15වෙනි කොටස🦋
“එයා අපේ කැම්පස් එකේ ..ඔයාට මතකද ආදී ඔයා දවසක් මට කිව්වා එයා ගැන හොයන්න කියලා.”එතකොටම වගේ ආදීට මතක් වුනේ මිහානගෙයි තමන්ගෙයි සම්බන්දෙට හැමවෙලේම විරුද්ද වුනේ ගිහාන් නේද කියලා.ඒ කියන්නේ ගිහානුයි මිහානයි ආ/ද/රේ කරනවද….”ආදී ඒ ගැන හිතද්දි පවා ආදීගේ හිතේ ඇති කරේ කේන්තියක්.ආදී ජගත් ගාවට ගිහින් ජගත්ගේ කොලර් එකෙන් අල්ලගත්තේ ඒ කේන්තිය පොඩ්ඩක්වත් අඩුනොවෙද්දි.
“ජගත් ඔයා කිව්වේ මිහානා තනියම ජීවත් වෙනවා කියලා.එහෙමනම් මන් මේ මොනවද දකින්නේ….”
“ස…සර් එයා.. එයා නිතරම වගේ එනවා මිහානව බලන්න.”ජගත් ගොතගගහා කිව්වේ ආදීගේ කේන්තියෙන් රතුවුනූ ඒ මුනේ බැල්මට බයවෙලා.ආදී ජගත්ගේ කොලර් එක අතඇරලා වාහනේට පයින් ගැහුවේ කේන්තියෙන් .
“ඒ දෙන්නා ආ/ද/ර/ය කරනවනම් නෑ මට ඒ මිනිහට මගේ මිහානව අයිති වෙන්න දෙන්න බෑ .”ආදී තමන්ටම කියාගත්තේ මිහානාගේ ගෙවල් දිහාට දෑස් යොමු කරලා.
“මෙතන හිස් ප්ලැට් එකක් තියෙනවද මට ගන්න.මේක ප්ලැට් එකක් නිසා නැතිවෙන්න විදිහක් නෑ.”ආදී ඇහුවේ ජගත් ගාවට කිට්ටු වෙලා.
“ඔව් සර් එක ප්ලැට් එකක් හිස් ඒත් සර් මන් දැක්කා අද උදේ ගෑනු කෙනෙක් ඒ ප්ලැට් එක බලනවා.”
“ඉක්මන්ට ප්ලැට් එක අයිතිකාරයට කතා කරලා මේ මුලු ප්ලැට් එකම සල්ලි දීලා ගන්න.යන ඕනම ගානක් මන් දෙන්නම්.”
“මොකක්ද..ඔයා මේ මුලු ප්ලැට් එකම සල්ලි දීලා ගන්නවද….”සහන් ඇහුවේ ආදී කියපු දේ තාමත් විශ්වාස නැති හින්දා.ආදී මිහානාගේ ගේ ගාව හිටපු කෙනා මුලදි ගනන් ගත්තේ නැතිවුනත් දැන් ආදීගේ හිතේම තිබ්බේ මිහානා ඒ මනුස්සයා එක්ක මොනව කරනවා ඇතිද කියන ප්රශ්නේ.
“ඇයි එයා එලියට එන්න මෙච්චර වෙලා යන්නේ…”ආදීට දැනුනේ තමන්ගේ මුලු ගතම වෙවුලනවා වගේ හැගීමක්.ඒත් ඒ ඇයි කියල ආදීටම හිතාගන්න බැරිවුනා.
“ඉක්මනට අර පැල්ට් එක ගන්න වැඩේ බලාගන්න.මොකද අද රෑට මන් ඒකේ ඉන්නේ..”සහන් ආදී දිහා බලාගෙන හිටියේ ඇහිබැමක් උස් කරගෙන.ආදී සහන්ගේ බැල්ම ගනන් නොගෙන ආපහු සැරයක් බැලුවේ මිහානගේ ප්ලැට් එක දිහා.
“එතකොට සර් ඔයා ඉන්න ගෙදර ගැන මොකද කියන්නේ…ඔයා ආපහු එහෙට ගිහින් එනවද…”
“මගේ ගෙදර අද ඉදන් මෙතන.”ආදී කිව්වේ ජගත්ව කියපු දේ ගනන් නොගෙන.ආදී ඇස් කොනෙන් දැක්කේ ජගතුයි සහනුයි මූනට මූන බලගන්නවා
“මගේ මිහානයි පුතයි තමයි දැන් හැමදේම.ඉතින් එයාලා ඉන්න තැන තමා මගේ ගෙදර වෙන්නේ.”ආදී කිව්වේ මිහානගේ ප්ලැට් එකේ දොර දිහා බලලා දත්කූරු හපමින්.
