19 වෙනි කොටස🦋

“ගිහාන් මන් වැඩට යන්න ලෑස්ති වෙන්න ඕන ඔයාට පුලුවන්නම් ආරුව ලෑස්ති කරනවද….මම…”

“හරි මිහානා ඔයා ගිහින් ලෑස්ති වෙන්න.”ගිහාන් එහෙම කිව්වේ ගිහාන්ට තේරෙන්න ඇති මන් ඉන්න සිටුවේශන් එක ඒක තමා එයා මොකුත් නොකීවේ.මන් ගිහාන් ට සිහින් හිනාවක් පාලා ආවේ මගේ කාමරේට.

මන් මගේ කාමරයට ඇවිත් දොර වහලා වාඩිවුනේ ඇද උඩ.මට ඕන වුනේ මගේ වේදනාව නැතිවෙනකම් අඩන්න.මන් කොට්ටයක් තුරුලු කරගෙන ඇඩුවේ අතීතය මගේ ඉස්සරහා චිත්‍රපටයක් වගේ මැවී පෙනෙද්දි.

ආදී එයි කියලා හැම රෑකම වගේ මන් නොනිදා බලාගෙන හිටියා.ප්‍රෙග්නට් වෙලා හිටපු ඒ හැම සීතල රෑකම වගේ මන් දෙවියන්ගෙන් ඉල්ලුවේ ආදී මන් ගාවට ගෙනත් දෙන්න කියලා.ඒත් එයා මන් ගාවට ආවේ නෑ ඒ වෙලාවේ එයා කොහෙද හිටියේ…එතකොට මේ මිහානා මම ගොඩක් අත්දැකීම් අඩුවෙන් තිබුනු දරුවෙක් ලැබෙන්න ඉන්න කෙනෙක්.එදා ගිහාන් එක්ක ඩොක්ටර්ව මීට් වෙන්න ගියාට පස්සේ ඩොක්ටර් කියපු දේ නිසා මගේ අත ඉබේටම ගියේ මගේ කුසට.

අතීතයට

මගේ ඩිලිවරි එකට දින ලග නිසාම ගිහාන් එක්ක මන් ආවේ ක්ලීනික් එකට.ඩොක්ටර්ගේ රූම් එකේ මමයි ගිහානුයි ඉදගෙන හිටියේ මගේ රිපෝට් එක එනකම්.

“මිස් මිහානා…”ඩොක්ටර් ආවේ අපි ගාවට එහෙම කියාගෙන.ඩොක්ටර් ඇවිත් වාඩිවෙලා අතේ තිබ්බ රිපෝට් එක මේසේ උඩින් තිබ්බේ ලොකු කතාවක් කියන්න වගේ කියලා මට හිතුනේ ඩොක්ටර්ගේ හඩේ තිබ්බ බැරෑරුම් හඩ නිසා.

“මිහානා ඔයාගේ දරුවා හොදට ඉන්නවා කියලා මට බය නැතුව කියන්න පුලුවන්.එයා හොදින් වැඩෙනවා.ඩිලිවරි එකේදී අපිට ඔයාගෙයි දරුවගෙයි ආරක්ශාව සීයට සීයක් තහවුරු කරන්න පුලුවන්.දෙන්නගෙම ජීවිත බේරෙනවා.ඒත්….”ඩොකටර් කතාව නවත්තලා ගත්තේ දිග හුස්මක්.ඩොක්ටර් අනිත් ටික කියපු නැති නිසාම මට ඇති කරේ බයක්.

“ආ…ඒත් මොනවද ඩොකටර්…”මන් ඇහුවේ ගොතගහමින්.ඩොක්ටර් දිග හුස්මක් අරගෙන බැලුවේ මන් දිහා.

“ඔයාගේ ගැබ්ගෙලේ තියෙන සිටුවේශන් එක නිසා මන් හිතන්න්නේ ඔයාට ආපහු ප්‍රෙග්නට් වෙන්න බැරිවෙයි.”

“මොකක්ද…”ඩොක්ටර් කියපු දේත් එක්ක මන් පුටුවේ පිටිපස්සට වුනේ ඇස්වලට කදුලු පිරෙද්දි.

