වාසනා පෙරේරා – Wasana Perera
මොනවද ඩියාශි ඔයා මේ කියවන්නෙ.
ඩියාශි තවම කතා කරේ අපහසුවෙන්..
මම කියන දේ අහන්න. එයාව ඇරෙස්ට් කරන්න කුශ් අයියෙ.. එයා මගේ තාත්තිවත් මරල දාලා මිනීමරුවා. ඒ මගේ තාත්ති නෙවේ..
ඩියාශි කියන කිසිම දේක අගමුලක් ගලපගන්න මට පුලුවන් උනේ නෑ. මට හිතුනෙ එයා අසනීපෙන් ඉන්න හින්ද සිහිමඳ ගතියකින් කියනව කියල. පෙස්කා උනත් ඩියාශි දිහා බලාගෙන හිටියෙ ඈ කියන දේවල් විශ්වාස නොකරන පෙනුමකින්.
රිපෝට්… පහල.. අර බිම්ගෙයි.. ඩියාශි එක දිගටම කිව්ව.
මොන රිපෝට් ද.
සිංඤෝරෙ.. ඇයව මහන්සි කරවන්න එපා.
පහල.. බිම්ගෙයි. කුශ් අයියෙ. එයාව ඇරෙස්ට් කරන්න.. තාත්ති මැරිලා.. මැ..රි..ලා..
ඩොක්ට කෙනෙක් ගෙන්වන්න ඉක්මනට..
පොඩ්ඩක් ඉන්න සිංඤොරෙ වෛද්‍යවරයෙක් ගෙන්නන්න හදිසි වෙන්න එපා. සිංඤොරා ඩියාශිව අර බිම්ගෙයි හිර කරල තිබ්බෙ සිංඤෝරෙ සේනක නම් ඔහුට සැක හිතෙන්න පුලුවන් ..
එහෙම කියල මැරෙන්න දෙන්නද මට කියන්නෙ
ඇය හාමත් වෙලයි ඉන්නෙ. කලබල වෙන්න එපා. වතුර බොන්න දෙන්න ටිකක්.පෙස්කා කිව්වෙ කලබලයක් නැතුව.
මම පහල බිම්ගෙයට ගිහින් බලන්නම් ඇය කියපු වාර්තා මොනවද කියල. එතකන් ඇයව බලාගන්න. පෙස්කා එහෙම කියල නැවත බිම්ගෙයට ගියා.
මම ඇගේ දෑත් දෙපා පිරිමදිමින් උණුසුම් කලේ ඒ සිරුර අසාමාන්‍ය විදිහට සීතල හින්ද.
ඔයාට මැරෙන්න බෑ ඩියාශි දෙවියනේ ඇයි මේ දේවල් අපිටම වෙන්නෙ. දවස් කීයක් ඇය අර බිම්ගෙය ඇතුලෙ නිරාහාරව හිටියද කියල මතක් වෙනකොට මට දැනුනෙ ඉවසගන්න බැරි තරම් දුකක්..
සිංඤෝරෙ කුශින්ත් .. ඔබ විශ්වාස කරන එකකුත් නැහැ. මේ බලන්න මේ වාර්තා.
ඒ වාර්තා.. මම ඒ දිහා බලන් හිටියෙ විශ්වාස කරගන්නත් බැරිව!!!! ඒ වෛද්‍ය වාර්තා ප්ලාස්ටික් සැත්කමක් පිලිබඳව තිබූ වාර්තා කිහිපයක්!!!!!!!.. ඒ මගේ තාත්ති නෙවේ සමීර තාත්ති නෙවේ ඩියාශි මට කියන්න හැදුවෙ මොනවද කියල මට පැහැදිලි උනා හොඳින්ම. ඒ කියන්නෙ අර මැරුණු පුද්ගලයා විජය නොවේ. ඇත්ත විජය මම අසලම ඉන්දැද්දි අපි ඔක්කොම විශාල රැවටීමකට අහුවෙලා.
