මට නම් හරිම බයක් දැනෙනවා මහත්තයා. උසාවියෙදි අපි නීත්‍යානුකූලව දුවව ලබා ගත්තත් අර යස්සනී අපිට පාඩුවෙ ඉන්න දෙයිද?ඕ/කි අපෙන් දුවව උදුර ගන්න හදයි මහත්තයා.ඒ නිසා අපි දුවව අරගෙන කොහේ හරි දුර පළාතකට යමු.අපි යන තැන ඇමතිතුමාටවත් කියන්න එපා…”

“ඔයාගෙ කතාව ඇත්ත චේතනා.මනුලි මැඩම් ලේසියෙන් පරාජය බාර ගන්න ජාතියෙ කෙනෙක් නෙවෙයි.එයා අපෙන් ප/ලි ගනියි.අපේ ගෙවල් තියෙන්නෙ මීගමුවෙ කියලා ඇමතිතුමාත් දන්න නිසා අපි දුවව අරන් වෙන කොහෙ හරි පදිංචියට යමු. එයාලාට හොයා ගන්න බැරි තැනකට…”

අපි දෙන්නා මුළු රෑම ඇහැරිලා කල්පනා කරේ හෙට උසාවියෙදි දුවව අපිට අයිති උනාට පස්සෙ පදිංචියට යන්නෙ කොහෙද කියලයි.

අපේ ගෙවල් තියෙන්නෙ මීගමුවෙ ටව්මට කිට්ටුවෙන් කියලා ඇමතිතුමාත් දන්නවා. ඒක ඊට පස්සෙ මනුලි මැඩමුත් දැනගනියි.ඒ නිසා අපි ඒ ගෙදර ඉන්න එක අවධානම්. කොහේ හරි දුර පළාතකට යන්න ඕනි එයාලට හිතාගන්නවත් බැරි පැත්තකට.

අවසානයේදි අපි තීරණේ කරා හම්බන්තොට පදිංචියට යන්න.තේනුක මහත්තයගෙ යාළුවෙක් හම්බන්තොට ඉන්න නිසා අපිට එහෙන් ගෙයක් හොයාගන්න පුලුවන් වෙයි කියලා කිව්වා.මනුලිගෙයි මාලකගෙයි හෙවනැල්ලක්වත් වදින්නැති තැනකටයි දුවව අරන් යන්න ඕනි.මේ පළාතෙ හිටියොත් දුව නිතරම මනුලිව මතක් වෙන්න පුලුවන්.

උදේම නැගිටලා නාගෙන ඉවර වෙලා බුදුන් වැදලා අපි දෙන්නා ලෑස්ති උනා උසාවි යන්න. මනුලි මැඩම් තවම දන්නෑ ආරණ්‍යා දූගෙ ඇත්තම දෙමව්පියො අපි දෙන්නා බව.ඒ ගැන ඇමතිතුමා එයාට තවම කියලා නැහැ. උසාවියෙදි ඒ ගැන දැනගත්තම මනුලි මැඩම් පුදුම වෙයි.එයාගෙ හිතට කොහොමත් කලින්ම සැකයක් දැනුනගෙ මං ගැන.

“හැම දෙයක්ම හොඳින් විසඳෙන්න ඕනි මහත්තයා.මං අවුරුදු ගානක් තිස්සෙ මගෙ දරුවව හැම තැනකම හෙව්වා.ඒත් හම්බුනේ නැහැ.මගෙ දූ පැටික්කිව මගෙ තුරුලට අරගෙන ආදරේ සෙනෙහස ලබා දෙන්න මං හීන මැව්වා.අද ඒ දවස උදා වෙනවා…”

බුදු පහනෙන් පොල්තෙල් ටිකක් අරගෙන ඔලුවෙ ගාගෙන අපි දෙන්නා නියමිත වෙලාවට විනාඩි කිහිපයකට කලින් උසාවියට ආවා.ත්‍රීවිලර් එකෙන් ඇවිත් බහිද්දිම මං ඈතින් දැක්කා ඇමතිතුමාගෙ කාරෙකත් තියනවා.

