17වෙනි කොටස🦋

ආදීගේ දෑස් මිහානාගේ වතේ සැරිසැරුවේ හරි ඉක්මනට.ආදීට තේරුනා තමන් නැති අවුරුදු පහට මිහානා ගොඩක් වෙනස් වෙලා ලස්සන වෙලා කියලා.එතකොටම ආදීගේ ඔලුවට ආවේ මිහානා ඇදගෙන ඉන්න නයිට්ඩ්‍රෙස් එක.

“උදේට දොර අරින්නේ ඔහොමද…”ආදී එහෙම ඇහුවත් මන් ආදී කියපු දේ ගනන් නොගත්තෙ මගෙ හිතේ ආදී ගැන කේන්තියක් ඇතිවෙනකොට.මන් දොර වහන්න හැදුවත් ආදී කකුල තිබ්බේ මට දොර වහන්න බැරිවෙන්න.ආදී කරපු ඒ වැඩේ නිසාම මන් ආදී දිහා බැලුවේ කේන්තියෙන් ඇස් රතු කරගෙන.

“මිහානා කවුද බෙල් එක ගහන්නේ මට නිදාගන්නත් නෑ.”ආදීට ඇතිවුනේ කේන්තියක් ආදී කල්පනා කරේ අර මනුස්සයා මොකද මෙහෙ කරන්නේ කියලා.ආදී පිලිගන්න කැමති වුනෙ නෑ ඒ මනුස්සයා මිහානගේ ගෙදර රැයක් පහන් කලා කියලා.ශෝට් එකක් විතරක් ඇදගෙන කමිසයක් නැතුව තමන් දිහාට එන ගිහාන් දිහා ආදී බලන් හිටියේ කේන්තියෙන්.ආදී ආපහු සැරයක් මිහානා දිහා බැලුවේ දත්කූරු හපමින්.

“මිහානගේ ගෙදර පිරිමියෙක් ඉන්නවා.ඒත් එයා ඒ පිරිමියට පේන්න නයිට්ඩ්‍රෙස් එකක් ඇදගෙන ඉන්නවා.ගිහාන් මිහානා කියන්නේ හොද යාලුවෝ කියලා මන් දන්නවා.ඒත් ඒ දෙන්නා මෙච්චර ලං වෙන්න…”ආදී එහෙම හිතමින්ම තමන් ඇදගෙන ඉන්න ජැකට් එක මිහානගේ වත වැහෙන්න දැම්මේ ගිහාන් දිහාට රැවුමක් පා කරලා.

“ඔයා මෙතන මොකද කරන්නේ….”දෙන්නම එහෙම ඇහුවේ එකටම වගේ.ආදී ගිහානුයි දෙන්නා එකිනෙකා දිහා බලාගෙන හිටියේ දරාගන්න බැරි කේන්තියකින්.දෙන්නගෙම හිත කිව්වේ ගහන්න කියලා.

“ඔයා මෙතන මොකද කරන්නේ…”ආදී ඇහුවේ ගිහාන්ගෙන් උත්තරයක් නැතිම තැන.ගිහාන් ආදී දිහාට හිනාවක් පා කරලා අත් දෙක බැදගෙන හේත්තු වුනේ බිත්තියට.

“මන් ඒක ඔයාගෙන් අහන්න ඕන ඔයා මෙතන මොකද කරන්නේ නේබර්…”ගිහාන් අහපු දේ නිසා ආදීට කේන්ති ගියා කියලා මට ඒ ඇස්වලින් පෙනුනා.ඒත් එයා කේන්තිය පාලනය කරගෙන ආපහු සැරයක් බැලුවේ ගිහාන් දිහා.

“ඔයා ඉන්නේ ගෑනු කෙනෙක්ගේ ගෙදර ඉතින් එයා ඉස්සරහා ශර්ට් එකක් නැතුව ඉන්න එක හරි නෑනේ ඒක නිසා ගිහින් ශර්ට් එකක් ඇදගන්න.”

