-13 කොටස-
දෙන්නා ඔෆිස් එක ළඟට යනකොට බස් එක අද්දන්න ලෑස්තියි…වෙලාව පහ පහුවෙලා විනාඩි දහයයි.
“මේ යක්කු මං බොස් කියලවත් ගණන් ගන්නවද?…තමුසෙ වගේම තමයි මේ ඔෆිස් එකේ ඉන්න එවුනුත්..”
හිමංස ඒකටත් බනින්නේ නිශාදිට…
“මොකද්ද හිමංස ..ඒකටත් පළි මන්ද? ඔයා එයාලට බනින්නකො…”
දෙන්නා කාර් එක ඇතුලෙන් පාර්ක් කරලා බඩු මළුත් අරගෙන බස් එකට ගොඩවුණා…බොස් කියලා හිතන් නෑ හිමංසත් ඔෆිස් එකේ ඇනුවල් ට්‍රිප් එක යද්දි කට්ටිය එක්කමයි යන්නෙ…
‘‘ගුඩ් මෝනිං ස…………..ර්..ගුඩ් මෝනිං මැඩම්…………………………….”
කට්ටිය හෝ ගාලා ආචාර සමාචාර කරනවා..
“අහවල් ගුඩ්මෝනිං..උඹලා ඔක්කොම මං අයින් කරනවා රස්සා වලින් …බොස් එනකල් ඉන්න බැරි හෝතඹුවො….”
‘‘අයියෝ ස….ර්……..අපි පවුනේ…………….”
කට්ටිය කෑ ගහනවා. ජෝඩුවට ඉස්සරහ ෂීට් එක කට්ටිය වෙන් කරලා..නිශාදි ළඟින්ම ඉදගෙන මේ යන ගමන හිමංසට හීනයක් වගේ..නිශාදිටත් මහ මොකද්දෝ වගේ…දෙන්නම සද්ද නෑ..කට්ටිය සිංදු කියනවා..හිමංසට අඩ ගැහැවට හිමංස නිශාදි ලගින් හෙල්ලෙන් නැහැ…
ට්‍රිප් එකක් කිව්වට කට්ටිය පළවෙනි දවසෙ දාගෙන තිබුණෙ කන්දක් නගින්න..උදේ කෑමත් කාලා කන්ද නගිනකොට දවල් උනා..කැලෑවක් මැදින් මෙහෙම ගමනක් නිශාදි කවදාවත් ගිහින් තිබුණෙ නෑ…
හිමංස ළගින්ම ඉන්න නිසා බය හිතුණෙත් නැහැ…රශ්මි කෑ ගගහා කට්ටිය දිරිමත් කරනවා..
නිශාදිට නම් එපා වෙලා වැඩේ…හිමංසගේ අතේ එල්ලීගෙන කන්ද නගින නිශාදි ගැන හිමංසට ගොඩක් දුකයි..
“අනේ.හිමංස මට නම් තවත් නගින්න බෑ…”
ගල්පොත්තක් උඩ ඉදගත්ත නිශාදි හති අරිනවා.වතුර බෝතලෙත් ඉවර වෙලා….
“මේ හෝතඹුවො ටික දාගන්නෙ යකාගෙ ට්‍රිප්ම තමයි…මේක ට්‍රිප් එකක්ද?මෙහෙම මහන්සි වෙලා රෑට පාර්ටියක්ලු… පිස්සු නැත්නම් හොදයි මුන්ට…”
“හිමංස…ඔයාලා යන්න උඩට ..මට නම් බෑ..අම්මෝ….”
නිශාදිගෙ සුදු මූණ රතු වෙලා….දාඩිය බේරෙනවා…කට්ටිය උඩටම නගිනවා..
“සර්…මැඩම්ට යන්න බැරිලුද?”
“ඒකනෙ රශ්මි…”
“සර්.සර් උඩට යන්න එහෙනම්.. මං මැඩම් එක්ක ඉන්නම්….මටත් මහන්සියි ගොඩක්…”
රශ්මි එහෙම කීවට කොල්ලට යන්න හිතක් නැහැ..
