-11 කොටස-
“ඔව් සර්…. ඇවිත් ඉන්නෙ…”
“එහෙනම් හොද ලමයා වගේ… මගෙ ටේබල් එක උඩ ඇති මිස්ට පෙරේරගේ ඩීල් එකේ ෆයිල් එක… අද දහයට මිස්ටර් පෙරේරා එයි….ඔයා ඒකේ වැඩ ටික කරගන්න…..මං අද එන්නෙ නැහැ… ok…”
“Ok sir i can manage it”
“Good girl…”
නිශාදි ශටර් එකෙන් එලිය බලං හිටියට සම්පුර්ණ අවධානෙ තිබුනෙ කෝල් එකට
“ඇයි රශ්මිව එක්ක යන් නැත්තෙ.. මං නිසාද “
නිශාදි ඇහැවෙ සෑහෙන වෙලාවක් හිතලා බලලා..
“ඒකද දැවෙන ප්‍රශ්නෙ දැන්… මේ කම්පැනි එකේ බොස් මං.. ඉතින් මට ඕනි දේ මං කරන්නෙ.. කාටවත් බෑ ඒව ප්‍රශ්න කරන්න… ඔයාටවත්.. හරිද..”
“හරි ඉතින් මට කමක් නෑ… “
හිමංස අද නිශාදි දිහා නිකමටවත් බලන්නෙ නැතුව ඩ්‍රයිව් කරන්නෙ..ඒ වුනාට. නිශාදි ඉන්නෙ මේ ලෝකෙ නෙවෙයි කියලා හිමංසට තේරෙනවා
“මොකද අද නිකම් අහසෙ තරු ගැනගන්න බැරි උනු ගැලීලියෝ වගේ දහ අතේ කල්පනා කරන්නෙ..”
“මොකක්.. කවුද ගැලීලියෝ කියන්නෙ…”
“අපෙ සීයා.. ඇයි දන් නැද්ද…”
“මං කොහොමද දන්නෙ…ඉතිං ඔයාලාගෙ සීයා මොකටද තරු ගනන් කරන්නෙ…”
නිශාදි ඇස් ලොකු කරන් අහද්දි තමයි හිමංසට තේරුනේ බයිට් වෙන්න යන්නෙ තමන්මයි කියලා .
“මේ මගෙන් මොකුත් අහගන් නැතුව කියනවද ප්‍රශ්නෙ මොකද්ද කියලා..”
“එහෙමට ප්‍රශ්නයක් නැහැ..මේ..”
නිශාදි කල්පනා කලේ අහනවද නැද්ද කියලා.. මොකට හිතේ තියාගෙන දුක් විදිනවද.. ඔහෙ අහලා දානාවා.
“හිමංස.. මං අහන දේට ඇත්තම කියනවද “
“මං මොකටද බොරු කියන්නෙ හලෝ…ඔයාට බොරු කියලා මං මොනවා ගන්නද.”
“ඔයා රශ්මි අදුනන්නෙ ගොඩක් කල් ඉදලද..”
“ම්ම්ම්.ඔව් දැන් අවුරුදු තුනක් විතර…”
“එතකොට ඔයාලාගෙ සම්බන්දෙටත් එච්චර කාලයක් ඇති නේද..”
“ඔව්..”
“දැන් එයාලාගෙ ගෙදරින් කැමතිද ඕකට..”
“නැතුව.. එයාලා මොකට අකමැති වෙන්නද…”
“ඔයාට රශ්මිව ඕනෙමද.. “
ඒක අහනකොට නම් කෙල්ලගෙ කටහඩ හොදටම අප්සෙට් ගිහින්
“නැතිව… මං කොහොමද රශ්මි නැතිව මගෙ වැඩ කරගන්නෙ..එයා ඉන්න හින්දනෙ මං බය නැතුව ඔෆිස් එකෙන් එලියට බහින්නෙ..”
“එච්චරටම වටිනවද එයාව…”
“නැත්නම්..එයා වගේ talent girl කෙනෙක් මං කොහෙන් හොයන්නද… එයාට ජොබ් එකෙන් අයින් වෙන්න නම් කීයටවත් ඉඩ දෙන් නැහැ…”
නිශාදි ඉස්සරහ බලාගෙන කල්පනා කරනවා..
