මොනවා!!! ඒක වෙන්නෙ කොහොමද? සේනක අන්කල්මනෙ කිව්වෙ.
මචං එක්කො සේනක අන්කල් උඹට බොරු කියන්නෙ නැත්තං ඩියාශි අංකල්ටත් බොරු කියල වෙන කොහෙහරි යන්නැති උඹ එක්ක තරහට
එත් මගේ හිත කියනවා බන් එයාට කරදරයක් කියල. සේනක අන්කල් මොකටද මට බොරු කියන්නේ?
ඒක නම් ඉතින් මටත් හිතාගන්න බැහැ.
මොකද බන් මම කරන්නේ?
මචන් උඹ ඔහේ කි දෙනෙක්ව මේ වෙනකොට අදුනනවද? ඇයි ඉතින් ඒ කන්ටැක්ට්ස් පාවිච්චි කරලා බලන්නේ නැත්තේ ඩියාශි වෙන රටකට වත් ගිහින්ද කියල.
ඔව්මයි බන්. මට ඒක කරන්න පුළුවන් නේන්නම්. මම කතා කරලා බලන්නම්.
හරි ඔය දන්නා අදුනන යට කතා කරලා බලල කෝල් එකක් දියන්කෝ. කෙල්ල වෙන පාස්පෝට් එකක් හදාගත්ත වෙන්න බැහැනේ.
මචන් එයා එහම වෙන පාස්පෝට් එකක් හදාගෙන ඇතිද?
නැහැයි කියන්න බැහැ. නමුත් අපි චාන්ස් එකක් අරගෙන බලමු. ඉස්සෙල්ලම උඹ බලපන්කො පුළුවන් විදිහට. මම තියන්නම් බන්. මෙහෙ වැඩ ගොඩ ගැහිලා. රවින් ෆෝන් එක තිබ්බේ එහෙම කියල.
මම පෙස්කා කැඳවුයේ මටත් වඩා ඩියාශි ගැන විමසිමට ඊට වඩා සුදුසු පුද්ගලයෙක් සිහි නොවූ නිසයි.
සිංඤෝරෙ මට එන්න කීවද?
ඔව් පෙස්කා. මට පුංචි දෙයක් දැනගන්න.
කියන්න සිංඤෝරෙ ඕනම දෙයක්
සිංඤෝරා ඩියාශි ගැන. එයා කවදද ලංකාවට ගියේ.
අනේ මට සමාවෙන්න සිඤ්ඤෝරෙ .. මම හරියටම කියන්න දන්නෙ නෑ. මම පහුගිය ටිකේ නිවාඩු අරගෙන මගේ මව් රටට ගිහින් හිටියෙ. සිංඤෝරෙ සේනක කිව්වෙ සති දෙකකට කලින් ගියා ය කියල.
මට එයා හරියටම රටින් පිට උනාද කියල දැනගන්න ඕන. මෙතනදි මම පෙස්කාව විශ්වාස කරනව. මම මේ ගැන හොයන බවක් සේනක අන්කල් දැනගන්න බෑ.
සිඤෝරෙ කුශින්ත් බයයිද සිඤෝරෙ සේනක ඔබ දෙදෙනා ගෙ සම්බන්ධෙට අකමැති වෙයි කියලා. මම නම් හිතන්නෙ ඔහු හොඳටම කැමති වෙයි.
මම පුදුම උනේ ඔහු කොහොමද අපි දෙන්නගෙ සම්බන්දෙ දැනගත්තෙ කියල හිතිල.
පුදුම වෙන්න දෙයක් නෑ ඔබ දෙදෙනාගෙ බැඳීම ඔයාල පුංචි කාලෙ ඉඳලම තිබුනු එකක්. ඒක කාටවත් හංගන්න දෙයක් නෑ. පෙස්කා කිව්වෙ මගේ සිතිවිලි තේරුම් ගෙන වගේ
ඒ උනත් පෙස්කා මම හේතුවක් ඇතුව මෙහෙම කියන්නෙ. මට දැනගන්න ඕන ඩියාශි ලංකාවට ගියාද නැත්තම් වෙන කොහෙට හරි ගියාද කියල.
