- 12 කොටස-
හිමංස එලියටත් දිව්වා.. කොහොමහරි . නිශාදි ව හොයාගන්න ඕනෙ… ඒත් කොයි…මොකද වුනේ….
එක පාරටම හිමංස දැකකෙ එලියෙ තිබුනු පඩි පෙලක් බැහැලා කලබලෙන් දුවගෙන යන නිශාදිව…. හිමංසට දැනුනෙ පුදුම සතුටක්..හිමංස දුවගෙන ගිහින් නිශාදිව බදාගත්තා …
“මං බයවුනු තරමක්… ඔයා කොහෙද ගියෙ නිශාදි… ඔයාට කරදරයක් නෑ නේද?”
“හිමංස..අර යන්නෙ… අර යන්නෙ..”
නිශාදිට හිමංස ගැන ගානක් තිබුණෙ නෑ…නිශාදි පෙන්නපු පැත්ත දිහා හිමංස බැලුවා…එයාලට පිටුපාලා ෆෝන් එකක් කනේ ගහගෙන කොල්ලෙක් යනවා…ඈශ් කලර් ට්‍රවුසර් එකකට කළු පාට ෂර්ටි එකක් ඇදලා…
“තරුන්….තරුන් ඒ යන්නෙ ..අනේ යමුකො අපි..”
නිශාදි හිමංසවත් ඇදගෙන ඒ පැත්තට දිව්වා…හිමංසට හිතා ගන්න බෑ… ඒ බෝයි ටිකකින් මග නවතිලා ළඟ තිබුණු කණුවකට හේත්තු වෙලා ෆෝන් එකෙන් බර කතාවක්..
නිශාදි ගිහින් එයාගෙ උරහිසකට අත තිබ්බා…. ඒ බෝයි හැරෙද්දි නිශාදිගෙ දෙනෙතේ ඇදුණේ පුදුමයක්
“yes….may I know you?”
එතන හිටියේ තරුන් නෙවෙයි…නිශාදි හොදටම කලබල වෙලා..
“No….very sorry….. a mistake…..plz…” හිමංස බෝයිට කීවා.
“Ok” එයා ආයෙත් කෝල් එකට උත්තර දෙන්න ගත්තා ..
හිමංස නිශාදිගේ අතින් ඇදගෙන එළියට ආවා…
“සර් බිල් එක “
වේටර් කොල්ලා කොහේදෝ ඉදලා මග හරස් කලා.හිමංස නිශාදිට රවලා පර්ස් එකෙන් පන්දාහෙ කොලයක් ඇදලා වේටර්ට දුන්නා..
“සර්..මං විනාඩියෙන් බැලන්ස් එක ගෙනත් දෙන්නම්..”
“මොන බැලන්ස්ද අයිසෙ තමුසෙ ඕක තියා ගන්නවා…”
වේටර් කොල්ලා කටත් ඇරං හිමංස යන දිහා බලං හිටියා.
දැන් විනාඩි පහලවක් විතර හිමංස කාර් පාර්ක් එකේ එයාගෙ කාර් එක ඉස්සරහින් අත් දෙක පිටිපස්සට බැදගෙන එහාට යනවා..මෙහාට යනවා..ආයෙත් එහාට යනවා..මෙහාට යනවා….
නිශාදි කාර් එකට හේත්තු වෙලා බලං ඉන්නවා…
හිමංස හිටියෙ ඇත්තටම කේන්තියෙන්…නිශාදි බයටම කට වහං හිටියා..හිමංසගෙ මූණ දිහා බලන්නත් බයයි…
ඈත ගේට් එක ළඟ ඉන්න සිකුරුටි අන්කල් කීප වතාවක්ම හිමංස දිහා බලනවා නිශාදි දැක්කා…තව කොච්චර වෙලා මෙහෙම ඉන්න වෙයිද?
