9 කොටස-

හිමංසටත් හිතාගන්න බැහැ මේ මොකද්ද වෙන්න යන්නෙ කියලා…

“අනේ හිමංස කවුද ඒ…..”

නිශාදි බයටම හිමංසගෙ අතේ එල්ලිලා ..

“නිශාදි .. මොන දේ සිද්ද උනත් ඔයා කාර් එකෙන් බහින්න එපා”

“අනේ හිමංස ඔයා කොහෙද යන්නෙ මාත් එනවා”

“කිව්ව දේ තේරුන් නැද්ද තමුසෙට … කාර් එකෙන් බැස්සොත් බලාගමු..”

හිමංස බැහැලා කාර් එකේ ඉස්සරහා හිටගත්තා… පාරත් පාලුයි… කාර් එකේ ලයිට් වල එලිය විතරයි තිබුනෙත්

“කවුද උඹලා.. ඇයි මේ…”

හිමංසගෙ මූනෙ බය කියන දේ පොඩ්ඩක්වත් ගෑවිලා තිබුනෙ නැහැ.. ඒ උනාට නිශාදිනම් දෙයියන්ට කන්නලව් කරනවා.

“කවුද කින්ද මන්ද කියලා සර්ට වැඩක් නැහැ… ජෙන්ග්ල්මන්ට් කෙනෙක් වගේ යන්න පුලුවන් අපිට ඕනෙ දේ දුන්නනම්..”

“මොනවද ඕනෙ”

“අර වාහනේ ඇතුලෙ ඉන්න මැඩම්ව… “

හිමංස දකුණු අත මිට මෙලෙව්වා…

“මොකද්ද කීවෙ”

“ඇහුනු දේ තමා”

“මොකටද එයාව…”

“හ්හ්.. ඒක දන්නෙ අපේ බොස්.. බොස්ගෙ ඕඩර් එක තමා මැඩම්… “

“ඇත්තට.. .කවුද ඔය කියන මහලොකු බොස්… “

හිමංස ඇහුවෙ බොහොම ඉවසීමෙන්… මේක කාගෙ හරි ගේම් එකක් ….එහෙනම් කාගෙද?

“ඒවා සර්ට අදාල නැහැනෙ… මැඩම්ව අපිට දීලා සර් වාෂ්ප වෙන එක සර්ගෙ ඇගට ගුනයි….”

කාර් එකේ ෂටර් එක ඇරගෙන සංවාදෙ අහගෙන නිශාදි හිටියෙ බයේ ගැහි ගැහි… කවුද මාව අරං යන්න හදන්නෙ.. අනේ මං මොන වරදක් කලාටද.. හිමංසට අනතුරක් කරයිද මුන්…

“දුන්නෙ නැත්නම්… හිමංස ඇහැවෙ මූණට වියරු හිනාවක් අරගෙන”

“එහෙනම් සර්ට සොරි ඩොට් කොම්….”

“එහෙනම් එනවා අරගෙන යනවා”

“ආ..”

හිමංස මේ මොනවද කියවන්නෙ… නිශාදි පපුව අල්ලගත්තා.

එක මැරයෙක් හිමංස ලගින් නිශාදි හිටපු සයිඩ් එකට එන්න යද්දිම හිමංස දකුණු අත මිට මොලවලා දුන්නු පාරෙන් මැරයා ගිහින් වැටුනේ ලග තිබුනු කානුවෙ…

ඒ එක්කම අනිත් දෙන්න හිමංසගෙ ඇගට කඩන් පැන්න..

නිශාදි ඉහලට ගත්ත හුස්ම ටික පහලට නොදා බලං ඉන්නවා… නිශාදි දන්නෙ නැහැ හිමංස කරාටේ වලින් කප් ගහපු කොල්ලෙක් කියලා.. දහයක් එක්ක වුනත් එක පාර ෆයිට් කරන්න ශක්තියක් හිමංසට තිබුනා.

ගොඩ කාලෙකින් ඇගේ හිරි ඇරගන්න චාන්ස් එකක් ලැබුනෙ. හිමංස ඉතිං උපරිම ප්‍රයෝජනේ ගත්තා.. කානුවෙ හිටපු එකාවත් ඇදලා පාරට ගත්තා…

“හිමංස.. දැන් ඕක නවත්වන්න …දැන් ඇති..”