මට දැනුනා වෙනසක්. මම ඔබට කිව්වෙ. මුහුණ වෙනස් කරගත්තත් හැසිරීම වෙනස් කරගන්න ලේසි නෑ. සිංඤොරෙ ආරක්ශක නිලදාරීන්ට කතා කරන්න . පොලීසිය එනතුරු ඔහුව අපිට සිර කර තබාගන්න වෙනව . පෙස්කා කිව්ව.
හිතුවද මට මගේ දුවගෙ නම අමතකයි කියලා..! ඔහුට වැරදුනු තැන් දක්ශ විදිහට වෙනස් කරපු හැටි. ඒ සියල්ල !!!!!! ඒ සියල්ල මිලියන ගණනක් වූ සීයාගේ වත්කම වෙනුවෙන් දැන් මට අයිති වූ ඒ මුදල් ඒ බලය වෙනුවෙන් . මට දැනුනෙ කිව නොහැකි තරම් පිලිකුලක්. මනුස්සයෙක්ට මේ තරම් පහතට වැටෙන්න පුලුවන් ද ?
ගීත්නා !! තමන්ගෙ තාත්තා මැරුණු බව හිතාගෙන ඒ හින්දම අසනීප වෙච්ච ඒ අහිංසකී. ඔහුට තම දියණිය ගැන වත් හැඟීමක් නැති හැටි.
ඔහු දැනගෙන හිටියා එකම ක්‍රමය සේනක පමණක් බව. බිරිඳ ගාවට යන බව කීවත් ඔහු මාවත් මරන්න සැලසුම් කරගෙන ඉන්න ඇති. ඒ බව හිතත්දි මගේ මුලු සිරුරම සීතල වෙලා ගියා. පවුල් පිටින් මරපු මිනිහට මාව මරණ එක මහ වැඩක් යැ.
ඒත් ඇයි ඔහු ඩියාශිව හිර කරගෙන හිටියෙ. මට ඒ ගැන වැඩිය හිතන්න නොලැබුනේ පෙස්කා හින්ද.
මම හිතන්නෙ අපි ආරක්ශක නිලධාරින්ට කතා කලොත් හොඳයි මහත්මයා. වැඩි වෙලා අපිට මේ කාමරේ ඉන්න බෑ. ඔහු හොයන්න ඉඩ තියෙනව . මොකක් හරි සැකයක් ඉව වැටුනොත් ඔහු අතුරුදහන් වෙන්න පුලුවන් අපි හිතන්නත් කලින්. අමතක කරන්න එපා අපි ගණුදෙනු කරන්නෙ ක්‍රෙසන්ට් ඩයමන්ඩ් සංවිධානයෙ ප්‍රබලම සාමාජිකයෙක් එක්ක යන වග.. ඔවුන් නිතරම බයෙන් ජීවත් වෙන පිරිසක් හින්ද හැම දෙයක් ගැනම ඉන්නෙ ලොකු සෝදිසියකින්.
ඒක ඇත්ත.
මමත් පෙස්කා සහ කලාගාරයේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා සහ තවත් නිලධාරින් තිදෙනෙක් එකවරම ඔහුගේ කාර්යාලයට කඩා වැදුනේ ඔහුට හිතන්නවත් නොදී.
මේ මොකද? ඔහු ඇහුවේ පුදුමෙන් වගේ. පුතා මේ මොනවද වෙන්නේ.
රගපාන්න දෙයක් නැහැ මිස්ට විජය. දැන් සේරම ඔප්පු වෙලා ඉවරයි. කරපු අපරාධ වලට දඩුවම් විදින්න ලැස්ති වෙන්න දැන්. මම කිව්වා.