ඇත්තටම ඒ හිටියේ තරුන් නෙවෙයිද? ඒත් මං එවෙලේ වීදුරුවට එහා පැත්තෙන් දැක්කෙ තරුන්වනේ..ඒත් අර හිටියේ වෙන කවුදෝ.. සන්ග්ලාස් එකක් එයා දාලා හිටියෙත් නැහැ…
ඉස්සලේලා හිටියෙ සන්ග්ලාස් දාපු කෙනෙක්..අනේ..ඇයි මේ..තේරෙන් නැහැ..මගෙ ඇස් රැවටුණේ ඇයි…හිමංසට හොදටම තරහ ගිහින්…මුණ හොදටම කළු වෙලා.. තරුන් රට ගියානෙ…ඇයි මට මෙහෙම දේවල් වෙන්නෙ…
කොහොම හරි හිතට දහිරිය අරං නිශාදි හඩ අවදි කලා.
‘‘හි..හිමංස…”
‘‘වචනයක් කතා කරන්න එපා තමුසෙ…වචනයක්… “
හිමංස කඩා පනිද්දි නිශාදි වේවලනවා…
‘‘‘තමුසෙ..තමුසෙ..මට තියෙන කේන්තිය….ෂිට්….”
හිමංස අත මිට මොලවනවා..
හිමංස කාර් එකේ රෝදෙකට පයින් ගැහැවා.. නිශාදිට ගහන්න තිබුණු පාරක් තමා කාර් එකට වැදුනෙ කියලා නිශාදිට තේරුණා…අනේ..
‘‘තමුසෙ දන්නවද..තමුසෙ ටේබල් එකේ නැතිකොට මං කොච්චර බය වුණාද කියලා..ආ…දන්නවද”
හිමංස නිශාදිගෙ උරහිස් වලින් අල්ලලා හොලවනවා.නිශාදි ඔලුව වනනවා..හිමංස මෙච්චර කෝපයෙන් ඉන්නවා නිශාදි මීට කලින් දැකලා නැහැ.ඇස් රතුම රතුයි…තරහින් පුපුරන ඒ මූණ…අම්මෝ… යක්ෂයෝ පරාදයි….
“තමුසෙට හීනෙන් මදිවට දැන් යන යන තැනත් පේන්නේ අර හිවලවද? ඈ..කියනවා නිශාදි…මාව තවත් යකා නොකර…”
“අනේ හිමංස…අර මිනිස්සුත් බලනවා..අත අරින්නකො..”
“ඇයි මෙතන ෆිල්ම් එකක් ෂූට් කරනවද? මං පිස්සෙක් වගේ තමුසෙව හෙව්වෙ ඕයි..පිස්සෙක් වගේ..මගෙ පපුවත් එක්ක රිදෙනවා..ඒත් තමුසෙට වගක්වත් නෑ..
දන්නවද මං මේ විදිහට පිස්සෙක් වෙලා නෑ කවදාවත්…අඩුම තරමේ මොකා ආවත් මට කියලා යන්න තිබුණා කියලා හිතුන් නැද්ද තමුසෙට …අර මැරයෝ ටික ආවත් ඔච්චරනෙ..”
“අනේ හිමංස..මට සමා..”
“මේ සමාව තියාගන්නවා තමුසෙ ළඟම ..මේක හොදට අහගන්නවා…තමුසෙගෙ අම්මා අප්පච්චි ආවත් ආයෙ මට නොකියා අඩියක් යන්න බෑ…තේරුණාද?..”
“තේරුණාද?”
හිමංසගෙ කෑ ගැහිල්ලට නිශාදිට නිකම්ම
‘ ඔව්‘ කියවුණා ..නිශාදිව අතඇරිය හිමංස කාර් එකට නැග්ගා…නිශාදි ගල් ගැහිලා ඉන්නවා..එතනම..
හිමංස හෝන් එක කඩන්න හදනවා..