නිශාදි කාර් එකෙන් එලියට බැහැලා ලගට ඇවිත් කෑ ගැහැවෙ බැරිම තැන..

හිමංස මැරයව අත ඇරිය.. තුන් දෙනාම බිම පෙරලි පෙරලි කෑ ගහනවා..

“මං තමුසෙට කීවෙ කාර් එකෙන් බහින්න එපා කියලා නේද…සිංහල තේරෙන් නැද්ද”

“අනේ ඒ වුනාට තව ටිකක් ඔහොම ගැහැවොත් මේ අය මැරිලා යයි”

“ඉතිං තමුසෙට දුකද ඒකට”

“නෑ දෙයියනේ නෑ.”

“එහෙනම් මොකටද බෙරිහන් දෙන්නෙ. අයින් වෙනව තව ටිකක් මේ යක්කුන්ට සලකන්න..”

ඒත් නිශාදි හිමංසගෙ අතේ එල්ලුනා..

“හිමංස.. අනේ ඔයා හදන්නෙ මේ කොහෙවත් යන මැරයො ටික මරලා අපායෙ යන්නද.”

“පිස්සුද ඕයි.. මං මුන්ට සලකන්නෙ හොදට දිවියලෝකෙ යන්න.. මුං සත්තුන්ටත් වඩා අන්තයි. මෙහෙම එවුන් මේ ලෝකෙ ඉන්න ඕනෙ නැහැ.”

දෙන්න රණ්ඩු වෙන අතරෙ එක මැරයෙක් වෑන් එකට කොහොමහරි නැගගෙන ස්ටාර්ට් කරගත්තා..අනිත් දෙන්නත් වෑන් එක පැත්තට අමාරුවෙන් ඇදෙනවා..

“තමුසෙගෙ කියවිල්ල නිසා උන් පැනලා යනවා..”

හිමංස ඒ පැත්තට යන්න හදද්දි නිශාදි හිමංසගෙ අතේ එල්ලුනා…

“අනේ එපා හිමංස .. උන් ගියාවෙ…මට බයයි අනේ….”

නිශාදි වෙව්ලන හැටි දැක්කම හිමංස නැවතුනා ..

“මේ බොස්ගෙ ගෝලයෝ ටික ..ගිහින් මතක ඇතිව උඹලගෙ බොසාට කියනවා. මේ හිමංස දෑලබන්ඩාර ඉන්නකල් වගේම මැරුණට පස්සෙත් නිශාදිට කරදරයක් කරන්න බෑ කියලා.. නියම මිනිහෙක් වගේ ෆේස් ටු ෆේස් එන්න කියනවා…”

හිමංස කෑගහලා කියද්දි මැරයො ටික ඒකත් අහගෙන අමාරුවෙන් වෑන් එකට නැගල එතනින් ගියා…

“හිමංස.. ඔයාට කරදරයක් නෑ නේද…”

“ශිට් ..මට තව එක පාරක්..අරූගෙ හොම්බට දෙකක් අනින්න බැරි උනානෙ.”

.. හිමංස දත් මිටි කනවා

“අනේ දැන් ඕක නවත්වලා ගෙදර යමු. ප්ලීස්

යමු.”

🖤🖤🖤

වෙලාව රෑ එකොලහයි… හිමංසට නින්ද යන්නෙ නැහැ… කවුද උන්.. උන්ගෙ බොස් කවුද…ඇයි නිශාදිව කිඩ්නැප් කරන්න හැදුවෙ… තරුන් රට ගියා.. අනික මං තරුන්ට කැමැත්තෙන්මයි අවස්ථාවක් දුන්නෙ…

නිශාදිට හතුරෙක් ඉන්න පුලුවන්ද .. නැත්නම් ඒ මගෙ හතුරෙක්ද…ඒත් මගෙ හතුරා කවුද… බිස්නස් හතුරෙක්.. ඒත් නිශාදිව මොකටද… අද මං නිශාදි එක්ක හිටියෙ නැත්නම්..මොනවා වෙයිද?…

නිශාදි නිදිද දන් නැහැ….පව් බයවෙලා හිටියෙ ගොඩක්…හිමංසට හිතුනා නිශාදි නිදි නැතිව ඇති කියලා.. එයා හෙමීට නිශාදිගෙ කාමරේ දොර ඇරියා..නිශාදි ඇදේ ඉදගෙන කල්පනා කරනවා..