“දැන් ප්‍රශ්න ඉවරද තමුන්ගෙ…”
“හ්ම්….ඔයාට හීනෙන් පේන්නෙත් රශ්මිනේ… එහෙම එකේ තමුසෙ මොකටද අහක හිටපු මාව බැදගත්තෙ. “
සිහින් හඩකින් පටං ගත්තු නිශාදිගෙ වොයිස් එක…. එකපාරටම ලවුඩ් ස්පීකරයක් වගේ උනා..
හිමංස ට හිනාව නවත්තගන්න බෑ….
“මට හීනෙන් රශ්මිව පේනව කියල ඔයා කොහොමද දන්නෙ…”
“ඇයි උදේ පාන්දර කියෙව්වෙ හීනෙන්… අපි ඈතට ඈතට පා නගලා ….”
“ඔහ්.. ඔයාට ඇහුනද ඒක…”
නිශාදිගෙ මූණ ඇඹුල් වෙලා තියෙන හැටි දැක්කම හිමංසට තවත් නිශාදිව අන්දවන්න හිතුන් නැහැ…
“තමුසෙ නම් මෝඩියෙක් නිශාදි… උදේ මං කරන්නෙ රගපෑමක් කියලා ඔය මොලේට තේරුන් නැද්ද….හ්හ්හ්හ්හාහා…… චුට්ට්ලා හොදයිනේ… ඒ ඩබල අන්දවන එක ලේසි නෑ…රශ්මි මැරි කරලා බබාලා දෙන්නෙකුත් ඉන්නවා… මට එයා වැදගත් මගෙ සේවකයෙක් විදිහට…”
නිශාදිගෙ සුදු මූණ රතු වෙන හැටි හිමංසට හොදට බලාගන්න බැරි උනේ ඩ්‍රයිව් කරන නිසා..
ඒ පාර නිශාදි සද්දයක් නැහැ…හිමංස හිතුවෙ නිශාදි ඒක ඇහැවම ගොඩක් සතුටු වේවි කියලා..
“නිශාදි .. ඇයි ලමයො.. කීවනෙ ජෝක් කියලා…”
කදුලින් පිරුනු නිශාදිගෙ ඇස් දෙක හිමංස දිහාට යොමු උනා…ඒක දැක්කම හිමංසගෙ හිත ගැස්සුණා…
“නිශාදි ඇයි මේ…”
හිමංස බ්‍රේක් එක පෑගුවා…
“නිශාදි… කියනවා. ඇයි මේ.. මාව පිස්සෙක් නොකර කියනවා….”
පිටි පස්සෙන් ආපු වාහන හෝන් කරනවා හෝ ගාලා…නිශාදිගෙ කදුලු දකින්න මොන දේ උනත් කොල්ල කැමති නැහැ…
“ඔයාට මාව එච්චරටම විහිලුවක් උනාද හිමංස….”
නිශාදිගෙ කටහඩ බිදිලා ගිහින් තිබුනෙ… ලොකු දුකක් ඒ වදන් වල තැවරිලා…
හිමංස කාර් එක ස්ටාර්ට් කලා..
පිටිපස්සෙ වාහන වල රියදුරු මහත්වරු හොදට දෙහි කපනවා ඇති..මේකි මාව පිස්සු වට්ටනවා දවසක… ඔව්…. මේ නිල් ඇස් දෙක ඇයි මට මෙච්චර වද දෙන්නෙ….. ඇයි මේ ආදරේ මෙච්චර වේදනා දෙන්නෙ…
නිශාදිව කසාද බදිද්දි… මට තිබුනෙ එයාව අයිතිකරගන්න උවමනාවක් විතරයි..ඒත් අද ..මං ඇත්තටම එයාට ආදරේ කරනවා…මේ බැදීම මෙච්චර දුකක් දෙන්නෙ ඇයි මට…
හිමංස සයිට් එකෙන් වාහනේ නතර කලා… නිශාදිත් බැහැලා ඇවිත් ඔෆීශියල් විදිහට වැඩේ කරන්න උදව් කලා….