අපේ සිංඤෝරෙ සේනක අපිට නිවාඩු දෙනව හරිම අඩුයි. සති දෙක තුනකට කලින් ඔහු මට කිව්ව පෙස්කා ගොඩ කාලෙකින් නිවාඩු අරගෙන නෑනෙ. ඒ හින්ද ගිහින් මගේ බිරිඳ ලමයි බලන්න මව් රටට ගිහින් එන්න කියල. ඉතින් ඒ වගෙ අවස්ථාවක් ලැබෙනව අඩු හින්ද මම ගියා. මම එනකොටත් සිඤෝරෙ ඩියාශි ගිහින්.
එහෙම ද
මම ඇය ගැන ඔබට ඕන තොරතුරු ටික පැය බාගයක් ඇතුලත හොයල දෙන්නම් සිඤෝරෙ කුශින්ත්.
හොඳයි..
කිව්ව වගේම පෙස්කා ආයෙ මාව හොයාගෙන ආවෙ පැය බාගෙකට විතර පස්සෙ. ඔහුගෙ මුහුණෙ තිබ්බෙ අවුල් සහගත පෙනුමක්
සිංඤෝරෙ..
මොකද පෙස්කා මොකද්ද ප්‍රශ්නෙ ?
සිංඤෝරා ඩියාශි මේ රටින් පිටවෙලා කොහේවත් ගිහින් නෑ.
මොකක්.
වෙනත් බලපත්‍රයක් ඇතුව ගියොත් මිසක් සිංඤෝරා ඩියාශි ගැන මොන සඳහනක් වත් නෑ.
සමහරවිට එයා මේ ප්‍රංශයේ ම කොහෙහරි ඉන්නව ඇතිනෙ. මම කිව්වා. හිතටදැනෙන්න ගත්තෙ අසාමාන්‍ය කලබලයක්. මේ ගැන සේනක අන්කල්ට කියනවද නැද්ද? මොනා උනත් ඒ එයාගෙ දුව.ඒත් මම කොහොමද ඒ ගැන කියන්නෙ.
ඉතින් එහෙම නම් සිංඤෝරෙ සේනක ඒගැන දන්නෙ නැත්තෙ ඇයි? පෙස්කා මගෙන් ඇහුවෙ මගේ හිතේ තිබුන ප්‍රශ්නෙමයි. කොතනක හරි මොකක් හරි වැරැද්දක් තියෙනව . ඒත් ඒ මොකක්ද ?
මම මේ ගැන හොයපු බවක් පෙස්කා කාටවත් දැනගන්න තියන්න එපා.
සමහරවිට වෙනත් අයි ඩී එකක් පාවිච්චි කරලා ගියාද දන්නෙ නෑ. පෙස්කා ඇහුව. සිංඤෝරා ඩියාශි හරි මුරණ්ඩුයි. වතාවක් ෆ්‍රාන්සස් මැඩම් එක්ක තරහ වෙලා තනියම ඉතාලියට ආව මගේ දුවමුණගැහෙන්න.
ඒක තමයි මටත් තියෙන ප්‍රශ්නෙ.
එයාපෝට් කැමරා චෙක් කරන්න. එතනින් මොනවහරි දැනගන්න පුලුවන් වෙයි. මට හිතුන.
කැමරා..!!! දෙවියනේ. ආට් ගැලරි එකෙත් කැමරා හැමතැනම. ඩියාශි මෙහාට ආව නම් මොනවමහරි හෝඩුවාවක් ඒවයින් ගන්න බැරි වෙන එකක් නෑ. මට හදිසියෙම හිතුන.
මම ඉක්මනටම පරිගණකය විවෘත කරගෙන සීසීටීවී රෙකෝඩ් බලන්න පටන් ගත්ත. සති දෙකකට කලින් ඩියාශි කලාගාරයට ආපු වගක් වත් ඒකෙ රෙකෝඩ් වෙලා නැහැ.
දුව මෙහාට ඇවිල්ල මටත් කතා කරල ගියේ. සේනක අන්කල් මට කියපුහැටි මතක් උනා.
ඉතින් එයා මෙහාට ආව නම් මේකෙ රෙකෝඩ් වෙලා තියෙන්න එපැයි.
කවුරුහරි ෆුටේජ් ටික ඩිලීට් කරල නම්!!
ඒත් කවුද ඒ වගේ වැඩක් කරන්නෙ? දෙවියනේ මගේ කෙල්ලට කරදරයක්ද?
