18වෙනි කොටස🦋

මිහානා බබා ඇයි ඔයා එක පැත්තක් ගන්නේ….අනික එයාමයි මුලින්ම රංඩුව පටන් ගත්තේ ….”

“මොකුත් කියන්න එපා…”.මන් එහෙම කිව්වේ ආදී කියන්න ගිය දේවත් කියන්න ඉඩ නොදී.

“මොකුත් කියන්න එපා එක වචනයක් …ඔයාමයි රංඩුව පටන් ගත්තේ….ඔයා හිතන්නේ මගෙ ගෙටම ඇවිත් මගෙ යාලුවටම ගහන්න පුලුවන් කියලද…”ගිහාන් ඇවිත් මගේ උරහිසෙන් අත තිබ්බේ මාව සන්සුන් කරන්න.ආදිගේ දෑස් ගියේ ගිහාන් මගේ උරහිසෙන් අල්ලගෙන ඉන්න අත දිහාට.ආදී දිග හුස්මක් අරගෙන අහක බලාගත්තේ වේදනාවෙන්.

“මට සමාවෙන්න බබා…මට එයත් එක්ක රංඩු වෙන්න ඕන වුනේ නෑ.මට ඕන වුනේ මේ හැමදේම ඔයාට පැහැදිලි කරන්න ඒත් එයා මට ඒකට ඉඩ දෙන්නේ නෑ බබා.”මට ආදී කියන ඒවා ඇහුනේ පිස්සුවක් විදිහට.ඒක නිසාම මගේ මූනේ ඇදුනේ උමතු හිනාවක්.

“මට පැහැදිලි කරන්න …මට පැහැදිලි කරන්න් ඔයා පරක්කු වැඩියි කියලා හිතෙන්නේ නැද්ද….”ආදී ඔලුව වනලා මන් ගාවට එන්න ආවත් මන් අඩියක් පස්සට ගිහින් අතක් ඉස්සුවේ ආදීට එන්න එපා කියන්න.

“තාමත් පරක්කු නෑ මිහානා ප්ලීස් මන් කියන දේ අහන්න.”

“නෑ මට මොකුත් අහන්න ඕන නෑ කරුනාකරලා ත/මු/සෙ මේ ගෙදරින් දැන්ම යනවා.”මන් එහෙම කියලා දොර වහන්න හැදුවත් ආදී අතෙන් දොර අල්ලගත්තේ මට වහන්න බැරිවෙන්න.

“මිහාන මන් කියන දේ එක පාරක් අහන්න ඒක මගේ වැරැද්දක් නෙවේ.මම…”මන් පිටිපස්ස හැරුනේ ගිහාන් අයියගේ සුසුම් හඩ මට ඇහෙද්දි.මන් දැක්කේ ගිහාන් අයියගේ නහයෙන් ලේ***ගලනවා…මට ඒක කලින් ගානක් නොවුනේ ආදී ගැන තරහෙන් හිටපු නිසා.

“බලනවා ත/මු/සේ කරපු දේ ඔයාට පේනවද එයාගේ වේදනාව…”මන් ඇහුවේ ආදී දිහාම බලාගෙන.

“මිහානා එයාට විතරක් නෙවේ වේදනාව මටත් වේදනාවයි.”ආදී එහෙම කිව්වේ කලුවෙලා තියෙන එයාගේ ඇහැ මට පෙන්නලා.ආදීට තමන් කරපු දේ ගැන පසුතැවීමක්වත් නෑ.ඒ වෙනුවට එයා මට එයාගේ කලුවෙලා තියෙන ඇහැ පෙන්නනවා.ආදීගේ මූනේ තියෙන එකම තු/වා/ලේ ඒක ඒත් ගිහාන්….

“මිහානා මම …”ගිහාන් යමක් කියන්න හැදුවත් ගිහාන්ටට මොකුත් කියන්න බැරිවුනේ ගතෙන් දැනෙන වේදනාව නිසා.මන් කේන්තියෙන් ආදීව තල්ලු කරලා දැම්මේ ආදී තල්ලු වෙලා ගිහින් බිම වැටෙද්දි .

