-9 කොටස-
“ඇත්තට…. අපරාදෙ ඊයෙ අර මැර අයියලා ටිකට ගෙනි යන්න දෙන්න තිබුනෙ..”
හිමංස කිව්වෙ කට කොනින් හිනා වෙවී..
“මට මතක් උනේ නැහැනෙ වන් වන් නයින් ගහන්න..”.නිශාදි කීවෙ බොහොම දුකින්..
“මතක් කරලා ඊලග දවසෙ වන් වන් නයින් ගහනවා.. මං දෙයියනේ කියලා නිදා ගන්නම්…”
. හිමංස නෝන්ඩියට හිනාවෙනකොට නිශාදි කට ඇද කලා
“මෝඩයා…අර සක්කරවට්ටමත් එක්ක නම් මුකුළු කරද්දි ඔහොම හිනා වෙන් නැහැනෙ…..”
“මොනවද කුටු කුටු ගාන්නෙ.. කවුද සක්කරවට්ටම…”
“ඇහුනනම් අහන්නෙ…. “
“කියනවා ඉතින්..”
.හිමංස හෝන් කරනවා සද්දෙන්… සීතා ඇවිත් ගේට් එක ඇරියා…
“මං දන් නැහැ නම… රස්නෙද මොකද්ද එකක්…..”
“ඕහ්… රශ්මි ගැනද ඔයා කියන්නෙ..”
ඔව් ඔව්.. නිශාදි මූණ ඇඹුල් කරගෙන කියද්දි හිමංස හිත යටින් හිනාවෙනවා.. තව ටිකක් අවුස්සන්න ඕනෙ.. ඉරිසියාකාරි….. මට ආදරෙයි…ඒත් තේරුම් ගන් නැහැ… . ලොකුකමනෙ ඉතිං…මාත් කියන් නැහැ….
“රශ්මි තමයි මගෙ ෆේවරිට් ඔෆිසර්… as well pretty girl…how sweet…. i like her……very nice aa….වෙලාවකට මට එක එක ඒවත් හිතෙනවා ඉතිං……”
“ඉතිං එච්චර හොදයි නම් බැද ගන්න එපැයි…”
එහෙම කීව නිශාදි කාර් එකෙන් බැහැලා දොර දඩස් ගාලා වහලා ගස්සගෙන යන හැටි හිමංස හිනා වෙවී බලං හිටියා.
හිමංස ගේ ඇතුලට යනකොටම පොඩි දෙන්නා පාර හරස් කලා
“මොකද මේ ජෝඩුව…..”
“ඔයා මොකද්ද අපේ පුංචට කලේ”
“ඇයි”
“පුංචා අපි දිහාවත් බලන් නැතුව රොකට් එකක් වගේ උඩට ගියා..එයා කාමරේ දොර වහන සද්දෙ මෙහෙටත් ඇහුනා”
“ඔහ්.. එහෙමද “
හිමංස ඔලුව කහන්න පටං ගත්තා..ඒ මොකෝ උනේ…..
“ඔයා තමයි ඔක්කොම කරන්නෙ…නෝටි බාප්පි.. ඔයා පුංචට බනින්න ඇති… අපි තරහයි ඔයා එක්ක.. “
“යකෝ මේක පුදුම ආණ්ඩුවක්නෙ…. මේ ඔයාලා දෙන්නට පුංචව දෙන්නෙම නෑ මං ආයෙ”
“අනේ ඔයා අපේ සුදු බාප්පිනෙ..පුංචත් කීවා ඔයා ස්මාර්ට් බෝයි කියලා…. “
“යනවලා බටර් ගාන්නෙ… මට ජෑමුත් ඕනෙ…”
හිමංස අඩියට දෙකට උඩට නැග්ගා… නිශාදි දොර ලොක් කරගෙන…
“නිශාදි… දොර අරිනවා.”
නිශාදි කාමරේට වෙලා ඇහුන් නෑ වගේ හිටියා..
