“අපිට ආරණ්‍යාව එයාගෙ ඇත්තම දෙමව්පියන්ට බාර දෙන්න වෙනවා මනුලි. එයාලා අපිට විරුද්ධව නඩු දාලා දරුවගෙ අයිතිය ඉල්ලලා…”
තම හදවතේ ගැස්ම නැවතෙනවාක් මෙන් මනුලිට දැනුනු.ඇගේ දෑත් වලට සිරවුනු මාලකගේ දෑත් ඉබේටම මෙන් ගැලවී ගියා. ඇය වහා දිව ගොස් ආරණ්‍යාව තුරුලු කරගත්තෙ කවුරුන් හෝ ඇයව තමාගෙන් උදුරාගෙන යාවි කියා ඇති වුනු බියෙනුයි.
“නෑ නෑ…. මං මගෙ දුවව කාටවත් දෙන්නෑ. මේ ඉන්නෙ මගෙ දරුවා.මමයි මේ දරුවගේ අම්මා.ඔයා…. ඔයා මේ කියන්නෙ බොරු නේද?අනේ කියන්න මාලක ඔයා බොරු නේද මේ කියන්නෙ?මේ අපේ දුව.මං කාටවත් අපේ දුවව ගෙනියන්න දෙන්නෑ…”
මනුලි හඬා වැලපෙමින් ආරණ්‍යාව තුරුල් කරගෙන කාටවත් ඇයට ලං වෙන්න ඉඩ දුන්නෙ නැහැ.මහත් වූ ශෝකී හදවතින් මාලක මනුලිගේ හිස අතගෑවා.
“අමාරුවෙන් හරි හිත හදාගන්න මනුලි.අපි දෙන්නා ආරණ්‍යාව හදාගත්තු දෙමව්පියො විතරයි.ඒක ඔයා දන්නවනෙ.නීතියට අපි ඉඩ දෙන්න ඕනි මනුලි.ඒ අම්මගෙන් අපි දුවව අරන් ආවෙ හොරෙන්.දැන් එයාලා දරුවව ඉල්ලලා නඩු දාලා…”
“අනේ එහෙම කියන්න එපා දෙයියනේ…. මට මගෙ දරුවව එයාලට දෙන්න බැහැ මාලක…… ඇයි ඔයාට තේරෙන්නැත්තෙ?…. මේ අපේ දරුවා….. මමයි දරුවව අවුරුදු පහක් තිස්සෙ උස් මහත් කරලා සෙනෙහස දුන්නෙ…… මං මගෙ දුවව කාටවත් දෙන්නෑ…”
මනුලි කෑ ගහලා අඬද්දි පුංචි ආරණ්‍යා බය වෙලා වගේ ඇගේ මුහුණ දිහා බලන් හිටියා. සිද්ද වෙන කිසිම දෙයක් ඇගේ පුංචි හිතට තේරුනේ නැහැ.
“ඔයාගෙ වේදනාව මට තේරෙනවා මනුලි. එදා අපි දුවව අරන් ආවෙ ඒ අම්මට හොරෙන්.මං එදාම ඔයාටයි අපේ ඩැඩීටයි කිව්වා මේ විදියට දරුවෙක්ව ලබාගෙන අන්තිමේදි ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙයි කියලා.ඒත් කවුරුවත් මං කියන දේ ඇහුවෙ නැහැ.හැම සාක්කියක්ම තියෙන්නෙ අපිට විරුද්ධව මනුලි.මේ වෙලාවෙ අපිට නීතියට පිටින් යන්න පුලුවන් කමක් නැහැ…”
“ඔයාට පුලුවන්ද මාලක අපේ දුවව එයාලට දෙන්න?මට කියන්න මාලක ඔයාට පුලුවන්ද දුවව නැතුව ඉන්න?…”
“මට ඒක කරන්න අමාරුයි මනුලි.හිත හදාගෙන මට අපේ දුවව එයාලට දෙන්න බැහැ.ඒත් අපි ඇත්තට මුහුණ දෙන්න ඕනි. මං මේක කරන්නෙ කැමැත්තෙන් නෙවෙයි. එදා මං ඔයාට සුද්ද සිංහලෙන් කිව්වා මේ දේ කරන්න එපා කියලා.
