මලක්දෝ නුඹ අරලියා 🌸🌿

🌿අවසන් කොටස🌿

🔸 ඒක බොහොමත්ම හොඳ තීරණයක්…… සසර කියන්නේ බොහෝ දුක් ඇති තැනක් නංගි…………. අද විතරක් නෙවේ අනන්ත සංසාරේ ඉපදුන හැම ආත්මෙකම අපි ඔය දුක් විදලා අැති……. ඉදිරියටත් සංසාරේ අපි මේ දුක විදී…….. එක අඩියක් හරි අපි ලංවෙන්න ඕනි නිවනට…………….. තේරුනාද…….. පටාචාරාවන්ටත් ඔය වගේම සිය පවුලම අහිමි වුනා…… හැබැයි එතුමියගේ වාසනාවට එදා බුදුහාමුදුරුවෝ වැඩ සිටියා…….. එතුමිය අරහත් භාවයට පත්වුනා විතරක් නෙවේ විනයධර භික්ෂුණින් අතරින් අග්‍රස්ථානයටත් පත්වුනා……… දැන් මේ නංගි පැවදි බිමට ඇතුළු වෙන්න ගත්තු තීරණය සිද්ධ වුන දේවල් වලින් ඇති වුන තාවකාලික කලකිරීම විතරක් නම් තව ටිකක් හිතලා බලලා තීරණයක් ගන්න……

🌹 මං තීරණය කලේ හොඳට හිතා බලලා තමයි හාමුදුරුවනේ…….. දැන් මටත් ඕනි ලොවුතුරා සත්‍ය ඉගෙන ගන්න අවබෝධයෙන් ඉගෙනගන්න…. සසර ගමන කෙටි කරගන්න………..

🔸 බොහෝමත්ම හොඳ තීරණයක් ගත්තේ මං දෙන්නම් මහමෙව්නා භාවනා අසපුවේ අපේ මෙහෙනින් වහන්සේ කෙනෙක්ගේ නොම්මරේ එතෙන්ට යන්න………

🌹 එහෙමයි අපේ හාමුදුරුවනේ……….

🔸 ඔය තිබ්බ පය ආපස්සට කවදාවත් තියන්න නොලැබේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා………..

🌹 මං ගිහින් එන්නම් අපේ හාමුදුරුවනේ…………..

වන්දනා නොපෙනී යනතුරුම අනුරුද්ධ පොඩිහාමුදුරුවෝ බලාගෙන සිටියේ නිවුන සැනහුන දෑසිනි…………… වන්දනාගේ තීරණයට නිවේදිතා කොහොමවත් කැමති වුනේ නැත……… නමුත් වන්දනාගේ බලවත් පෙරැත්ත මත ඇයට ඊට එකඟ වන්නට සිදු විය………. නිවේදිතා හට සිය සොයුරා හා රන්දය සමගින් ඇති වුයේ නොනිමි වෛරයකි……..

💞💞💞💞💞💞

රන්දයගේ පියා වන සදහම් දෑලබණ්ඩාර හටද වන්දනාට සිදුවූ දෙය පැවසුවේ නිවේදිතා විසින්……….. ඇය මුළු දෑලබණ්ඩාර වලව්ව දෙවනත් වන්නට කෑ ගැසුවාය……….. ඇය කතා කලේම හඬමිනි……..

✨️ එලියට වරෙන් මහා ලොකු සුලක්ඛණා මැණිකේ…. මිනීමරු ගෑනි………..

නිවේදිතාගේ හඬට දුෂේරාද රන්දයද සුලක්ඛණා ද පහලට ආවෝය………. දුෂේරා බලහත්කාරයෙන්ම රන්දයගේ නිවසට පැමිණ සිටියාය………

✨️ ආ පුංචි මහත්තයා……… උඹත් ඉන්නවද සක්කරවට්ටම තෝ තමා මේ ඔක්කොටම මුල……….