“ඒක ඔයාට අදාල දෙයක් නෙවේනේ…ඒක නිසා ඔයා ඒක ගැන වදවෙන්න එපා.”ගිහාන් මගේ උරහිස වටා අත යවලා මාව ලගට කරගෙන දොර වහන්න හැදුවත් ආදී කරේ ඉස්සෙල්ලා වගේම දොර වහන්න නොදී කකුල තියපු එක.

“ඔයා මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ලග ඉන්නේ ඉතින් මට ඒක අදාලයි.මොකද මන් කැමති නෑ මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ගාව කවුරුත් ඔහොම හැසිරෙනවට “මගේ ඔලුව ඉබේටම ඉස්සුනේ ආදී කියපු දේ ඇහිලා.

“ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් …ඇත්තටම ඔයාට මෙහෙ ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද…එයා කොහෙද…ඇයි එයාව මට පේන්නේ නැත්තේ . …..”ගිහාන් ආදීගෙන් ඇහුවේ සමච්චලේට හිනාවෙලා.ආදී ටික වෙලාවක් ඇස් දෙක පියාගෙන ඉදලා ඇස් දෙක ඇරලා බැලුවේ මන් දිහා.

“බබා අපි කතා කරමු.”ආදී එහෙම කියලා මගේ අතින් ඇල්ලුවේ ගිහාන් මැදට පැනලා ආදී අල්ලගෙන හිටපු මගේ අත අතඇරලා දාලා ආදීව පිටිපස්සට තල්ලු කරේ ආදී විසිවෙලා යද්දි .

“මෙහෙන් යනවා “ගිහාන් කිව්වේ මාව පිටිපස්සට කරගෙන .

“ගිහාන් ප්ලීස් මෙහෙම කරන්න එප.මට මිහානත් එක්ක කතා කරන්න ඕන.”

“ඔයාට මිහාන එක්ක කතා කරන්න කිසිම අයිතියක් නෑ.අවුරුදු පහකට කලින් ඔයා එයාව දාලා පැනලා ගියා.ඔයා ඒ අයිතිය නැතිකරගත්තේ ඔයා බයගුල්ලෙක් වගේ පැනලා ගියාට පස්සෙ.”

“ඔයා කිසිම දෙයක් දන්නේ නෑ මන් පැනලා ගියේ නෑ.”ආදී එහෙම කිව්වේ ගිහාන් කියන්න ගියපු දේ නවත්තලා.

එයා මාව දාලා ගියෙ නැද්ද…මන් දන්නවා එයා කියන්නේ බොරු..”මන් හිතුවේ ආදී දිහාම බලාගෙන.

“මට මිහානට පැහැදිලි කරන්න දෙන්න.”

“නෑ මෙතනින්‍ යනවා.මිහානා කැමති නෑ ඔයා කියන දේ අහන්නවත්.”ගිහාන් එහෙම කිව්වේ පිටිපස්සට වෙලා මාව අල්ලගෙන ආදීව තල්ලු කරලා දාලා.

“යනවා මෙතනින්…”ආදී බැලුවෙ ගිහාන් දිහා.මගෙ හිත කිව්වෙම ආදී ගිහාන්ට ගහයි කියලා.ඒත් ආදී කවදාවත් නැතුව එයාගේ කේන්තිය පාලනය කරගෙන.ආදී ගැබුරු හුස්මක් අරගෙන බැලුවේ මන් දිහා.

“මන් කියන දේ අහන්න බබා…මේ අවුරුදු පහට මොකද වුනේ කියලා මන් හැමදේම ඔයාට කියන්නම්.මට ගෙදරට කතා කරලා…..”

“ඔයා බොරු කියන එක නවත්තලා මෙතනින් යන්න.”ගිහාන් කිව්වේ ආපහු පාරක් ආදීව තල්ලු කරලා.දිගින් දිගටම ගිහාන් කරන දේවල් ආදීට ඉවසගන්න බැරිවුනා.

ඒක නිසාම ආදී ගිහාන්ගේ මූනට ගැහුවේ දෙන්නට දෙන්නා ගහගනිද්දි.මන් මුල්ලකට වෙලා නවත්තන්න කියලා කොච්චර කෑ ගැහුවත් ඒ දෙන්නා නවත්තන පාටක් පේන්න තිබ්බේ නෑ.