“මොනවද රශ්මි ඔයාලා මේ දාගන්න ට්‍රිප්…මාත් ආවනෙ මෝඩයා වගේ…”
“අනේ සර් මට නම් බනින්න එපා…අර පිස්සෝ සෙට් එක තමා ඕවා යෝජනා කලේ…”
“මං හින්දා ඔයාලා දෙන්නටත් යන්න නැහැනේ යමු..මං කොහොම හරි එන්නම්..”
නිශාදි ගල්පොත්ත උඩින් නැගිටිනවත් එක්කම වැටෙන්න ගියා ..හිමංස අල්ලගත්තෙ නැත්නම් තුවාල කරගන්නවා..
“දැක්කනෙ රශ්මි..ඉතිං කොහොමද තනියම දාලා යන්නෙ… ඔයා යන්න..මං නිශාදි එක්ක පහලට යන්නම්…අර දොළක් තිබුණෙ ..එතන ඉන්නම් අපි ඔයාලා එනකල්..”
“හරි සර් ..එහෙනම් මං ගියා..”
💜️💜️💜️
“මදැයි ට්‍රිප් එකක් ආවා…..”
හිමංස දොළ පාරට ගල් කැට විසික් කරනවා…
“ෂෝක් ට්‍රිප් එක හිමංස…නිස්කලංකෙ ඉන්න පුළුවන්නෙ අපිට මෙහෙම..”
“හපොයි … මාර නිස්කලංකයක්…”
“ඒක නෙවේ හිමංස …අද රෑ තියෙනව කීව පාර්ටි එක මොකද්ද .. මට ඇහුනා රශ්මිලා ඒක ගැන කිය කිය හිනාවෙනවා…”
“හ්ම්…. උන් මොකක් හරි පිස්සුවක් නටයි… පාර්ටි එක තියෙන්නෙ සැගවුනු දක්ෂතා එලි දක්වන්න….”
“මොනවා .. ඒ කොහොමද …”
“ම්ම්ම්ම්ම්.. මෙහෙමයි….අපි එක එක්කෙනාට විවිධාකාර හැකියාවන් තියෙනවනෙ… ඉතිං පාර්ටි එකේදි ඒව ප්‍රසන්ට් කරනවා…සමහරු සිංදු කියනවා… තව අය ඩාන්ස් කරනවා…. රගපානවා… ඔය වගේ එක එක තමන් කැමති එකක්…”
“අනේ ශෝක්නෙ…….එහෙනම් මාත් ඩාන්ස් එකක් කරනවා…”
” ඩාන්ස් එකක් … තමුසෙ… අනේ යනවා හලෝ යන්න නිකං චාටර් වෙන් නැතිව”
“ඇයි”
“තමුසෙ දන්නෙ අර බාලාංසෙ සිංදුයි .නැටුමුයිනෙ….මොකද්ද ඒක… එදා….ආ…
කුරුල්ලනේ නුඹලගෙ සංගීතය මදකට අපිට දියව්…….හහා……”
හිමංස කටහඩ වෙනස් කරලා කියද්දි නිශාදිට දුකයි
“තමුසෙ මාවත් චාටර් කරන් නැතිව ඉන්නවා.. අපි දෙන්නා පැත්තකට වෙලා ඉමු..ගිය සැරේ රශ්මි නම් මාර ලස්සනට ඩාන්ස් කලා….”
“හ්ම්…”
දැන් රශ්මි ගැන කියද්දි නිශාදි තරහ ගන්නෙ නැහැ…
“හිමංස මං ඩාන්ස් කලොත් ඔයාට තරහ යනවද..”
“මිනිස්සු හිනස්සන් නැතිව ඉන්නවා..”
දැන් නිශාදි හිමංස් එක්ක එකට එක කියාගෙන යන්නෙ නැහැ… ඊයෙ සිද්දියෙන් පස්සෙ නිශාදි ටිකක් වෙනස් වගේ හිමංසටදැනෙනවා..
“මේ …අර ගහේ අඹ තියෙනවා ..කඩලා දෙනවද..”
නිශාදි දොල පාරට ටිකක් ඈතින් පේන අඹ ගහක් දිහාට අත දිග් කලා..