සයිට් එකේ හිටපු අනිත් අයත් එක්ක හිමංස හැමදේම ප්ලෑන් කරන හැටි නිශාදි අහන් හිටියේ ආසාවෙන්..පියවරෙන් පියවර අරමුණට යන හැටි හිමංස එයාලට ලස්සනට පැහැදිලි කලා…
වැඩේ ඉවර වෙද්දි දවල් උනා.. හිමංස හොද හොටෙල් එකක් බලලා කාර් එක නතර කලා… මේ වෙනකොට නිශාදිගෙ හිතත් ටිකක් හැදිලා තිබුනේ…. හැමදාම රන්ඩු වෙවී ඉන්න බැරි නිසා නිශාදි හිතා ගත්තා හිමංසට තරහ යන දේවල් නොකර ඉන්න.. මොනවා උනත් රශ්මි එක්ක හිමංසගෙ බැදීමක් නෑ කිව්වම හිතට සැනසීමයි…
“මොකද කල්පනා කරන්නෙ කෑම රස නැද්ද…”
හිමංස නම් පිගානෙන් බාගයක්ම කාලා…
“රසයි…..”
“ඉක්මණට කනවා හලෝ…තව වැඩ ගොඩක් තියෙනවා මට…ඒකත් ලතාවට..”
“ගෑණු ලමයි එහෙම තමයි…කෑම දැකලා නෑ වගේ ඔහොම ගිලින්න බෑ මට..”
“කට නම් තියෙනවා… අහිංසකයි වගේ හිටියට”
“කවුද ඔයාට කීවෙ මං අහිංසකයි කියලා..”
“ඔයාගෙ ඇස් දෙක.. “
හිමංස එහෙම කියයි කියලා නිකමටවත් නිශාදි හිතලා තිබුනෙ නැහැ..
හිමංසගෙ ඇස් දෙකේ දිලිසුම දරා ගන්න බැරිව බිමට යොමුවෙන ඒ ඇස් දිහා හිමංස බලං හිටියෙ ආසාවෙන්..වෙලාවකට අහිංසක..තවත් වෙලාවකට නපුරු මේ ඇස් ..
“තමුසෙ ඉස්සරත් ඔහොමද…..”
“කොහොමද…..”
“කෑම දැක්කම කල්පනා කරන්නෙ…”
“ඇයි මට කල්පනා කරන්නත් ඔයාගෙන් අවසර ඕනෙද..”
“තමුසෙ ඊයෙ රෑ මොකටද මගෙ රූම් එකට ආවෙ.. ලැජ්ජා නැද්ද රෑ තිස්සෙ කොල්ලොන්ගෙ රූම් වලට එන්න..”
නිශාදි ගෙ කම්මුල් රතු වෙනවා…
“මං ආවෙ මගෙ හස්බන්ඩ්ගෙ රූම් එකට.”
නිශාදි හිමංස දිහා හොරෙන් බල බල උත්තර දෙනවා.. අද නිල් පාට ෂර්ට් එකට මූණම එලිය වෙලා.හිමංස කට ඇද කරනවා..
“ඉතිං තමුසෙ කොට්ට මෙට්ටත් ඔක්කොම ඇරගෙන ස්ථිරවම මගෙ රූම් එකට පදිංචියට එනවකො….”
“හිතේ ඇති… මං එන් නැහැ…”
“බලමුකො…..තමුසෙ රෑට බේබි ක්‍රීම් ගාන්නෙ ඇයි කොන්ඩෙ…”
නිශාදි ඇස් ලොකුකරලා බලනවා..
“ඔයා කොහොමද දන්නෙ…”
“ඔහොම බලන්න එපා ඕයි.. මට මේ වටලප්පම වෙනුවට තමුසෙව ගිලින්න හිතෙනවා එතකොට…”
“මෝඩයෙක් මහ….”
“ඒක ඇත්ත..මෝඩයි තමා.. තමුසෙ අද මගෙ රූම් එකට ආවොත් මං නුවනක්කාර වෙනවා”
“යනව මෝඩයා.. මං තරහයි තමුසෙ එක්ක..ආයෙ එන් නැහැ ඒ පැත්තටවත්….”