“නිශාදි දොර අරිනවද නැත්නම් මං දොර කඩන්නද”
නපුරා ඒකත් කරන්න බැරි නෑ. නිශාදි දොර ඇරියා..හිමංස රවපු රැවිල්ලට කෙල්ල විසි වෙලා ගියා වගේ..
“මොකද්ද දැන් සිද්ද වෙලා තියෙන්නෙ..”
“මොනවත් නැහැ”
“එහෙනම් මොකද ඔය නයෙක් වගේ පෙනේ පුප්පන්නෙ…”
“දස්ට කරන්න”
“කාටද”
“ඔයාට වැඩක් නැහැනෙ…”
“හරි …ආන් ඩබල පහල බලං ඉන්නවා.. ඒක නෙවේ.. හෙට ඔයා ඔෆිස් එන්න එපා..
මං රශ්මිත් එක්ක අලුට් ප්‍රොජෙක්ට් ඒරියා එක බලන්න යනවා…”
නිශාදිගෙ මූණ කලු වෙලා යන හැටි බලාගෙනම හිමංස එයාගෙ රූම් එකට ගියා…
🖤🖤🖤
“මෝඩ යක්කු උඹලා…මෙච්චර පොඩි වැඩක් කරගන්න බැරි තරම්… ශික්…. ඒ උනාට කයිය නම් කොහොමද…”
“සොරි බොස්…. හිතුවෙ නැති දෙයක් උනේ…”
“ලැජ්ජා නැතිව කියන හැටි…”
“බොස් ආයුද පාවිච්චි කරන්න එපා කීවනෙ.. ඒකයි වැඩේ අවුල් ගියෙ”
” හහ්….ඔය කාලා තියෙන හැටියට එහෙනම් උඹලට ගෙදර යන්න වෙන්නෙ ම්නී පෙට්ටියට බැහැලා තමා..”
“බොස්.. පොර නියම කරාටිකාරයෙක්.. ආයෙ අහන්න දෙයක් නෑ…ආ ..තව බොස්ට මැසේජ් එකකුත් දුන්නා… හිමංස දෑලබණ්ඩාර ඉන්නකලුත් මැරුනට පස්සෙත් මැඩම්ට කරදරයක් කරන්න කාටවත් බෑ කීවා”
” ඒඒඒඒ… උඹල නම්… ඔච්චර ඩ්‍රාමා එකක් යනකල් බලං හිටියනෙ….”
“බොස් බය වෙන්න එපා.. ඊලග පාර නම් අපි තිතට වැඩේ දෙනව.. ෂුවර් ….”
“මේ .. දැන්ම බෑ. හොදට අහගන්නවා.. දැන් හිමංස පිස්සු බල්ලෙක් වගේ මාව හොයනවා ඇති.. උඹලා වෑන් එකේ නම්බර් ප්ලේට් එක අයින් කලා නේද”
“ඔව් බොස් ඒවා හරි”
“එහෙනම් මේ සති දෙක තුන ගෙවෙනකම් වෙන පලාතකට යනවලා… තේරුනාද … වෙලාව ආවම මං කියන්නම්….”
“හරි බොස්… බොස් කියන විදිහක්…”
🖤🖤🖤🖤🖤
නිශාදිට නින්ද යන්නෙ නැහැ… අර රශ්මි එක්ක ෆීල්ඩ් විසිට්.. හහ්හ්හ්.. ඊඊඊඊඊ.. මට නම් පෙන්නන්න බෑ ඔය සක්කරවට්ටම… ඇස් කරකව කරකව හිමංස දිහා බලන හැටි.. රූප රාජිනී කියල වෙන්න ඇති හිතාගෙන ඉන්නෙ…
හිමංස ඕක තමා කකුල හොද උනු ගමන් උඩ පැන පැන ඔෆිස් ගියෙ….document part එක ඔක්කොම කරන්න ඕනෙ මං.. ඒත් ෆීල්ඩ් විසිට් එයත් එක්ක…..
