හරිනි තිලක්ෂණා වෛශාලි

🌿🌸 මලක්දෝ නුඹ අරලියා 🌸🌿

🌿තිස් එක් වන කොටස🌿

අසෙනිය වන්දනාට ඇමතුමක් ගත්තද එය කාර්ය බහුල බැවින් නිවේදිතාට හා තාරකට ගත්තාය……. අද සිදුවන්නට යන දේ කෙසේ හෝ නැවැත්විය යුතුය…… එය එසේ කල යුතුමය…………..

🌸 අසෙනි….. අැයි පුතා කලබලෙන්…..

💙 නැන්දා……… රන්දය අද දුෂේරාව බදිනවා මොකක් හරි කරන්න ඹ්නි…. ඔයාලා එහෙට එන්න මාත් එන්නම් වන්දනා phone එක answer කරන්නෑ…..

🌸 උන් කොහොමද පුතා එහෙම කරන්නේ……. මං.. මං අයියට කතා කරන්න ඕනි යමු…………….. මං වන්දනා එක්ක එන්නම්…………

ඇමතුම විසන්ධි කල නිවේදිතා වන්දනා සොයා යන විටත් ඇය පිටව ගොස් අවසන්ය…….. තාරක හා නිවේදිතා වහාම පිටත් වූයේ රන්දයගේ නිවසටයි……. යන අතරමගත් නිවේදිතා සිය සොයුරාට ඇමතුම් ගත්දේ දියණියගේ ජීව්තය විනාශ නොකරන ලෙස ඇයැද සිටීමටයි…………….

වන්දනා සුවිසල් දෑලබණ්ඩාර වලව්ව ඉදිරි පිට වාහනය නවත්වන විටම ඇය එහි උත්කර්ෂවත් මංගල සිරියක් දුටුවාය……….. මෙය සුලක්ඛණාගේ තවත් එක කුරිරු කමක් යැයි සිතීමට ඇයට වැඩි වේලාවක් ගියේ නැත…………….. නමුත් සිතට දිරිගෙන ඇය නිවස දෙසට ගියාය………….. දෑලබණ්ඩාර වලව්ව දෙව් ලොවක් සේ සරසා තිබුනේ දෑලබණ්ඩාර පරම්පරාවේ අවසන් පුරුක වන රන්දයගේ විවාහයටයි………..

වන්දනාගේ බලාපොරොත්තු විශ්වාසයන් එකිනෙක බිදි වැටෙමින් තිබුණි…….. තව දුරටත් ඉදිරියට යන්නට ඇයට ධෛර්යයක් නොවූ නමුත් සිය දෑසින්ම ඇත්ත නැත්ත දැන ගැනීමේ අවශ්‍යතාවයක් තිබුණි……. ඇයට තමා ගැන නොව දරුවා ගැන දැනුනේ දරුණු වේදනාවකි…………………

සුලක්ඛණා මැණිකේ ඉදිරියට එනු වන්දනා දුටුවේ බොඳ වූ දෑසිනි……………..

🍃 ආ………. ආවද…………… නෙළුම්දෙණිය මැණිකේ……….. මගේ ජයග්‍රහණය පෙන්නන්න එන්න කීවේ……… හිතුවේ මං ආදරේට එන්න කීවා කියලාද…………

🌹 නැන්දේ……………

සුලක්ඛණා වන්දනාගේ දෑතින් අල්ලාගෙන ශාලාව තුලට ඇතුළු විය………. පෝරුමස්ථකයේ සිටින රන්දය දුටු වන්දනාගේ දෑස් නිලංකාරවී ගියත් ඇය ධෛර්යයෙන් යුතුව ඉවසාගෙන සිටියාය…………… එක්වරම රන්දයගේ දෙනෙත් ඔහු ඉදිරියේ ඉන්න වන්දනා ලඟ නැවතුනේ අහම්බෙනි…………. කිසිම හිනාවක් හෝ හැඟීමක් නැති රන්දයගේ මුහුණ හරියට හිස් පිටුවක් වැනිය………….

❤️ ව..න්……….දනා………………………….

රන්දය ගෙ මුව සෙළවුනා පමණි ඉන් හඬක් පිටවූයේ නැත……………. වන්දනා ආපසු හැරී ශාලාවෙන් පිට වූවාය……… රන්දයට පොරුවෙන් බැස එන්නට ඉතා උවමනාවක් තිබුනත් දුෂේරා ඔහුව වලක්වමින් අතින් දැඩිව අල්ලාගෙන සිටියාය………….

