මලක්දෝ නුඹ අරලියා 🌸🌿

විසි නවවෙනි කොටස🌿_

සියළු සාක්ෂි සලකා බලා ආනන්දිතාගේ මරණය හා දාස්පෙතිගේ මරණය සම්බන්ධයෙන් සම්මානි හේවාවිතාරණත් උපුල් මඩුගල්ලේත් ශේන්‍ය මඩුගල්ලේත් වරදකරුවන් බව අධිකරණයෙන් තීරණය කලහ…… ඔවුන්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම විය නමුත් උපුල් සිය අසනීප පිලිබඳ පවසා බන්ධනාගාර රෝහලට ඇතුලත් විය………….. අශාන් හේවාවිතාරණ වන්දනා පැහැරගෙන යාම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටියහ………….

සියල්ල දැන් අවසන්ය………. ඇගේ සටන ඇය ජයගෙන අවසන්ය……… ඒ සියල්ල අැයට කරගැනීමට හැකි වුනේ රන්දය නිසාය………. ඔහු නොඑන්නට තමාට කිසිදා මේ සටන ජය ගන්නට නොහැකි වනු ඇති බව ඇය සිතුවාය…………….

💙 වන්දු…… සතුටුයි නේද……….. ඊටත් වඩා සතුටු හිතෙන දෙයක් පෙනෙයි ඉස්සරහ බැලුවොත්…………

වන්දනා ඔවුන් දෙසට එන නිවේදිතා හා තාරක දුටුවේ අසෙනිය පෙන්වන විටය………..

🌹 අනේ අම්මා…………

වන්දනා දිව ගොස් ඇයව වැලඳගත්තේ හඬමිනි………….. තාරක දෙදෙනාගේම හිස අතගෑවේය………………

🌴 කෝ රන්දය………

තාරක එහෙම අහන විට වන්දනා බිය වී ඔහුගේ දෑස් දෙස බැළුවාය…….. තාරක අසෙනිය දෙස බලා සිනාසුනේය…… අසෙනිය සියළු දේ ඔවුන් හා පවසා තිබුණි………… රන්දය කොහේද කියන එක අසෙනියටත් වන්දනාටත් දෙදෙනාටම ප්‍රශ්නයකි…… නඩුව තිබෙන විටත් ඔහු ආවේ නැත………

🌹 අද තාම ආවේ නෑ තාත්තා එයා……….
අපි එහෙනම් ගෙදර ගිහින් කතා කරමුද……….

සිව් දෙනාම නෙළුම්දෙණිය වලව්වට යන්නට වාහනයට නැගුනහ…………

🔸 දුව…… ඔයා සුරනිමල අයියාගේ ජීවිතේ බේර ගත්ත එක ලොකු දෙයක්….. ඇත්තටම ඔයා මේක ගැන හෙව්වේ නැත්තම් අපි තවමත් එයා ගැන වැරදිවට හිතනවා……… දැන් කෝ අයියා…….

🌹 ගෙදර ඉන්නවා අම්මා……………..

🔸 වන්දු අපි හෙට ආපහු england යනවා ඔයා මොකද කරන්නේ…… යන්න කලින් රන්දය එක්ක අපි කතා කරන්නම්……….

🌹 අම්මා……. සුලක්ඛණා මැණිකේ නම් කවදාවත් මාව ලේලි විදිහට පිලිගන්න කැමති නෑ…………….

🔸 මං අයියා එකක් කතා කරන්නම්………

🌹 අනේ මන්දා…………

වන්දනාගේ දුරකතනය නාද විය…….. ගන්නේ නිලංක අංකල්ය………….

🌹 නිලංක අංකල්……..

✔️ දෝනියා ඉක්මනට හොස්පිටල් එකට එන්න ඉක්මනට……….

🌹 ඇයි………අංක……

නමුත් ඇමතුම විසන්ධි වී අවසන්ය……….