මම නැවත පෙස්කා කැඳෙව්වෙ හිතේ සැකයට.
ඔබ හරි සිංඤෝරෙ. කවුරුහරි ඒව මකල තියෙනව. හැබැයි ඒක කරන්න පුලුවන් කම තියෙන්නේ එකම පුද්ගලයාටයි.
කවුද? මම ඇහුවෙ කුතුහලයෙන්
මහත්මයා මා ගැන වැරදියට හිතන්න එපා.පරිගනකයට රහසින් ඇතුල් වෙන එක කරන්න තියා හිතන්න වත් බැරි වැඩක්.මොකද හැක් කරන්න බැරි විදිහටයි ඒ පරිගණකය හදල තියෙන්නේ ප්‍රංශයේ ඉන්න හොඳම පරිගණක ඉංජිනේරුවන් ගෙන්වලයි සිංඤෝරෙ රොඩ්‍ර්රික් ඕක කලේ . ඒ නිසා ෆුටේජස් මකනවනම් සිඤෝරෙ සේනකට විතරයි ඒක කරන්න පුලුවන් . එහෙම නැත්තම් සිංඤෝරා ඩියාශිට පුලුවන්.
එතකොට මට මතක් උනා කලින් අපි දෙන්නා ආපු වෙලාවෙත් එයා ඒ රෙකෝඩ් මකපු හැටි.
ඒත් ඇයි අන්කල් එහෙම දෙයක් කරන්නෙ. නැත්තම් ඩියාශි මැකුවද?
ඒක මම දන්නෙ නෑ. හැබැයි සිංඤෝරෙ සේනක මේ දවස්වල හැසිරෙන්නෙත් අමුතු විදිහට.මම නිවාඩු ගිහින් එද්දිම මට තේරුනා ඔහුගෙ වෙනසක්. මම හිතුවෙ මැඩම් ෆ්‍රාන්සස් වත් නැති හින්ද වෙන්න ඇති කියල. මට ඉතින් ඔහුගෙ පෞද්ගලික දේවල් වැඩක් නැති කලාගාරයේ කැමරා වල ෆුටේජස් ලැබෙන්නෙ එකම පරිගණකයකට. ඒකෙ කෝඩ්ස් පාස්වර්ඩ් දන්නෙත් ඔහු විතරයි . ඔබ ඒවා භාරගන්න තුරු අලුතෙන් වෙනස් කරන තුරු ඒ සියල්ල තිබ්බෙ ඔහු යටතෙ.
ඒ උනත් ඇයි ඔහු ඒ වගේ දෙයක් කරන්නේ?
මට ඒකට හේතුවක් හිතාගන්න අමාරුයි. පෙස්කා කිව්වෙ බැරෑරුම් විදිහට. සාක්ශි නැතුව චෝදනා කරන්නත් බැහැනෙ. පොඩ්ඩක් ඉන්න මහත්මයා. මට දෙයක් මතක් උනා. මම ඉක්මනට එන්නම්. එහෙම කියල පෙස්කා ගියා.
මම ඒ වෙලාවෙ හිටියෙ සීයගෙ කාමරේ. සේනක අන්කල් ඒ කාමරේ මට දීල තාවකාලිකව පහල ඔෆිස් එකක තමයි හිටියෙ. මම බැලුවෙ කැමරාව දිහා. කාමරයම ආවරණය වෙන විදිහට සවිකරල තිබුනු කැමරාවෙ අමුත්තක් තිබුන. මට මතකයි අපි ආපු පලවෙනි දවසෙ ලා නිල්පාට එලියක් ඒ කැමරාවෙන් විහිදුනා. මට ඒක හොඳට මතක තිබ්බෙ මොකද මම ඒ ගැන ඩියාශිට කිව්ව හින්ද.
අපි කොච්චර හැංගිල ආවත් වැඩක් නෑනෙ ඩියාශි. සීසීටීවී රෙකෝඩ් බලපු ගමන් අපි ආව කියල ඔයාලගෙ තාත්ත දැනගනීවිනෙ.
ආ ඒ ගැන බයවෙන්න එපා. මම යන්න කලින් ඒ ටික ඩිලීට් කරන්නම්.