“ඉක්මනට ජගත් මන් කියපු දේ කරන්න.”ආදී කේන්තියෙන් එහෙම කියලා නැග්ගේ කාර් එකට.
“මගේ මිහානව ඈත් කරන්න මන් කාටවත් දෙන්නේ නෑ.එයා මුල ඉදන්ම මගේ ඒක දිගටම එහෙමයි.’
ආදී පෝන් එක ඔන් කරනවත් එක්කම ආදීගේ පෝන් එක රින් වුනත් ආදී ඒක ගනන් නොගත්තේ ඒ කෝල් එක එන්නේ කාගෙන්ද කියලා ආදී දැනටමත් දන්න නිසා.ආදී පෝන් එක මේසේ උඩට විසි කරලා ගියේ මිනිබාර් එකට.
“ඇයි ඔයා අම්මගේ කෝල් එක ගනන් ගත්තේ නැත්තේ…”සහන් ඇහුවෙ ආදීගේ පස්සෙන් එමින්.ආදී බියර් ටින් එකක් අරගෙන එක හුස්මට බිව්වේ සහන් අහපු දේට උත්තර නොදී.
“මට අයිඩියා එකක් තියෙනවා.”සහන් කිව්වේ ආදී සෝෆා එකේ දිගා වෙලා ආපහු පෝන් එක අතට ගනිද්දි.
“ඇයි ඔයා කොලඹ ගිහින් සරසි එක්ක ඉන්න බැරි හේතුව ඔයාගේ අම්මටයි තාත්තටයි කියන් නැත්තේ…”
“ඔයා හිතන්නේ මන් අවුරුදු පහකට කලින් ඒක කිව්වේ නෑ කියලද…”ආදී සහන්ගෙන් ඇහුවේ පෝන් එක ඔබන ගමන්.ආදී තාත්තත් එක්ක රංඩු වුනාට පස්සේ තාත්තා ආදීගේ පෝන් එක ගත්ත එක කොහෙවත් යන්න නොදී ගේ ඇතුලේ හිරකරලා තියාගත්ත එක ආදීගේ ඉස්සරහා චිත්රපටයක් වගේ මැවී පෙනුනා.
“මගේ අම්මයි තාත්තයි මන් මොනවා කිව්වත් අහන්නේ නෑ.අනික මන් කසාද බදින්න ඕන එයාලගේ බිස්නස් සක්සස් කරගන්න.”සහන් හිස වැනුවේ ආදී කියපු දේට තමන්ට උත්තර නැතිවෙද්දි.
“එහෙනම් ආදී ඔයාට කියන්න තිබ්බා ඔයාට දැනටමත් ගර්ල්ෆ්රෙන්ඩ් කෙනෙක් ඉන්නවා කියලා.”
“මම කිව්වා.ඒත් මගේ තාත්තා මට තර්ජනය කරා මිහානව ම/ර/ලා දානවා කියලා.මිහානව බේරගන්න ඕන නිසා මං අකමැත්තෙන් හරි මිහානගෙන් ඈත් වුනා.ඒ මිහානව බේරගන්න.”තමන්ට මිහානගෙන් එන කෝල් ආන්සර් කරන්න බැරුව විදපු දුක වේදනාව දන්නේ තමන්ම විතරයි .
“මිහානට ඔයාව අමතක කරන්න කියලා උ/බ මට කියපු දේ ගැන පුදුම වෙන්න දෙයක් නෑ.”
“ඔව් ඒත් මන් ඒ කරපු දේ ගැන මන් අදටත් පසුතැවෙනවා.මන් ආපහු එනකොට එයා මාව දාලා ගිහින්.”ඒත් එක්කම වගේ ආපහු සැරයක් ආදීගේ පෝන් එක රින් වුනේ ආදී කේන්තියෙන් පෝන් එක ආන්සර් කරද්දි.කෝල් එක ආන්සර් කරපු ආදී….
“මොකද…”ආදී ඇහුවේ කේන්තියෙන් .
“ඔයා ඔය අම්මට කතා කරන විදිහ එච්චර හොද නෑ ආදී…”ආදීගේ මූනේ ඇදුනේ වියරු හිනාවක්.
“ඇයි ඔයා මට කතා කරන්නේ…”ආදී ඇහුවේ නීටගේ වදන් ගනන් නොගෙන.