මං කිව්වා අපි නීත්‍යානුකූලව දරුවෙක් අරන් හදාගම්මු කියලා.එතකොට කවදාවත් මෙහෙම ප්‍රශ්නෙකට මුහුණ දෙන්න වෙන්නෑ. ඔයා වගේම අද ඒ අම්මත් දරුදුක වෙනුවෙන් අඬනවා.වෙච්චි දේවල් වලට අපිත් වැරදියි…”
“එතකොට ඔයා කියන්නෙ මං වැරදියි කියලද?ඔව් මං ව / ඳ ගෑ/ණි/නෙ.ඒකනෙ අද මෙහෙම ප්‍රශ්නෙකට මුහුණ දෙන්න සිද්ද උනේ…”
“ප්ලීස් මනුලි දැන් ඔය කතාව නවත්තන්න. අද අපිට මෙහෙම ප්‍රශ්නෙකට මුහුණ දෙන්න සිද්ද වෙන්නෑ එදා ඔයා මං කියපු දේ ඇහුවා නම්.සර් ඔයාලා ඔයාගෙ රාජකාරිය කරන්න…”
මාලක පොලිස් නිළදාරින්ට ඔවුන්ගේ රාජකාරිය කරන්නට ඉඩ දී නිහඬව පැත්තකට උනා.ආරණ්‍යාව චේතනාටයි තේනුකටයි බාරදී හිත හදාගන්න මාලකට අමාරුයි.ඔහු ආරණ්‍යාට පන මෙන් ආදරය කරා.
“මට බෑ.මං මගෙ දරුවව කාටවත් දෙන්නෑ. මේ මගේ දුව.මගේ විතරමයි…”
කෑ ගසා එසේ කියූ මනුලි ආරණ්‍යාවත් රැගෙන උඩු මහලට යන්නයි සැරසුනේ.නමුත් පොලිස් නිළදාරිනියන් දෙදෙනා ඇයව වැළැක්කුවා.නීතිය නිවැරැදිව ක්‍රියාත්මක කරන්නට ඔවුන්ට අවසර ලැබී ඇත.
“සමාවෙන්න මැඩම්.අපිට අපේ රාජකාරිය කරන්න ඉඩ දෙන්න.මේ කේස් එක උසාවි දානකල් දරුවව ළමා හා කාන්තා කාර්යංශයෙ විශේෂ අවසරයක් යටතෙ රඳවා තබන්න නියෝග කරලා තියෙන්නෙ…”
“එහෙම කොහොමද ත/මු/සෙ/ලා මගේ දරුවව අරන් යන්නෙ?මං කවුරු කියලා හිතුවද ආ?මේ ඉන්නෙ මාලක විජේවර්ධන ඇමතිගෙ දුව?ජීවත් වෙලා ඉඳලා ඇති වෙලාද අපිත් එක්ක හැප්පෙන්න ආවෙ?…”
මනුලි පොලිස් නිළදාරිනියන් දෙදෙනාට අසභ්‍ය වචනයෙන් බැන වැදී දියණියව ඔවුන්ගෙන් ඈත් කරගන්නට උත්සහ දැරුවා. මාලක ඇවිත් මනුලිව බොහොම අමාරුවෙන් පැත්තකට අරගෙන දරුවව රැගෙන යන්න ඉඩ දුන්නා.කෑ ගසා අඬලා හෙම්බත්ව උන් මනුලි එක්වරම සිහිසුන්ව ඇද වැටුනා.පුංචි ආරණ්‍යාත් හයියෙන් ඇඬුවා අම්මව දාලා යන්න බැරුව.