මනුලි මැඩම් අපි දෙන්නව දැකලා පුදුමයෙන් වගේ බැලුවා.ඇමතිතුමාගෙ මුහුණෙන් පෙනුනෙ පරාජිත අසරණ බවක්.එයා දන්නවා අද ආරණ්‍යාව අයිති වෙන්නෙ අපිට කියලා.

“ඔයාලා දෙන්නා මොකටද උසාවියට ආවෙ?…”

මනුලි මැඩම් තරහෙන් වගේ අපෙන් එහෙම ඇහුවා.මෙච්චර දෙයක් වෙලත් මේ යස්සනීගෙ ලොකුකම අඩු වෙලා නෑනෙ තවම.අනුන්ගෙ දේවල් හොරකම් කරාම කවදා හරි ඒකෙ ප ල විපාක ලැබෙනවා කියලා අදවත් තේරුම් ගන්නතෑ.

“ඇයි මැඩම්ට ඇමතිතුමා කිව්වෙ නැද්ද දුවගෙ දෙමව්පියො අපි දෙන්නා කියලා?මම සමාධි නෙවෙයි.චේතනා.මෙයා ප්‍රදීප් නෙවෙයි.තේනුක…”

මනුලි මැඩම් ඇස් දෙක ලොකු කරගෙන අපි දෙන්නා දිහායි මාලක දිහායි මාරුවෙන් මාරුවට බැලුවා.එදා එයාගෙ හිතට මං ගැන දැනිච්ච සැකය ඇත්තක් වෙයි කියලා හිතන්නවත් නැතුව ඇති.

“මාලක…. ඔයා… ඔයා ඇයි මට කිව්වෙ නැත්තෙ ආරණ්‍යා මේ ගෑ/ණි/ගෙ දුව කියලා?ඇයි මාලක ඔයා මේක මගෙන් හැංගුවෙ?ඇයි මට බොරු කරේ?…”

“කෑ ගහන්න එපා මනුලි.ටිකක් හිමින් කතා කරන්නකො.චේතනා මගෙ නංගි කියලවත් දූගෙ අම්මා කියලා දැනගෙනවත් වැඩි කාලයක් නැහැ මනුලි…”

“මං එදා ඔයාට කිව්වා මේ/කි දරුවට මෙහෙම ලං වෙන්න හදනකොට මට සැකයි කියලා.ඔයා මං කියපු දේ කනටවත් ගත්තෙ නැහැ.දැන් පේනවනෙ මේ ජ / රා ගෑ/ණි අපේ වහලෙ යට ඉඳගෙන අපිවම රවට්ටගෙන හිටපු හැටි…”

මනුලි තමාට ජ / රා ගෑ/ණි කියලා බනිද්දි චේතනාට ඉවසගෙන ඉන්න බැරි උනා.ඇය වසර පහක් තිස්සෙ තමන්ගෙ දරුවා නොමැති සොවින් අනන්තවත් දුක් පීඩා වින්දා.ඒක කවුරුවත් දන්නෙ නැහැ.දරුවව හොය හොයා පාරක් පාරක් ගානෙ පි/ස්/සි/ය/ක් වගේ ඇවිදපු හැටි දන්නෙ ඇය විතරයි.

“ජ / රා වැඩ කරේ මමද ඔයාද මැඩම්?ඒ ජාතියෙ වැඩ කරන එක ඉතින් ඔයාලා වගේ මිනිස්සුන්ගෙ පුරුද්දනෙ.තමන්ගෙ වැරැද්ද වහගන්න අනුන්ගෙ දරුවෙක් හොරකම් කරගෙන ඇවිත් තවත් එනවා මෙතන කට ගහගෙන.මෙච්චර කාලයක් මගෙ දරුවට කන්න බොන්න දීලා ඇති දැඩි කරලා සෙනෙහස දුන්නට ඔයාට ගොඩක් පිං මැඩම්…”

“මෙන්න මෙහෙ එනවා යන්න…”

තේනුක චේතනාගෙ අතින් ඇදගෙන වගේ එතනින් අහකට ගියේ තව දුරටත් එතන හිටියෝතින් දෙදෙනාගේ බහින් බස්වීම රණ්ඩුවක් දක්වා දුරගිය යාවි කියලා සිතමිනුයි.