“ලොකු දෙයක්… මට කනක් ඇහිලා නිදාගන්න පුලුවන්.. තමුසෙ රෑට ගොරවන විදිහට මැරිච්ච මලමිනීත් නැගිටිනවා…”
“මැරිච්ච මලමිනී……පිස්සුද නැත්නම් හැටිද…මහලොකු බිස්නස්මන්….”
නිශාදි ඇහැවෙ හිනාව තද කරගෙන…
“ටිකක් හිනාවෙනවකො…. හිනාවුනාට මං ගිලින් නෑ…..”
හිමංස කාලා ඉවර උනා
“නිශාදි මං වොශ් රූම් ගිහින් එන්නම්.. තමුසෙ ලතාවට කනවා”
නිශාදි ඩෙසර්ට් කෝප්පෙ ලං කර ගන්නකොට හිමංස ගියාම නිශාදි ටේබල් එකේ තනි උනා.
හිමංස පව්.. මං ආසම වටලප්පම් ඕඩර් කරලා තියෙන්නෙත්..නිශාදි හොටෙල් එකේ වටපිටාව දිහා බැලුවෙ දැන්.. හිමංස එක්ක ඉන්නකොට බයටම වටපිට බලන්නෙ නැහැ…
ඒත්.. එකපාරටම නිශාදිගෙ දෙනෙතට අහුවුනේ… හොටෙල් එකේ එක පැත්තක තිබුනු වීදුරු දොරක් ලග ඉදලා තමන් දිහා කෙනෙක් බලං ඉන්නවා කියලා… ඈශ් කලර් ට්‍රවුසර් එකට කලු පාට ෂර්ට් එකක් ඇදල හිටපු ඒ කෙනා කලු පාට ලොකු සන් ග්ලාස් දෙකක් දාගෙන හිටියා..
වොශ් රූම් එකෙන් එලියට එද්දිම හිමංසට කෝල් එකක් ආවා…කතා කලේ රශ්මි..
“කියන්න රශ්මි…”
“සර්… හෙට පාන්දර පහට අපි පිටත් වෙනවා…”
“ඇත්තට… දැන් මං නැතුවද උඹලා ඕවා ඩිසයිඩ් කරන්නෙ… යකෝ උඹලගෙ බොස් මං නේද..”
“සොරි සර්… ඒත් මැඩම් තමා කීවෙ අපිට ටයිම් මැනේජ් කරගෙන කියන්න කියලා…”
“ආ… ඒපාර උඹලටත් ලොකු මැඩම් නේද…. අපෙ ගෙදර ඉන්න පොඩි එවුන් දෙන්නටත් ලොකු එයා… “
හිමංස කෝල් එකේ සිහියෙන් ටේබල් එක ලගටම ආවා..ඒත් නිශාදි එතන හිටියෙ නැහැ…
“අනේ එහෙමදෙයක් නැහැ සර්..සර්.. හෙලෝ හෙලෝ..”
රශ්මිගෙ හඩ හිමංසට ඇහුන් නැහැ..
දෙයියනේ ..කෝ නිශාදි…..දැන් මෙතන හිටියනෙ….වොශ් රූම් ගියාවත්ද.. ඩෙසර්ට් එකත් එහෙමමයි..හිමංස වොශ් රූම් පැත්තට ගියා.. ඒත් ඒ හරියෙ කවුරුත් නැහැ.
ආපහු ටේබල් එක ලගට ඇවිත් ඒ ලගම හිටපු කපල් එකෙන් නිශාදි ගැන ඇහැවා…
වෙලාවට එතන හිටපු ගර්ල් දැකලා තිබුනා නිශාදි ගියපු පැත්ත.. හිමංස වේගෙන් ඒ පැත්තට දිව්වා.
වීදුරු දොර ඇරගෙන වටපිට හැමතැනම බැලුවත් නිශාදි නැහැ…හිමංස පිස්සුවෙන් වගේ ඔලුව බදා ගත්තා…
අනේ මං වගේ මෝඩයෙක්.. මගෙ කෙල්ල කොහෙ ගිහින්ද..මං විහින්ම එයාව නැතිකරගත්තා…..ඔහ් ෂිට්…..එයාගෙ ජීවිතේ අනතුරේ කියලා දැන දැනම… මං මේ මොකද්ද කලේ…..