“ඔයා කොහෙද ඉන්නේ…”ආදී උත්තර නොදී හිටියේ තමන්ගේ අම්මා දැනටමත් තමන් නුවර ඉන්නවා කියලා දන්න නිසා.
“නුවර…”ආදී ඇත්තම කිව්වේ නීටා තමන් ඉන්නේ කොහෙද කියලා දැනටමත් දන්න නිසා.
“නුවර ඔයා මොනවද එහෙ කරන්නේ…අනික අද ඩිනර් එක කියලා සහන් ඔයාට කිව්වේ නැද්ද…ඔයාගේ වයිෆ් ඔයා එනකම් අවුරුදු පහක් බලන් ඉන්නවා.ඔයා කවද්ද එයාව බලන්න එන්නේ…”
“එයා මගේ වයිෆ් නෙවේ…”ආදී කිව්වේ හයියෙන් කෑ ගහලා.තමන් නොදන්න කෙනෙක් තමන්ගේ වයිෆ් කියලා පිලිගන්න ආදී කොහෙත්ම කැමති වුනේ නෑ.ෆෝන් එක ස්පීකර් දාලා කියලා ආදීට තේරුනේ ආදීගේ තාත්තා හයියෙන් මේසෙට ගහන සද්දේ ඇහෙද්දි.
“අහන්න ආදී මට විශ්වාසයි ඔයා එහෙ ගියේ බිස්නස් එකක් පටන් ගන්න.ඔයාගේ බිස්නස් එක ඉවර කරන්න තව මාස තුනක් තියෙනවා.”ආදීගේ තාත්තා කියන දේවල් අහගෙන ඉන්න බැරිම තැන ආදී පෝන් එක මේසේ උඩින් ස්පීකර් දාලා බියර් ටින් එකක් අරගෙන බිව්වේ සෝෆා එකේ හාන්සි වෙලා.
“ඔයා ඔයාගේ ඔය බිස්නස් වැඩේ ඉවර කරලා ආවේ නැත්තම් අපිට වෙනවා ඔයාගේ වයිෆ්ව ඔහෙට එවන්න.”සහන් ආදී දිහා බලාගෙන් හිටියේ කටත් ඇරගෙන.
“මාස තුනයි ඔයාට ඔය බිස්නස් එක කරන්න පුලුවන්”ආදී පෝන් එක කට් කරේ කමල් දිගින් දිගටම තමන්ට කරදර කරන එක අහගෙන ඉන්න් බැරිම තැන.
“ආදී ඒ කියන්නෙ අංකල් සරසිව මෙහෙට එවන්නද හදන්නේ…”
“ඔයාට ඕනනම් කතා කරලා අහගන්න සහන් .”තමන් ගෙදරින් එන කෝල් ආන්සර් නොකරන්නේ දිගින් දිගටම එයාලා කියන දේවල් තමන්ට කරන්න සිද්ද වෙන හින්දා.
“ඔයා මොකක්ද කරන්නේ…ආපහු කොලඹ යනවද…නැත්තම් ඔයා සරසිව මෙහෙට එවනකම් බලන් ඉන්නවද…”ආදී බියර් ටින් එක අරගෙන ඉතුරු වෙලා තියෙන බියර් ටික හිස් කරේ එක හුස්මට.
“මන් සරසිව කොහොමත් මෙහෙට එන්න දෙන්නේ නෑ.මොකද මන් මෙහෙට ආවේ හේතුවක් ඇතුව.ඉතින් දැන් මට වැදගත් ඒක මිසක් කොහෙවත් යන කෙ/ල්/ලෙ/ක් නෙවේ.මන් ආවේ මිහාන වෙනුවෙන් මන් එයාව කොහොමහරි මන් ගාවට ගන්නවා.”ආදී කිව්වේ බිත්තියේ ගහලා තියෙන මිහානගේ පොටෝ එක දිහාම බලාගෙන.
” ඉතින් ඔයා කොහොමද ආදී මිහානව ආපහු ඔයා ගාවට ගන්නේ…ඔයා හිතනවද මිහානා ඔයාට එකපාරටම සමාව දීලා ඔයා ගාවට එයි කියලා.”සහන් අහපු දේට ආදීගේ මූනේ ඇදුනේ හිනාවක්.
🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡
💫මතු සම්බන්ධයි💫
ආදී මිහානව කොහොමද තමන් ගාවට ගන්න හදන්නේ?ඊලග කොටසින් හමුවෙමු.ස්ටිකර් කමෙන්ට් නැතුව ඔයාලගේ අදහස කියාගෙන යන්න