මලක්දෝ නුඹ අරලියා 🌸🌿

🌿තිස්වෙනි කොටස🌿_

අප්පච්චිගේ මළගම අවසන් වී දෙදිනක් යනතුරුත් රන්දය පැමිණියේ නැත……… වන්දනා සිටින්නේ හැඬූ කඳුලිනි……….. ඇය රන්දයට දිගින් දිගටම ඇමතුම් ගත්තද දුරකතනය ක්‍රියා විරහිතය……..

💙 මොකද වන්දනා රන්දෙට වුනේ…….

🌹 දන්නෑ අසෙනි……. රන්දය ගන්නෙත් නෑ………..

💙 වන්දනා….. මේකයි…… ඔවා මේ ගැන හුඟක් හිතන්න එපා……. ඒත් මං දන්නෑ ඇයි රන්දය එහෙම කරන්නේ කියලා……. ඒත් මං ඊයේ…….. රන්දයව දැක්කා……

🌹 දැක්කා…….. කොහේදිද…………

වන්දනා කලබල වූ විලාශයට අසෙනිය හොදටම බය විය…………

💙 වන්දු ඔහොම බය වෙන්න එපා…….. ඒ කතාව අපි නවත්තමු……….

වන්දනාගේ හිස දෙපළු වී යන්නාක් මෙන් වේදනාවක් දැනුනු අතර මුළු ගතම අප්‍රාණික වන බවක් දැනුනි……..

🌹 කියන්න………අසෙනි……….

වන්දනාගේ සාමාන්‍ය කතා බහත් හැඬුමක් වැනිය…………

💙 වන්දු….. මං ඊයේ දැක්කා රන්දයයි එයාගේ අම්මයි දුෂේරායි ඇවෙන්රා බ්‍රයිඩ්ල් ශොප් එකේ ඉන්නවා……….

වන්දනාගේ මුහුණ බලා ඉද්දිම වේදනාවෙන් කළු වී ගියේය……. මුළු පලාතම නිලංකාරවී අඳුරුව යනු දැනිනි……………..

💙වන්දනා……

අසෙනියගේ හඬ යන්තමින් ඇසුනා පමණක් ඇයට මතකය……………

සිහිය එන විට වන්දනා සිටියේ රෝහලේ ඇඳක් මතය ඇය අසල නිවේදිතා හා අසෙනිය සිටියහ……… වෛද්‍යවරයා පැමිණියේ වෛද්‍ය වාර්තා කීපයක්ද අතැතිවයි………….

🍃 ඔන්න Mr අසෙනිය….. සුභ පැතුම්…. ඔයා තාත්තා කෙනෙක් වෙන්නයි යන්නේ……………

ඒ වචන ටිකට තුන්දෙනාගේම දෑස් උඩ ගියා……….. වන්දනාගේ දෑස් බිමට බරවී කඳුලින් පිරී තිබුණි…………… වෛද්‍යවරයා එතැනින් පිටව යනතුරු අසෙනිය තත්වය සාමාන්‍ය කිරීමට උත්සහ ගත්තත් ඔහුටද අදහාගන්නට බැරි වුනා සිදුවූ දෙය……. වෛද්‍යවරයා ගිය පසු නිවේදිතා වන්දනාගේ උරහිස් තදින් අල්ලා ගත්තාය………..

🌷 මොකක්ද දුව මේ කරගත්තේ…..ආ… කවුද මේ දරුවගේ තාත්තා….. රන්දයද……. ම්ම්ම්ම්ම්…….

වන්දනා බිම බලාගෙනම හිස වැනුවේ ඔවු කියන්නටයි……….. නිවේදිතා කඳුළු පිරි දෙනෙතින් අසෙනිය දෙස බැලුවාය…………

🌷 කමක් නෑ දුව දැන් කරන්න දෙයක් නෑ….. ම්ම්ම්ම්ම්…… අපි රන්දයට කියලා ඉක්මනට කසාදෙ කරමු…. එතකොට හරිනේ……… කෝ අඬන්නැතුව ඉන්න මගේ දරුවෝ……. ඔහොම දුක් වුනොත් බබාට හොඳ නෑ………….