වර්තමානයට

එදා මන් කොච්චර ගෙදර ඇවිත් ඇඩුවද කියලා මටවත් මතක නැති තරම්.ගිහාන් නොහිටින්න සමහරවිට මන් ජීවිතේ නැති කරගන්න පවා තිබ්බා.පියවි සිහියට ආපු මන් කදුලු පිහදගෙන වොශ් එකක් දාගෙන ඇවිත් ඇදුමක් දාගෙන එලියට එනකොට මන් දැක්කේ ආරු මේසේ උඩ ඉදගෙන කෑම කනවා.

“ගිහාන් ඔයා ගොඩක් හොද කෙනෙක් කවදහරි දවසක ඔයාටම කියලා ආදරය කරන ගොඩක් හොද කෙනෙක් ඔයාට හම්බෙයි.”මන් එහෙම කිව්වත් ගිහාන් ම්න් කියපු දේට හිනාවෙලා මගේ අතින් අල්ලගෙන බැලුවේ මගෙ ඇස් දිහා.

“ඔයා හිතනවද එහෙම කෙනෙක් ඉදියි කියලා.නෑ මිහානා මගේ හිතට ඔයා තරම් දැනුන වෙන කෙනෙක් නෑ.”

“විකාර විදිහට හිතන්න එපා ගිහාන්.අනික මට වඩා ගොඩක් හොද අය ඉන්නවා.පොඩ්ඩක් ඇස් දෙක ඇරලා බලන්න මේ ලගම ඉන්න පුලුවන්.”මන් එහෙම කිව්වේ ගොඩක් කාලෙක් ඉදන් මගේ හිතේ තිබුන් දෙයක් තමා ගිහානුයි හිරූවයි එකට එකතු කරන එක.

මම ආරුගේ කෑම එක පැක් කරලා දානකොටම වගේ ආවේ හිරු.හිරූ මන් ගාවට ආවේ…

“ඔයා කොච්චර නරක කෙනෙක්ද මිහාන ඔයාට හිතක් පපුවක් නෑ.”හිරු එහෙම කියලා පුටුවක් ඇදගෙන වාඩිවුනේ හිරූ කියන කිසිම දෙයක් මට නොතේරෙද්දි.

“ඔයා මගේ ක්‍රශ් එකට එලියට වෙලා ඉන්න දෙන්නේ කොහොමද…”හිරූ කියපු දේට මගේ මූනේ ඇදුනේ හිනාවක්.

“ඔයා මේ කරපු දේ නම් හරි නෑ මිහානා ඔයාලා දෙන්නා ඈත් වුනේ ඇයි කියලවත් අඩුම තරමේ මන් දන්නේ නෑ.ඒත් මන් දකින විදිහට එයා ඔයාට ගොඩක් ආ/ද/රෙ/යි .ඔයත් එයාට ආ/ද/රෙ/යි.මොකද මිහානා මන් අවුරුදු පහක් තිස්සේ ඉන්නේ ඔයත් එක්ක නිසා.”

“මන් ආ/ද/රෙ/යි…..එයාට…මන් හිස වැනුවේ නෑ කියන්න.”මන් එයාට වෛර කරනවා.මට එයා ගැන තියෙන්නෙම වෛර/ය/ක් විතරයි .”මන් කියපු දේට හිරූගේ මූනේ ඇදුනේ හිනාවක්.

“ආදීට එකම එක චාන්ස් එකක් දෙන්න මිහානා එයා කියන්න යන දේ අහලා ඉන්න.එයා කියන දේ නිසා සමහරවිට ඔයාගේ හිතේ එයා ගැන තියෙන තරහා නැතිවෙලා යයි.

“මන් කැමති නෑ ආදී ගැන මෙතන කතා කරන්න.යමු අපි.”මන් එහෙම කියලා ආරුවත් අල්ලගෙන ගිහාන් හිරූ එක්ක එලියට ඇවිත් පැත්තකට වෙලා හිටියේ ගිහාන් දොර ලොක් කරනකම්.

“එයා තාම මෙතන මොකද කරන්නේ….”ගිහාන් එහෙම කියද්දිම මන් බැලුව් ගිහාන් දිහා ගිහාන් මේ කවුරු ගැනද කියන්නේ කියලා.