“අම්මී….. අනේ අම්මී…. බබාව ගෙනියන්න අපා කියන්න…. තාත්තී බබාව බේලගන්න…. අම්මී බබාත නන්න බෑ…”
පැයකට පසුව~
පොලිස් නිළදාරිනියන් පිරිස ආරණ්‍යාව රැගෙන යන දෙස මාලක බලා සිටියෙ කඳුලු පිරි දෑසිනි.ඔහුගේ හදවත වේදනාවෙන් බරවී ඇත.ආරණ්‍යාට ඔහු ආදරය කරේ තමාගේම ලෙ/යි/න් උපන්න දරුවෙකුට මෙනි.ඇගේ ආදරණීය සුරතල් සිනා හඬ ඔහුට දසතින් ඇහෙන්නට උනා.
නෙත් අගින් ඇද හැලුනු කඳුලු පිසදාගත් මාලක මනුලි ළඟට ගියා.ඇය තම මවගේ ඔඩොක්කුවෙ හිස තබාගෙන කඳුලු සලමින් අඬනවා.චේතනා තම නැගණිය නොවුනා නම් මාලක කෙසේවත් ආරණ්‍යාව මනුලිගෙන් ඈත් කරන්නෑ.
“හරිම අපූරුයි පුතා කරපු දේ.බලන්න මගෙ දුව කොච්චර අඬනවද දරුවා නැතුව.නීතිය නවලා මේ වගේ කේස් එකක්වත් යට ගහන්න බැරි නම් ඔය ඇමති පට්ටමෙන් ඇති වැඩේ මොකක්ද?…”
“අනේ මේ ඇන්ටි මගෙ යකා අවුස්සන්නැතුව ඉන්නවද.අපිට ඕනි ඕනි විදියට අරෙහෙට මෙහෙට නවන්න නීතිය මගෙ අම්මගෙ අප්පගෙ බූදලේ කියලා හිතුවද?ආරණ්‍යාව අපි අපේම දරුවෙක් වගේ ඇති දැඩි කරා.අද මනුලි වගේ ඒ අම්මත් තමන්ගෙ දරුවා වෙනුවෙන් කඳුලු හලනවා.වැරැද්ද කරේ අපි. අපි එදා ඒ අම්මගෙන් දරුවව හොරෙන් අරන් ආවෙ…”
මාලක කේන්තියෙන් සාලෙ එහාට මෙහාට ඇවිද්දා.චේතනායි තේනුකයි තවමත් පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා.ඔවුන් දෙදෙනා ගැන කාටවත් ගානක් උනේ නැහැ. මනුලි ආරණ්‍යාගේ සැබෑ මවට සා/ප කරමින් ඇඬුවා.
“නිකන් බොරුවට ඒ අම්මට සා/ප කරන්න එපා මනුලි.ඒ අම්මා දරුවව අපිට විකිණුවෙ නෑනෙ.අනික මං ඔයාට ඒ දවස් වලම කිව්වා අපි හොඳ සිංහල වෙද මහත්තයෙක් ගාවට ගිහින් බෙහෙත් කරමු කියලා.එහෙම කරා නම් මේ වෙද්දි අපි අපේම දරුවෙකුට දෙමව්පියො වෙලා…”
“දැන් ඒවා කතා කරලා වැඩක් නෑනෙ පුතා. උසාවියෙදි කොහොම හරි දරුවව අපේ දුවට බාර ගන්න තැනට වැඩ සිද්ද කරා නම් හරි. පුතාට පුලුවන්නෙ තමන්ගෙ බිරිඳ වෙනුවෙන් ඒක කරන්න.නැත්නම් ඔය ඇමතිකමෙන් වැඩක් නෑ…”
“අනේ මේ අංකල් ඒ පාර ඔයත් පටන් ගත්තද?නීතිය ගානට යුක්තිය ඉශ්ඨ කරයි. මට බෑ කාටවත් බලපෑම් කරන්න.තමන්ගෙ දුවගෙ දුක,වේදනාව තේරෙනවා.ඒත් තව දුවෙකුගෙ වේදනාව තේරෙන්නෑ…”
“ඔයා හදන්නෙ දුවව උසාවියෙදි උ/න්/ට බාර දෙන්නද මාලක?…”
මනුලි මාලකගෙන් එහෙම ඇහුවා.