ඒත් මං මොකටද මෙච්චර තරහ ගන්නෙ….ඇත්තටම … මං තරුන් එක්ක ගියාම හිමංසට යන කල දසාව මොකද්ද.. මෙච්චර කල් මට ඒ ගැන කල්පනාවක් තිබුනෙ නැහැනෙ..
එක අතකට හිමංස හරි…ඒත් මට එහෙම හිතෙද්දිත් ලොකු හිස්කමක් දැනෙන්නෙ ඇයි…. ඊයෙ හිමංස අර මැරයොන්ට ගහපු හැටි… නිල් ඩෙනිමට සුදු ටී ෂර්ට් එකට එයා කොච්චර හැන්ඩ්සමද….තරුන්ට නම් කවදාවත් ඔය වගේ වෙන්න බැරි වෙයි.
ඇයි මේ මං දෙන්නව සංසන්දනය කරන්නෙ..
මාව තරුන්ට දෙන්න හදන්නෙ රශ්මි හින්දද…. අනේ… මගෙ ඔලුවත් රිදෙනවා..
.තමන්ගෙ හිතේ ඇතිවෙලා තිබ්බ මේ හැගීම තේරුම් ගන්න නිශාදිට බැරි උනා.. හිමංස එක්ක රණ්ඩු කලාට හිමංස නැති උනු දවසක ඒ පාලුව දරාගන්නෙ කොහොමද…. කෙල්ලගෙ හිත කුණාටුවකට අහුවෙලා වගේ…
නිශාදි කොට්ටෙත් අරං හිමංසගෙ කාමරේට යකකොට ලයිට් එකත් දාගෙන හිමංස ගොරව ගොරව නිදි…
පෙනේද නිදි හැටි නපුරා…..දෙන්න හිතෙනවා වතුර පාරක්.. ඒත් යක්ෂාවේශ වෙයි එතකොට…
නිශාදි සද්ද නොකර හිමංස ලගින් හාන්සි වෙලා ඇස් පියා ගත්තා…
💙💙💙
“මගෙ පණ… සුදු පැටියෝ… ඔයා ඇයි පරක්කු උනේ..”
නිශාදි ඇහැරුනේ ඇහුනු කියවිල්ල නිසා…හිමංස ඇස් පියාගෙන කියවනවා..
මේ හිමංස හීනෙන් දොඩවනවා නේද….
“ඔයා ස්වීට් ඩාර්ලිං…..අපි යමු පියාඹලා කොහෙටහරි.. ඈතකට…අපි ඈතට ඈතට පා තබලා ඝන වනන්තරේ……”
පිස්සු විකාරයක්නෙ අප්පා… මෙයාට හීනෙනුත් පේන්නෙ මාවද…
“අතරමංවෙමු මගේ සුදු මැණිකේ…”
උදෙත් වෙලා..නිශාදි හිනාව තද කරගෙන හිමීට මාරු වෙන්න හැදුවෙ… ඒ උනාට එතකොටම හිමංසගෙ අතක් නිශාදිගෙ බද වටේ ගියා…හිමංසගෙ කටහඩ දැන් ඇහෙන්නෙ නිශාදිගෙ කන ලගින්මයි.
“මගෙ සුදු අම්මී.. රශ්මි කැටේ..”
“වට්…. රශ්මි…”
නිශාදි තල්ලු කරපු පාර හිමංස ඇදේ කොනකට විසිවුනා…
නින්දෙන් ඇහැරුනු හිමංස ලෝකෙ දහවෙනි පුදුමෙ දැක්කා වගේ නිශාදි දිහා බලං ඉන්නවා….
“නිශාදි තමුසෙ මොකද මගෙ කාමරේ කරන්නෙ….”
“ම..මං.. මේ…”
නිශාදිට උත්තර නෑ….