ඔහුගේ ඇස් මහත් උනේ පුදුමයෙන්.ඒත් ඒ එක මොහොතකට විතරයි නමුත් බලාපොරොත්තු කඩ විමක සේයාවක් වත් ඒ මුනේ තිබුනේ නැහැ. ඔහු එකවරම මගේ දෙසට කඩා පැන්නෙ වියරු වැටුණු කොටියෙක් වගේ. මගේ ගෙල හිර කරන්න පටන් ගත්තේ මට හුස්ම ගන්න පවා අසීරු වෙද්දී
උබට බැහැ මාව නවත්තන්න. මේ සේරම අයිති වෙන්න ඕන මට විතරයි!!!!!!!!!! ඔහු කෑගැහුවේ වියරුවෙන්
උබ ලැස්ති වෙයන් උබගේ අම්මයි තාත්තයි අර සියා කියන එකයි යවපු දිහාටම යන්න. ඔහු මගේ ගෙල සිර කරේ වියරුවෙන් වගේ ඒ දේවල් කියමින්. අර යක්ෂ කෙල්ල හින්ද උබ මෙච්චර කල් බේරුනේ. නැත්තම් මම මෙලහට උබවත් එලොවට යවල. ඔහු කියාගෙන ගියේ ආරක්ෂක නිලධාරින් මාව ඔහුගෙන් මුදවාගන්න උත්සහ කරද්දී. ඒ අත් හරියට යකඩ අඩුවකට අහු උනා වගේ මට දැනුනේ. මාත් එක්ක හිටපු ආරක්ෂක නිලධාරින් වහාම මාව බේරාගත්තත් ඒ මොහොත සිහි වෙනකොට මට තවමත් කියාගන්න බැරි තරම් මොකද්දෝ බයක් හිතට එනවා.
දුරකථන ඇමතුමකින් ප්‍රංශ පොලිසිය දැනුවත් කරන ලද අතර ඔවුන් පැමිණෙන තුරු සේනක අතුරලිය ලෙස පෙනී සිටි තැනැත්තාව ඔහුගේ කාර්යාල කාමරයේම සිර කර තබන්නට කලාගාරයේ ආරක්ෂක නිලධාරීන්ට සිදු උනා.
හිතන්නෙපා දිනුව කියලා. මම උබලා සේරම මරනවා. මේ හැමදේම මගේ. මගේ විතරයි!!!!!!!!!!!! ඔහු දිගින් දිගටම කෑගැහුවේ ඔහු සිර කර තැබූ කාමරයේ දොරට පහර දෙමින්
සර් සර් හොදින්ද? ප්‍රධාන ආරක්ෂක නිලධාරියා මගේ ලගට ඇවිත් ඇහුවේ මම තවමත් ගෙල අල්ලාගෙන හිටපු හින්ද වෙන්න ඇති. මම හිටියෙත් කම්පනයෙන්.
ඔව් මට ප්‍රශ්නයක් නැහැ. මම කිව්වත් මම හිටියෙත් ඇත්තටම හොදින් නෙවෙයි.
වෛද්‍යවරයෙක් ගෙන්වන්නද?
ඔව් ගෙන්වන්න හැබැයි මට නෙවේ. ඩියාශි මැඩම් ට
අවශ්‍ය ප්‍රථමාධාර දීල තිබුනත් ඩියාශි හිටියේ හොදටම දුර්වල වෙලා. ඇගේ හුස්ම ගැනීම සිදු උනෙත් අක්‍රමවත්ව.ගිලන් රථයක් එන්න වැඩි කාලයක් ගියේ නැහැ. ඩියාශි .. ඩෝන්ට් ගිව් අප් … බි ස්ට්‍රොන්ග්. මම කියෙව්වේ මන්තරයක් වගේ. එයා නැති හෙටක් ගැන මම කොහොම හිතන්න ද?
දැඩි සත්කාර ඒකකයට කෙලින්ම ඇතුළු කලේ එයා ඒ තරම් අවධානමක හිටපු හින්ද.
මේක කොහොම ද උනේ? වෛද්‍යවරුන්ට සියලු විස්තර කරන්න උනේ මට.
එයාගේ තත්වේ කෙනෙක් නිරාහාරව මෙච්චර කල් හිටපු එක ඇත්තටම අවදානම්. අපිට බබා ගැන බලාපොරොත්තු තියාගන්න බැරි වෙයි. වෛද්‍යවරු කියද්දී මට දැනුනේ කණ ළඟ අකුණක් පිපිරුවාක් වැනි හැඟීමක්.
ඩියාශි ?????? ප්‍රෙග්නන්ට්???????