“මන් කියන දේ අහන්න.ඔයා මගේ ජීවිතේට ඇවිත් කරන බොරු පැහැදිලි කිරීම් මට අහන්න ඕන නෑ අනික එහෙම අහන්න් කියන්න ඔයාට බෑ.අනික අවුරුදු පහකට පස්සේ ඔයාට මගේ ජීවිතේට එන්න දෙන්න බැහැ.අනික ඔයා ඔය මට කියන්න හදන බොරුව කියන්නේ මන් සමාව දෙයි කියලනම් ඒක කවදාවත් වෙන්නේ නෑ.”ආදී නැගිටලා මන් ගාවට ආවේ ඇස් දෙකේ කදුලු පුරවගෙන මන් ඒවා දැක්කත් ගනන් නොගත්තේ ඒවත් ආදීගෙ බොරු මවාපෑමක්ම නිසා.

“මන් දන්නවා මන් ඔයාව දාලා ගියා කියලා…”

“දාලා ගියා නෙමෙ…ඔයා ඔයාගේ වගකීම අතැරියා ආදී “

“මිහානා මට ඔයාව තේරෙනවා.”මන් ඔලුව වැනුවේ එහෙම නෙවේ කියන්න.

“නෑ ඔයාට කිසිම දෙයක් තේරෙන්නෙ නෑ ආදී ඔයා දන්නවද මගේ තාත්තා මාව පවුලෙන් අයින් කරපුවම දැනෙන වේදනාව මොකක්ද කියලා ඒක ඔයාට තේරෙන්නේ නෑ.”මන් එහෙම කියද්දි ආදී මන් දිහා බැලුවේ පුදුමෙන් ඇස් ලොකු කරගෙන.

“තාත්තා ඔයාව ගෙදරින් එලියට දැම්මා…”මගේ මූනෙ ඇදුනේ හිනාවක්.

“මන් ආරුව හම්බෙන්න ඉද්දි වින්ද වේදනාව ….කියනවා ඒ වේදනාව බෙදාගන්න තමන්ගේ සැමියා තමන් ගාව ඉන්න ඕන කියලා.ඒත් ඒ වෙලාවේ මන් ගාව හිටියේ ගිහාන් විතරයි.මන් එච්චර වේදනාවක් විදිද්දි ඔයා කොහෙද හිටියේ…”

“මට සමාවෙන්න මිහානා…”

“සමාවෙන්න ඒ වචනේ කියපුවම මේ අවුරුදු පහටම වෙච්ච දේවල් වෙනස් වෙනවද…යන්න…ඔයා අවුරුදු පහකට කලින් මාව දාලා ගියා වගේ යන්න.ආයෙමත් ඔයාගේ ඔය මූන මගේ ඉස්සරහට පේන්න එන්න එපා.”ආදී මාව මැරි කරනවා කියලා මන් කොච්චර විශ්වාසෙන්ද හිටියේ.ඒ විශ්වාසේ නිසාම මන් තාත්තා ඉස්සරහා අර විදිහට කියෙව්වේ..මන් ගෙදරින් යන්න ගියෙත් ආදී මට ඉන්නවා කියන විශ්වාසෙන්.ඒත් එදා මන් මෝඩවුනා ඇයි මන් එච්චර මෝඩ වුනේ…ඇයි මන් ආදීව එච්චර විශ්වාස කරේ ..

“ඔයා මගේ ගෙදරටම ඇවිත් මගේ යාලුවටම ගැහුවද….ඇයි ඒ…ඔයා ඔප්පු කරන්න හැදුවේ මොකක්ද…ඔයා සුපර් හීරෝ කෙනෙක් කියලද…”මන් අහන දේවල් වලට ආදී හිටියේ මොකුත් නොකියා.

“ගිහාන් හිටියේ නැත්තම් අද මට මෙහෙම ඉන්න බෑ.එයා නැත්තම් මන් මැ/රි/ලා ගොඩක් කල්.ගිහාන් මන් වෙනුවෙන් ගොඩක් දේවල් කරා.ඒක නිසාම මට ගිහාන් ගැන තියෙන්නෙ ගොඩක් ලොකු ගෞරවයක් .ඒක නිසාම ඔයාට මගේ ගෙදරට ඇවිත් ගිහාන්ට අපහාස කරන්න දෙන්න බෑ.

“මිහානා මට පැහැදිලි කරන්න එක චාන්ස් එකක් දෙන්න.මම මගේ වගකීම් වලින් පැනලා ගියේ නෑ.මන් දිවුරනවා.”