නියමිත වේලාව පැමිණෙන තුරු සියල්ලෝම උසාවි භූමියේ රැඳී සිටියා.මනුලි විටින් විට මාලකගේ උරහිස මත මුහුණ හොවාගෙන අඬනවා.ඇය කෙසේ නම් මෙය ඉවසන්නද?සොරකම් කරගෙන ආවත් ඇය ආරණ්‍යාට සැබෑවටම උතුම් මවක් වූවා.

තම කුසින් නොවැදුවත් ඇය ආරණ්‍යාට පන මෙන් ආදරය කරා.සෙනෙහස දුන්නා.කවා පොවා පෝෂණය ලබා දුන්නා.තමාගේ ප්‍රාණය සම තම දරු පැටියාව අහිමි වෙන දුක ඇය කෙසේ දරාගන්නද?

එක් මවක් තම දරුවා අහිමි වෙන වේදනාවෙන් කඳුලු සලද්දී තවත් මවක් අවුරුදු පහක් තිස්සෙ බලාපොරොත්තු වූ මොහොත උදා වන නිසාවෙන් සතුටු වූවා. ඇගේ දෙනෙත් තුලින් හැලී ගියේ සතුටු කඳුලුයි.තම දියණිය ආදරයෙන් තමාගේ උණුහුම ලං කරගන්නට ඇය අසාවෙන් බලාගෙන හිටියා.

“අන්න අපේ දරුවා ආවා මහත්තයා.අනේ මගෙ පුංචි බෝනික්කි…”

චේතනා සහ තේනුක උසාවි භූමියට පැමිණි වෑන් රථය වෙත නෙත් යොමු කරා.

ළමා හා කාන්තා කාර්යංශයේත් පොලීසියේත් විශේෂ ආරක්ෂාව යටතේ වෑන් රථයකින් පුංචි ආරණ්‍යාව උසාවියට රැගෙන ආවා. පහුගිය දින කිහිපයේ ඇගේ සෞඛ්‍යය මට්ටම එතරම් හොඳ මට්ටමක නොතිබූ නිසා වෛද්‍යවරයෙක් සමඟ හෙදියක්ද ඇය සමඟ පැමිණියා.

“අම්මී… අප්පත්තී…. අනේ අම්මි එන්නකූ…. බබාව වඩා ගන්න…. අම්මී…”

පුංචි ආරණ්‍යා මනුලිවයි මාලකවයි දැකලා අම්මා,අප්පච්චි කියලා කෑ ගැහුවා.ඇයට ඔවුන් දෙදෙනා වෙත දුව යන්න හැකියාවක් ලබුනෙ නැහැ.මනුලි ආරණ්‍යා ගාවට දුවගෙන යන්න හැදුවත් මාලක ඇයව වැලැක්කුවා.

නියමිත වේලාව උදා වී උසාවියේ වැඩ කටයුතු ආරම්භ උනා.

දෙපාර්ශවයෙන්ම නීතීඥවරුන් පෙනී හිටියා.

ආරණ්‍යාගේ සැබෑ දෙමව්පියන් තමන් බව සාක්කි සහිතව තේනුකත් චේතනාත් උසාවියට කරුණු ඉදිරිපත් කරා.

ආරණ්‍යාව වසර පහක් තිස්සෙ ආදරෙන් ඇති දැඩි කරමින් සෙනෙහස ලබා දෙමින් දෙමව්පියන් සේ රැක බලා ගත් නිසාත්, ආරණ්‍යාට කිසිඳු හිරිහැරයක්,කරදරයක් නොවූ නිසාත් මනුලිට දරුවා සොරකම් කිරීම සම්බන්දයෙන් දඬුවම් ලබා නොදෙන මෙන් තේනුක ගරු උසාවියෙන් ඉල්ලා සිටියා.

අවසානයේදී උසාවියෙන් දරුවාගේ නීත්‍යානුකූල භාරකාරීත්වය දරුවාගේ සැබෑ මව්පිය යුවළ වූ චේතනා සහ තේනුකට හිමි විය.ඉන් මහත් ප්‍රීතියට පත් චේතනා තේනුකව වැලඳ ගනිද්දි,ඉන් වේදනාව පත් වූ මනුලි සිහිසුන්ව ඇද වැටුනා.