නිශාදි ඉක්මණට ඇවිත් කාර් එකට ගොඩවුණා…
වේගෙන් ගේට් එක පහු කරලා යන කාර් එක දිහා සිකුරුටි අන්කල් බලං හිටියෙ ඇස් පොඩි කරන්…දැන් කාලෙ හැදෙන කොල්ලො කෙල්ලො නම් නාහෙට අහන් නැහැ….මොකුන්ද මං දන් නෑ…සිකුරුටි අන්කල්ගෙ මූණෙ තිබ්බෙ එහෙම හැගීමක්..
වේගෙන් කාර් එක යද්දි නිශාදි ශීට් එකට හේත්තු වෙලා ඇස් පියා ගත්තා …..
“ඇස් අරිනවා….. තමුසෙට ඕන විදිහට නටන්න බෑ…තමුසෙ මගේ…තමුසෙව තරුන්ට දෙන් නෑ මං ආයෙ”
දැන් හිමංස ඉන්නෙ තර්හින් ..ඒ නිසා මොකුත් කියලා වැඩක් නෑ කියලා නිශාදි දන්නවා
.”..හෙමීට යමුකො හිමංස.. බයයි මට…මේක යකඩ ගොඩක්නෙ…..”
“තමුසෙගෙ ජීවිතේට හරි ආදරේ වුනු එක ලොකු දෙයක්… “
හිමංස වාහනේ නතර කලේ ශොපින් මෝල් එකේ….
“බහිනවා දැන්… ගිහින් හෙට ට්‍රිප් එක යන්න ඕන ඒවයි එපා ඒවයි ඔක්කොම අරගන්නවා..හෙට රෑට පොඩි පාර්ටි එකක් ගන්නවා. ඒකට අදින්න සාරියකුත් ගන්නවා…
ගිහින් අරක නෑ මේක නෑ කියලා මට චුරු චුරු ගාන්නෙ නැතිව…. මේ ගෑනු කියන ජාතිය නම්.. අර මහ බඹාද මොකාද කියන එකා මොකට මෙවුන්ව මැව්වද මංදා … ඕකා අහුවුනොත් මට…..ඊඊඊඊඊ බූරුවා…”
හිමංස තරහින් පුපුර පුපුර මේ කියන ඒවට නිශාදිට හිනා යන්නත් එනවා…ඒත් යන්තම් හරි හිනා වුනොත් මේ බෝම්බෙ ඩෝං ගාලා ආයෙත් පුපුරයි….
හිමංස නිශාදි දිහාට හැරිලා නිශාදිව ඇදලා ලගට ගත්තා..
“මට තමුසෙට……..” මූණටම එබිලා ගොරවන හැටි…නිශාදිගෙ නිල් ඇස් දෙක ….ලතාවකට ඇසිපිය ඒ ඇස් වහනවා… හිමංස නිශාදිව අත ඇරලා කාර් එකෙන් බැස්සා…
“රාජ්…. පුතාලා හෙට ට්‍රිප් එකක් යනවලු….”
“ම්ම්ම්.. මටත් ආරංචියි…..හොදයිනෙ ඉතින්…”
“මට බයක් දැනෙනවා රාජ්”
“චතූ…ඔය මනස්ගාත අතැරලා දාන්න….”
“ඒත් රාජ්….. පුතාට කසාදයක් කවදාවත් හරි යන් නෑ කියලා කීව එක.. ..ඊටත් වඩා පුතා බදින කෙනාගෙ ආයුස…අපි දැන දැනම අර අහිංසක කෙල්ලව පුතාගෙ සතුට වෙනුවෙන්..අනේ රාජ්… දෙන්නා මේ ඉන්න හැටියට.. එහෙම උනොත්…”
“දැන් ඇති චතුරිකා… දැන් ඇති.. ඕව මගෙත් එක්ක කීවට වෙන කාටවත් කියනවා එහෙම නෙවෙයි…ඔය කේන්දරකාරයො බොරු ගොතන්නෙ උංගෙ බිස්නස් කරගන්න…මට විශ්වාසයි අපේ දරුවොන්ට කරදරයක් වෙන් නැහැ කියලා . දැන් ඕවා අමතක කරන්න..”