❤️❤️ සමාවෙන්න මට……….. වන්දනා…….. ඒත් කවදාවත් මං මේ කරපු අපරාධයට සමාවක් නම් දෙන්න එපා……………

රන්දය සිතුවේ කඳුළු අතරිනි…….. ඒ කඳුළු දුෂේරා හා සුලක්ඛණා මැණිකේ දුටුවත් නොදුටුවා සේ සිටියේය………… වන්දනා වාහනයට නගිනු දුටු අසෙනිය ඇය වෙත දිව ආවේ මේ මොහොතේ ඇය සිටින්නේ කොහොමත් හොඳ සිහියක නොවන බැවිනි……………………. අැය වාහනය පණගන්වන විටම අසෙනිය පැමිණ වාහනයට නැගුනේය……….

💙 කෝ ඕක නවත්තන්න…….. මං ඩ්‍රයිව් කරන්නම්…….

අසෙනිය බලෙන්ම වන්දනාව නැගිට්ටෙව්වේය…………. ඔවුන් යන විටම නිවේදිතා හා තාරක ආවෝය………. නිවේදිතා මාරාවේශ වූ අයෙක් සේ කෑ ගසාගෙන ගොස් රන්දගේ බෙල්ලෙන් අල්ලා ගත්තේය………….

🌿 උඹ…උඹ කොහොමද රන්දය ඒ වගේ බලු වැඩක් කලේ මගේ දුවට…….ආ……කතා කරපන් මිනිහෝ…… උඹ.. උඹ දන්නවද ඒ අහිංසකී උඹේ දරුවගේ අම්මා වෙන්නයි යන්නේ කියාලා……….. දන්නවද…………… උඹ මහ තිරිසනෙක්………………

රන්දය එතෙක් වේලා ඔහුව දැඩි කොට අල්ලගෙන සිටි දුෂේරාගේ අත අත්හැර එළියට දිව ආවේ වන්දනා සොයමිනි……. ඒ එන විටත් ඔවුන් පිටව ගොස් අවසන්ය…………..

❤️❤️ වන්දු……..මං ඔයාට කොච්චර පහත් වැඩක්ද කලේ…… අනේ ඔයා කොහෙද ඉන්නේ මගේ රත්තරන් මං එනවා…..මං ඔයාව හොයාගෙන එනවා…………..

රන්දය වාහනය පණගන්වා ගත්තේ.විවාහ මංගල උත්සවයට පැමිණ සිටි සියල්ලන්ම මවිතයට පත් කරමිනි…… ඒ වන විටත් නිවේදිතාගේ කෑ ගැසීම සියල්ලන්ටම ඇසී තිබුණි……….

❤️🌷

අසෙනිය තරමක් වේගයෙන් රිය පැදවූයේ හීරස්ගල දෙසටයි……….

💙 වන්දනා Are u crazy…… ඔයා හොඳට මතක තියාගන්න දැන් ඔයාට දරුවෙක් ලැබෙන්න ඉන්නවා……… ඒ දරුවා ගැන හිතන්න……. රන්දයට දැන් කොහොමත් ඔයා ගාවට එන්න වෙන්නේ නෑ……..

🌹 ඇයි එයා මට එහෙ…ම….ක..ලේ…… අසෙ…නි………….

වන්දනා ඉකි ගසමින් කීවේ කවුළුවෙන් පිටත බලාගෙනය…….

💙 වන්දනා…… ඔයා ඇයි මේ ඔහොම හිතන්නේ……..කෝ අර මගේ යාළුවා හැම ප්‍රශ්ණයකටම බය නැතුව මුහුණ දුන්න කෙනා……. මේ බලන්න…… මං තාම ඉන්නවා…… කවදාවත් මං ඔයාටයි දරුවටයි තනිවෙන්න දෙන්නෑ…….

🌹 එපා අසෙනි…….. මං නිසා ඔයා ජීවිතේ විනාශ කරගන්ව එපා…..

අසෙනිය කිසිත් නොක්යා ඉදිරිය බලා ගත්තේය…….. වන්දනා එතෙක් වේලා සිය අතෙහි සඟවාගෙන තිබූ නිදි පෙති අහුර ගෙන මුවෙහි හලා ගැනීමට සැරසුනා විතරය වාසනාවට එය රිය පදවනවා වුවත් අසෙනිය දුටුවේය………. අසෙනියට සියල්ල අමතක විය ඔහු වහාම වන්දනාගේ නිදිපෙති සහිත අත තදින් අල්ලාගත්තේය……… නමුත් පාලනයක් නැති වාහනය ඉදිරියෙන් ආ ට්‍රක් රථයේ වේගයෙන් ගැටුනේ නවත්වා ගැනීමට තබා සිතන්නටවත් ඉඩක් නොතබමිනි……………….. අසිහියෙන් මෙන් වන්දනා දුටුවේ ලේ විලක් මැද සිටින අසෙනියවයි…………………

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

පොලීසියෙන් මුලින්ම ඇමතුම ලැබුනේ රන්දයටයි……………

🌴 සර්… මං කුමාරසිරි…… සර්….. වන්දනා නෝනා ගිය වාහනේ ඇක්සිඩන්ට් වෙලා හීරස්ගල හරියේදි…….. දැන් හොස්පිටල් එකේ එයාට අමාරුයි…… මේ… තව…………

❤️ දෙවියනේ මගේ අහිංසක කෙල්ල…….. තව තව කියන්නේ කියපන්……..