💙 ඇයි වන්දු

අසෙනිය ඇසුවේ කුමක් හෝ දෙයක් සිදුව ඇති බව හැගුනු බැවිනි……

🌹 අනේ මන්දා හොස්පිටල් එන්න කීවා යමුනේද හරවගෙන………….

ආපසු හරවාගෙන ඔවුන් රෝහලට ගියෝය……………….. ඔවුන් එහි යන විටත් නිලංක සිටියේ නලල රැලි කරගෙන reports වගයක් බලමිනි……..

✔️ කට්ටියම ආවද…..වාඩ් වෙන්න………

නිලංක වන්දනා දෙස බැළුවේ බැරෑරැම් ලෙසයි………….

🌹 ඇයි……. අංකල්…………

✔️එන්නකෝ වන්දනා අපි ටිකක්… මට ඔයාට පෙන්නන්න දෙයක් තියනවා………..

ඔවුන් ගියේ දැඩි සත්කාර ඒකකය දෙසටයි…… වන්දනාගේ පපුව වේගයෙන් ගැහෙන්නට විය……… රන්දයගේ නොපැමිනීම වන්දනා තව තවත් බියට පත් කලේය…… රන්දයට කරදරයක්දැයි ඇයගේ සියොලඟම දැවී ගියේය……..

නමුත් දුටු දසුනින් ඇය සිහි විසඥ වන්නට එන්නාක් මෙන් විය…………දැඩි සත්කාර ඒකකයේ සිටියේ සුරනිමල නෙළුම්දෙණියයි…………..

🌹 අ…අ..අප්..පච්චි………………. අනෙි මගේ අප්පච්චිට මොකද…….. අංකල්……

✔️ දෝණි…….කලබල කරන්න එපා…….

🌹 මට අප්පච්චි එක්ක කතා කරන්න ඕනි………….

වන්දනා ඉකිබිඳිමින් හඬන්නට වූවාය………..

✔️ දුව අඬන්න එපා……..මේ අහන්නකෝ…… මේකයි……අප්පච්චිට තියෙන්නේ liver and bone cancer එකක් ඔයාට තේරෙනවානේ සිරෝසියස් තිබුනා සුරේට……… ඒත් මේ මනුස්සයා පරෙස්සම් වුනේ නැහැ……… liver එකෙන bone වලට පැතිරිලා……….

🌹 අනේ මොකුත් කරන්න බැරිද අංකල්……

✔️ හ්ම්ම්ම්ම්ම්……. දුව මේ බලන්න ct scan reports……… ඔයාටම තේරෙයි……….

නමුත් ව්‍යාකූල මනසින් සිටි ඇයට කිසිවක් ගැන නිනව්වක් නැති විය…………

✔️ දුව………. තව ටික වෙලාවයි සුරේට තියෙන්නේ…….. ඔයාට කතා කරන්න පුළුවන්…… යන්න……….

වන්දනා දොර ඇරගෙන ඇතුලට ගියේ උමතුවෙන් මෙනි…….. වෛද්‍ය නිලංක විසින් අසෙනියට තාරකට හා නිවේදිතා හට තත්වය පැහැදිලි කර දුන් පසු අසෙනිය අනුරුද්ධ පොඩිහාමුදුරුවන්ට ඇමතුමක් ලබා දුන්නේය……….

🌹 අප්පච්චි…….අප්පච්චි……… කතා කරන්නකෝ්……… අප්පච්චි මං ආවා………

වන්දනාගේ තොල් සැලෙන්නට විය……… බඩපපුව දාගෙන මහත් වේදනාවක් ඇඟ පුරා දිව යන්නට විය…….. සිය සිරුර තසා හට පාලනයක් නැති සෙයක් දැනේ………. අප්පච්චිගේ දෑස් නිසංසලේ පියවී ඇත……………..

🌹 අනේ අප්පච්චි……….. අප්පච්චි……….

වන්දනා අප්පච්චිගෙ මුහුණ පුරාම අතැගාල් යවමින් අතගාමින් කතා කලත් ඔහු දෑස් හැරියේ නැත…………. පොඩි හාමුදුරුවන් වැඩම කලේ ඒ මොහොතේදීය………..