“කවුද…”මන් එහෙම කියලා හැරිලා බැලුවේ ගිහාන් බලාගෙන ඉන්න පැත්ත දිහා.කාර් එකට හේත්තු වෙලා ඉන්න ආදී මාව දැකලා ඉස්සරහට ඇවිත් අත වැනුවත් මන් ගනන් නොගෙන අහක බලාගත්තේ එයාට රිද්දන්න හිතාන.

“අම්මෝ මගේ ක්‍රශ් එකගේ ලස්සන.එයා හිනාවෙනකොටත් ලස්සනයි.”හිරු මගේ කනට මිමිනුවේ මන් හිරූ දිහා රවලා බලද්දි.මන් රවනවත් එක්කම හිරු කරේ කටට ඇගිල්ලක් තියාගත්තේ අය මොකුත් කියන්නේ නෑ කියන්න වගේ.

මන් ගිහාන් දිහාට හැරිලා එයාගේ ඉනවටේ අත දාගෙන …

“අපි යමු ගිහාන්….”ගිහාන් හිනාවෙලා මන් දිහා බැලුවේ යමු කියන්න.මම ආදීව පහුකරගෙන ගිහාන්ගේ කාර් එක ලගට යන්න හදදිම ආදි මගේ අතින් අල්ලගත්තා…

“මිහානා බබා මට සමාවෙන.මට ගිහාන් එක්ක රංඩු වෙන්නේ නැතුව ඉන්න තිබ්බා.”ආදීට මන් ගිහාන් එක්ක ඉන්න එක ගොඩක් රිදිලා වගේ.ඒත් දැන් ඒකෙන් වැඩක් නෑ.මන් ආදී අල්ලගෙන හිටපු අත උදුරලා ගත්තේ ආදීට රවලා.

“ඒක මට වැඩක් නෑ.”

“මම …අපි…”

“මගෙ පුතාට පරක්කු වෙනවා.ඒක නිසා ඔයා ආපු අතක් බලාගෙන යන්න.”මන් එහෙම කියලා ආවෙ ගිහාන්ගේ කාර් එකට.මන් කාර් එක ලගට එනකොටත් ගිහාන් ආරුව පිටිපස්සේ සීට් එකෙන් වාඩිකරවලා හිරු ආරු ගාව ඉදගෙන හිටියේ .ගිහාන් මන් ආවා කියලා දැක්කට පස්සේ දොර ඇරියේ මට නගින්න.

“ඔයා හොදින්ද…”ගිහාන් අහද්දි මන් ඔලුව වැනුවේ ඔව් කියන්න කාර් එක ස්ටාට් කරනවත් එක්කම මට බැලුනේ ආදී දිහා ආදී මන් දිහා බලාගෙන හිටියේ දුකෙන්.මන් හිතට ආවේම මන් ආදීට සැරවැඩිවුනාද කියන එක.ඒ ඇස් දකින වාරයක් පාසා මට මාවම අමතක වෙනවා.එයා මට කරේ රැවටීමක් මේ පාරත් ඒකම තමා.මගේ වාසනාවට අද මට ආදිව දකින්න හම්බවෙන්නේ නැ.

🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡

සරසිට ඇහැරුනේ පෝන් එක රින්වෙන සද්දෙට.සරසි නිදිමතේම පෝන් එක අතට ගත්තේ හිතින් බැනවදිමින්.සරසි පෝ එක ආන්සර් කරලා කනේ තියාගත්තේ ඩිස්ප්ලේ එකවත් නොබලා.

“ගුඩ්මෝර්නින්ග්.”සරසි කිව්වේ නිදිබර හඩකින්.

“සරසි…”ඒ හඩ ඇහෙනත් එක්කම වගේ සරසිට ඉන්දවුනේ තිබ්බ නිදිමත ගතියක් නැතිකරලා.සරසි ආපහු නම්බර් එක බැලුවේ ඇත්තටම තමන්ට ඇහුන කටහඩ හරිද කියලා.මොකද මේ කටහඩ සරසිට ඇහෙන්නේ මාස ගානකට පස්සේ නිසා.

🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡

💫මතු සම්බන්ධයි