“මං නිශාදි දුවව හැම සෙනසුරාදම බෝධි පූජාවට එක්කන් යනවා රාජ්..”
“ඔව් ඒක ඉතින් කොහොමත් හොද දෙයක්නෙ…… පුතත් ඒවි එතකොට..”
“හ්ම්….”චතුරිකා සැනසුම් සුසුම් හෙලුවා…..
💜️💜️💜️💜️💜️
හිමංස ලැප් එක ඕන් කරලා ෆිල්ම් එකක් දාගත්තා…. ටිකක් වෙලා බලං හිටියට මොකද ඒකෙ හිටපු නලුවා කවුද කියලවත් කල්පනාවක් නෑ.. හිත තිබ්බෙම එහා රූම් එකේ…..
හවස ශොපින් කරලා ආවා ආවාමයි නිශාදිව ඇහැට දැක්කෙ නෑ….. නිදාගන්න හැදුවත් වැඩක් නැහැ…. රෑ නවයයි වෙලාව.. අද නිශාදි කන්න ආවෙත් නැහැ… හිමංසට එක විදිහකට ඉන්නම බෑ… නොසන්සුන් හිත සන්සුන් කරගන්න හැදුවට වැඩක්ම නෑ..
හිමංස තාමත් තරහින් හිටියෙ…. මං ගැන වගක්වත් නැතිව අරූ පස්සෙන් ගියපු හැටි…. ශිට් මට බැරි වුනානෙ ඕකිගෙ කන පලන්න… තුට්ටුවකට ගනන් ගන්නවද මාව…….ඊඊඊඊඊ .. දැන් නම් අතාරින් නෑ මං….
හිමංස ලප් එක වහලා දාලා නිශාදිගෙ කාමරේට ගියා..
“නිශාදි….”
කොයි කොහෙද…..ඇදුම් බෑග් එක නම් ලෑස්ති කරලා….
හිමංස පහලට බැස්සෙ දුම්මල වරම අතට ගත්ත කපුවා වගේ….
සාලෙත් පේන්න නෑ… අම්මගෙ කාමරේ පැත්තෙන් ඇහෙන්නෙ කිකිණි හිනා සද්දයක්…වෙනකවුද ඉතිං නිශාදි…
මාව ගින්දරට දාලා මේකි කැකිරි පලන හැටි…හිමංස කාමරේට යනකොටම ඇහෙන්න ගත්තෙ සිංදුවක්… හිමංස ශේප් එකේ කාමරේට ඔලුව දැම්මා..
“මගෙ පොඩි යාලූ නෙලමුද ඕලූ….”
පොඩි එවුන් දෙන්නා නට නට සිංදු කියනවා… අම්මා මොකද්දෝ මහනවා… නිශාදි මැශිම දිහා බලං ඉන්නවා… නිශාදි ගත්ත සාරි එක ඇද උඩ….
“අම්මට ලස්සනට මහන්න පුලුවන් නේද”
“තාම ඉවර නෑනෙ දුව.. බලන්නකො මැහැවම .. මේ සාරි එක හරි ලස්සනයි දුව.. ඔයාගෙ සිලෙක්ශන් මරු….”
“මං නෙවෙයි අම්මා තේරුවේ.. අරයනේ…. “
“ඕහෝ…. අපෙ කොල්ල දැන් දියුණුයිනේ….”
“හොද වෙලාවට අම්මා මහන්න දන්නෙ.. මං එන ගමනුත් කල්පනා කලේ හෙට වෙනකොට ජැකට් එක මහගන්නෙ කොහොමද කියලා…”
“මං ඔයාට ලස්සන ඩිසයින් එකකට මහන්නම්කො….”