නිවේදිතා වන්දනාව අස්වසන්නට වූවත් ඔවුන් හා ඊයේ අසෙනිය පැවසූ දේවල් නිසා රන්දය වන්දනා හා විවාහ වීම සැක සහිතය…………….. එදිනම හවස වන්දනා නිවසට කැඳවාගෙන ඒමට ඔවුන්ට හැකි විය…………………….

🌷🌷🌷🌷🌷🌷🌷🌷

පසුදා නිවේදිතා වන්දනාගේ කාමරයට එන විට ඇය ඇඳේ සිටිනු නොදුටුව බැවින් හොදටම කලබල විය………. නමුත් නානකාමරය දෙසින් ඇසෙන ඔක්කාරය හඬින් ඇය එහි බව නිවේදිතා හදුනාගත්තාය……… නානකාමරයේ ගුලි වී වමනය දමව වන්දනාව නිවේදිතා වත්තම් කර ගත්තාය………..

🌷 මං මහ මෝඩයි…. ඔයා එක්ක මේ කාමරේ මටත් ඉන්නනේ තිබුනේ…….කෝ අපි ටිකක් හාන්සි වෙමු…. මං කහට කෝප්පයක් ගේන්න කියන්නද…………

වන්දනා හිස වැනුවේ ඇයට තිබූ තිබහ නිසාමය………. වන්දනා පාන්දරම අවදි වී මුහුණ සෝදාගෙන කහ පැහැ ගවුම ඇඳගත්තාය……….. ඇය සෙමෙන් ඇගේ කුස අතගාන්නට විය……..

🌹 හිතාගන්න වත් බෑ රත්තරන් ඔයා ඇවිත් කියලා හිතද්දි………අප්පච්චි දැනගත්තොත් සතුටට උඩ පනීවි…… එහෙම නැත්තම් හොඳටම අඬයි……. ඒත් එය එයිද…….. එයා කොහේද මං දන්නෑ….. මට කතා කරන්නේ නෑ…….. මට පිස්සු හැදෙයි………..

අවසානේ යලිත් වන්දනා හඬන්නට වූවාය………… වන්දනාගේ දුරකතනය මහා හඬින් නාද විය………………. හඳුනන්නේ නැති අංකයකි……… වන්දනා එය සම්බන්ධ කර ගත්තාය……….

❤️ වන්දනා මං රන්දය………

🌹 සු..දු… අයි…යේහ්…………….

❤️ මට කතා කරන්න ඕනි………

🌹 ඉතින් ගෙදර එන්නකෝ…… මටත් කියන්න දෙයක් තියනවා………..

❤️ ගෙදර එන්න බෑ……. කෙන්රාන් කොෆි ෂොප් එකට එනවා……….

රන්දයගේ හඬ රළුය ඊටත් වඩා ඇයට අසෙනිය කීව දේවල් සිහිවේ………. නමුත් කිසිදා රන්දය තමා හට චපල වේ යැයි ඇයට සිතිය නොහැකිය…………. සහය පමණ වන විට ඇය එහි ගියත් ඔහු පැමිණ සිටියේ නැත………..

❤️ ආවද………..

බිම බලාගෙන කල්පනා කරමින් සිටින වන්දනා හිස එසවූයේ ඒ හඬටය…….. රන්දය සමගින් සිටින දුෂේරා දුටු වන්දනාගේ දෑස් වලට කඳුළු පිරුණි…….. අසෙනියගේ වදන් ඇගෙ සවනෙහි දෝංකාර දෙන්නට විය………..

❤️ කතා කර කර ඉන්න වෙලාවක් නෑ හෙට අපේ වෙඩින් එක කියලා යන්න ආවේ……… මේ අප්පච්චිගේ මල ගෙදර එන්න බැරි වුනා වෙඩින් එකේ වැඩ නිසා……..

