“මොනවද චේතනා මේ මහ රෑ මෙතනට වෙලා කරන්නෙ?…”
තේනුක එහෙම අහගෙන ඉස්තෝප්පුවට එද්දි චේතනා එකපාරටම බය වෙලා ගැස්සිලා වගේ පුටුවෙන් නැගිට්ටා.
“මොකද මේ බය උනේ?ඒ තරමට මොනවද කල්පනා කරේ?…”
තේනුක පුදුමෙන් වගේ එහෙම අහගෙන ඉස්තෝප්පු කෑල්ලෙ කණුවට හේත්තු වෙලා අහසෙ තරු දිහා බලාගෙන හිටියා.රාත්‍රී අහසෙ සඳ පායලා හරිම ලස්සනයි.සඳ රැස් හෙමින් සීරුවෙ මිදුලට ගලාගෙන ඇවිත් මුළු මිදුලම එලිය වැටිලා.ඒ මේ අත ඉගිලෙන කණාමැදිරියන්ගෙ එලියත්,බයංකර හඬින් කෑ ගසන සතුන්ගේ හඬවලුත් සමඟින් ග/ත/ට දැනුනු සීතලට ඇ/ඟේ හිරිගඩුත් පිපුනා.
“කල්පනා කරන්න දේවල්ද නැත්තෙ මහත්තයා…”
චේතනා තේනුක ළඟින් වාඩි වෙලා අහස දිහා බලන් හිටියා.ගෙවී යන සෑම තප්පරයක් තප්පරයක් ගානෙම ඇය හදවතින් වැලපී හූල්ලමිනුයි ජීවත් වන්නෙ.මාස දෙකක් වැනි කාලයක් ගෙවී ගියත් ආරණ්‍යා තවමත් චේතනාව තම මව ලෙස පිළිගන්නෙ නැහැ. ඇගේ ලෝකයේ තවමත් අම්මා ලෙස දැනෙන්නෙ මනුලි යි.
“දුව අදත් නිදාගත්තෙ අඬලාද?…”
“ඒක ඉතින් හැමදාම සිද්ද වෙන දේනෙ.මං කොච්චර උත්සහ කරත් දරුවට හොඳ අම්මා කෙනෙක් වෙන්න දරුවා මාව එයාගෙ අම්මා විදියට පිළිගන්නෑ මහත්තයා.එයා තාමත් හොයන්නෙ මනුලිව.වෙලාවකට මට පි/ස්/සු වගේ…”
“අපි ගෙට යමු චේතනා.මෙතන ගොඩක් සීතලයි…”
තේනුක දොර වහලා චේතනා එක්ක කාමරේට ආවා.ආරණ්‍යාට හොඳටම නින්ද ගිහින්.නිදාගෙන ඉන්නැද්දි විතරයි ඇය නිශ්ෂබ්දව ඉන්නෙ.අනික් හැම වෙලාවකම ඇය අම්මා ඕනි කියලා අඬනවා.
“මට ඕනි දෙයක් වෙච්චාවෙ කියලා හිතලා ඔයාට එදා අම්මගෙ පැත්ත නොගෙන ඉන්න තිබුනෙ චේතනා.මගෙ ජීවිතේ බේරගන්න කියලා හිතාගෙන ඔයා අම්මගෙ පැත්ත අරගෙනත් අද සිද්ද වෙලා තියන දේ පේනවනෙ?මං හිරේ ගිය එක අමතක කරන්නකො.අපේ දරුවා දිහා බලන්න.එයා අද ඉන්නෙ ගොඩක් දුකෙන්.අපි ඉන්නෙත් දුකෙන්.ඒ හැම දුකක්ම ඇති උනේ ඔයාගෙ අම්මා නිසා…”
“ඔයා එහෙම කිව්වා කියලා මං කොහොමද දෙයියනේ ඔයාගෙ ජීවිතේට අනතුරක් වෙනවා බලාගෙන ඉන්නෙ?මට ගොඩක් බය හිතුනා එදා.ඒකයි වැරදියි කියලා දැන දැනත් මං අම්මගෙ පැත්ත ගත්තෙ…”
තේනුක චේතනාගෙ කඳුලු පිහදාලා ඇයව තම ප/පු/ව/ට වාරු කරගත්තා.දැන දැනත් ඇය වැරදි පැත්තෙ තමාගෙ ජීවිතේ බේර ගන්න කියලා ඔහු දන්නවා.කේන්ති අරන් තමා ඇයට කෙතරම් බැන වැදුනත් සියලුම වැරදි ඇගේ කරපිට පැටවූවත් නිසි ආකාරයෙන් බලනා කල ඇය කල දේ වැරැද්දක් කීමට පුලුවන් කමක් නැත.
