අනේ මහත්තයා දරුවට ටිකක් අමාරුයි වගේ.අනේ අපි ඉක්මනින් එයාව හොස්පිටල් ගෙනියමු…”
“මොනවා…. දරුවා උදෙත් හොඳට හිටියනෙ චේතනා…”
කරමින් උන්නු වැඩේත් පැත්තක දාලා තේනුක චේතනා සමඟින් කාමරේට දුවගෙන ගියා.ආරණ්‍යා හුස්ම ගන්නෙ හරිම අමාරුවෙන් වගේ.මූණට දාඩියත් දාලා. චේතනාගෙ අත පය වෙව්ලන්න ගත්තා දරුවා අසනීපෙන් ඉන්න හැටි දැකලා.
“මගෙ පැටියෝ ඔයාට ගොඩක් අමාරුද රත්තරං?…”
“මෙතන…. ගොඩාක්….. සිදෙනවා…”
ආරණ්‍යා තම ප/පු/ව/ට අත තියලා අමාරුවෙන් වගේ එහෙම කිව්වා.
චේතනා ආරණ්‍යාව වඩාගෙන තේනුකත් එක්ක ළඟම තිබුනු හොස්පිටල් එකට ආවා. වෙනදා ආරණ්‍යාට මෙතරම් අමාරු වෙලා නැහැ.අද ඇගේ තත්වය තරමක් අසාධ්‍ය බව චේතනාටයි තේනුකයි වැටහුනා.
“අනේ මට අපේ දරුවා ගැන ගොඩක් බයයි මහත්තයා.එයා හුස්ම ගත්තෙත් හුඟක් අමාරුවෙන් වගේ.දරුවට මොනවා හරි උනොත් මං එක මොහොතක්වත් ජීවත් වෙන්නෑ…”
චේතනා තේනුකගෙ උරහිසට හේත්තු වෙලා හොඳටම ඇඬුවා.ඇයට දරුවා ගැන තිබුනෙ පුදුම විදියෙ ආදරයක් සෙනෙහසක්.ගෙවී ගිය මාස දෙක තුල ඇය ආරණ්‍යාගෙ සතුට ගැන,සෞඛ්‍යය තත්වය ගැන හුඟක් වෙහෙසුනා.හැම මොහොතකදීම ඇය දරුවා ගැන හිතුවා.ආරණ්‍යාගෙ සතුට වෙනුවෙන් චේතනා නොකරපු දෙයක් නැති තරම්.
“ඔයා බය නැතුව ඉන්නකො චේතනා.අපේ පැටියට මොකුත්ම වෙන්නෑ.ඩොක්ටර්ලා එයාව හොඳට බලනවනෙ…”
චේතනාව සනසන්න තේනුක මොනවා කිව්වත් ඔහුගෙ හිත හොඳටම නොසන්සුන් වෙලයි තිබුනෙ.පිටට නොපෙන්නුවට තේනුක ආරණ්‍යාගේ අසනීප තත්වය ගැන හුඟක් හිතුවා.
දරුවාගේ සතුට,සැනසීම තමායි චේතනායි විසින් උදුර ගත්තාදෝ කියලා තේනුකට හිතුනා.ආරණ්‍යාගේ සතුට තිබෙන්නේ මනුලියි මාලකයි ළඟ.දරුවා දෙමව්පියො විදියට පිළිගන්නෙ ඔවුන් දෙන්නව.තමා කරේ බලවත් වරදක් කියලා තේනුක කල්පනා කරා.
“අපි ගිහින් ඩොක්ටර්ව හම්බ වෙමු චේතනා…”
තේනුක චේතනා සමඟින් වෛද්‍යවරයා හමුවට පැමිණියා.දරුවාගේ සෞඛ්‍යය තත්වය පිළිඹඳව දෙදෙනාගේම සිත් වල ඇති වී තිබුනේ දැඩි බියපත් බවක්.
“දරුවා ඉන්නෙ ටිකක් අවධානම් මට්ටමක මිස්ටර් තේනුක.ඩොක්ටර්ලා විදියට අපේ පැත්තෙන් වෙන්න ඕනි හැම දෙයක්ම අපි කරනවා.නමුත් දෙමව්පියො විදියට ඔයාලගෙ පැත්තෙනුත් යමක් වෙන්න ඕනි…”
චේතනායි තේනුකයි මුහුණට මුහුණ බලා ගත්තා.වෛද්‍යවරයා මේ කියන දෙයින් අදහස් වෙන්නෙ දරුවාගේ සතුට,සැනසීම ගැන සිතා ඒ වෙනුවෙන් හෝ ඇයව මාලකට බාර දෙන්න කියලාද…. චේතනා එහෙම හිතුවා.