“තමුසෙ කොයි වෙලේද ආවෙ…”
“මං මේ…. මං යනවා…”
නිශාදි කොට්ටෙත් අරගෙන දුවන හැටි දැක්කම හිමංසට හිනාව නවත්තගන්න බෑ…
තමුසෙ මහ පිස්සියක් නිශාදි.. මගෙ රගපෑම් වලට හොදට අහුවෙනවා.. දැන් ඉරිසියාවෙ පුපුර පුපුර ඉන්නවා…රශ්මි…. හහා… රශ්මිත් මට ප්‍රයෝජනවත් උනා එහෙනම්….
🖤🖤🖤🖤
“විනෝද් ..මොකද වැඩේ මචං…”
“මාර සීන් එක බං.. ඒ නම්බර් ප්ලේට් එක බොරු එකක්…”
“මං හිතුවා… නම්බර් එක මතක තියාගද්දිම මට හිතුනා ඕක..”
“හිමංස.. මේක ප්ලෑන් කරපු වැඩක්…ඒත් උඹට ඉන්න හතුරා කවුද බං..”
“ඒකනෙ මටත් හිතා ගන්න බැරි.. තරුන් තමයි හිටියේ… ඒත් ඌ දැන් නැහැනෙ…”
“ඔව් බං.. මං කෝකටත් කියලා තරුන්ගෙ ගේ පැත්තත් සර්ච් කලා… රට ඉදන් කතා කරලා විස්තරත් කීවලු….”
“ඒකනෙ….. විනෝද්… බලමුකො මොකද වෙන්නෙ කියලා”
“උඹ බය වෙන්න එපා… මං ස්ර්ච් එකේ ඉන්නම්..”
“හරි බං.. ඒක නෙවේ.. හෙට අපි ට්‍රිප් එක යනවා..”
“ආව්…..ආව්.. කොහොමද කොල්ලගෙ හිනාව…”
“මේ ෆෝන් එකෙන් පේනවද උඹට…”
“මං දන් නැද්ද උඹ ගැන…”
විනෝද් මහ සද්දෙන් හිනාවෙනවා… හිමංස ෆෝන් එක කට් කලේ ගාර්ඩ්න් එකේ මල් වලට වතුර දදා ඉන්න නිශාදිව දැක්ක නිසා…රෝස මල් අතරෙ ඉන්න ලස්සනම රෝස මල….අද මේ මොකද ඔෆිස් යන් නැද්ද මෙයා…
“හායි… මොකෝ මේ අද ඔෆිස් යන් නැද්ද..”
නිශාදි හිමංස දිහා බලලා ආයෙත් අහක බලා ගත්තා…
“මං ඇහැවෙ තමුසෙගෙන් මැඩම්…ඔෆිස් එක තමුසෙගෙ බාප්පගෙ නෙවෙයි හිතුනු වෙලාවට වැඩට යන්න.. “
“ඒක මගෙ හස්බන්ඩ්ගෙ … මගෙ හස්බන්ඩ් ඊයෙ කීව අද මට නිවාඩු කියලා… සර්ට ප්‍රශ්නයකද ඒක…”
“එතකොට තමා හිමංසට මතක් උනේ ඊයෙ රෑ කියපු බොරුව…”
“නෑ ප්‍රශ්නයක් නැත්තෙත් නෑ.. මගෙ ෆීල්ඩ් විසිට් එක රෙකෝඩ් කරන්නෙ කවුද තමුසෙ නැතිව…යනවා ඉක්මනට ලෑස්තිවෙලා එනවා…”
“මට බෑ”
“එහෙනම් තමුසෙ රස්සාවෙන් අස් කරනව මං…”
එහෙම කියපු හිමංස වේගෙන් කාර් එක පැත්තට ගියා.නිශාදි තරහටම හොර්ස් එක හිමංස පැත්තට ඇල්ලුවා..
හිමංසව නෑ වෙන්න වැඩි වෙලාවක් ගියෙ නැහැ.