ඇය කරේ ඇගේ මවගෙන් තමාගේ ජීවිතය බේරා ගැනීමයි.ඒ සඳහා ඇය වැරදි මාර්ගය තෝරාගෙන නිවැරදි මාර්ගය අයින් කරාය. ඇය තමාට එදා තරම්ම අදටත් ආදරෙයි.අද වන විට මෙවැනි දුක්බර දිවියක් උදා වූයේ ඇගේම මවගේ වැරදි නිසාය.
“අපි මේ කරේ වැරැද්දක්ද මහත්තයා?…”
බොහෝ වෙලාවකට පසු චේතනා තේනුකගෙන් එහෙම ඇහුවා.
“ඒ කිව්වෙ චේතනා?…”
“අපේ දුව ලෙඩෙක්.එයාට අඬලා මහන්සි වෙන්න දෙන්න හොඳ නෑ කියලා ඩොක්ටර්ලාත් කිව්වා.ඒ බව දැන දැනත් අපි,,,,,,,,
ඉතිරිය කියන්න නොදී තේනුක චේතනාගෙ මුවට ඇඟිල්ලක් තබා ඇයව නිහඬ කරා.
“මං දන්නවා චේතනා ඔයා කියන්න හදන දේ. ඔය දේ මටත් නොහිතුනාම නෙවෙයි.අපි දුවට ඇත්තටම ආදරෙයි නම් කරන්න ඕනි එයාව සතුටින් තියන එක.එයාගෙ සතුටයි අපි එයාට දෙන්න ඕනි.ඒ උනත් දුවගෙ හිත හැදෙන්න තව කල් තියනවා.මාසයක් උනා විතරයිනෙ තව…”
“ඇමතිතුමා ඔයාට කතා කරාද?…”
“නෑ චේතනා.මං ෆෝන් එකේ සිම් දෙක මාරු කරා.මනුලි අපි ගැන ඉන්නෙ ගොඩක් කේන්තියෙන්.අපෙන් කවදාහරි ප / ලි ගන්නවා කියලත් එයා එදා කිව්වනෙ.ඒ නිසා මාලකට කතා කරලා ඒක මනුලිට අහු වෙලා අපිට තවත් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙයි…”
“අපි හෙට දුවව එක්කරගෙන කොහෙ හරි ඇවිදින්න යමුද?වැඩිය සෙනඟ නැති පැත්තකට.ගෙදරම ඉඳලා එයාට පාළුත් ඇතිනෙ…”
“හ්ම්ම්.සත්තු වත්ත බලන්න යමුද?…”
“ඒක හොඳයි.දුවත් ආස වෙයි ඒකට නම්…”
“කොහෙද ඔය යන්නෙ?…”
“ඇඳුම් ටික ලෑස්ති කරගන්න.ගොඩක් දුරයිනෙ එහෙට…”
“දවස් හතරක් පහක් ඉන්න නෙවෙයි යන්නෙ…”
තේනුක චේතනාව බදාගෙන ඇගේ උරහිසෙන් නිකට තියාගෙන ගෙල සි / ප ගත්තා.එකපාරටම කරන්ට් වැදුනා වගේ චේතනා ගැස්සිලා වගේ තේනුක දිහා බැලුවා. ඒ ස්පර්ශය ඇගේ සි රු ර ට එක්වරම නුහුරු නුපුරුදු ගතියක් දැනුනා.
ඔහු තමාව මේ අයුරින් සි/ප ගත්තෙ අවුරුදු පහයි මාස කීපයකට පසුවයි.ඒ දෙනෙත් වල අමුතු ආකර්ෂණයක් ඇය දුටුවා.දියණියගේ උපතින් පසුව ඔහුත් තමාත් එක් වහලක් යටට ඇවිත් තවම වසරක් ගත වී නැත.ඒ මාස කීපයේදි ඔහුත් තමාගේ අතරෙ කිසිම බැඳීමක් හටගෙන නැත.එක් වහලක් යට එක් සයනයක දිවි ගෙව්වේ ඔවුන් පිටස්තරයින් මෙනි.
ඔහු තමාව පිළිකුල් කරේ කුණු ගොඩක් මෙනි.කිසිඳු දිනෙක ඔහු තමාගේ ප්‍රේමය වටහා ගත්තේ නැත.තමා නිවැරදි බවද ඔහු තේරුම් ගත්තේ නැත.ඔහුගෙන් තමාට ලැබෙන ඇනුම්,බැනුම්,රැවිලි,ගෙරවිලි වල නම් කිසිදාක අඩුවක් නැත.
ඉතින් ඔහු තමාව මේ අයුරින් සි/ප ගැන්ම ඇයට මහත් පුදුමයකි.තමා නිවැරදි බව ඔහු තේරුම් ගෙන ඔහු තමාට සමාව දුන්නාද?……. ඇය කල්පනා කරා.