මම කැමරාව ලගටම ගියේ ඒ මතකයන් එක්ක. මම හිතුව නිවැරදියි. කවුරුහරි කැමරාව ඕෆ් කරල. ඒ කියන්නෙ මේ කාමරයෙ සිදුවෙන මොනවත් පටිගත වෙන්නෙ නැහැ.
ඒ වෙලාවෙම තමයි පෙස්කා නැවත කාමරේට ආවෙ. ඔහුගෙ මුහුණෙ තිබ්බෙ වටහගන්න අපහසු පෙනුමක්.
මොකද පෙස්කා මොකක්ද්ද ප්‍රශ්නේ.
සිඤෝරෙ … අපේ සිඤෝරා ඩියාශි කෞතුකාගාරයට ඇවිත් තියෙනවා. නමුත් ආපහු පිටතට ගිහින් නැහැ.
මොනවා? මොකද්ද ඒ කතාවේ තේරුම. මම ඇහුවේ හදවත වේගයෙන් ගැහෙද්දි. මොනවා හෝ යමක් තියෙනවා. මට නොතේරෙන. එයාට කරදරයක් ද? දෙවියනේ එහෙම නම් වෙන්න එපා.
ඒ කියන්නේ සිඤෝරා ඩියාශි මේ කලාගාරය ඇතුලෙම කොහේ හරි ඉන්න ඕන කියන එකයි සිඤෝරෙ
එහෙම වෙන්නේ කොහොමද? ඉන්නවනම් ඉන්න එපයි ි. කෝ එයා. මට පැහැදිලි කරන්න.
මම ගියේ එහා පැත්තේ තියෙන එහා පැත්තේ තියෙන සදර්න් බැංකුවට මහත්මයා. ඔවුනුත් අපි වගේම මුළු බැංකුවම ආවරණය වන විදිහට කැමරා සවි කරලය් තියෙන්නේ. ඔබේ සියා ඉන්න කාලේ වතාවක් අපේ කලාගාරය හොරු බිඳින්න ආපු වෙලාවක අපිට බැංකුවේ කැමරා වලත් ෆුටෙජ් ගන්න සිද්ද උනා. මොකද එතකොට මුළු කලාගාරයම ආවරණය වෙන විදිහට කැමරා තිබුනේ නැහැ. හොරු බිඳින්න උත්සහ කලාට පස්සේ තමයි ඔබේ සියා මුළු කෞතුකාගාරයම ආවරණය වෙන විදිහාට් කැමරා සවි කරලා එහි වාර්තා සියල්ල ඔහුගේ පරිගණකයට ලැබෙන විදිහට හදාගත්තේ. ඊට පස්සේ අපිට බැංකුවේ කැමරා වල ෆුටෙජ් බලන්න අවශ්‍යතාවයක් පැන නැගුනේ නැහැ. ඒත් අපේ දත්ත කවුරුහරි නැති කරත් බැංකුවේ මේ කැමරා පද්ධතිය ගැන කාටවත් මතක් වෙන්නේ නැහැනේ. එහෙම මතක් උනත් කාටවත් බැහැනේ ඒ දත්ත නැති කරන්න. පෙස්කා කියාගෙන ගියේ මට වදනක් වත් කතා කරන්න නොදී.
සැහෙන තරම් වයස්ගත උනත් ඔහු ගේ සිතීමේ හැකියාව නම් සැබවින්ම විස්මයජනකයි. සීයා ඔහුගේ සේවය මෙච්චර කල් ලබාගැනීමට හේතුවත් එයම වන්නට ඇති.
දවසකට කලාගාරය නරබන්න සැහෙන පිරිසක් එනවා. ඒ අතරින් සිඤෝරා දියාශිව හොයන එක හරිම අමාරු වැඩක්. නමුත් සිඤෝරෙ ඇය ඇවිත් තියෙනවා. විශ්වාස නැති නම් ඔබම ගිහින් බලන්න. බැංකු නිලධාරින් කැමති උනා ඒ ෆුටෙජස් ඔබටත් පෙන්වන්න. ඇයව පැහැදිලිව කැමරාවට සටහන් වෙලා තියෙනවා. නමුත් පිටව ගිය බවක් සටහන් වෙලා නැහැ. ඒ කියන්නේ සිඤෝරා ඩියාශි මේ කලාගාරය තුලම කොහේ හෝ සිටිය යුතුයි. නමුත් ඒ කොහෙද? අවසාන ටික පෙස්කා කිවේ මට නොව ඔහුටම කියාගන්නවාක් මෙන්.