“උසාවියෙදි කොහොමත් දුවව අයිති වෙන්නෙ එයාගෙ ඇත්තම දෙමව්පියන්ට. අපිට කරන්න දෙයක් නැහැ…”
“ඇයි නැත්තෙ?කරන්න දෙයක් තියනවා.මට ඔයා කියන්න කව්ද දුවගෙ ඇත්තම අම්මයි තාත්තයි?…”
මනුලිගෙ ඒ ප්‍රශ්නෙට මාලක නිශ්ෂබ්ද උනා. ආරණ්‍යාගේ සැබෑ මව චේතනා බව මාලකට ඇයට පවසන්න බැහැ.සත්‍යය දැන ගත් විට මනුලි චේතනාගේ ජීවිතයට අනතුරක් සිදු කරන්නටද පුලුවන්.ඒ නිසා මේ අවස්ථාවේදී චේතනාගේ ජීවිතය මනුලිගෙන් ආරක්ෂා කල යුතුයි.උසාවියේදී දරුවාගේ නීත්‍යානුකූල අයිතිය චේතනාටත් තේනුකටත් ලැබුනු පසු කල යුතු වැඩ කොටසක් ඇත.
“ඇයි මාලක ඔයා කතා කරන්නැත්තෙ?කරුණාකරලා කරලා මට කියන්න.කව්ද ආරණ්‍යාගෙ ඇත්තම දෙමව්පියො?…”
මනුලි මාලක ළඟට ගිහින් ටිකක් හයියෙන් කතා කරා.
“ඒක මොකටද ඔයාට?…”
“මං ඒ දෙන්නගෙ කකුල් දෙක අල්ලලා වැඳලා හරි මගෙ දරුවව ඉල්ල ගන්නවා.මගෙ දුව නැතුව මට ජීවත් වෙලා වැඩක් නැහැ මාලක. අනේ මගෙ දරුවව එයාලට දෙන්න එපා දෙයියනේ…”
මනුලි මාලකගෙ ප/පු/ව බදාගෙන හඬා වැලපුනා.නීතියට ඉඩ දෙනවා හැරෙන්නට මාලකට මේ අවස්ථාවෙදි කල හැකි දෙයක් නැහැ.නීතිය යුක්තිය ඉටු කරන තුරු ඔහු නිහඬව බලා සිටින්නට තීරණය කරා.
“හිත හදාගන්න මනුලි.ආරණ්‍යාව අපිට අයිති නැහැ.එයා අයිති පිට කෙනෙක්ට නෙවෙයි…”
“ඒ කිව්වෙ?…”
මාලකගේ ප/පු/වෙ/න් ඈත් වුනු මනුලි ඔහුගෙ මුහුණ දෙස බැලුවා.
“ආරණ්‍යා මගෙ එකම නංගිගෙ දුව මනුලි…”
“මොනවා??….. පුතා මොනවද මේ කියවන්නෙ?මෙච්චර කාලෙකට පුතාට හිටපු නැති නංගි කෙනෙක් එකපාරටම කොහෙන්ද මේ කඩා පාත් උනේ?සේනකට හිටපු එකම දරුවා පුතා විතරයිනෙ…”
මනුලිට මොකුත් කියන්න නොදී මැද්දට කඩාගෙන පැනලා මනුලිගෙ අම්මා මාලකගෙන් එහෙම ඇහුවා.මනුලිටත් පුදුමයි මාලක කියපු දේ ගැන.හැමෝම දන්නෙ මාලකට සහෝදර සහෝදරියො කවුරුවත් නෑ කියලනෙ.