“මොකද්ද මෝඩියෙ කලේ මේ…තමුසෙට මං…”
නිශාදි හෝර්ස් එක අත ඇරලා අඩියට දෙකට ගෙට පැනලා උඩට දිව්වෙ කාමරේට ගිහින් දොර වහගන්න..අද නම් ඉවරයි මං..
ඒත් දොර වහන්න යද්දිම හිමංස දොර අල්ලලා ඇතුලට ආවා
“අනේ හිමංස ..බනින්න එපා… සොරි මං ඒක හිතලා කලේ නැහැ.. ඉබේමයි උනේ.. මං ෂර්ට් එකක් මැදලා දෙන්නම් .. ඔයත් එක්ක ෆීල්ඩ් විසිට් එකටත් එන්නම්.. ඔක්කොම රිපෝර්ට් ටිකත් හදන්නම්….ප්ලීස්….”
බයේ ගැහි ගැහී වෙව්ලන නිශාදිගෙ අහිංසක ඇස් දෙක දැක්කම හිමංසගෙ රකුස් මූන වෙනස් උනා..හිමංස ෂර්ට් එකේ බොත්තම් ගලවනවා..
“ඔය මොකද කරන්නෙ”
“ඇයි දැන් කීවෙ ෂර්ට් එකක් අයන් කරල දෙන්නම් කියලා.. අදට විතරයි සමාව..හරිද? “
“තැන්ක් යූ සර්…”නිශාදි එහා කාමරේට දිව්වෙ ෂර්ට් එකක් හොයන්න…
🖤🖤🖤🖤
“චතුරිකා ..බලන්නකො දෙන්නගෙ මුකුලුව….පොඩි එවුන් වගේ වෙලාවකට…”
හිමංස නිශාදි එක්ක කාර් එකට නගිනවා බලං හිටපු දෑල්බන්ඩාර නෝනාට ගිරිරාජ් දෑලබන්ඩාර කීවෙ හරි සතුටින්
“ඒකනෙ රාජ්.. මට නම් හරි සංතෝසයි… කොල්ල හිටපු හැටියට ඔහොම ආම්බාන් කරගන්න එකත් පුදුමයක්..”
“නිශාදි දුව අහිංසක හින්දා පුතා බය කර ගෙනද ඉන්නෙ කියලත් මට වෙලාවකට හිතෙනව”
“නැහැ රාජ්..ඔයා දන්නවද එදා පන්සලටත් පුතා ආවා.. එයාට නොකියා දුව එක්ක ආවා කියල මට දොස් කීවා…සීතා හිනාවෙනවා .. වැස්සකටවත් පන්සල් නොගිය චූටි මහත්තයා එදා පන්සල් ගිය හැටි කියලා…”
“මොනව උනත් චතූ……අපි කල්පනාවෙන් ඉන්න ඕනේ… කේන්දරේට කියපු දේවල් පුතාට දැනගන්න දෙන්න එපා…”
“දැන ගත්තත් එයා ඕවා පිලිගයිද රාජ්…”
“අපිට අපෙ දරුවා වටිනවා චතූ…..”
චතුරිකා සුසුමක් හෙලුවා..
🖤🖤🖤🖤🖤
“නිශාදි .. ඔය ෆෝන් එකෙන් රශ්මිගෙ නම්බර් එක ඩයල් කරන්නකො”
හිමංස කාර් එක ඩ්‍රයිව් කරන ගමන් කියනවා..
“ඒ මොකටද..”
“කිව්ව දේ කරනවා…. ප්‍රශ්න අහන්නෙ.”
නිශාදි නම්බර් එක ඩයල් කරලා හිමංසගෙ අතට ෆෝන් එක දුන්නා..
“රශ්මි.. ඔයා ඔෆිස් ආවද?.. “
අහපු හැටි ඒක.. හුරතලේ… ඊඊඊඊඊඊඊ…….නිශාදි දත්මිටි කනවා….මට විතරයි පාර්ට් දාන්නෙ….