නිවේදිතා දුෂේරාගේ කණට නොනවත්වාම පහර දෙන්නට විය…… නමුත් රන්දය ඇය බේරාගත්තේ නැත…… මැද්දට පැන්න සුලක්ඛනා හටද හොඳපාරවල් කීපයක්ම වැදුනි…….. අවසානයේ නිවේදිතාටම මහන්සි වී නවත් වන විට දුෂෙරාගේ මුහුණේ රතු පැහැ පළු මතුව තිබුණි………

✨️ දැන් සතුටුද අයියේ……. දැන් සතුටුද…….. මගේ කෙල්ලගේ දරුවා මැරුණා අර අහිංසක අසෙනිය මැරුනා……….. කෙල්ලගේ ජීවිතේ කාලකණ්නි වුනා…… සතුටුද…… ආයේ අපේ සහෝදරකම් නෑ කියලා හිතාගත්තොත් හොදයි අයියේ……… රන්දය මගේ කෙල්ලව විනාස කලා…. අර සුලක්ඛණා මැණිකේ ඒ ගෑණිට නම් හොදක් වෙන්නෙ නෑ……මේක මගේ ශාපය කවදාහරි උඹටත් අපි වින්ද දුක විදින්න වෙනවාමයි සුලක්ඛණා……..

❤️ අම්මට එහෙම කතා කරන්න එපා නැන්දේ…..අම්…………

🌴 උඹ කටවහගනින්……. කට වහගනින්….

සදහම් දෑලබණ්ඩාරගේ අතක් රන්දයගේ කම්මුල මත රැඳෙද්දි සුලක්ඛණා මැද්දට පැන්නාය……….. ඔහුගේ අනෙක් අත සැනෙකින් සුලක්ඛණාගේ කම්මුලේ නතර වුන අතර ඇය විසිවී ගොස් පුටුවට කඩා වැටුනාය………..

🌴 මෙන්න මේ සුලක්ඛණා තමා ඔක්කොම කලේ රන්දය උඹේ අම්මා…….. උඹේ අම්මා තමයි හැමදේටම මුල……. මේකිට ඇති පපුවේ අමාරුවක් නෑ…. බොරු කරලා ළමයින්ගේ ජීවිත විනාශ කලා……..අද දවස එනකම් තමයි මං බලන් හිටියේ

✨️ මොනදේ කලත් වැඩක් නෑ අයියේ කෙල්ල ඊයේ මහන වෙන්න ගියා………..

රන්දයගේ මුහුණ වේදනාවෙන් විරූපි වී ගියේය………….. ඇයව කෙසේ හො නැවැත්විය යුතුය…………..

❤️ නැන්දේ කොහේද එයා ඉන්නේ මට එයා නැතුව ඉන්න බෑ…….. එයා මට සමාව දෙයි………. අනේ මාව එක්ක යන්න……….

නිවේදිතාටත් අවශ්‍ය වුනේ ඇයව නවත්වා ගැනීමටයි………… රන්දයට එය කල හැකි වෙයි යැයි සිතූ ඔවුන් දුර කතර ගෙවා අනුරාධ පුර මහමෙව්නා මෙහෙණි අාරණ්‍යයට ගියෝය……………

ආවාස ගෙය අසල වයසක මෙහෙණින් වහන්සේ කෙනෙක් අතුගාමින් සිටි අතර ඔවුන් ඇයට වැඳ පසෙකින් සිටගත්හ…………..

✨️ මෙහෙණින් වහන්ස අර වන්දනා කියලා ගැහැණු ලමයෙක් ආවා…..නේද…………..

💮 ඒ දැරිවි අපේ ස්වර්නම්ත්තා මෙහෙණින් වහන්සේ ලඟින් තමා කමටහන් ගන්නේ………. හැබැයි දැන් කතා කරන්න බැරි වෙයි………….

ඔවුන්ට වන්දනා බැලීමට නොහැකි විය……………….