මම කලබලයෙන් අසල වූ බැංකුවට දිවගියේ ඔහු පැවසූ සියල්ල සත්‍ය දැයි දැනගන්න. ඔව්. පැහැදිලිව ම ඇගේ රුව එහි සඳහන් වී තිබුනා.
එයා ආපහු යනවනම් මේන් එක්සිට් එකෙන්ම යන්න ඕන. මොකද කලාගාරයට වෙනත් දොරටු නැහැ. මම ආපහු ආවෙ හිත හිත. ඒ කියන්නෙ එයා කොහෙහරි කලාගාරය ඇතුලෙ ඉන්නවා කියන එකද? ඒත් ඒ කොහෙද ? මම ආපහු ආවෙ හිත හිත.
සැක කරන්න පුලුවන් එකම කෙනා එයාගෙ තාත්තා. මම තීරණය කරා පොලීසිය දැනුවත් කරන්න ඒ ගැන.
මම කිව්ව දේ හරි නේද සිංඤෝරෙ.
ඔව් පෙස්කා එයා ආපහු ගිහින් නෑ. මම කිව්වෙ කල්පනාවෙන්ම.
හැබැයි සිංඤෝරෙ යනවනම් පිටුපස ගේට්ටුවක් තියෙනව ..ඒක අපි භාවිත නොකරන එකක්. ඒ ගේට්ටුවෙන් යන්න හේතුවක් නම් මට පේන්නෙ නෑ. සිංඤෝරා ඩියාශි මොකක් හරි හේතුවකට ඒ ගේට්ටුව පාවිච්චි කලා වෙන්නත් පුලුවන්. එතනත් කැමරා තිබුනත් අපිට ඒ දත්ත බලන්න බැහැ ඒව පටිගත වෙච්ච ඒව දැන් නැති හින්ද. පෙස්කා ආයෙම කිව්වෙ මම පිලිතුරක් නොදුන්න හින්ද.
කොහොම උනත් සේනක අන්කල් ගෙ හැසිරීම සැකයි මට.
ඒ උනත් අපිට එයාව අත් අඩංගුවට ගන්න තරම් ප්‍රමාණවත් සාක්ශි නැහැ නේ සිංඤෝරෙ.
ඇයි නැත්තෙ? කැමරාවල දත්ත මකන්න පුලුවන් එයාට නම් වෙන කවුද ඩියාශිව අතුරුදන් කරවන්න ඉන්නෙ. මම කිව්වෙ තරහෙන්
සමහරවිට ඩියාශිම මොකක් හරි හේතුවකට එහෙම කලා වෙන්න පුලුවන්. සේනක අන්කල් ඉතින් එයාගෙ තාත්තනෙ ඒ හින්ද එයාට හැංගිල ඉන්න ඉඩ දෙන්න ඇති. පොලීසියට යන්න තරම් හේතුවක් නැතුව ඇති. හිත කියනව.
ඔයා ආයෙ මාව හොයන්න උත්සහ කරන්න එපා. ගීත්නා එක්ක සතුටින් ඉන්න. අවසන් වරට ෆෝන් එකට එව්ව මෙසේජ් එක මට මතක් උනා.
දෙවියනේ ඩියාශි ඔයා කොහෙද ඉන්නෙ. මෙච්චර ලොකු දඬුවමක් මට දෙන්න එපා. මම හිතුවෙ දුකෙන්. හැම දෙයක්ම හොඳට විසඳුනු බව එයා නොදැන ඉන්න විදිහක් නෑ. මාධ්‍ය වලට පින් සිද්ධ වෙන්න මගේ ජීවිතේ හැමදෙයක්ම දැන් ප්‍රසිද්ධ රහස්. එහෙම තියෙද්දි ඇයි එයාට බැරි ඒ හැමදේම අමතක කරල ආපහු එන්න.
ඒත් මට ඩියාශිට මොකක් හරි කරදරයක් එයා අනතුරක කියන හැඟීමෙන් මිදෙන්න බැරි උනා.