🌹 පොඩි හාමුදුරුවනේ අප්පච්චි……..

🔸 චූටි නංගි කලබල නොවී ඉන්නකෝ

එසේ කියූ පොඩිහාමුදුරුවෝ අප්පච්චිගේ නලලතට අත තබා කතා කලේය…….

🔸 අප්පච්චි…………

අප්පච්චි යාන්තම් දෑස් ඇරියේ ඒ වෙලාවේදීය………. ඔහු යමක් කියන්න උත්සහ කලත් එය කල නොහැකි විය…………. පොඩිහාමුදුරුවෝ පිරිත් කියන්නට විය……….. එක්වරම ඔහුගේ විවරවී යලි පියාගත්තේය………. සදහටම සුරනිමල නෙළුම්දෙණිය දෑස් පියාගත්තේය……… ඒ බව වන්දනා හට නොවැටහුනනා නොවේ….. එය පිලිගන්නට ඇය අකැමති වුනා…………

🌹 අප්ප…ච්චි…….අප්පච්චි…….. අනේ….. කතා කරන්න අප්පච්චි………………..

නැත…………අප්පච්චි යළි කතා කලේ නැත………. කොතෙක් වැරදි තිබුනත් ඔහු අප්පච්චිය………. පියෙකුගේ වටිනාකම දන්නේ ඒ සෙනෙහස කිසිදා නොවිඳි අයෙක්ය……………… වන්දනා හට දැනුනේ මුළු ලොවම තම පය පාමුල කඩා වැටුනු සෙයක් දැනුනි……… අසෙනිය ඇයව අස්වසාලීමට උත්සහ කලේය…………

🌷🌷🌷🌷🌷🌷🌷

රන්දය දැන් බොහෝ වේලාවක් සිටින්නේ ආලෝකා පුද්ගලික රෝහගේ දැඩි සත්කාර ඒකකය ලඟය……….. සුලක්ඛණා මැණිකේ සිය සටන ආරඹා තිබුණි………….. බොරු පපුවේ අමාරුවක් මවාගෙන රෝහල් ගත වූ ඇයට උදව් කරන්නේ දුෂෙරාය……… මේ රෝහල් සංකීර්ණය ඇයගේය……….

💃 රන්දය කලබල වෙන්න එපා……..

දුෂෙරා රන්දයගේ උරහිස අතගාමින් පැවසුවාය…………

💃 ටිකක් අම්මා කියනදේත් අහන්න……..
එයා ඔයාට නරකක් කරන්න හචනවා නෙවේනේ……. ආදරේට ඔය හැමදේම කරන්නෙ එයා………… අනික අම්මා සනීප වෙච්ද ගමන් අපි බදින්න ඕනි රන්දය

සදහම් දෑලබණ්ඩාර අසල ඉඳගෙන මේ කතා බහට සවන් දීගෙන සිටියේය……… මෙය සුලක්ඛණා මැණිකේගේ තවත් එක් උප්පරවැට්ටියකි බව නම් ඔහුට පැහැදිලිය………… නමුත් රන්දයට එය වටහා දෙන්නට නොහැකිය……. දිනෙක රන්දයට හරහට සිටින්නේද ඔය සුලක්ඛණා හට ඇති ආදරය හා නම්‍යශීලී බවයි………….

දැඩි සත්කාර ඒකකයේ සිටින වෛද්‍යවරයා පිටතට පැමිණියේ ප්‍රශ්ණකාරි මුහුණක් මවාගෙනය……….

❤️ ඩොක්ටර් අම්මාට මොකද….

🌿 Mr දෑලබණ්ඩාර මේක ටිකක් complicated matter එකක්……… මං හිතන්නේ shock එකක්…… හැබැයි ආයෙම එයාට දරාගන්න බැරි දුකක් වේදනාවක් කේන්තියක් ආවොත් අපිට එයාව බේරගන්න බැරි වෙයි………….. ඒ හින්දා එයා ගැන හුගක් හිතන්න වෙයි…..