🌷🌿🌷🌿🌷🌿🌷

සය මසක් ගත වුනේ කිසිවෙකුටත් නොදෑනීය……………… වන්දනා අවසානයේ සියළු බැදීම් අත්හැර හීරස්ගල ධම්මදින්නා මෙහෙනින් වහන්සේ ලෙසින් උත්තරීතර මෙහෙණි සස්නට ඇතුළු වූවාය……………….

නිවේදිතා හා තාරක යලිත් ලන්ඩනය බලා ගොස් සිටියහ………

🌷🌷🌷🌷🌷🌷

නිවේදිතා යනු ධම්මදින්නා මෙහෙනින් වහන්සේගේ වැදූ මෑණියන් නොවූවත් ඇය පුංචිඅම්මාය……… එදා වන්දානා වෙනුවෙන් අැය කෙරේ උපන් දරු සෙනෙහස වෙනුවෙන් සුලක්ඛණා හටකල ශාපය ඇයට පත්තු වී තිබුණි…… නුවර එළියට යමින් සිටි රන්දයගේ වාහනය අනතුරකට ලක්ව එහි ගමන් ගත් ඔහුගේ කකුලට දැඩි අලාභහානි සිදුවී සදාකාලිකව රෝද පුටුවක ගත කරන්නට සිදුවිය…….. දුෂේරාත් ඇයට ලැබෙන්නට සිටි දරුවාත් මෙලොවින් සමු අරන් තිබුණි……………… රන්දය හිස් බැල්මෙන් බලා සිටියේ ඈතින් වඩින මෙහෙණින් වහන්සේලා දෙසය…….. දැන් ඔහුගේ මතකයද අහිමිව ගොසින් තිබුණි…….. කතා බහ කිරීමටද නොහැකිව සිටියේය….. ඔහුගේ රෝද පුටුව තල්ලු කරගෙන යමින් සිටි සුලක්ඛණා සිහිනෙනුදු නොසිතු ලෙස ඉදිරියෙන් වඩින පින්බර රුව ලඟ නෙත් නැවතිනි………..

💮 මෙ……….මෙහෙණි..න් වහන්…සේ………

ඇගේ මුවින් එසේ පිටවනවාත් සමගින් රන්දයගේ නෙත්ද ඒ දෙසට යොමු විය………….

❤️ ව…………………න්……………..ද……නා.

කාලෙකට පසු රන්දයගේ මුවින් පිටවුන පලමු වචනය…………….. සුලක්ඛණා මැණිකේ දිව ගොස් ධම්මදින්නා මෙහෙනින් වහන්සේ පාමුල වැඳ වැටුනාය………ඇගේ කුලගර්වය ආඩම්බරය සියල්ල සිදී බිදී ගොස් ඇත……….

💮 මට සමාවෙන්න මෙහෙනින් වහන්ස……………….. මට සමාවෙන්න……….

ඇය ධම්මදින්නා මෙහෙනින් වහන්සේගේ දෙපතුල් වැලඳගෙන හඬන්නට වූයේ පශ්චාත්තාපයෙනි…….. මෙහෙණින් වහන්සේ හිස් දෑසින් ඉදිරිය බලා සිටියාය……. රන්දය වන්දනා දෙස බලා අත් දෙක එකතු කරන්නට උත්සහ කලත් ඔහුගේ අත එසවුනේ නැත………. රන්දයගේ නැගණිය තිරුණි ඔහුගේ අත් අල්ලා එක් කලේය……… ඔහුගේ දෑස් කඳුලින් පිරී තිබුණි…………………..

🌹 නැගිටින්න……………

ධම්මදින්නා මෙහෙනින් වහන්සේ නිවී තැත්පත් වූ හඬින් පැවසුවාය…………..

💮අපි කරපු පව් වලට සමාවෙන්න අපිට සමාවෙන්න මෙහෙනින් වහන්ස………..

