Episode

“දරුවා නිදි නේද චේතනා?…”

ඔහු ඇසුවේ ඇඟිල්ලකුත් කටේ ගහගෙන මගේ උකුල උඩ නිදාගෙන ඉන්න පුංචි පැටික්කි දෙස බලමින්.

“ඔව් මහත්තයා.අඬලා අඬලානෙ නිදා ගත්තෙ.මට හරිම බයයි දරුවා ගැන…”

“ඒ ඇයි?මනුලි ඇවිත් දරුවව අපෙන් උදුරගෙන යයි කියලා බයද?…”

“එහෙම බයක් නෙවෙයි මහත්තයා.දිගින් දිගටම මෙහෙම මනුලිවම ඉල්ලලා අඬලා දරුවා අසනීප වෙයි කියලා මට හරිම බයයි මහත්තයා…”

මං දුකෙන් වගේ එහෙම කියද්දි එයා මගෙ ඔලුව අතගාලා කිව්වෙ හැම දෙයක්ම හරි යයි කියලයි.මාස ගානක් මහන්සි වෙලා කොහොම හරි දරුවව අපි ගාවට ගත්තත් හිතට ලොකු සතුටක් දැනුනෙ නැහැ.

හවස් වෙද්දි අපි බණ්ඩාරවෙලට ආවා.ඒ වෙනකොට නම් වැස්ස නතර වෙලයි තිබුනෙ.යාන්තමින් වැටෙන වැහි බිංදු වලින් බේරගෙන මං දුවව වඩාගෙන ඉස්තෝප්පුවට ආවා.

තනි තට්ටුවෙ ලස්සන පුංචි ගෙදරක්.පුංචි කිව්වට පුංචිමත් නැහැ.සාලෙයි,කාමර තුනකුයි,කුස්සියයි,බාතෲම් එකයි,කෑම කාමරේකුයි තියනවා.

හැම දෙයක්ම කලින්ම ප්ලෑන් කරලා තිබුනු නිසා ගොඩක් පහසු උනා.මං දුවව ඇඳෙන් තියලා නෙට් එක දාලා ජනේලෙත් වැහුවා. කාමරේ ලොකුවට තියන නිසා දුවට සෙල්ලම් කරන්නත් ලේසියි.එයාගෙ සේරම සෙල්ලම් බඩු ටික ගෙනත් කාමරෙන් තිබ්බා.

“දුව ගොඩක් වෙලා නිදා ගත්තු නිසා කෑම හදලා ඇහැරෙව්වා නම් හොඳයි නේද චේතනා?දැන් බඩගිනිත් ඇති…”

ඇඳුම් බෑග් ටිකත් අරගෙන තේනුක මහත්තයා කාමරේට ආවා.ඇඳුම් අහුරන්න, කුස්සියෙ බඩු හදාගන්න මිදුලෙ මල් පැල එහෙම ටිකක් හිටවලා දාන්න ඕනි.ඒ සේරම ටික පස්සෙ හිමීට කරගන්නවා.මුල්ම අවධානෙ දෙන්න ඕනි දරුවට.

කුස්සියට ගිහින් මං දුව ආසම විදියට නූඩ්ලස් එකක් හදාගෙන බිත්තරේකුත් බැදගෙන අරන් ආවා.

“දෝණී…. මගෙ මැණික හොඳ බබා වගේ නැගිටින්නකො කෑම කන්න.මගෙ පැටියා ආසම විදියට අම්මි නූඩ්ලස් හදලා තියෙන්නෙ…”

ආරණ්‍යා නැගිටලා ඇස් දෙක පොඩි කර කර වටපිට බැලුවා.ඊට පස්සෙ චේතනාගෙ මුහුණ දිහා බැලුවා.

“කෝ අම්මි?…”

කෙ/ල්ල අහද්දි චේතනාගෙ මුහුණ දුකින් බර උනා.පුංචි ආරණ්‍යා තමාව කවදා මව ලෙස පිළිගනීදැයි කියා ඇය සිතුවා.