“ඇයි තමුසෙට දොලදුකද ? “
හිමංස ගත් කටටම ඇහැවා..ශිකේ ඒක අහපු කැත……
“ඔව් ඇයි ප්‍රශ්නයක්ද….”
ඕං හරි පරන නිශාදි ….
“නෑ මට කිසි ප්‍රශ්නයක් නෑ… තමුසෙට ඕනෙ අඹ විතරද..”
“මට ඕනෙ ඇති අඹයක් නෑ..”
නිශාදි මූණ එල්ල ගත්තා…
“හරි හරි… ඉන්නවකො මං කඩල දෙන්නම්….”
හිමංස ගහට නගින හැටි නිශාදි බලං හිටියා…
“පරෙස්සමින් හිමංස ලෙස්සයි…. “
“උපදෙස් එපා ….”
“නපුරු ඇයි මං හොදටනෙ කීවෙ..”
” තමුසෙ ඉතිං මාව මරු කටට හරි යවයි නපුරු කවුද එතකොට….”
“අඹ ගස් නගිද්දි කෑ ගහන්න හොද නෑ..”
“මොන පොතේද තිබුනෙ..”
හිමංස ගහ උඩ ඉදන් අහනවා…
“ඔයාගෙ ඩයරියේ…හ්හී…..ඔයා හරි දක්ෂයිනෙ අනේ….. හිමංස ඔයාගෙ නෑදෑයො එයිද දන් නැහැ දැන්”
“නෑදෑයො..”
” ඔව්.. අර ගහෙන් ගහට පැන පැන යන්නෙ..”
“මං කියන් නෑ ඉතිං.. තමුසෙට මගෙන් මොකුත් අහගන් නැතුව ඉන්නම බෑ නේද…”
නිශාදි කට වග ගත්තා..හිමංස අඹ ගෙඩි දෙක තුනක්ම කඩා ගෙන ආවා…
ආසාවෙන් අඹ ගෙඩිය කන නිශාදි දිහා හිමංස බලං හිටියෙ ආදරෙන්…
“ඇයි ඔහොම බලන්නෙ…”
“හහ්… තමුසෙ මීට කලින් අඹ කාලා නෑ වගේ.. ඒකයි බැලුවෙ…”
“දොල දුකලුනෙ මට…”
නිශාදි මූණ ඇඹුල් කරනවා…
💜️💜️💜️💜️💜️
“හිමංස මේ සාරි එක ලස්සනයි නේ….”
හිමංස ඇස් ලොකු කරන් බලං හිටියා….නයිට් පාර්ටි එක පටං අරං…..කදු නැග්ගා කියලා නෑ කට්ටිය බරටම දක්ෂතා පෙන්නනවා…..සිංදු කියනවා,රගපානවා ,නටනවා…ප්‍රෝග්‍රෑම් එක ඉවර උනා…
කොල්ලො ටික ඔක්කොම ඩීජේ එකක් දාගෙන හොටෙල් එකේ ගාර්ඩ්න් එකේ නටනවා.. හිමංස නිශාදිව රශ්මිට බාරදීලා කොල්ලො එක්ක එකතු වෙලා ඩාන්ස් කරනවා..
“සංසාර සිහිනයේ මා නුඹේ.. කුමරා…..”
නිශාදි හිමංස දිහා බලං හිටියෙ සංතෝසෙන්.. නපුරු උනාට ඔෆිස් එකේ ඔක්කොගෙම ආදරේ හිමංසට හිමිවෙලා….වෙන බොස්ලා වගේ නෙවෙයි හිමංස ….නිශාදිට පුදුමයි හිමංස ගැන…
ඇයි මට දැන් හිමංසව මේ තරම් දැනෙන්නෙ….ඇයි…….
“මැඩම්”
“මට මැඩම් කියන්න එපා රශ්මි …නිශාදි කියන්න”
“අපෝ…. බොස් මට හොදට අමතයි එතකොට”
“අනේ නෑ”
“අහන්නකො….”
රශ්මි නිශාදිගෙ කනට ලංවෙලා පොඩි රහසක් කීවා..
“ප්ලීස්.. කැමති වෙන්නකො…අපි සර්ප්‍රයිස් එකක් දෙමු…..