ඒත් කොහොමද?
ඒ එක්කම මට මතක් උනේ ඒ සොදුරු දවස්
දෙවියනේ මට ඇයි නිකමට වත් ඒ ගැන නොහිතුනේ.
ඩොක්ට එයා ඒ ගැන දන්නේ වත් නැතුව ඇති.
වෙන්න බැහැ. මාස දෙකකට වැඩියිනේ. එයා දැනගෙන ඉන්න ඇති. තාත්තා තමයි දන්නේ නැත්තේ මට හිතෙන්නේ. ඩොක්ට කිව්වේ මගේ දිහා බලලා. සමහරවිට එයා ඔයාව සප්‍රයිස් කරන්න හිටියද දන්නේ නැහැ. ප්‍රශ්නේ එයා ගොඩාක් දුර්වලයි. රිස්කි වැඩියි. ඒත් අපි පුළුවන් තරම් උත්සහ කරනවා අම්මයි බබයි දෙන්නම බේරගන්න.
ස්තුතියි ඩොක්ට.
තප්පරෙන් තප්පරේ ගෙවෙද්දී මගේ හිත නොසන්සුන් වෙච්ච තරම. හද ගැහෙන වේගය සිය දහස් ගුණයක් වැඩි වෙනවා වගේ මට දැනුනා. දැඩි සත්කාර ඒකකයේ පිටටවෙලා බලන් ඉන්න එක මහා වේදනාකාරී අත්දැකීමක්.
දැල්වෙන රතු පාට බල්බය දිහා බලන් හිටියේ මහා මුසල හැඟීමක් හදවතේ තෙරපෙද්දී. වෙලාව ගත වෙන්නේ නැහැ කියලා මට හිතුන තරම්.
කොයි තරම් දෙනෙක් හිටියෙත් ඒ වෙලාවේ එතන මම තනි වෙලා.ඒ වෙලාවෙමයි මට දුරකථන ඇමතුමක් ලැබුනේ රවින් ගෙන්.
සමීර…
මචන්. මගේ කෙල්ල… ,මචන් එයාට අමාරුයි. හිතේ පිඩනයට මට වචන එන්නෙත් නැහැ වගේ. හදවතේ ඔක්කොම වේදනාවල් කඳුළු වෙලා පිට වෙන්න ඇති ඒ වෙලාවේ.
මම කොහොමත් ගොඩාක් ශක්තිමත් හිතක් තියෙන කොල්ලෙක් නෙවෙයි. මට පුරුදු නැහැ මේ හැගීම්. මම විදෙව්ව තරම හොදටම වැඩියි.
හරි හරි දැන් ටිකක් හිත හයිය කරගෙන ඉදපන්කෝ . උබ වත් ඩියාශි වත් කාටවත් කරදරයක් කරලා නැහැනේ. කලබල නොවී ඉදපන්. හැමදේම හරි යයි.
මම මෙහෙ තනියම රවින්. මට ඇති දැන් .
ඒ ගැන කියන්න තමයි මම මේ ගත්තේ. දැන් බය වෙන්න දෙයක් නැහැ. උබලගේ ගෙදරින් හෙට හවස් වෙනකොට එයි. පෙස්කා හරි ඒ වගේ නමක් තියෙන කවුද මනුස්සයෙක් උබලගේ ගෙදරට කතා කරලා හැමදේම කියලා. ප්‍රංශ රජයේ විශේෂ අවසරයක් මත ගෙදර අයව උබ ලගටම ගෙනල්ල දෙනවා. බලපන් ඔය රටේ මිනිස්සු උබට කොච්චර ආදරේ ද?
මට ඒවායින් වැඩක් නැහැ බන් මගේ කෙල්ල. මම කිව්වේ තවමත් දැල්වෙන රතු පැහැති බල්බය දිහා බලාගෙන
එයාට මොනවත් වෙන්නේ නැහැ. උබ බය නොවී ඉදපන්.
ඒ එක්කමයි දැඩි සත්කාර ඒකකයේ බල්බය නිවුණේ.