“මමනෙ මැණික ඔයාගෙ අම්මා.එන්න අපි කට හෝදගෙන බයියං කාලා ඉම්මු.මගෙ මැණික අම්මියි අප්පච්චියි එක්ක අලුත් ගෙදරකට ඇවිත් ඉන්නෙ මේ…”

ආරණ්‍යා දුකින් වගේ ඇඳෙන් බිමට බැහැලා චේතනා දිහා බලන්නෙවත් නැතුව කාමරෙන් එලියට ගියා.චේතනාත් කෑම පිඟාන අරගෙන ආරණ්‍යාගෙ පිටිපස්සෙන් ගියා. ආරණ්‍යා පුදුමයෙන් වගේ ගේ ඇතුලෙ හැම තැනකම ඇවිදලා බැලුවා.ඊට පස්සෙ ඉස්තෝප්පුවට ගිහින් මිදුල දිහා ආසාවෙන් වගේ බලාගෙන හිටියා.

“මගෙ දෝණී දැන්ද නැගිට්ටෙ?මේක තමයි අද ඉඳන් අපේ අලුත් ගෙදර.දෝණි ආසයි නේද මේ ගෙදරට?…”

තේනුක දුවව වඩාගෙන මිදුලට ඇවිත් අලුත් ගෙදර පෙන්නුවා.

“මට අපා මේ ගෙදර.මට අම්මිගෙ ගෙදර නන්න ඕනි.ඒ ගෙදර මීට වැඩිය ගොදාක් ලොකුයි.මත අම්මිව ඕනී…”

“මේ ඉන්නෙ මගෙ දෝණිගෙ අම්මිනෙ. බලන්න එයා දෝණිට රසම රස කෑමක් හදලා.මේක කෑවෙ නැත්නම් බිල්ලා මාමා ඇවිත් දෝණිව ගෙනියයි…”

බොහොම අමාරුවෙන් චේතනා ආරණ්‍යාට කෑම ටික කවාගත්තා.

“මාව අම්මි ගාවට ගෙනියන්නකො අංකල්. මත අම්මිව ඕනී.අප්පච්චිවත් ඕනි…”

“ඉතින් අපි දෙන්නනෙ දුවගෙ අම්මයි අප්පච්චියි…”

තේනුක හරිම ආදරෙන් එහෙම කිව්වා.පුංචි ආරණ්‍යා ඇස් දෙකේ කඳුලු පුරවගෙන තේනුකගෙ අතින් බිමට බැහැලා ගෙට දුවගෙන ගියා.

“දුව කවදාවත් මං එයාගෙ අම්මා කියලා පිළිගන්නෙ නැති වෙයිද මහත්තයා?…”

චේතනා අඬන්න වගේ තේනුකගෙන් එහෙම ඇහුවා.

“දුක් වෙන්න එපා චේතනා.එයා තවම පුංචියිනෙ.පොඩි දරුවෙකුට ඔය වගේ බරපතළ කාරණාවක් තේරුම් කරලා දෙන්න ගොඩක් අමාරුයි.අපි හිමිහිට උත්සහ කරලා බලමු.ඒක නෙවෙයි.වෙනසකටත් එක්ක අද රෑ කෑමට එලියට යමුද තුන් දෙනාම?…”

“ඒක නම් ගොඩක් හොඳ අයිඩියා එකක් මහත්තයා.වෙනසකටත් එක්ක හොඳයි. දුවත් කැමති වෙයි…”

“එහෙනම් හතට විතර යමුකො.ලෑස්ති වෙන්න…”

චේතනා කාමරේට ඇවිත් ආරණ්‍යාට කිරි එකක් හදාගෙන ආවා.ඇමතිගෙ ගෙදර ඉන්නැද්දිත් ආරණ්‍යා හැමදාම හවස හයට විතර කිරි එකක් බොනවා.ඒක හදලා දෙන්නෙ මනුලි.

“මේක අම්මි හදන කිරි එක වගේ සස නෑ.මත අපා මේවා…”

චේතනා හරිම ආසාවෙන් හදපු කිරි එක ආරණ්‍යා ප්‍රතික්ෂේප කරා.ඒකට චේතනාට ගොඩක් දුක හිතුනා.