“මගේ රත්තරං දූ මමයි මැණික ඔයාගෙ අම්මා.ඔයාව හොයාගන්න මං කොච්චර දුක් වින්දද මගෙ මැණික.මගේ රත්තරං දුවව මට හම්බුනා.අම්මි ඔයාට ගොඩක් ආදරෙයි වස්තුවෙ.ඔයා මගෙ දුව.මගෙ රත්තරං දුව…”

සතුටු කඳුලු නෙතු දිගේ ගලා යද්දි චේතනා සිනහ වී ආරණ්‍යාව ප/පු/ව/ට තුරුල් කරගෙන ඇයව සි/ප ගත්තා.

“බොරු කියන්න එපා.ඔයා මගෙ අම්මි නෙවෙයි.ඇන්ටි හරි නලකයි.මට මගෙ අම්මි ගාවට යන්න ඕනි.අම්මී…. අම්මී…”

පුංචි ආරණ්‍යා චේතනා තම මව කියා පිළිගත්තෙ නැහැ.ඇයට මෙතුවක් කල් මව ලෙස දැක්කෙ මනුලිව නිසා ඇයට චේතනාව හුරු නැහැ.අවුරුදු පහකට කලින් සිද්ද වෙච්චි ආරණ්‍යාගේ කුඩා මනසට තේරුම් ගන්න බැහැ.

ආරණ්‍යා මනුලි ගාවට යන්න ඕනි කියලා ඇඬුවා.චේතනා මොනවා කිව්වත් ඇය නැලවුනේ නැහැ.

“ඒ ඉන්නෙ ඔයාගෙ අම්මියි අප්පච්චියි නෙවෙයි දූ.මමයි ඔයාගෙ අම්මා.මේ ඉන්නෙ ඔයාගෙ අප්පච්චි.තේරුම් ගන්න මගෙ රත්තරං දුවේ මමයි ඔයාගෙ අම්මා.එයා මගෙ දුවව බලාගත්ත කෙනා විතරයි.අම්මි ඉස්සර හිටියෙ ගොඩාක් දුර ඈත නිසා ඔයා ඉපදුනාම එයා තමයි ඔයාව බලා ගත්තෙ. මගෙ දූ පුංචි කාලෙ ඉඳන් එයාවනෙ දැක්කෙ. ඒකයි දූ එයාට අම්මි කියන්නෙ.මමයි දූගෙ අම්මා.මං දූට ගොඩක් ආදරෙයි.අම්මිගෙ ගෙදර දූට ගොඩාක් සෙල්ලම් බඩු තියනවා…”

චේතනා මොන තරම් දේවල් කිව්වත් ආරණ්‍යා මනුලිව ඉල්ලලාම කෑ ගැහුවා.

“මට සෙල්ලම් බඩු අපා.මට අම්මි ගාවට නන්න ඕනි.මත ආන්තියි අංකලුයි එක්ක ඉන්න බෑ…”

“අඬන්න එපා දූ.ඔයාට ආයෙමත් ඌවා වෙයි. එතකොට හොස්පිටල් ගිහින් බෙයියන් ගොඩාරියක් විදියි.ඒ නිසා අඬන්න එපා රත්තරං.මගෙ දූ හොඳයිනෙ…”

බෙයියන් ගොඩාරියක් විදියි කියද්දි ආරණ්‍යාගේ ඇඬීම ටිකක් නතර උනා.ඒත් මූණෙ තිබ්බ බිය ගතිය පහව ගියේ නැහැ.

“මගෙ මැණික අඬන්නැතුව ඉන්නකො. අප්පච්චි ඔයාට චොක්ලට් ගොඩාරියකුයි, ටිපිටිප් ගොඩකුයි,ටෙඩි බෙයාර්ලා, බෝනික්කො,සෙල්ලම් බඩු එහෙම ගොඩක් ගෙනත් දෙයි.ඒ නිසා අඬන්න එපා රත්තරං…”

“ආන්ති හලී නලකයි.එයා බොලු කියනවා. ඔයාවත් මාව අම්මි ගාවට ගෙනියන්නකු අංකල්…”

ආරණ්‍යා තේනුකගෙ අතේ එල්ලිලා එහෙම කියද්දි චේතනාගෙ ඇස් වලින් කඳුලු ගලාගෙන ගියා.කෙසේ නම් මේ පුංචි සිතට සත්‍යය පහදලා දෙන්නද.