“ඒ කිව්වෙ ඩොක්ටර්?…”
තේනුක ඇහුවා.
“මෙහෙමයි මිස්ටර් තේනුක,දරුවා තවම පොඩි නිසා ඔපරේෂන් එකකට යන්න බැහැ. ඒකට තව අවුරුදු දෙකක්වත් ඉන්න ඕනි.ඒ වෙනකල් දරුවව ගොඩක් පරිස්සමටයි බලා ගන්න ඕනි.ඔය දෙන්නා විශේෂ අවධානයක් දෙන්න ඕනි දරුවට.දරුවගෙ හිතට දරා ගන්න බැරි දුකක් වේදනාවක් දෙන්න එපා. පුලුවන් තරම් එයාව සතුටින් තියන්න. මහන්සි වෙන්න නම් දෙන්නම එපා.මං කියන දේ ඔයාලට තේරෙනවනෙ?…”
“ඔව් ඩොක්ටර්…”
“ගුඩ්.ඔයාලා දැන් ගෙදර යන්න.තව දවස් දෙක තුනකින් දරුවගෙ තත්වෙ යහපත් අතට හැරෙයි කියලා අපි විශ්වාස කරනවා…”
පන්සල් ගිහින් බෝධි පූජාවක් තියන්න සූදානම් කරලා කෝවිලට ගිහින් බාරෙකුත් ගැට ගහලා තේනුකයි චේතනායි ගෙදර ආවා.
මුළු නිවස පුරාම දැනුනෙ දැඩි පාළු බවකුත් එක්ක නිහඬ බවක්.පුංචි ආරණ්‍යා ඉන්නැද්දි ඒ පාළු බව,නිහඬ බව කවදාවත් දැනිලා නැහැ.ආරණ්‍යා නිදාගත්තු කුඩා ඇඳ, කොට්ටය,ඇය පෙරවූ සීට් එක දකිද්දි චේතනාගෙ සිතට දැනුනෙ පුදුම දුකක් වේදනාවක්.
චේතනා ආරණ්‍යා නිදාගත්තු කොට්ටය ප/පු/ව/ට තුරුල් කරගෙන ඇඬුවා.අම්මා කෙනෙක් විදියට ඇය තම දරුවා සිහිපත් කරමින් නොඅඬපු දවසක් නැති තරම්.
තේනුක රෑට කන්න නූඩ්ලස් එකක් හදාගෙන ඇවිත් චේතනා ගාවින් වාඩි උනා.අඬලා අඬලාම ඇගේ මුහුණ හොඳටම ර/තු වෙලා. තේනුකට චේතනා ගැන පව් කියලත් හිතුනා.
“බත් ඉව්වෙ නම් නෑ.මං නූඩ්ලස් එකක් හැදුවා.කාලා ඉන්නකො…”
“මට කන්න බෑ මහත්තයා….. මගෙ දරුවා හොඳටම අසනීප වෙලා…. ඉස්පිරිතාලෙ ඇඳක් උඩ වැතිරිලා ඉන්නැද්දි….. මං කොහොමද කාලා බීලා…. සතුටින් ඉන්නෙ?…”
යහනින් එන තම දියණියගේ සුවඳ විඳ ගනිමින් චේතනා හදවත පැ/ලී යන තරම් වේදනාවෙන් එහෙම කිව්වා.
“මං ඔයාට මේ ටික කන්න කිව්වෙ බඩගින්න නිවාගන්න මිසක් සතුටු වෙන්න කියන්න නෙවෙයිනෙ චේතනා.දරුවා සනීප වෙද්දි ඔයා නොකා නොබී ඉඳලා ලෙඩෙක් වෙන්නද හදන්නෙ?හොඳ ළමයා වගේ මේ ටික කන්න…”
“මට එපා මහත්තයා.කෑම කන්න තියා මට ජීවත් වෙලා ඉන්න හිතක් නෑ දරුවා අසනීපෙන් කෙඳිරි ගගා හිටපු විදිය මතක් වෙද්දි…”
තේනුක කොච්චර කිව්වත් චේතනා රෑට මොකුත් කෑවෙ නැහැ.වතුර බීලා විතරක් නිදා ගත්තා.තේනුක මොකුත් කෑවෙත් නෑ. දරුවා අසනීපෙන් ඉන්නැද්දි කෑම කන්න ඔහුට හිතක් නෑ වගේම චේතනා බඩගින්නෙ ඉන්නැද්දිත් ඔහුට කන්න හිතුනෙ නැහැ.
තේනුක උදේම නැගිටලා හොස්පිටල් යන්න ලෑස්ති උනා.ආරණ්‍යාගෙ ඇඳුම් කිහිපයක් හා තවත් අවශ්‍ය බඩු කිහිපයක් සූදානම් කරලා බෑග් එකට දාපු තේනුක බාතෲම් එකේ හිටපු චේතනාට කතා කරා.