සුභ පැතුම් මිස්ට අතුරලිය. ඇය දැන් අවදානමෙන් මිදිලා ඉන්නේ. දැඩි සත්කාර ඒකකයෙන් පිටතට ආපු වෛද්‍යවරයා කිවේ මගේ හදවතට කිව නොහැකි සහනයක් දෙමින්.
ඩොක්ට… අපේ බබා????
අම්මයි බබයි දෙන්නම හොදින්. හැබැයි එයා පරිස්සම් වෙන්න ඕන ගොඩක්. ඔයාගේ අතේ තමයි ඒ වගකීම තියෙන්නේ.
අනිවාරෙන්ම ඩොක්ට. තැනක් යු සෝ මච්. මට එයාව බලන්න පුළුවන් ද?
රූම් එකට මාරු කරාට පස්සේ පුළුවන්. එයාට තවම සිහිය ඇවිත් නෑ. එයාට විවේකය අවශ්‍යයි ගොඩක්. වෛද්‍යවරු එහෙම කියල ගියා.
රූම් එකට මාරු කරාට පස්සෙයි මට එයාව බලන්න ලැබුනෙ. නින්ද යන්න බෙහෙත් දීල තිබුන.
ඉවසුවා හොඳටම ඇති දැන්. හැමදේම අපේ උනත් ඒවා වලින් අපිට වෙන්නෙ අයහපතක් නම් මොකද්ද ඒවයින් ඇති වැඩේ. මම හිතුවෙ ඒ සුරතින් අල්ලගෙන. තීරණයක් ගන්න මේක තමයි හොඳම වෙලාව.
මම කලාගාරයේ නීති කටයුතු භාරව හිටපු අයට කතා කලා රෝහලේ ඉඳන්ම.
කුශින්ත් හොඳටම විශ්වාස ද? ඔයා මේ කරන දේ ගැන. එහෙම ඇහුවෙ මට සමීපතම නීතීඥ වරයා.
ඔව් මිස්ට දොස්තවෙස්කි. දැන් හොඳටම ඇති. මගේ බිරිඳටයි දරුවන්ටයි සැපපහසු ජීවිතයක් ගත කරන්න දෙන්න මට පුලුවන්.
ඒත් ඔබේ සීයා ඒ කලාගාරය වෙනුවෙන් ගොඩක් මහන්සි උනා. ඒ ගැනත් හිතුවොත් හොඳයි නේද?
ඒ මහන්සිය අපතේ යනවා නෙවේ. අපිට වගේම තව බොහෝ දෙනෙක්ට යහපතක් වෙනව මේ වැඩෙන්.
ඔබේ තීරණය ඒක නම් මම නීතිමය පැත්ත බලාගන්නම්.
බොහොම ස්තුතියි
ඩියාශිට සිහිය ආවෙ තවත් පැය දෙක තුනක් ගියාට පස්සෙ. සිහිය ආ විගසම ඇගේ අත ගියේ කුසට. ඒ ක්‍රියාවෙන්ම මම දැනගත්ත එයා දරුවා ගැන දැනගෙන හිටි බව.
රෝස…
කුශ් අයියෙ. ඔයා? මම මේ කොහෙද ඉන්නෙ? හොස්පිටල් එකක්ද කුශ් අයියෙ මගෙ බබා. අනේ එයා හොඳින්ද?
රිලැක්ස් ඩියාශි. ශ්.. ශ්.. මම උත්සහ කරේ එයාව සනසන්න.
අර මිනිහා? එයා මාව අර බිම්ගෙයි හිරකරා.
මම හැමදේම දන්නව ඩියාශි. ඔයා සන්සුන් වෙන්නකෝ. මම කිව්වෙ එයාව තුරුල් කරගෙන.
අපේ බබා. එයා හොඳින්ද?
ඔව්. එයා හොඳින් රෝස. එයා හොඳින්.
