට එහෙම ගන්න.දැනට මං ගාව තියන සල්ලි වලින් වැඩේ පටන් ගම්මු…”

“හ්ම්ම්.මේ දවස් තුන හතර පහු වෙලා ඊළඟ මාසෙ ඉඳන් පටන් ගම්මු.ඊළඟ මාසෙ මුල් සතියෙ හොඳ නැකතක් තියනවා…”

“ගුඩ් අයිඩියා.අපි එහෙනම් එහෙම කරමු…”

විරාජ් එයයි මමයි කට්ට කාලා ගොඩ ගිහින් එකට ජීවත් වෙන ලෝකෙ ගැන හීන දකිද්දි, මං එයාව නීතියෙ රැහැනට කොටු කරලා දෙන්න හීන දැක්කා.

ඊට පහුවදාම මං ඩීඅයිජී සර්ට කෝල් කරා. මි/නී මැ/ රු/ මෙ සියලුම සාක්කි සටහන් කරගෙන ඉවර නිසා විරාජ්ව අත්තඩංගුවට ගන්න පොලිස් කණ්ඩායමක් නුවරඑළියට එව්වලු.

“විරාජ් ඔයා කොහෙවත් යන්නද හදන්නෙ?…”

“නෑ පිනිදි.ඇයි?…”

“මොකුත් නෑ.කම්මැලියි.මේ දවස් ටිකේම උදේට ඔයා ගෙදර නෑ…”

“හො/ර කෙ ල්ල.ඔය ඉතින් මට කියන්නෙ ළඟටම වෙලා ඉන්න කියලනෙ.මං නැතුව පාළුයිද මැණිකට?…”

විරාජ් මාව තුරුලට අරගෙන කම්මුලක් සි/ප ගත්තා.තව සුළු මොහොතකින් විරාජ්ගෙ හැම බලාපොරොත්තුවක්ම විනාශ වෙලා එයා කරපු වැරැද්දට දඬුවම් විඳින්න සිද්ද වෙනවා.හැම දෙයක්ම වෙනස් වෙලා යයි.

“හ්ම්ම්.පාළුයි…”

“අද මං මගෙ මැණිකව සප්‍රයිස් කරනවා…”

විරාජ් එහෙම කිව්වා.මමයි එයාව සප්‍රයිස් කරන්න බලාගෙන ඉන්නෙ.එයා මොනවයෙන්ද මාව සප්‍රයිස් කරන්න ඉන්නෙ?මං කව්ද කියලා දැනගෙන විරාජ් මොනවා හරි කරන්න ලෑස්ති වෙලා ඉන්නවද?

අනේ මන්දා.මට නම් බයේ බෑ.

මං එහෙම හිතද්දිම ගේ ඉස්සරහින් වාහන කිහිපයකම සද්දෙ ඇහුනා.මගෙ ප/ පු/ ව සීතල වෙලා ගියා.තව තප්පර කිහිපයකින් හැම දෙයක්ම වෙනස් වෙයි.

මතු සම්බන්දයි.