මට හිතාගන්න බැහැ සිංඤෝරෙ සේනකට මොනව වෙලාද කියල. ඔහු ඇත්තටම හොඳ ප්‍රධානියෙක්. මේ වගේ දෙයක් ඔහු මේ කලාගාරය භාරගත්තත් හරි වෙලා නැහැ. මගේ සිතිවිලි නොදන්න පෙස්කා දිගටම කියනව.
පෙස්කා දිගටම කියද්දි මගේ අවධානය රැඳුනෙ මම සිටි කාමරේ තිබුන කැමරාවට. ඒ කිව්වෙ සීයගෙ ඔෆිස් එකට. එකෙ කැමරාව විතරයි ක්‍රියා විරහිත කරල තිබුනෙ. ඒත් ඒ ඇයි? සමහරවිට මේ කාමරේ තව මම නොදන්න මොනවහරි තියෙන්න බැරිද?
මම කාමරේ දිහා සුපරික්ෂාකාරීව බලන්න ගත්තෙ ඒ සිතිවිල්ලත් එක්ක. පින්තූර හැම දෙයක්ම ආයෙත් පරීක්ශා කරේ කලිනුත් අපි ගොඩක් දේවල් හොයාගත්තෙ පින්තූරෙක පිහිටෙන් හින්ද. ඒත් සැක කලයුතු දෙයක් ලැබුනෙ නෑ.
සීයගෙ ලියන මේසය ලියවිලි කැබිනෙට්ටුව සියල්ල පරීක්ශා කරත් කිසිවක් ලැබුනෙ නෑ. අවසාණයේ මගේ අවධානය යොමු උනේ බිම අතුරලා තිබ්බ බුමුතුරුණට.
මට බාධාවක් නොකරම පෙස්කා මගේ දිහා බලන් හිටිය.
සිංඤෝරෙ කුශින්ත් ඔබට සිතෙන දේ නිවැරදි වෙන්න පුලුවන්. අවසානයේ ඔහු හඬ අවදි කලා. ඔබ හරිම දක්ශයි. සිංඤෝරෙ රොඩ්‍රික් වගේමයි. මේ බලන්න කවුරුහරි නිතර නිතර මේ කාපට් එක අයින් කරල තියෙනව. අවසානයේ මගේ කලබලය ඔහුටත් තේරුණා වගේ.
පෙස්කා කාමරේ දොර වහන්න. ජනේලවල කර්ටන් දාන්න කිසිම හේතුවකට ඔෆිස් එකට කාටවත් එන්න දෙන්න එපා.!!! ඔහුටත් අණ කරල මම කාපට් එක අකුලන්න පටන් ගත්තෙ මගේ දෑතින්ම.
සිංඤෝරෙ රොඩ්‍රික් මේ මුලු කලාගාරයම සැලසුම් කරේ ඔහු. ඔහු මෙතනම ඔහුගෙ කාර්‍යාලය ගොඩනගන්න හේතුවක් තියෙන්න ඕන කියල මට හිතුනෙ නෑ. මුලු කාමරයම තිරරෙදි වලින් ආවරණය කරන ගමන් පෙස්කා කිව්වා.
කාපට් එක ඉවත් කරාට පස්සෙ අපි හිතපු දේ සනාථ කරමින් තිබුනෙ බිම් දොරක්. ඒකට අගුලක් දාල තිබුනෙ පිටතින්. මම බිම් දොර විවෘත කලේ නොඉවසිල්ලෙන්. හද ගැහෙන වේගය වැඩි උනා. මගේ හිත කියන්න ගත්තෙ ඩියාශි මේක යට ඇති කියල.
සිංඤොරෙ පරිස්සමෙන් .. පෙස්කා කිව්වා.
එතන තිබුනෙ පහලට යන්න පඩිපෙලක්. මම ඉක්මනට ඉක්මනට පහලට බැස්සෙ ජංගම දුරකතනයෙ එලිය ආධාරයෙන්.