“අනේ මැණික මේක අම්මි තමයි හැදුවෙ. ගොඩක් රසට තියනවා.මගෙ මැණික ආස නැද්ද?…”

“මත එපා.අම්මි එනකල් මං ආයෙ බයි කන්නෙත් නෑ.කිරි බොන්නෙත් නෑ…”

“ඔහොම මුරණ්ඩු වෙන්න එපා දෝණි.ඔයා ඌවා උනොත් හොස්පිටල් ගිහින් බෙයියන් විදින්නත් වෙයි හොඳේ…”

ආරණ්‍යා තරහෙන් වගේ බිත්තිය පැත්තට හැරිලා හිටියා.චේතනා කොච්චර කතා කරත් ආරණ්‍යා ඇය දිහා හැරිලාවත් බැලුවෙ නැහැ.

~~

“දෝණි මොනවද කන්න කැමති?…”

රෑ කෑමට කාරෙකේ එලියට යන අතරමගදි තේනුක ආරණ්‍යාගෙන් ඇහුවා.

“කොත්තු ඕනි…”

ආරණ්‍යා කොත්තු ඕනි කියද්දි තේනුකගෙ එකපාරටම බැලුවෙ චේතනාගෙ මූණ දිහා. ඉස්සර චේතනාත් හරිම ආසයි කොත්තු කන්න.

“ඔයාට මොකුත් මතක් උනාද මහත්තයා?…”

“ඔව්.ඔයාගෙ ආසම කෑමත් කොත්තුයි තෝසෙයිනෙ.ඉස්සර අපි දෙන්නා නවමිණි හොටෙල් එකෙන් කොච්චර කොත්තු කනවද. ඔයාගෙ ආසාව තමයි දුවටත් ඇවිත් තියෙන්නෙ…”

බණ්ඩාරවෙල ටව්න් එකේ තිබ්බ ගැමි අවන්හලකින් චේතනායි තේනුකයි තෝසෙ කාලා ආරණ්‍යාට කොත්තු අරන් දුන්නා. ආසාවෙන් ගත්තත් ආරණ්‍යා කොත්තු කෑවෙ චුට්ටයි.

“කානිවල් එකක් තියනවා ටව්න් එකේ බලන්න යමුද?…”

“හා.දුවත් කැමති වෙයි…”

කානිවල් එක බලන්න ආවත් චේතනා හිටියෙ දුවව වඩාගෙනමයි.සුළු මොහොතකටවත් ආරණ්‍යාව බිමින් තියන්න චේතනාට බය හිතුනා.

“ආ…. දූට මේ ලස්සන බෝනික්කයි චොක්ලට් එකයි අප්පච්චිගෙන්…”

තේනුක කඩේකින් ලස්සනම ලස්සන ලොකු බෝනික්කෙකුයි චොක්ලට් එකකුයි අරගෙන ආරණ්‍යාට දුන්නා.

“ඔයා මගෙ අප්පච්චි නෙවෙයි…”

ආරණ්‍යා තරහෙන් වගේ එහෙම කියද්දි චේතනා ඉක්මනින් ඇයව අරන් කාරෙකට ආවා.

“අපි ඉක්මනට ගෙදර යමු මහත්තයා.දෝණි මිනිස්සු ඉන්න තැන අම්මාව ඕනි කියලා ඇඬුවොත් මිනිස්සු හිතයි අපි දරුවව කාගෙන් හරි හොරකම් කරගෙන ඇවිත් කියලා.ඊට පස්සෙ පොලීසි යන්නත් වෙයි…”

කාරෙකේ ගෙදර යද්දිත් ආරණ්‍යා අම්මා ගාවට යන්න ඕනි කියලා ඇඬුවා.චේතනා මහත් වෙහෙසක් දරලයි ඇයව නිදි කෙරෙව්වෙ.පුංචි කෙලි පැටික්කිට අඬන්න සිද්ද වෙච්චි එක ගැන චේතනාගෙ හදවතට දැනුනෙ පුදුම වේදනාවක්.ඇය ඇඳේ පැත්තකින් ඉඳගෙන ආරණ්‍යා දිහා දුකින් වගේ බලාගෙන හිටියා.

“යු/ද්/ධ/ය/ක් කරා වගේ නේද චේතනා?…”

“මට හරිම දුකයි මහත්තයා දරුවා ගැන. එයාට මනුලි නැතුව සාංකාව වගේ.අඬලා අඬලා නිදිය ගත්තෙ.මං අම්මා කියලා එයා පිළිගන්නෑ මහත්තයා.අනේ මගෙ ප/පු/ව පැ/ලෙ/න්/න එනවා…”

මතු සම්බන්දයි.