🌴 අසෙනිය මහත්තයා එතනමයි………..

❤️නෑහ්………………. මේ ඔක්කොම මං නිසා වෙච්ච දේවල්………………..

වන්දනා රෝහලට ඇතුලත් කලත් ඇයට සිහියක් තිබුනේ නැත………….. අසෙනියගේ සිරුර හදුනාගන්නටත් බැරි තරම්ය…………… රන්දය එන විට නිවේදිතා හා තාරකටත් ඇමතුම ලැබී එතැනට පැමිණියහ………….

🌿 තමුසෙ ඇයි ආවේ රන්දය කෙල්ල මැරිලද බලන්නද…….මේවා තමුසෙලාගේ අපරාධ…… හැමෝම එකයි මිනීමරුවෝ

නිවේදිතා වේදනාවෙන් කෑ ගසන්නට විය……………….

දැඩි සත්කාර ඒකකයේ සිටින වෛද්‍යවරයා පැමිණියේ ලොකු කල්පනාවකය…………

🌿 ඩොක්ටර් මගේ දුවටයි ලැබෙන්න හිටිය දරුවටයි මොකද දැන්…………..

✨️ මේකයි Mrs ජයවර්ධන දුවගේ ජීවිතය නම් දැන් අවධානමෙන් මිදිලයි තියෙන්නේ…………. ඒත්…..දරුවව නම් බේරගන්න බැරි වුනා සොරි…………

නිවේදිතා හඬා වැටුනාය………. රන්දයද එහෙමම අසුනට කඩා වැටුනි…….. සියල්ල දැන් අවසන්ව තිබුණි……. දෛවය විසින් මවට මෙන්ම ඇයටද ඉමහත් කරදර කරමින් සිටී……….. වන්දනා බැලීමට අවශ්‍ය වුනත් ඒ සදහා ඔහුට ධෛර්යයක් තිබුනේ නැත………. වන්දනා හට සිහිය ආවේ ඒ අතරේදීය……… රන්දය යන්නට ගියේය………….. ඔහු ඔහේ ඇවිදගෙන යන්න ගියේය……….

🌹 ඩොක්ටර්………..

වන්දනා එතැන සිටි කාන්තා වෛද්‍යවරියට කතා කලාය…………

🌹 ඩොක්ටර් මොකද වුනේ අසෙනියට…. මගේ දරුවට…. එයාලා හොදින් නේද……

💟 හ්ම්ම්ම්ම්ම්…. මේක ලෝක ස්වභාවය වන්දනා ඇති වෙනවා නැති වෙනවා අපිට වෙනස් කරන්න බෑ…… ඒ දෙන්නම ජීවතුන් අතර නෑ……..අසෙනියව එතනමය් බේරගන්න බැරි වුනා……… දරුවත් එහෙමයි හිත හදාගන්න බලන්න දරුවෝ……….

🌹 නෑ…නෑ…..බෑ….. එහෙම වෙන්න දෙන්න බෑ……..අසෙනිට එහෙම මාව දාලා යන්න බෑ………

වන්දනා කලබල කරන්නට වූවාය… ඇත්තටම වන්දනා සිටියේ අවසිහියෙන් මෙනි……. ජීවිතයේ එකකට එකක් බැඳ ඇති අහිමිවීම් පිරුණු ජීවිතය ඇය බොහෝ දෙයින් දුර්වල මානසිකත්වයක් ඇති කර තිබුණි…………. වන්දනා හැඬුවාය……… උමතුවෙන් මෙන් සිනාසුනාය………….. යලිත් කලබල කලාය………. ඇයව සන්සුන් කල හැකි එකම තැනැත්තා වූයේ අනුරුද්ධ පොඩිහාමුදුරුවෝ පමණයි…………. උන් වහන්සේගේ බසට පමණයි වන්දනා අවනත වුනේ………

🔸 නංගි……… කලබල කරන්න එපා….. ටිකක් මනස සැහැල්ලු කරගන්න…… ම්ම්ම් ඔයා බුද්ධිමත් දරුවෙක් ඩොක්ටර් කෙනෙක්……… මං දන්නවා ඔයාට මං කියන ඒවා හොඳට තේරෙනවා කියලා…….. කරුණා කරලා මට ඇහුම්කන් දෙන්න………. පුළුවන් නේද…..

🌹 එ…..හෙ……..මයි………….. හාමුදුරුවනේ…………..