මම දැනගෙන හිටියෙ නෑ කුශ් අයියේ . ඔයා ලංකාවට ගියාට පස්සෙ මම ආට් ගැලරි එකට ගියේ තාත්තිව හම්බවෙන්න. ඒ හිටියෙ තාත්ති නෙවේ කියල මට චුට්ටක් වත් සැක හිතුනෙ නෑ. ඒ මිනිහා මාව රවට්ටල පහල බිම්ගෙයි හිරකලා.
එයා ආයෙ අපේ ජීවිත වලට කරදර කරන්න එන්නෙ නෑ රෝස. මම කීවෙ එයාව තුරුලු කරගෙන හිස සිපගනිමින්. අපිට අපි ගැනවත් හිතන්න වෙලාවක් නැති හැටි.
එයා මැරිලද?
නැහැ.
කුශ් අයියෙ එයා ජීවත් වෙල ඉන්නකම් අපිට නිදහසක් නැති වෙයි.
ඒ ගැන හිතන්නෙපා රෝස. හැමදේම හරියයි.
ගීත්නා…?
ගීත්නා ගැන හිතන්නෙ නැතුව ඉන්න ඩියාශි මේ වෙලාවේ.
මම එයාගෙන් ඔයාව උදුරගන්න උත්සහ කරන්නෙ නෑ කුශ් අයියෙ.
ඔයා කරපු ටික ඇති. දැන්වත් මෙහෙම ඉන්න මම ලගට වෙලා. මම දැඩිව කිව්වෙ එයාට වචනයක් වත් කියන්න නොදී. මේ හැමදෙයක්ම හින්ද අපි දෙන්නගෙ කාලයෙන් ගොඩක් නාස්ති උනා. තව එක විනාඩියක් වත් අපතෙ යවන්න මම ලෑස්ති නැහැ . මම හිතුවෙ එයාව තුරුල් කරගෙනම.
කුශ් අයියෙ මට බයයි.
ඩියාශි බබා ගැන හිතන්න. අපේ පැටියා ගැන හිතන්න. අම්මා බය වෙනකොට බබාටහොඳ නෑ.
හ්ම්ම්..
මොකද උනේ කියල මට දැනගන්න ඕන.
ඉතින් මම හෙමින් හෙමින් එයාට විස්තරේ කියන්න ගත්තෙ අද නැතත් කවදමහරි මේ විස්තරේ කියන්න ඕන හින්දමයි.
මොකද්ද අර ගීත්නා ඔයාගෙ නංගි?
ඔව් රෝස..
දෙවියනේ. කවුරුත් හිතනවද මෙහෙම දෙයක්. කොහොමද තාත්තා කෙනෙක් ඒවගේ දෙයක් කරන්නේ.
ඒ මිනිහා තාත්තා කියන වචනෙ ලබන්න සුදුසු නෑ රෝස.
ගීත්නා පව්.
කාලයත් එක්ක එයා හිත හදාගනී.
හ්ම්ම්ම්…
බබා ගැන දැනගෙන ඉඳලත් ඇයි මට නොකීවෙ?
ගීත්නා පව් හින්ද කුශ්අයියෙ . මට හිතුනෙ නෑ ඔය දෙන්නා අතරට එන්න.
මෝඩි. මෝඩි. හැම දෙයක්ම තනියම විසඳන්න යන හින්ද මේ ඔක්කොම ප්‍රශ්න . මීටපස්සෙ අපි දෙන්නම එක්කෙනෙක්. ඒ හින්ද මොන දේ උනත් දෙන්නම එකට. තේරුනාද?
හා..
වෙන්න තියෙන දේවල් වලක්වන්න බෑ. ඒ හින්ද අපි එන විදියකට මූණ දෙමු.
හ්ම්ම්ම්. ඔයා වෙනස් වෙලා. මම කියන දේවල් අහන් ඉඳල එයා එකපාරටම කිව්ව.
ඒ කිව්වෙ.
නෑ ඔයා ඔහොම කතා කරනව මම දැකලම නෑ.
කොහොම කතා කරනවාද.
හරිම වගකීම් සහගත විදියට. එයා කිව්වෙ සැකෙන් වගේ.