🌹 මං හැමදෙයක්ම අමතක කරල ඉන්නේ ගිහි බැදිම් ගැන මට ආශාවක් නෑ……….. තමන් කරන හොඳ නරක ගොනු පසුපස යන රිය සක වගේ අපි පස්සේ එනවා…….. තමන් කල වැරදි වලට සහනයක් ලැබෙන්න නම් මේ ආත්මෙදිම පින්කම් කරන්න……….. ධර්මයේ හැසිරෙන්න………… මට කියන්න තියෙන්නේ එච්චරයි…….. රන්දයව සනීප කරගන්න රිටිගල සෙනෙවිරත්න වෙද මහත්තයා ගාවට එක්ක යන්න…….. සුවපත් වේවා…………!!!!!!!

අරලිය මල් එකිනෙක වැටෙන පඩ්පෙල නගිමින් ඉහල අාරන්‍යයට වැඩම කරන මෙහෙනින් වහන්සේලාගේ පෝලිමට එතුමියද එකතුවූවාය………….

අරලියා නැත්නම් වන්දනා එහෙමත් නැත්තම් ධම්මදින්නා මෙහෙණින් වහන්සේ ඇත්තටම අරලිය මලක් බඳුය……. සිල්වත් ශාන්ත නිවී සැනසුන ලොවුතුරා සත්‍ය ගමන් මගෙහි ගමන් කරන ආර්ය ශ්‍රාවිකාවක් වීමට තරම් භාග්‍ය ලද එතුමිය ඉතින් සසර ගමන් මඟ කෙටි කරගන්නට ඇති………..

සිල් සුවඳ මල් සුවඳ
උසැති අතු අග පිපුණු
සොඳුරු අරලියා මල….
නිමල ඉමිහිරි සුවඳ දුන්නත්
බඹරු නොවසන
මලකි පින්බර……..
සසර ගමනේ දුර ගෙවාගෙන
බුදුන් අභියස සුසුදු අසුනක
පිපී පරවෙන
අරලියා මල……………

🌷🌷🌷 සමාප්තයි 🌷🌷

🌿❤️🌹🌿❤️🌹🌿❤️🌹🌿❤️🌹🌿❤️🌹🌿❤️🌹🌿❤️🌹🌿❤️🌹🌿❤️🌹

෴ මතු සබැඳියි ෴

🌺💚🌷🍃🌺💚🌷🍃🌺💚🌷🍃🌺💚🌷🍃🌺💚🌷🍃🌺💚🌷🍃🌺💚🌷🍃🌺💚

ලියන්නේ

෴ ත්‍රිලක්ෂණා වෛශාලි ෴

=================================

අරලියාගේ හදවතේ දුකාන්දරය සොයුරියකගේ සිතුවිලි වලින්…………

හිමි අහිමි දෑ අතර ඔබේ රුව සිහි වුනා…

මගේ වෙන්න ඕන කියා නුඹ හොරෙන් සැඟ වුනා…

සියලු දේ අහිමි වන ජීවිතය වැටහුනා…

මගේ දිවියත් අහිමි මට නුඹ කවුද සිහි වුනා…

ඔබේ සතුටම පතා මම ඔබෙන් වෙලා වෙලා…

අස්ථීර වූ දිවියෙන් පියවරක් පෙරමුනට තබා…

නික්ම යමි බැඳීමෙන් මම සාංසාරික සැනසුම සොයා…

මේ සුන්දර දුක්බර අදහස කාව්‍යමය සංකල්පනාව අපේ සදාදාරණිය සොයුරිය උමේෂා නංගිගෙන්……❤️❤️❤️

🌷❤️🌷❤️🌷❤️🌷❤️🌷❤️🌷❤️🌷❤️

ඔන්න ටිකක් ඉක්මනට කතාව ඉවර කලා……….. මේක ඔයාලා විතරක් නෙවේ මාත් හිතපු නැති නිමාවක්……… මගක් ලියාගෙන යනකොට මට හිතුනා මේ වගේ චරිතයක් ගොඩ නගන්න……..