ස්වයංක්‍රීය රොබෝ වරයෙක් වගේ පැවසූ රන්දය ඇය අතේ මංගල ඇරයුම් පත තබා නික්ම ගියේ දුෂේරා දෙසවත් වන්දනා දෙසවත් නොබලාය…… දුෂේරා තවමත් සිටින්නේ අවඥාසහගත සිනාවෙන්මය…….

රන්දය සිය වාහනයේ කළු පැහැති වීදුරු අතරින් වන්දනා දෙස බලාගෙනම සිටියේය……… ඇගේ දුක්බර මුහුණ දුටු රන්දයගේ හිත වරක් දෙවරක් නොව සියදහස් වරක් දැවුණි…… තැවුණි…….. නමුත් සිය මව මේ ආදරයට කිසිදා අවසර ලබා දෙන්නේ නැත…… ඇයට ආනන්දිතා හා ඇත්තේ නිම් නැති වෛරයකි……….. ඒ නිසාම ඇය සුරනිමලගේ මලගමට නොගියා මෙන්ම කිසිවෙකුට යන්නටද නොදුන්නාය…………. තමාටද මුළු ජීවිත කාලයම සිටින්නට වෙන්නේ පශ්චාත්තාපයෙනි………….. වන්දනා වෙනුවෙන් තම හදවතේ් ඇති ආදරය කිසිදා නොවෙනස් නමුත් ඇයව තමා සන්තක කරගත නොහැකි බව ඔහු දනී…. ඇයට තමා අතින් වූ වරදට සංසාරය පුරාම තමන්ට දඬුවම් ලැබෙනු ඇත…………….. රන්දය දන්නවා නම් ඇගේ කුස තුල ඔහුගේ රුධිර ධාතුව වැඩෙන බව එසේ නම් නිසැකවම ඔහු සියල්ල හැරදා ඇය වෙතට එනු ඇත…………..

වන්දනා එය දිග හැර බැලුවේවත් නැත…………. එහෙමම එතැන තිබූ කුණු කූඩයට එය දැමු වන්දනා සිතුවේ එකම දෙයකි……….. ඒ රන්දය කිසිදා අහිමි නොවිය යුතු බවයි

❤️❤️❤️❤️❤️❤️❤️

වන්දනා හැසිරුනේ උමතුවෙන් මෙනි….. ඇය නිවසට ආවේ කෙසේදැයි ඇයවත් දන්නේ නැත…….. අසෙනිය හා ඇය සියල්ල පවසද්දි ඇගේ දෙනෙතින් කඳුළු වැටුනේ දිය ඇල්ලක් මෙනි………. කොහොමත් අසෙනිය වන්දනාගේ කදුළු දැකීමට ප්‍රියනැත………

💙 වන්දු……. දැන් ඔහොම අඬන්න එපා… බබාටත් හොඳ නෑ….. මං රන්දයව හම්බවෙන්නද…

🌹 එපා වැඩක් නෑ අසෙනි…….. එයා පුදුම තරම් වෙනස්……… මට තේරෙන්නැත්තේ ජීවත් වෙන්නේ කොහොමද කියලා….. අසෙනි මාව අයියා ලඟට එක්ක යන්න මට දැන් එයා එක්කයි කතා කරන්න ඕනි……

වන්දනා පවසන්නේ අනුරුද්ධ පොඩිහාමුදුරුවෝ ගැනයි……. අසෙනිය ඇයවත් රැගෙන ඉගිලුනේ සල්මල් ආරාමයටයි………… පොඩි හාමුදුරුවන් ලඟදී ඇගේ හැඬුම වේගවත් විය………. හාමුදුරුවන් හා අසෙනිය ඇයට ඇති තරම් හඬන්නට දුන්හ…………

🔸 නංගි….. මං දන්නවා හුඟක් දේවල්…. ඔයා අම්මා කෙනෙක් වෙන්න යනවා කියලත් මං දන්නවා……. මට කිව්වේ චුටි අම්මා………… දැන් රන්දය මොකද කියන්නේ……..