🔸 ජීවිතේ අපිට මේ හැමදේම ඉවසන්න වෙනවා………. හිමිවීම් අහිමිවීම් දුක සතුට ලාභ අලාභ යස අයස එක වගේ ජීවිකේට ලැබෙනවා ඒවා දරාගන්න එක තමයි ජීවත් වෙනවා කියන්නේ.. තේරුනාද………… අපිට හිමි නැති දේවල් ලැබෙන්නේ නෑ …… ඒ ගැන හිතලා ලෙඩෙක් වෙන්න එපා……. දැන් මොකද ඔයා කරන්නෙ…………….

🌹 මං හින්දයි අසෙනියට මැරෙන්න වුනේ………..මගේ දරුවා මැරුනේ…… ඒ හැමදේම මං හින්දා……. මාව ඒ තත්වයට පත් කලේ රන්දයයි එයාගේ අම්මයි…….. ඇයි එහෙම මට කලේ… මං කරපු වරද මොකක්ද…………… රන්දය මට කලේම බොරුව………. මං රැවටිලා……..

🔸 දැන් කා ගැනවත් වෛර කරලා පලක් නෑ වන්දනා………ජීව්තේ ගැන තීරණයක් ගන්න මොකද කරන්නේ කියලා……

🌸 වන්දනා අපි එක්ක යනවා……….

සැවොම බැලුවේ වන්දනා දෙසය………. සියල්ලන්ම අැගේ පිලිතුර අපේක්ෂාවෙන් සිටියෝය………… නමුත් අැය කිසිවක්ම පැවසුවේ නැත……………..

🌹 මට ටිකක් හිතන්න ඕනි…………….

වන්දනා කීවේ එපමණයි………

ඇය ජීව්තය ගැන බොහෝ කලකිරී සිටියාය……. ඉපිද මැරෙන මේ ජීව්තය දුක් සහිත බව අවබෝධයෙන් වටහාගෙන සිටියාය………. ඇය සිටියේ නෙළුම්දෙණිය වැව අසල ගල් තලාවේය…….. සියාතුත් සුමනාත් ඇය දෙස බලා සිටියේ දුක් ගත් බැල්මෙනි…………

වන්දනා හිස් බැල්මෙන් සිය වලව්ව දෙස බැළුවාය…….. අවසානයේදී ඇය ලබාගත් දෙයක් නැත……….. අම්මා අත්තම්මා සහ සොයුරියගේ වියෝවෙන් අැය කුඩා කල සිටම පීඩා වින්දාය…….. පියාගේ නොසලකාහැරීම් වලින් දුකට පත් වූවාය…………….. ඇගේ ආදරය ඇයව මුලාවට පත් කලේය………….. ඒ ආදරය නමින් සිය කුස තුල වැඩුණු අහිංසක තිලිණයද අහිමි විය……….

අවසානයේ ඇයට දිවි හිමියෙන් ආදරය කල එකම මිතුරාද අහිමි විය……….. ඒ අහිමි වීම් ඇයව ජීවිතයේ අසාර බව කෙරේ යොමු කර තිබුණි……. වන්දනා ඒ ඔස්සේම සිතුවාය……… අවසානයේ ඇය තීරණයක් ගත්තාය……………. ඇය මේ සල්මල් ආරාමයට යන්නේ ඇය ගත් තීරණය සිය සොයුරා හට දැනුම් දීමයි………….

❤️🌿❤️🌿❤️🌿❤️

පොඩි හාමුදුරුවන් හට වන්දනා මාන කල වන්දනා උන් වහන්සේ අසුන් ගෙන සිටින තැන පඩි පෙලෙහි වාඩිවූවාය……. සුදෝ සුදු දිගු ගවුමක් ඇඳ දිගු වරලස ගොතා දමා සිටිය නැගණියගේ මුහුණ වෙනදාමෙන් වේදනාවෙන් බරව නැතැයි උන්වහන්සේට සිතුනි……….

🌹 අපේ හාමුදුරුවනේ…………

🔸 මොකක් හරි තීරණයක් ගත්තද නංගි……….

පොඩිහාමුදුරුවෝ අැසුවේ සහෝදර ලෙංගතුකමිනි……….

🌹 පොඩි හාමුදුරුවනේ මං ඔබ වහන්සේ ට කියන්නමයි ආවේ ඒ ගැන……….. මං තීරණය කලා ගිහි ජීවිතය අත්හරින්න……….

අනුරුද්ධ පොඩිහාමුදුරුවන්ට එය නිකමට සිතී තිබුණි………. තම නැගණිය කිසිසේත්ම මෝඩ දරුවෙක් නොවන බව උන් වහන්සේ වටහාගෙන සිටියහ………….

෴ මතු සබැඳියි ෴

ලියන්නේ