ප්‍රංශ අපරාධ පරීක්ෂණ නිලධාරීන් දෙදෙනෙක් අපිව මුණ ගැහෙන්න ආවෙ ඒ අතරෙම.

මිසිස් අතුරලිය දැන් කොහොමද ?

දැන් හොඳයි මට .. ස්තුතියි

අපි ආවේ විශේශ දෙයක් කියන්න. ආයේ කවදාවත් ඔයාලට ක්‍රෙසන්ට් ඩයමන්ඩ් වලින් කරදර වෙන්නෙ නෑ.

හොඳටම විශ්වාස ද? මම ඇහුවෙ සැකෙන්. මොකද මම දැනගෙන හිටියා මැරුණ කෙනෙක් වග පෙන්වන්නත් විජයට තිබුණු හැකියාව ගැන.

ඔවුන් අපිට චායාරූප වගයක් පෙන්නුව.

මිසිස් අතුරලිය ශොක් එකක් වෙයි. ඒ හින්ද බලන්න එපා ඔයා.

නෑ නෑ මට බලන්න ඕන.

චායාරූප මියගිය සේනක අතුරලියගේ.

තාත්ති? ඩියාශි එකපාරටම කිව්ව. නෑ. තාත්ති නෙවේ මේ.

කොහොමද හරියටම කියන්නෙ?

මේ මිනිහා මාව බිම්ගෙයි හිරකරෙත් එයා මගේ තාත්ති නෙවේ කියල අඳුනගත්තු නිසා. තාත්තිගෙ අතේ පිච්චුනු කැලලක් තියෙනව.

ඔබ හරි. මිස්ට සේනක අතුරලිය නෙවේ මේ. මේ තියෙන්නේ ඩී.එන්.ඒ රිපෝර්ට්. විජය අතුරලිය බව සනාථ කරා. ඒ කියන්නෙ ඔයාලා දැන් අනතුරින් නිදහස්. ඒ සිදු උනු හැමදේටම ප්‍රංශ රජය වෙනුවෙන් අපි සමාව ඉල්ලනව.


කලාගාරයේ නම රොඩ්‍රික් අතුරලිය සිහිවටන කලාගාරය ලෙස වෙනස් කරේ ප්‍රංශ රජය විසින්. ඔවුන් ඒ තරම් ගෞරවයක් සීයාට දැක්වුවා.

මිස්ට කුශින්ත් අතුරලිය. ඕනම වෙලාවක ඔයාලව ප්‍රංශයට සාදරයෙන් පිලිගන්නව. ඒ ගැන කිසිම සැකයක් තියාගන්න එපා. කලාගාරයේ කටයුතු ඒ කෙරීගෙන විදිහටම කරගෙන යන්න අපි උපරිම උත්සහය දරනව.

නම වෙනස් කර රජයට පැවරූ දවසේ පැමිණි ප්‍රංශ රජය නියෝජනය කල නිලධාරීන් කිව්වා.

සීයාගේ රහසිගත නිවස වගේම

අපි පුන්චි කාලෙ ජීවත් වෙච්ච නිවස අපි තියාගන්න තීරණය කලේ අපේ මතක පිරුණු තැනක් හින්ද.

අපි නැවත ලංකාවට ආවෙ ඒ හැමදෙනාගෙම සුභ පැතුම් මැද.

අපි මුලින්ම ගියේ ඩියාශිගෙ අම්මාව බලන්න. ඇය හරිම උපේක්ෂාවෙන් ඇගේ සැමියාගේ මරණය ගැන ආරංචිය දරාගත්ත. ඩියාශිට තියෙන්නේ ගොඩක් දුරට ඇගේ ගතිගුණ. ඇගේ දුක අපිට නොපෙන්වා ඉන්න තරම් ඇය ශක්තිමත් කාන්තාවක්.

වෙන්න තියෙන දේවල් වලක්වන්න කාටවත් බැහැ. මට දුකයි ඔහුට අවසන් ගෞරව දක්වන්න බැරි වෙච්ච එක ගැන. ඈ කීවෙ එහෙම.

ආපහු එන ගමන් මට දුරකතන ඇමතුමක් ආවෙ රවීන්ගෙන්.

සමීර.. කොහෙද ගෝතයො ඉන්නෙ.

ඩියාශිගෙ අම්ම බලන්න ගියා. දැන් මේ එන ගමන්.

උබලගෙ අම්මලා එක්කමද.

නෑ අම්මලා ගෙදර ගියා. මහන්සිනෙ බං. ඒ මිනිස්සුන්ට කරදරේ මං හින්ද.

එහෙනම් ඔහොමම ස්ටුඩියො එකට වරෙන්. කෙනෙක් ඇවිත් ඉන්නව උබව හම්බවෙන්න

කවුද ?