❤️ හොදයි ඩොක්ටර්…..

රන්දය එය ඉස්මුදුනින් පිලිගත්තේය……… ඔවුන් ඇතුලට යන විට සුලක්ඛණා මැණිකේ අපහසු මුහුණක් මවාගත්තාය………

🌱🌱 කට්ට සූත්තරකාරි ළමයින්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරනවා…….අර දරුවා කොච්චර හොදයිද……. රන්දයටත් මේ ඇමතියාගේ කරුමෙට උර තියන්න වෙයි වගේ……..

සදහම් දෑලබණ්ඩාර තනිවම සිතුවේය……….

❤️අම්මා…………

🌴 පුතා………..

❤️ දැන් හොඳයි ඔයාට……..අපි බය වුන තරමක්………

🌴 මගෙි හිතට වේදනයි පුතා……..

❤️ දැන් ඒවා ගැන කතා නොකර ඉමු……

🌴 නෑ ඔයා දැනගන්න ඕනි…… මං වන්දනා හම්බවෙන්න ගියා……. ඒ ළමයට ටිකක් කතා කරන්න කියලා……. මාව ගෙටවත් ගත්තේ නෑ පුතා…….. හරි කැත විදිහට මට බැන්නා……….. මං ආනන්දිතා මරන්න උදව් කලා කීවා…….. මං ආනන්දිතා එක්ක තරහයි තමයි ඒත් මං මිනීමරුවෙක් ද පුතා…….

රන්දයට වන්දනා සමගින් කෝපයක් ඇති විය……. නමුත් වන්දනා කිසිදා එලෙස කරාව් යැය් ඔහු නොසිතුවත් මේ මොහෙතේ ඇය කී දේ විශ්වාස කලේය…….

🌴 දුෂේරාව බඳින්න පුතා…………….

❤️ අම්මෙ පිස්සුද…..මං හින්දා වන්දනාට… මේ වන්දනා…..ට………….

🌴 ඒවා මට වැඩක් නෑ…… උඹ දුෂෙරා බඳින්නම ඕනි……නැත්තම් මට වහ ටිකක් ගෙනත් දීපන්………

❤️ අනේ අම්මා කලබල වෙන්න එපා…………

එවිටම වෛද්‍යවරයා ආවේය………

🌿මොකද මේ මං කීවනේ මෙයාට මෙහෙම වෙන්න හොද නෑ………

🌴 පුතා………………… ඔයා…………. අනිද්දා දුෂේරා බඳින්න..ඕනි…………

සුලක්ඛණා මැණිකේ යලිත් සිහිසුන් වුවාය….. එයද බොරුවකි…………

රන්දය දෙලොවක් අතර අතරමං විය…….. එක් පසෙක අම්මාද අනෙක් පස වන්දනා ද විය…… අම්මාගේ බසට අවනත නොවුනහොත් ඇය මිය යනු නිසැකය………… රන්දයට වන්දනා නොමැති හෙට දිනක් ගැන සිතීමට වත් රන්දයට නොහැකිය………….

කෑ ගසා හඬන්නට තරම් ලොකු වේදනාවක් හදවත දවාලන්නට වුයෙන් ඔහු අනාථයෙක් සේ අසල පුටුවට වැටුනේය……….. අවසානයේදී ඔහු දුෂෙරා හා විවාහයට එකඟ විය……… වන්දනා කිසිදා තමා හට සමාව නොදෙනු ඇත……. ඒ වගේම තමා වන්දනා හට කල අපරාධයට සොබාදහමද තමාට සමාවක් නොදෙනු ඇත……….. සිතින් කයින් දෙආකාරයෙන්ම ඔහු අන්ත අසරණ වී සිටියේය…………….. මේ කිසිත් නොදන්නා වන්දනා පියාගේ අවසන් කටයුතු සඳහා සූදානම් වූයේ අැවිදින මලමිනියක් බඳුවය………….

෴ මතු සබැඳියි ෴

ලියන්නේ

෴ ත්‍රිලක්ෂණා වෛශාලි