“නවත්තනවා දෙන්නම…”මන් කෑ ගැහුවත් දෙන්නගෙන් එක්කෙනෙක්ටවත් මන් කියන දේ ඇහුනේ නෑ.මගේ දෑස් ගියේ ආරුගේ කාමරේ දිහාට.වාසනාවට වගේ ආරුගේ කාමරේ දොර වහලා.

“මගේ පුතා නිදි…මන් කැමති නෑ ඔයාලගේ රං/ඩුව නිසා මගේ පුතා ඇහැරෙනවා බලන්න.මොකක්ද ඔයාලගේ ඔය මෝඩ රං/ඩුව.”මන් කියන දේ අහන්න තාමත් ඒ දෙන්න ලෑස්ති නෑ.මේ රං/ඩුව නවත්තන්න මන් මොනව හරි නොකලොත් ගිහාන්ට ආදීගෙන් ගුටිකන්න වෙයි ඒක මට බලාගෙන ඉන්න බෑ.

මන් ඉක්මනට කිචන් එකට දුවගෙන ගියේ වතුර භාජනයක් ගේන්න.මන් ආපහු එනකොට දැක්කේ ආරු කාමරේ ලග ඉදන් ආදීගෙයි ගිහාන්ගෙයි රං/ඩුව දිහා බලාගෙන හිනාවෙනවා.මන් වතුර භාජනය බිමින් තියලා දුවගෙන ගියේ ආරු ගාවට.

“ආරු ඔයා මොකද මෙතන කරන්නේ…”

“ඒ දෙන්නා රං/ඩුවෙනවා.”ආරු කිව්වේ ආදීගෙයි ගිහාන්ගෙයි දිහාට ඇගිල්ල දික් කරලා.

“නෑ නෑ ..ආරු එයාලා ඒ සෙල්ලමක් කරන්නේ…”.

“සෙල්ලමක් කරන්නේ…”

“ඔව් ඔව් එන්න අපි කාමරේට යමු මං එයාලට බනිනවා වැඩි වෙලාවක් සෙල්ලම් කරාට.මං එහෙම කිව්වත් තාමත් ආරුගේ ඇස් තිබ්බේ එ දෙන්නගෙ රං/ඩුව දිහාට.මං ආරුව වඩාගෙන ගිහින් කාමරෙන් තියලා දොර වහගෙන එලියට ඇවිත් බිම තිබ්බ වතුර භාජනේ අරගෙන ගිහින් ආදීගෙයි ගිහාන්ගෙයි ඔලුවට වත් කරේ ඒ දෙන්නම කෑ ගහගහද්දි.

“බබා ඔයා මොකක්ද ඒ කරේ…”මන් හිස් භාජනය පැත්තකින් තියලා බිම වැටිලා ඉන්න ගිහාන්ව නැගිට්ටෙව්වේ ගිහාන්ගෙ මූන දිහා බලාගෙන.ගිහාන්ගේ මූනට වැදිලා තියෙන පාරවල් දකිද්දි මට දැනුනේ මන් වෙව්ලනවා වගේ හැගීමක්.

“අනේ දෙයියනේ…”මන් එහෙම මිමිනුවේ ගිහාන්ගේ මූන අතගාන ගමන්.හරියට තු/වා/ල වුනේ මට වගේ වේදනාවක් මට දැනුනේ.

“ගොඩක් රිදෙනවා නේද…”මං අහද්දි ගිහාන් හිස වැනුවේ හිනාවෙමින්.මං බැලුවේ ආදී දිහා කේන්තියෙන්.

“මොකක්ද ඔයාට වෙලා තියෙන්නේ…ඇයි ඔයා මෙහෙම දෙයක් කරේ…ඇයි ඔයා ගිහාන්ට අර විදිහට ගැහුවේ…ඔයා හිතන්නේ ඒක ගොඩක් විනෝදජනකයි කියලද….”මන් එහෙම ඇහුවත් ආදී දිග හුස්මක් අරගෙන බැලුවේ මන් දිහා.

🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡

💫මතු සම්බන්ධයි