“ඇයි?…”
චේතනාගේ නිශ්ෂබ්දව බව බිඳ තේනුක හඬ අවදි කරා.
“නි…. ක…. න්…”
ඇය බිම බලාගත්තා.තේනුක මනමාල සිනහවක් මුව තවරාගෙන ඇගේ බඳ වටා දෑත් යවමින් ඇයව තම තුරුලට ගෙන බිත්තියට හේත්තු කරගත්තා.
“මොකෝ මේ ඇස් ලොකු කරගෙන?බය උනාද ම්ම්?…”
“මහ…. ත්ත….යා…. ඔයා මේ… මොනවද….. කරන්න…හදන්නෙ?…”
චේතනා ගොත ගසමින් ඇහුවා.තේනුකගෙ මේ ක්ෂණික වෙනස්වීම ඇගේ සිතට ගෙන ආවේ මහත් පුදුමයක්.
“මැණිකව ආයෙමත් මගේම කරගන්න හදන්නෙ.ඇයි කැමති නැද්ද ම්ම්?…”
තේනුක මහත්තයට මොනවා වෙලාද මේ?මැරෙන තුරාවටම මට ආදරේ කරන්නෑ කියලා දිවුරලා පොරොන්දු වෙච්චි මනුස්සයා ඒ පොරොන්දුව දීලා අවුරුද්දක් ගියෙ නැහැ. මං මේ දකින්නෙ හීනයක්වත්ද?නැත්නම් මාව රවට්ටන්නවත් හදනවද?
“හිතාගන්න බැහැ නේද?…”
වෙනදාට ගහගන්න වගේ මාත් කතා කරන මනුස්සයා අද කතා කරන්නෙ හදවතේ ආදරය පිරුනු සැබෑම අවංක ප්‍රේමවන්තයෙක් වගේ.මූණ පුරා මනමාල කම උතුරනවා.ඇස් දෙක රා ග යෙ න් ම ත් වෙලා.
“බැ…. හැ…”
“මං ත/මු/සෙ/ට ගොඩක් ආදරෙයි චේතනා. මේ ඇත්තමයි.පහුගිය කාලෙ මං ඔයාට ගොඩක් දුක් දුන්නා.ගොඩක් වෙනස්කම් කරා.මං ඒ හැම දෙයක්ම කරේ ඔයාගෙ අම්මා අපේ දරුවව වි/කු/ණ/පු දුකට වේදනාවට.ඔයා වරදක් කරේ නෑ චේතනා. ඔයා එදා අම්මගෙ පැත්ත ගත්තෙ මගෙ ජීවිතේ බේරගන්න.මාව විශ්වාස නැහැ වගේද?…”
“විශ්වාසයි….. මහත්තයා…”
“එහෙනම් කෙලින්ම මගෙ ඇස් දිහා බලනවා…”
මං ඇස් දෙක උස්සලා එයාගෙ මූණ දිහා බැලුවා.වෙනදාට තරහෙන් කේන්තියෙන් පිරිච්ච එයාගෙ මූණ අද මනමාලකමින් උතුරනවා.ප/පු/ව/ට මොකක්දෝ උනා. හිතාගන්න බැහැ මොනවා වීගෙන එනවද එනවා.
මගෙ හිතට හරිම අමුත්තක් දැනීගෙන ආවා. ඇත්තටම තේනුක මහත්තයා මෙහෙම හැසිරෙන්නෙ මාව තේරුම් අරගෙනද?ඇත්තටම එයා මට ආදරේ කරනවද?
මට හිතෙනවා එයාව කවුරු හරි බලෙන් මට ලංකරන්න හදනවා කියලා.එයා මට මේ ලං වෙන්න හදන්නෙ එයාගෙ සම්පූර්ණ කැමැත්තෙන් නෙවෙයි කියලා මගෙ යටි හිත කියනවා.
කමක් නෑ.මට ඕනි උනෙත් එයත් එක්ක ආදරෙන් සතුටින් ඉන්නනෙ.එයාගෙ මේ වෙනස්වීම කාලයක් තිස්සෙ මං ප්‍රාර්ථනා කරපු දේනෙ.එයාගෙ කැමැත්තට මං ඉඩ දෙනවා කියලා හිතාගත්තා.
“මාත් ඔයාට ගොඩාක් ආදරෙයි මහත්තයා…”
එයාගෙ රැව්ල් කොට පිරුනු කම්මුල් පුරාම මං ආදරණීය හා/දු සටහන් කරා.විටින් විටේ එයාගෙ මූණෙ තිබ්බ හැඟීම් වෙනස් වෙන හැටි මට හොඳට පෙනුනා.ඒ ඇයි කියලා මං ඇහුවෙ නැහැ.මේ ආදරණීය සොඳුරු මොහොතෙන් මිදෙන්න මට කොහොමටත් බැහැ.
මතු සම්බන්දයි.❤️