හිමංසව දැක්ක ගමන්. නිශාදි දුවගෙන ඇවිත් හිමංසව බදාගත්තා… කෙල්ල වෙවුලනවා තාමත්…

“නිශාදි .. ඇයි මේ.ඔයා නිදියන් නැද්ද… “

“මට නින්ද යන් නැහැ හිමංස.. බැරි වෙලාවත් ඔයා අද ආවෙ නැත්නම්… උන් මාව අරං යයි… මට හිතන කොටත් බය හිතෙනවා… හිමංස ඇයි උන් මාව ගෙනියන්න හැදුවෙ.. කවුද ඒ…”

“නිශාදි මං ඉන්නවනේ .. මොකුත් වෙන් නැහැ”

“අනේ හිමංස මං කාටවත් වරදක් කරලා නැහැ… මට මෙහෙම කරන්නෙ කවුද.. ඊටත් වඩා ඔයාට කරදරයක් වුණා නම් මාව බේරගන්න ගිහින්.. උන් අතේ ආයුද තිබුනෙ නැති නිසා හොදයි ..”

“එන්නකො”

හිමංස නිශාදි එක්කම ඇදේ වාඩි උනා..

“නිශාදි.. මොකුත් වෙන් නැහැ අපිට… හරිද…ඔයා දැන් ඕව ගැන පොඩ්ඩක්වත් හිතන්න එපා. මං ඒ සේරම බලාගන්නම්…දැන් හොද ලමයා වගේ නිදාගන්න…”

“මට නින්ද යන් නැහැ….අනේ හිමංස ඔයා ඉන්නවද අද මගෙ කාමරේ .. ප්ලීස්”

“හරි … නිදාගන්න ..මං සිංදුවක් කියන්නද..හැබැයි බබාලා නලවන ඒවා නම් මං දන්නෙ නැහැ…ඕකේ…”

“හා. …”

හිමංසට ඕන වුනේ නිශාදි හෙ මානසිකත්වෙ වෙනස් කරන්න..

“හිමංස ඔයා කොහොමද ඔහොම ෆයිට් කරන්න දන්නෙ..හරියට film එකක් වගේ.. ඒවායෙ නම් රගපෑම්.. ඒත් ඔයා ඇත්තටම”

“මං කරාටි චැම්පියන් කෙනෙක්…”

“ඇත්තමද..”

“නෑ බොරු නිදනවකො මල වදේ…තොත්ත බබෙක්වනෙ මං බැදගෙන තියෙන්නෙ…. තමුසෙ මල ඇණයක් ඕයි…”

“නපුරා..කරාටි චැම්පියන්.. “

නිශාදිව ඇදට තල්ලු කරලා හිමංස නිශාදිගෙ ඇස් දෙක දිහා බලාගෙන එයාගෙ ඔලුව අත ගෑවා..

සේපාලිකා මලයි

සුදු පාට මීදුමයි

හරි ලස්සනයි සුදුයි

ඇත්තටම ඔබ වගෙයි

මන්දාරමෙන් එහා

දෙව් දුවක් ඇති බලා

මට යන්න දෙන්න සියුමැලියේ

සුවද සොය සොයා

මේ රාත්‍රියම නිසන්සලයි

ඒත් ඔබ නිසා

නිශාදි හිමංසගෙ ඇස් දෙක දිහාම බලං හිටියා.. ජයසිරි අමරසේකර මහත්මයාගේ ගීතය හිමංසගේ හඩින් අපූරුවට ගැයුණා. ඒ ඇස් වල ආදරණීය බව දරාගන්න බැහැ කෙල්ලට.දැහැන්ගත වෙන වොයිස් එකක්….

ඕනම කෙල්ලෙක් හිමංස වගේ කොල්ලෙක්ව තමයි පතන්නෙ.. තමන් වෙනුවෙන් ඕනම දේකට මුහුණ දෙන…යකෙකුටවත් බය නැති…පියෙක් වගේ තමන්ව ආරක්ෂා කරන..