🌹 එයා දුෂේරා බදිනවා………

පොඩිහාමුදුරුවෝ මද වේලාවක් නිහඬව සිටියේය……… රන්දය ගැන අප්‍රසාදයක් ඇති වුයේ නිකමට හෝ මේ ගැන තමන්ගෙන් නොවිමසීම ගැනය…………..

🔸 එහෙම කරන්නේ කොහොමද…… ම්ම්ම්ම්……. මේ රන්දයගේ දරුවා……. එහෙම කාටවත් ඒ දරුවගේ අප්පච්චිව උදුරගන්න ගන්න බෑ……. මං කතා කරන්නම් මේ ගැන………….

🌹 වැඩක් නැති වෙයි………….

🔸 හොදයි ඔයා කියන විදිහට වැඩක් නැතිම වුනා කියමුකෝ………… ඒත් ඔයාට ඔහොම ඉන්න බෑ………… හැම දේම දරාගන්න පුළුවන් වෙන්න ඕනි අම්මා කෙනෙක් වුනාම….. මං අමුතුවෙන් කායන්න ඔනි නෑනේ ඔයාට නංගි…….. ඒ හින්දා පුළුවන් කරම් මධ්‍යස්ථව ඉන්න බලන්න……….. බැදදිම් කියන දේ ඔහොම තමයි ඒවා දුක් සහිතයි………. අපි එක්ක ඉන්න මේ අය හැමදාම ඉන්නවද නෑනේ….. අපි මැරෙනවා ආයෙම ඉපදෙනවා…. අර අයම ආයෙ හම්බ වෙයි කියලා කවුද දන්නේ………..ඒ හින්දා හිතත් ටිකක් හදාගන්න……….

පොඩිහාමුදුරුවන්ගේ වදන් වන්දනාගේ සිතට එක් කලේ සිසිලසකි…………. නමුත් රන්දයගේ විවාහය වලක්වන්නේ කෙසේදැයි ඇය සිතුවාය…….. එය වැලැකකවීමට නම් දරුවා ගැන කිව යුතුය……… ඊට පසුව සුලක්ඛණා මැණිකේ තමා නිසැකවම ජරා ගෑණියෙක් යැයි හංවඩු ගසනු ඇත……… රන්දය වුනත් තමාගේ පැත්ත ගනීවි යැයි ඇයට විශ්වාස නැත…….. සියල්ලටම වඩා ඔහු මවගේ කීම පිලිපදී……. එය ඇත්තෙන්ම හොඳය පුතෙකු මවට කීකරු වීම ඉතාම හොඳය……. ඔහු අතින් විනාශ වූ තම ජීවිතයේ වගකීම ඔහු ගත යුතුය………….

🌿🌷🌷🌷🌷🌷🌿

දෙදිනක් ගත වූයේ වන්දනා සිතින් මෙන්ම ගතින්ද බොහෝ දුර්වල වෙමිනි……. උදෑසන ආ දුරකතන ඇමතුම අගේ හදවත ප්‍රබෝධයෙන් පුරවා දැමුවේය………..

🌹 හෙලෝ කවුද මේ……..

වන්දනා ඇසුවෙ අංකය නොහදුනන නිසයි……………

🍃 දුව මං සුලක්ඛණා නැන්දා……..

වන්දනාට පුදුමත් සිතුනි……………

🌹 නැන්දා ඔයා මේ….. කතා කලේ……….

🍃 සමාවෙන්න දුව මට……… ඔයාට පුළුවන් නම් අපේ ගෙදරට ඇවිත් යන්න එනවද අද මේ දැන්මම……. මට ඔයාට පෙන්නන්න දෙයක් තියනවා…….

🌹 මොකක්ද නැන්දා……..

🍃 එන්නකෝ මැණික…. මං වාහනයක් එවන්නද………

🌹 නෑ….නෑහ් එපා…. මං එන්නම්………..

වන්දනා සතුටක් දැනුනේ සුලක්ඛණා මැණිකේගේ වෙනස් වීම ගැනයි………… රන්දය කුමක් හෝ දෙයක් කරන්නට ඇති බව ඇයට වැටහුනාය……………………..

෴ මතු සබැඳියි ෴

ලියන්නේ