ආර්ය මාර්ගයේ ගමන් කරන්නට තරම් වීර්යයක් තියන අපේ කාලයේ පටාචාරාවක් තමයි අරලියා චරිතෙන් ඉස්මතු වෙන්නේ………… අහසක් වගේ එන කරදර හිරිහැර සිත්රිදීම් රැවටීම් වලට පොළවක් වගේ නොසැලී සමසිතින් නුවණින් හා දිරියෙන් මුහුණ දීමට සෑම කාන්තාවක්ටම හැකිය………….

අප මීට වසර පන්දහසකටත් එහා මහා සක්විති රාවණ රජතුමාට විශ්වය දිනන්නට දිරිදුන් වීර කාන්තාව වන මන්දෝධරී පරපුරේ දියණියන්ය…. බුද්ධ කාලීන උත්පලවන්නා ඛේමා පටාචාරා පරපුරේ දියණියන්ය………

එතැනින් ගිය විට අනුලා විහාරමහාදේවි පරපුරේ දියණියන්ය…………… ජීවිතය නුවණින් ජයගන්නට අපිට ඒ ශක්තිය ජාන වලින්ම උරුමයි……..අපගේ රුධිරය තුල සැඟවී ඒ අභිමානය හා හැකියාව පවතී……

අවශ්‍ය වන්නේ ඉතා කුඩා වීර්යයක් පමණයි…………… ජීවිතේ කුඩා හැලහැප්පීම් දුක් දොම්නස් අහිමිවීම් වලට නුවණින් මුහුණ දීමට හැකි වේවා…………. මගේ එකම පැතුමයි……….

කතාවක් ඉවර වෙලා මං කියන්නේ ආයෙම කතාවක් ලියන්නේ නෑ කියලානේ…… ඒත් අද කියනවා මං සිහින පියාපත් හා හිම අසලියා මලෙන් පස්සේ ආයෙ කතාවක් ලියනවා………වෙනස්ම කතාවක්………… #සිහිනපියාපත් හා #හිමඅසලියා_මල යන කතා දෙකම ජාතීන් අතර සමගිය හා සංස්කෘතීන් අතර සමානාත්මතාවය විදහා දක්වනවා…….. ඒ හින්දා මං හිතනවා ඒ කතාවන් දෙකත් එක්කත් රැඳී ඉඳීවි කියලා…………

ඒ වගේම තමයි මං ලියන ඵෛතිහාසික වීර කාව්‍ය #රාක්ෂන්ධා කරුණු ටිකක් හොයාගන්නකම් අතරමඟ නැවැත්තුවත් නැවතත් දිගටම ලියනවා……….. රාවණ යුගයත් එක්ක සම්බන්ධ වුන කාන්තා වීරවරියක් ගැනයි එය ලියන්නේ……….

හැමෝටම රාක්ෂන්ධාගේ චරිතයට ආරෑඪ වී හෙල දීපය බේරාගන්නටත් විශ්වය ජයගන්නටත් හැකී ඒ කතාවෙන් ……. කැමති නම් ඇය සමගත් එකතු වෙන්න…………..

මලක්දෝනුඹ_අරලියා කතාවට හොඳ අවසානයක් ලැබුනද මන්දා…….හැබැයි මට ඒ කතාවෙදි අසෙනියට සාධාරණයක් කරන්න බැරි වුනා මට ඒක ගැන නම් දුකයි………… අනිත් අයට නම් හොඳ නරක දෙවිදිහටම සාධාරණය වුනා………….

කතාව ගැන අදහසත් කියාගෙනම යන්න……… මං කැමතී ඊලඟ කතාවට හොඳ පසුබිමක් හදාගන්න ඔයාලාගේ අදහසුත් ගන්න…….. පුළුවන් නම් පහතින් #comment එකකින් උදව් කරලා යන්න……….. හැමදාම වගේ මාව දිරිමත් කරන මේ මගේ සීමිත පාඨක පිරිසට මං හදවතින්ම ස්තූතිවන්ත වෙනවා……. හැමෝටම ආදරෙයි……… මේ මල් මිට මගෙන්