“ආරණ්‍යා දූගෙ අම්මා මගෙ එකම නංගි.ඒක තමයි ඇත්ත…”
මාලක කිව්වා.චේතනා බියෙන් වගේ තේනුකගෙ මුහුණ දිහා බලන් හිටියෙ තව සුළු මොහොතකින් මාලක තමාගේ නමත් පවසාවිදෝ කියා සිතමිනුයි.
“ආරණ්‍යාගෙ දුවගෙ ඇත්තම අම්මා මුඩුක්කු වත්තෙ ප්‍රේමාගෙ දුව නේද පුතා?…”
එකපාරටම යමක් මතක් උනා වගේ මනුලිගෙ තාත්තා මාලකගෙන් එහෙම ඇහුවා.
“ඔව් අංකල්.ඩැඩීට ඒ කාලෙ ප්‍රේමාත් එක්ක සම්බන්දයක් තිබිලා තියනවා.ඒකෙ ප්‍රතිපලයක් තමයි ආරණ්‍යා දුවගෙ අම්මා.ඒ මගෙ එකම නංගි.දෙමව්පියන්ගෙ වැරදි වලට මංවත් මගෙ නංගිවත් ප / ලි නෑ.එදා මං ඔය සිද්දිය දැනගෙන හිටියා නම් කීයටවත් ආරණ්‍යාව අරන් එන්නෑ.මට මගෙ නංගිට දුකක් දෙන්න බෑ අංකල්.මං ගොඩක් අමාරුවෙනුයි හිත හදාගත්තෙ දුවව එයාලට දෙන්න…”
“එතකොට පුතාට මගෙ දුවට දුකක් දෙන්න පුලුවන්ද?මේ ඉන්නෙ ඔයාගෙ බිරිඳ. තමන්ගෙ බිරිඳට වඩා ඊය පෙරේදා හම්බුනු නංගිව ලොකු උනේ කොහොමද පුතා?…”
මනුලිගෙ අම්මා අහන දේත් වැරැද්දක් නෑ කියලා මාලකට හිතුනා.සමාධි නොහොත් චේතනා තමන්ගෙ නැගණිය බව තමා දැනගෙන තව මාසයක් ගෙවුනෙ නැහැ. මනුලි තමාගේ බිරිඳ වී දැන් වසර හතකුත් ගෙවී අවසන්.තමා කෙසේද ඇගේ සිත රිදවන්නෙ?
“මමී අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්න මාලක. ඔයාට මට වඩා මේ ඊය පෙරේදා හම්බෙච්චි නංගිව ලොකු උනේ කොහොමද?තමන්ගෙ නංගිගෙ ඇස් වලින් ගලන කඳුලු ඔයා පිහදාන්නෙ මගෙ ඇස් දෙකට ඇඟිල්ලෙන් ඇ/න/ල/ද?…”
“කල්පනා කරන්න නෙවෙයි කිව්වෙ.මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න පුතා.ඔයාට වටින්නෙ තමන්ගෙ බිරිඳවද,සහෝදරීවද?…”
“මට ඔයාව වටිනවා මනුලි.ඒත් ආරණ්‍යාගෙ අයිතිය තියෙන්නෙ අපිට නෙවෙයි.ප්ලීස් ඒක තේරුම් ගන්න.එයා ආරණ්‍යාව මේ ලෝකෙට බිහි කරපු අම්මා…”
“වදපු අම්මට විතරයිද අයිතිය තියෙන්නෙ?මට ආරණ්‍යාට මගේ *ල් කිරි කරලා පොවන්න බැරි උනා තමයි.ඒත් මං එයාට දීපු සෙනෙහසේ ආදරේ කවදාවත් අඩුවක් උනේ නැහැ මාලක…”
“මං ඔයාට එදා කිව්වා මනුලි ඔය දේ කරන්න එපා කියලා.ඔයා මං කියපු දේ කනකටවත් ගත්තෙ නැහැ.හිතුවක්කාර වෙලා තීන්දු තීරණ අරන් දැන් මෙතන අඬනවා…”
මතු සම්බන්දයි