තේනුකයි චේතනායි ආරණ්‍යා එක්ක උසාවියෙන් එලියට ආවා.මාලක බොහොම අමාරුවෙන් මනුලිව ඇගේ දෙමව්පියන් සමඟ නිවසට පිටත් කරා.

“නංගි…”

මාලක චේතනා ළඟට එද්දි පුංචි ආරණ්‍යා තේනුකගෙ අතින් බිමට බැහැලා”අප්පච්චී” කියාගෙන මාලකව බදා ගත්තා.

“දූ මං ඔයාගෙ අප්පච්චි නෙවෙයි මැණික.මේ ඉන්නෙ ඔයාගෙ අප්පච්චි.මේ ඔයාගෙ අම්මා…”

මාලක හිනාවෙලා එහෙම කිව්වත් ඔහුගෙ ඇස් කඳුලින් දිලිසෙන බව චේතනාට හොඳට පෙනුනා.ඔහු දරුවව තමාට බාර දුන්නෙ හිතේ කැමැත්තකින් නෙවෙයි.

“අප්පත්ති බොලු කියනවා.ඇන්තිත් කියන්නෙ බොලු.කෝ මගෙ අම්මි?…”

“දැන් ගුටියක් දෙන්නෙ මං ඔයාට.මේ ඉන්නෙ ඔයාගෙ ඇන්ටි නෙවෙයි.මේ ඔයාගෙ අම්මා…”

මාලක ටිකක් සැර කරද්දි ආරණ්‍යා බයෙන් වගේ ඇස් දෙක අමුතු කරගෙන චේතනා දිහා බැලුවා.

“මට අම්මිව ඕනි…”

“මේ ඉන්නෙ ඔයාගෙ අම්මියි අප්පච්චියි.දැන් අම්මියි අප්පච්චියි එක්ක එයාලගෙ ගෙදර යන්න.නෝටි ළමයි තමයි කියන දේ අහන්නෙ නැත්තෙ.දූ හොඳ ළමේක් නම් කියන දේ අහන්න ඕනි…”

“මත අයිත්ක්‍රීම් ඕනි…”

“මං අරන් එන්නම් දූ…”

චේතනා ටක්ගාලා දුවගෙන ගිහින් චොක්ලට් අයිස් එකක් අරගෙන ඇවිත් ආරණ්‍යාට දුන්නා.ඇය ඒක ගත්තෙ හරිම ආසාවෙන් හිනා වෙලා.

කළු පාට කාරෙකක් ඇවිත් මාලක ගාවින් නතර කරා.ඒකෙන් බැහැලා ආවෙ මාලක්ගෙ ගෝලයෙක්.ඔහු කාරෙකේ යතුර මාලකගෙ අතට දීලා ගියා.

“මේ කාරෙක ගැන මනුලි මොකුත්ම දන්නෑ. මේක මෙච්චර කාලයක් තිබ්බෙ හලාවත මගෙ ගෙදර.ඔයාලා මේ කාරෙක තියාගන්න. දරුවා කවදාවත් බස් වල ගිහින් නැහැ.ඒ නිසා මීට පස්සෙ මේ කාරෙකේ දුවත් එක්ක ගමන් බිමන් යන්න.මෙතන සල්ලි වගයක් තියනවා.

ඔයාලා මීගමුවෙ ඉන්න එපා නංගි.මේ සල්ලිත් අරගෙන දුර පළාතකට ගිහින් ගෙයක් දොරක් හදාගෙන සතුටින් ජීවත් වෙන්න.කාරෙකේ තව බඩු වගයක් ඇති.ඒක මගෙන් ඔයාට තෑග්ගක්.දරුවව ප්‍රවේශමෙන් බලා ගන්න.එයාට මනුලි නැති අඩුව දැනෙන්න ඉඩ තියන්න එපා.මං යන්නම්.බුදු සරණයි…”

මතු සම්බන්දයි