“ඔයා ගියෙ ඇයි කියලා මට ප්‍රශ්නයක් නෑ.මගේ හිතේ ඔයා ගැන ඉඩක් නැති හින්දා ඔය බොරු කියන එක නවත්තන්න.”

“එහෙම කරන්න එපා මිහානා..”

“ඔයාගේ කටින් මගේ නම කියනවටවත් මන් කැමති නෑ.ඔයා ඔයාගේ ජීවිතේ එක්ක ඉස්සරහට යන්න.මොකද මන් මගේ ජීවිතේ ඉස්සරහට අරන් ගිහින් තියෙන්නේ.අනික දැන් මට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා.”මන් එහෙම කියනවත් එක්කම ආදී දෑස් ලොකු කරගෙන බලාගෙන හිටියේ මන් දිහා.ආදීගේ දෑස් ඊලගට නතර වුනේ ගිහාන් ලග.

“එයාද…”ආදී එහෙම අහනවත් එක්කම මන් හැරිලා බැලුවේ තමන්ගේ නහය පිහින ගිහාන් දිහා.මන් එයාව මේකට ගාවගන්න හිතුවේ නෑ.ඒත් ආදීගේ කටින්ම ඒක කියපු නිසා මන් එයාව මේකට ගාවගන්නම්.මොනවා වුනත් ගිහාන් තමයි මේ වෙලාවේ මට උදව් කරන්න ඉන්න එකම කෙනා.

“ඔව්”මන් එහෙම කිව්වේ ගිහාන්ගේ බද වටා අත දාගෙන.”එයා තමයි මගේ බෝයිෆ්‍රෙන්ඩ් .ආයෙ කවදාවත් මෙහෙට ඇවිත් අපිට කරදර කරන්න එපා.”මන් කියපු දේට ආදීගේ මූනේ ඇදුනේ හිනාවක්.

“ඔයා ඔය බොරු කියන්නේ…මගෙන් ඈත් වෙන්න.”

“නෑ මන් මේ වගේ දේවල් ගැන බොරු කියන්නේ නෑ.”

“මන් දන්නවා ඔයා ඔය කියන්නේ බොරු “ආදී කිව්වේ හිනාවෙලා.

“ඔයාට සාක්ශි ඕනද…”ආදී යමක් කියන්න කලින් මන් ගිහාන්ගේ ලගට ලංවෙලා ඒ දෙතොල් සිපගත්තේ ගිහානුත් මගේ ඒ පහසට නතුවෙද්දි.මන් ගිහාන්ගේ දෙතොල් වලින් මිදිලා හිනාවෙලා බැලුවේ ආදී දිහා.මන් ඒ කරපු දේ නිසාම ආදී හිටියේ ශොක් වෙලා වගේ.ඒ ඇස්වල තියෙන වේදනාව මන් හොදටම දැක්කා.මන් දොර වැහුවත් ඉස්සරලා වගේ ආදී දොර අල්ලගත්තේ නෑ.මන් කෑම මේසේ ගාවට ගිහින් ගිහාන්ව වාඩි කරලා අරන් ආවේ ෆස්ටේඩ් බොක්ස් එක.

“ගිහාන් මට සමාවෙන්න.”මන් කිව්වේ සර්ජිකල් ටිකක් අරගෙන් තුවාලේ තිබුන තැන් වලින් තවරද්දි .

“ඒක ඔයාගේ වැරැද්දක් නෙවේ මිහානා.”

“ඔයා මගේ බෝයිෆ්‍රෙන්ඩ් කියලා කිව්වට මට සමාවෙන්න.ආදීව මගෙන් ඈත් කරන්න මට එහෙම කරන්න වුනා.”

ආදී මට තේරේන්නේ නෑ ඇයි ආදි ආපහු මගේ ජීවිතේට ආවේ කියලා.අනික ආදී ආපහු ආවේ ඇයි ඒ මොකටද…මට දැනුනේ මගෙ කම්බුල් දෙක දිගේ කදුලු බේරෙනවා.මන් ඉක්මනට කදුලු පිහදගෙන හැරුනේ ගිහාන් දිහාට.

🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡

💫මතු සම්බන්ධයි