නිශාදි ඇස් දෙක පියා ගත්තා…

මල් පිපෙන තුරු ලතා

මද සුලගේ නැලවුනා

සිත දකින දකින සිහිනෙදි ඔබ

මට මතක් වුනා

ඈසි පිය හෙලන්න මොහොතක්වත්

මතක නැති වුනා

.. කෙල්ල නිදි .. හිමංස සුසුමක් හෙලලා එහෙමම නිදාගත්තා….

🌹🌹🌹🌹🌹🌹

කම්පැණි එකේ බෝර්ඩ් මීටිං එක අද .. හිමංස ගොඩක් කාර්‍යබහුලයි අද… නිශාදි එක්ක කතා කරන්නවත් වෙලාවක් නැහැ.. කට්ටිය ඇවිත් කොච්චරවත් සාකච්ඡා … සාකච්ඡා … නිශාදිට එපා වෙලා තිබුනෙ….

කොහොමහරි යන්තම් බෝර්ඩ් මීටිම හවස පටංගත්තා…. හිමංස ඉංග්‍රීසියෙන් හෝ ගාලා කියවනවා….හිමංසටම හරියන්න එයාගෙ සෙකට්‍රි රශ්මි වැඩි විස්තර කියනවා…

නිශාදිට රශ්මිව පේන්න බැහැ… ඇයි කියලා දන් නැහැ.. සමහරවිට නිතරම හිමංසගෙ රූම් එකේම ඉන්න නිසා වෙන්න ඇති..ඒ මදිවට අදින්නෙත් බාගෙට.. හිමංසට පිස්සුද මංද මෙහෙම සක්කරවට්ටමක් සෙකට්‍රි කර ගත්තෙ.. එක අතකට මට මොකද… මට වැඩක්යැ ඕවා…

“Nishadhi ….tell me about that document..our new project praposal…did you study it”

නිශාදිගෙ කල්පනාව බිදුනෙ හිමංසගෙ හඩින්…මීටිං එකේ හිටපු ඔක්කොම නිශාදි දිහා බලාගෙන ඉන්නවා..නිශාදිට එක පාරටම හිතාගන්න බැරිවුනා..

“හිමංස …”

“Not himansa.. i’m your boss.. understand ????”

මෙයාගෙ ලොකුකම …

“Ohh yes sir… i’ll explain it..”

නිශාදිත් ආයෙ ලැබුනු චාන්ස් එකෙන් ප්‍රයෝජනේ ගත්තා.. ඒ උනත් හිමසත් එක්ක තරහයි කෙල්ලට. ඉන්නවකො මං අල්ල ගන්නම්…

මීටින් එක ඉවර වෙන්න ප්‍රමාද උන නිසා දෙන්න ගෙදර එන්නත් පරක්කු උනා…නිශාදි බුම්මගෙන ඉන්නවා..

“මොකද තමුසෙ එක විදිහක්…තමුසෙ මං හිතුවට වඩා දියුණුයිනෙ නිශාදි.. හොදට එක්ස්ප්ලේන් කලා ඔක්කොම . ගූඩ්…”

“තෑන්කස් සර්…”

“සර්… කියන්නෙ මොකද .”

“ඇයි හැමෝම ඉස්සරහ කීවෙ සර් කියන්න කියලා.”

“ඉතින් ඒ ඔෆිස් එකටනෙ”

“ඇයි ගෙදරට කීවම මක් වෙනවද…”

“ඔව් ඉතින් ඔයාගෙ කැමැත්තක්…දැන් මොකද බුම්මගෙන ඉන්නෙ”

“මට ඕනි නිසා”

“මාවද?”

“ඔව්… “

නිශාදිට නිකම්ම කියවුනා…ඊඊඊඊ ..මොකද්ද මෝඩියෙ කීවෙ..

“හහ්හ්හ්හ්හ්හ්. මං දන්නවා දවල්ට කෙසේ වෙතත් රෑට නිදියන්න නම් ඕනෙ වෙනවා කියලා..මහ බයගුල්ලියක්..

“මං කාටවත් බය නැහැ…”

Advertisment