ඇවිල්ලම බලපන් ඉතින්. ඌ එහෙම කියල ෆෝන් එක තිබ්බ.

කුශ් අයියෙ මට ගීත්නා බලන්න ඕන.

එයා මාව මුණ ගැහෙන්න කැමති නෑ රෝස

මට ආසයි එයා එක්ක කතා කරන්න. එයා මගෙත් නංගි කෙනෙක් වෙනවනෙ හරියට බැලුවොත්

අපි බලමු

ස්ටුඩියෝ එකට ගියාම ඇවිත් හිටියෙ මම කොහෙත්ම බලාපොරොත්තු නොවුන කෙනෙක් .

ගීත්නා ඔයා?

කොහොමද සමීර.. එයා මගේ ඉස්සරහට ආවෙ හිනා වීගෙන.

හොඳින්.

මේ ඩියාශි අක්කි ද. එයා ඩියාශි දිහාත් බැලුව. ඔයාගේ රෝස. කෙල්ලො දෙන්නා එකිනෙකා වැලඳගත්තෙ මගේ හිතට සහනයක් එක් කරමින්.

මට සමාවෙන්න අක්කි. මම දැනගෙන හිටියෙ නැහැ

ඒවා අමතක කරන්න නංගි.

මායි සමීරයි වැරදි විදිහට වැරදි වෙලාවක මුණගැහුන දෙන්නෙක්. අන්තිමේදී මට හරි කෙනා මුණ ගැහුන. මං සතුටින් අක්කි. දැන් මට හිතේ මොනවත් නැතුව සමිරට අයියෙ කියල කතා කරන්න පුලුවන්

ඔයා සතුටින් නම් එච්චරයි වෙන්න ඕන.

මම ආවෙ ඔයාලා ලංකාවට ආව කියල දැනගත්තු හැටියෙම. තාත්ති වෙනුවෙන් ඔයාලගෙන් සමාව ඉල්ලනව මං.

ඒ කිසිදේකට ඔයා වැරදි නෑ නංගි. අපි කවුරුත් වැරදි නෑ.

මම යන්නම්. ඔයාලා ඕනම වෙලාවක අපේ ගෙදර එන්න හරිද? ගීත්නා සමුගත්තෙ එහෙම කියල.

ඉනුත් සතියකට පස්සෙ අපි විවාහ උනේ පුංචිම පුංචි උත්සවයක් අරගෙන. ලගම අයට විතරක් ආරාධනා කරල. වෙඩින් ඩ්‍රෙස් එක ඇඳල ෆොටෝ ගත්ත කවදහරි අපේ දරුවන්ට ඒව පෙන්වන්න ඕන හින්ද.

ඔයාට දුකයි ද ඩියාශි. ලොකුවට උත්සවයක් ගත්තෙ නැති එක ගැන. මම ඇහුවෙ ගොඩ වෙලාවක් මගෙ හිතේ තිබුනු ප්‍රශ්නෙ. එවෙලෙ අපි හිටියෙ විවාහ උත්සවය ඉවර වෙලා මුහුදු වෙරලට ඇවිත්.

ඩියාශි මගේ දිහා බැලුවෙ පුදුමයෙන්. ඇයි කුශ් අයියෙ ඔයා එහෙම අහන්නෙ?

වෙඩින් එකක් කියන්නෙ කෙල්ලෙක්ගෙ හීනයක්. මම ඒ හීනෙ ඔයාට නැති කලා කියල මට හිතෙනව

එයා මගේ අතින් අල්ලගත්තෙ මගේ දිහාම බලාගෙන.

ඒ වෙන කෙල්ලන්ගෙ හීනනෙ කුශ් අයියෙ. මගේ හීන වෙනස්. මට ඕන කලේ සරල ජීවිතයක්. ඒ වෙච්ච කිසිදෙයක් නොවී අපි දෙන්නා නිකම්ම ආදරේ කරා නම් මැරි කලා නම් ඒත් මම වෙඩින් එක ගන්නෙ මේ විදියටම තමයි. එයා කිව්වෙ හරිම විශ්වාසවන්ත විදිහට.

ඔව්. එයා වෙනස්. මුල ඉඳන්ම.

විවේක වෙලාවට මොකද කරන්නෙ?

මාලුන්ට කන්න දානවා කියපු හැටි මට මතක් උනා.

ඒ උත්තරෙත් එක්ක මගේ හිතට දැනුනෙ ලොකු සැහැල්ලුවක්.

මොන ප්‍රශ්නෙ ආවත් මරණයෙන් මිසක් ආයෙ මොනම හේතුවකට වත් වෙන් නොවෙන්න හිතාගෙන මම එයාගෙ අතින් අල්ලගත්තා.