පැය ගානක් තිස්සෙ චේතනා බාතෲම් එකට වෙලා මොනවා කරනවද මන්දා.ඊයෙ නොකාම නිදාගත්තු නිසා කලන්තයක්වත් හැදිලද දන්නෑ.
එහෙම හිතලා තේනුක බාතෲම් එකේ දොර ඇරගෙන ඇතුලට ගියා.චේතනා අමාරුවෙන් වගේ තුනටියට අත තියාගෙන සින්ක් එක අල්ලගෙන ඉන්නවා.
“ඇයි චේතනා ඔයාට මොකුත් අසනීපයක්ද?…”
තේනුක ටක්ගාලා ඇයව අල්ල ගත්තා.
“න්… නෑ මහත්තයා…. මට ටිකක් කලන්තෙයි වගේ….. වමනෙත් ගියා…”
“ඒක තමයි කිව්වෙ ඊයෙ රෑට කාලා නිදාගන්න කියලා.ගොඩක් අමාරුයිද?…”
“නෑ මහත්තයා.මාව කාමරේට එක්කන් යන්නකො.ඇඟට අමාරුයි වගේ ටිකක්…”
තේනුක චේතනාව හරහට වඩාගත්තා.
“වඩාගන්න ඕන්නෑ මහත්තයා…. මාව අල්ල ගන්නකො… ඒ ඇති…”
තේනුක මොකුත් නොකියා සිනාසී ඇයව ඔසවාගෙන ගිහින් පරිස්සමට ඇඳෙන් තිබ්බා.
“මහත්තයා…. ඇයි… හිනාවෙන්නෙ?…”
චේතනාගෙ ඇහුවා.ඇගේ මූණත් එක්ක ලෙඩ පාටයි.තේනුකගෙ ආදරෙන් ඇගේ නලල සි/ප ගත්තා.ඇයට මේ දේවල් පුදුමයි.තේනුක ඉන්නෙ අමුතු සතුටකින් වගේ.
“ඇයි මට හිනාවෙන්න හොඳ නැද්ද?…”
“මං එහෙම දෙයක් නෙවෙයි කිව්වෙ මහත්තයා…. දරුවා අසනීපෙන් අමාරු වෙලා ඉන්නැද්දි…. අපි කොහොමද…. හිනා වෙලා ඉන්නෙ?…”
“මං දෙයක් කියන්න ඔයාට ඒක දරාගන්න පුලුවන් වෙයි නේද මැණික?…”
තේනුක ඇහුවෙ චේතනාගෙ හිස තම ඔඩොක්කුවෙන් තබාගන්න ගමන්.තව දුරටත් කල්ගත නොයවා ඉක්මනින් නිවැරැදි තීරණය ගත යුතුව ඇත.
“මං…. දන්නවා මහත්තයා ඔයා….. කියන්න හදන දේ….. මට ඒක….. දරාගන්න පුලුවන්…”
චේතනාගෙ ඇස් දෙකට කඳුලුත් පිරිලා. දරාගන්න පුලුවන් කිව්වට ඇයට ඒක දරාගන්න බැහැ කියලා තේනුක දන්නවා.
“ඇයි මේ ඇස්වල කඳුලු?…”
තේනුක චේතනාගෙ මුහුණට නැඹුරු වී ඇගේ දෑස් තුල තිබූ කඳුලු පිසදැමුවා.
“අපි කොහොමද….මහත්තයා හිත හදාගෙන….. ඒක කරන්නෙ?…”
“අපිට ඒක කරන්නම වෙනවා චේතනා.වෙන කරන්න දෙයක් අපිට නෑ මැණික.අපි ඒ දේ නොකලොත් දරුවා ලෙඩ වෙලාම,,,,,,
තේනුක ඉතුරු ටික නොකියා නිහඬ උනා. චේතනා ඔහුගෙ ඔඩොක්කුවෙන් නැගිට ඇඳ වියලට හේත්තු උනා.දෙදෙනා අතරෙ දිගු නිහැඩියාවක් ගෙවිලා ගියේ හදවත් දෙකක් ශෝක ගි/න්/නෙ/න් දවාලමිනුයි.
“අපි එහෙම කරමු මහත්තයා.දරුවා අපි ගාව තියාගෙන තවත් අඬලා අඬලා ලෙඩ කරවන්න බැහැ.අපිට වටින්නෙ අපේ දරුවගෙ සතුටනෙ…”
චේතනායි තේනුකයි ඒ තීරණේට එකඟ උනේ හදවත් තුල මහා දුකක් වේදනාවක් සඟවාගෙනයි.
මතු සම්බන්දයි.