හහ්හ්….. ඇවිල්ල දවස් කීයද අපේ අම්මවත් අල්ලගෙනනෙ මේකි…. එන ගමනුත් කල්පනා කරලා තියෙන්නෙ සාරිය ගැන… ඒ වුනාට මං හැම තිස්සෙම කල්පනා කරන්නෙ මේකි ගැන… මමයි මෝඩයා.. හිමංස කල්පනා කරනවා
“ඒයි .. අද අහුවුනා.. හොර ගෙඩියා….හූ…හූ……කලු බාප්පි……”
චුට්ටා හිමංසගෙ කකුල බදාගෙන
“චූටි පුතා… ඇත්තට මොකද හොරෙන් බලන්නෙ….”
“ඒකනේ ආත්තම්මා…. බාප්පි හැංගිමුත්තන් කරනවා පුංචා එක්ක”
පොඩි එවුන් දෙන්න හිකි හිකි ගගා කට වහන් හිනාවෙනවා….
“උඹල දෙන්නට මං….”හිමංස පොඩි එවුන් දෙන්නව උස්සගෙන සාලෙට ගියා..
මොනවා කරන්නද වස නෝන්ඩිය….පොඩි එවුන් එක්ක සෙල්ලම් කරන හිමංසගෙ සද්දෙ ඇහෙද්දි නිශාදිට හිනා…නපුරට හොද වැඩේ අද… මට ආයෙත් බනින්න වෙන්න ඇති හොයන්න ඇත්තෙ….හිමංසගෙ හිතේ තිබුනු කේන්තිය අඩු වෙලා ගියෙ පොඩි දෙන්න නිසා….
“නිශාදි… නිශාදි…. නැගිටිනවා.. දැන් හතරයි…. “
උදේ පාන්දරම හිමංස දොරට තඩි බානවා.. .අද නිශාදි දොරත් ලොක් කරලා …..නිශාදි නිදිමතේම ඇවිත් දොර ඇරියා….
“අපෝ… හැටි…හොල්මන් පරාදයි…”
“මොකද්ද අනේ ෆිල්ම් එකේ අන්තිම හරිය බල බල හිටියෙ…ශාරුක් කාජල්ව බදින්න ඔන්න මෙන්න හිටියේ.. දුෂ්ටයා ආවනෙ…..”
“පිස්සි… උදේ පාන්දර මැන්ටල් කතා කියවන්නෙ……”
ඒත් නිශාදි දොරේ එල්ලිලා නිදි කිරනවා..
“නැගිටිනවා ඉතිං. ඇස් අරිනවා….මොකද ඊයෙ රෑ මගෙ කාමරේට ආවෙ නැත්තෙ….”
“ඉතිං ඔයා ආවෙත් නෑනෙ….”
“ලේඩීස් ෆස්ට් වෙන්න ඕනෙනෙ….”
“ඔයා බනිනවනෙ මට…..”
“ඔව් නොබැන හදන්න බෑ තමුසෙව … හොදට අහගන්නවා …අද දවසෙම මගෙ ලගින් හෙල්ලෙන් නෑ හරිද….”
“හා….”
“යනව ..ලෑස්ති වෙනවා…
“හා ඉතිං ඕක හොදින් කියන්න බැරිද..”
“බෑ..මේ මගෙ හැටි….”
“නපුරු බොසා….”
රණ්ඩු වෙවී යාලු වෙවී මේ ගෙවෙන දවස් අල්ලලා නතර කරන්න පුලුවන් නම්……. හිමංසගෙ හිත අමුතුම හැගීමකින් පිරිලා තිබුනෙ….නිශාදි .. ඇයි ඔයා මගෙ ජීවිතේට ආවෙ…
මේ ගෙවෙන හැම තත්පරේකටම ලෝබයි මට….. ඒ දවස් වල ටජ් මහල හදපු ඩයල් එක නොම්බර එකේ පිස්සෙක් කියලා යාලුවො ඉස්සරහ කියපු හිමංසමද මේ…………