මට හිනා එයා ඒක කිව්ව විදිහට. ඇත්ත තමයි. මම කවදාවත් තනියම හිතල දෙයක් කරල නෑ. මේ ප්‍රශ්න වලදි මාත් එක්ක කී දෙනෙක් හිටියද. එයාල නැත්තම් මට ඒ කිසිදෙයක් තනියම කරගන්න බැරි වෙනවා.
ස්ටුඩියෝ එකේ වැඩ වලට රවීන් හිටියෙ නැත්තම් මට කවදාවත් තනියම එච්චර දුරක් එන්න ලැබෙන්නේ නෑ. ඒත් දැන් හැමදේම වෙනස්. දැන් මට පුලුවන් ඕන දේකට මූණදෙන්න. හැම අඳුරු වලාකුලකම රිදී රේඛාවක් තියෙනවා කියන එක ඇත්තම ඇත්ත. හිතාගන්න බැරි තරම් දේපල ගොඩකින් මට ලැබුනු එකම දේ එච්චරයි.
මම දැන් අම්මාගේ චූටි පුතා විතරක් නෙවේ. හෙට අනිද්දට තාත්තා කෙනෙක් නේ. ඔයා කැමති නැද්ද මේ විදියට? මම එයාගෙන් ඇහුවෙ විහිලුවට. මට මතක් උනා අපි හමු උන මුල් දවස්.
කැමතියි කුශ් අයියෙ මම කැමතියි ….
ඩියාශි තව දෙයක් ඔයා දැනගන්න ඕන. මම කලාගාරය ප්‍රංශ රජයට පවරන්න තීරණය කලා.
මම බලාපොරොත්තු උනේ එයා එපා කියයි කියල. ඒක කියද්දි එයා පුදුම උනේ වත් නෑ. ඔයාට ඒක කරන්න බෑ කිව්වෙත් නෑ. අපි තියාගමු කීවෙත් නෑ. එයා ඇහුවෙ එක දෙයයි.
හරි තීරණයක් කියල විශ්වාසද කුශ් අයියෙ?
මට සීයට දාහක් විශ්වාසයි.
මම ඔයාව විශ්වාස කරනව.
මට ඕන සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න. සල්ලි තියාගෙන කොයි වෙලෙත් බයෙන් ජීවත් වෙන්න නෙවේ. මේ දේපල හින්ද අපි හැමෝම විඳෙව්ව තරම හොඳටම ඇති. කී දෙනෙක් ජීවිත වලින් වන්දි ගෙව්වද. ඒ හැම දේකම අවසානයක් තියෙන්න ඕන රෝස.
යන යන තැන මීඩියාකාරයෝ පස්සෙන් එනව. මම ගොඩාක් සරල කොල්ලෙක්. මට ඕන සරල ජීවිතයක්. මේ දේවල් නැතුවට ඔයාටයි අපේ දරුවන්ටයි අඩුපාඩුවක් නැතුව ජීවත් වෙන්න දෙන්න මට පුලුවන්. ඒ හින්දයි මේ තීරණය ගත්තෙ. ඔයා මගේ ලගින් ඉන්න ජීවිත කාලෙ පුරාවටම. ඒ හොඳටම ඇති මට.
මම ආදරෙයි කුශ් අයියෙ . ඒ තීරනේ හරිම තීරණය කියල මං හිතනව.
කලාගාරය විතරක් නෙවේ. සීයාගේ අනිත් දේපල හැම දෙයක්ම අපේ රටේ ලමා නිවාස වැඩිහිටි නිවාස වලට ආදායම බෙදිල යන විදියට හදන්න මම තීරණය කලා. ඒවායින් සතයක් වත් අපිට ඕන නැහැ.
ඒත් ඒ සල්ලි ලැබෙන්න ඕන අවශ්‍ය අයට විතරයි. අපි සීයාගේ නමින් අරමුදලක් පටන් අරගෙන උදව් කරමු. දුප්පත් ලමයින්ට උදව් කරන්න. ඒ හැමදේම කරන්න ඔයා මගේ ලගින් ඉන්න. එච්චරයි මට ඕන.
මම ඉන්නවා කුශ් අයියෙ. ඒක පොරොන්දුවක්.