පඩිපෙලෙන් පහලට බැස්ස ගමන් එතන තවත් දොරක් තිබුන. සාමාන්‍ය ඉබි යතුරක් දමා තිබ්බෙ. යතුර කටේම තිබුන. සමහරවිට අගුලු දාපු කෙනා හිතුවෙ නැතුව ඇති මෙතනට වෙන කවුරුත් එන එකක් නැහැ කියල. මම ඒ දොර විවෘත කලේ හදවත ගැහෙන වේගය වැඩි වෙද්දි
දෙවියනේ. මෙතන තියෙන්නේ සිතුවම්. මම කල්පනා කරා උඩ කලාගාරයේ සිතුවම් වල අඩුවක් තියෙනව. මම හිටියෙ ඒ ගැන පරීක්ශා කරන්න. මොකද මට තේරුනා ඒවා ඇත්ත පිටපත් නෙවේ කියල. හරියටම දැනගෙන සාක්ශි ඇතුව ඔබට පෙන්වන්නයි මම හිටියේ. මේ තියෙන්නේ නැති උන සිතුවම්. මේවා සත්ය පිටපත්. මහත්මයා මේව මිලියන ගාණක් වටිනව. රොඩ්‍රික් මහත්මයා මේවා සොයාගන්න මිලදී ගන්න මහන්සි වෙච්ච තරම මම විතරයි දන්නේ. පෙස්කාගෙ අවධානය යොමු උනේ එක පිට එක ගොඩගසා තිබූ සිතුවම් ගොඩකට.
ඒත් මගේ අවධානය යොමු උනේ කාමරය මුල්ලේ වූ මිනිස් රුවකට. අඩ අඳුරේ උනත් ඒ ඩියාශි බව අඳුනගන්න මට අපහසු උනේ නෑ. මන් ඈ අසලට දිව ගියේ ජංගම දුරකතනයත් මගේ අතින් ගිලිහෙද්දි.
ඩියාශි. දෙවියනේ.. මේ මොකද. හිතේ කලබලයට මට වචන එන්නේත් නැති තරම්. ඈ උන්නේ සිහිසුන්ව. හුස්ම ගැනීමත් අක්‍රමික වෙලා තිබුන.නාඩි වැටුනෙත් දුර්වලව. නෑ මම ඔයාට මැරෙන්න දෙන්නෙ නෑ. ඩියාශි. අනේ මාවදාල යන්න එපා. මම ඉක්මනින් ඇයව දෝතට ගත්තා. ආපහු ඉහල මගේ කාර්‍යාලයට ආපු විදිහ වත් මට මතක නෑ. ඒ තරම් වේගයෙන් මම ආවෙ.
සිංඤොරෙ…. මෙන්න වතුර. ඇයට වතුර බිංදු කිහිපයක් බොන්න දෙන්න. වැඩිය නෙවේ. ඇය ඉන්නෙ හාමතෙන්. ඒකයි දුර්වල. පෙස්කාකිව්වෙ මේසය මත තිබ්බ වතුර වීදුරුව මා අතට දෙමින්.
පෙස්කා වෛද්‍යවරයෙක් කැඳවන්න ඉක්මනට.
මම ඇගේ මූණ පුරා වතුර ගෑවෙ වෙව්ලමින්. මොන තාත්තටද පුලුවන් තමන්ගෙ දුවට මෙහෙම මැරෙන්න දෙන්න. දෙවියනේ. මමාර බිම්ගෙය හොයාගත්තෙ නැත්තම්. ඇය එහෙනම් එතන හාමතේම මැරිල යයි. කවුරුත් දැනගන්න එකක් නෑ. ඒ ගැන හිතනකොටත් මගේ ඇඟම සීතල වෙනවා.
ඇයගෙ අත් කකුල් පිරිමදින්න. උණුසුම් කරන්න. ඇයට උණුසුම ඕන. පෙස්කා කියනව.
දන්නා සියලු ප්‍රථමාධාර අවසානයේ ඩියාශිට සිහිය ආවෙ තව මිනිත්තු කිහිපයක් යද්දි. ඒත් එයා තාම දුර්වලයි.
එයා හඬ අවදි කරේ දුර්වල ව.
කුශ් අයියෙ. තාත්ති..
මම දන්නවා රෝස මම දන්නව. මහන්සි වෙන්න එපා.
එයා මගේ අතින් තදින් අල්ලගත්ත.
නෑ. මට කියන්න දෙන්න. එයා… . මගේ ත්…තාත්ති නෙවේ……. තාත්ති නෙවෙයි.. තාත්ති මැරිලා . මැරිලා… ඒ ඉන්නෙ වෙන කෙනෙක්….