-8 කොටස-
හිමංස නිකමටවත් ඔලුව හරවලා බැලුවෙ නැහැ.. නිශාදිත් එහෙමයි.. දෙන්නම කැමති නැහැ කාටවත් සකන්ඩ් වෙන්න… නිශාදිගෙ ගෙදරින් එලියට බහිද්දි නම් දෙන්නා හිටියෙ කුරුළු ජෝඩුවක් වගේ…
කැබ් එක නිශාදිගෙ ගමේ වෙල් යාය මැදින් යද්දි නිශාදි එක පාරටම කෑ ගහන්න ගත්ත..
“ඕක නවත්වන්න හිමංස ඕක නවත්වන්න …”
නිශාදි කෑගහපු පාරට හිමංස එක පාරටම බ්‍රේක් එක පෑගුවා..මොකක් වෙලාද මෙයාට..
ඒත් හිමංස මොකුත් අහන්න කලින් නිශාදි දොර ඇරගෙන එලියට බැස්සා…හිමංසත් බැහැලා නිශාදි පිටිපස්සෙන් ගියා.. නිශාදි නැවතුනේ.. එයාලා පාස් කරන් ආව වයසක සීයා ලග.
“අබරං සීයෙ … කොහොමද.. ගොඩ කාලෙකින් දැක්කෙ…”
නිශාදි කීවෙ හරි සතුටින්… හිමංසට මේක හරි ප්‍රහේලිකාවක් …මේ වයසක ඩයල් එක දැක්ක ගමන් නිශාදි පන කඩාගෙන දුවගෙන ආවෙ ඇයි..
” මේ අපේ සුදු නෝනෙ නේද…”වයසක ඩයල් එක කහට දත් පෙන්නලා හිනාවෙනවා..
“ඔව් සීයෙ.. සීයා හොදින් නේද…”
“සුදු නෝනෙට පිං සිද්ද වෙන්න මං හොදින් ඉන්නව තාම…”
“සීයා කොහෙද මේ ගියේ..”
“මේ දවස් වල මං පොඩි කුලී වැඩක් කරනවා නෝනෙ “
“ඒත් සීයට මහන්සිවෙන්න හොද නැහැනෙ අසනීපෙත් එක්ක..”
අබරං සීයා පෑවෙ දුක් මුසු හිනාවක්…
“ඔහොම ඉන්නකො සීයෙ.”
. නිශාදි කැබ් එකට ගිහින් පර්ස් එක අරං ඇවිත් පන්දහේ කොල දෙකක් සීයට දිග් කලා..
“සීයෙ මගෙ ලග දැනට තියෙන්නෙ මෙච්චරයි … සීයා මේක වියදමට තියා ගන්න.. බෙහෙත් ටිකත් ගන්න…. මං ආයෙ එන්නම් සීය බලන්න…”
වයසක ඩයල් එකේ ඇස් දෙකෙන් කදුලු බේරෙනවා.. හිමංස තුෂ්ණිම්භූත වෙලා බලං ඉන්නවා… නිශාදි මේ මොකද කරන්නෙ…ඇයි මේ සීයා අඩන්නෙ..
“සුදු නෝනෙ මට කොච්චර උදව් කරලා තියෙනවද… පිං සිද්ද වෙනවා… කිරියෙන් පැනියෙන් උතුරන්න ඕනෙ අපෙ නෝනෙට….මේ අපේ නෝනෙගෙ මහත්තයා නේද”
“ඔව් සීයෙ.. අපි ලගදි කසාද බැන්දෙ”
“මහත්තයෝ … මහත්තයාට ලැබිලා තියෙන්නෙ වටින සම්පතක්.. අහල ගම් හතකවත් නෑ මේ වගේ මැණිකක්.. මහත්තයා ගොඩක් වාසනාවන්තයි..
දුප්පත් මං පාරෙ අසනීප වෙලා වැටිලා ඉද්දි කවුරුවත් මගෙ දිහා බැලුවෙ නෑ මහත්තයෝ… සුදු නෝනා දේවතාවියක් වගේ ඇවිත් මට උදව් කරලා මගෙ ජීවිතේ බේරගත්තෙ… “
“අය්යෝ අබරං සීයෙ.. ඔය පරන කතා වැඩක් නෑනෙ දැන්… අපි යන්නම්.. ආච්චිව මතක් කලා කියන්න..”
එහෙම කියපු නිශාදි පාත්වෙලා සීයට වැන්දා….
හිමංසට හිතාගන්න බෑ… නිශාදි … …එයා කොහොම කෙනෙක්ද…. මං දන්න දේ වලට වඩා.. කොච්චර දේවල් එයාගෙ ජීවිතේ තියෙනවද
“හිමංස .. යමු අපි…”
💙💙💙
හිමංස හයි වේ එකට කැබ් එක දැම්මා…..
“නිශාදි … අර වයසක ඩයල් එක ඔයාගෙ නෑයෙක්ද”
‘‘ඇයි අනේ ඔහොම කතා කරන්නෙ…ඒ අබරං සීයනේ..”
“හරි හරි.. ඉතිං කියනවකො”
“මගෙ නෑයෙක් නෙවෙයි හිමංස”
“එහෙනම් උදව් කලේ.”
“මනුස්සයෙක්ට උදව් කරන්න නෑදෑයෙක් වෙන්න ඕනෙම නැහැනෙ… අබරං සීය පව් හිමංස.. එයා ගොඩක් දුප්පත්..ඉස්සර මං පඩි ලැබුනම කීය කීය හරි දෙනවා බෙහෙත් ගන්න එහෙම..
සීයට දරුවො තුන් දෙනෙක් ඉන්නවා.. ඒත් එයාලා කවුරුවත් එයාට සලකන් නැහැ… කටුමැටි ගහපු ගෙදරක ආච්චිත් එක්ක ඉන්නෙ.. ආච්චිත් අසනීපෙන් හිටියෙ..”
හිමංසට පුදුමයි නිශාදි ගැන…. අපරාදෙ මගෙ පර්ස් එකේ අච්චර සල්ලි තිබිලත් මට බැරි උනානෙ එවෙලේ දෙන්න..හිමංස පසු තැවුනෙ තමං ගැනම ඇතිවුනු ලැජ්ජව නිසා…
නිශාදි කියන්නෙ මැණිකක්… සීයා කියපු දේ හිමංසගෙ හිතට තදින්ම වැදුනා..
ඇත්තටම නිශාදි ගොඩක් හොද කෙල්ලෙක්… ඒක නිසයි තාමත් තරුන් ගැන හිත හිත දුක් වෙන්නෙ…. දැනුයි මට තේරෙන්නෙ…එයා ආදරේ කලේ තරුන්ට… දැන් එකපාරටම මට ආදරේ කරන්නෙ කොහොමද … එහෙම චපල වෙන්න බැරි එයාගෙ හිත ගොඩක් හොද නිසා… නැත්නම් වෙන එකියක් නම් සල්ලි හින්දම මාව බදින්න උඩින්ම කැමති වෙනවනෙ…
හිමංසට මතක් උනා හිමංස මුලින්ම නිශාදිගෙ ගෙදර ගියපු දවස.. කසාදෙ තීන්දු වුනු දවසෙ නිශාදිගෙ ගෙදර වත්තෙ අඹ ගහ යටදි නිශාදි කියපු කතාව.
“හිමංස. සමාවෙන්න මං මෙහෙම කියනවට… මං මේ කසාදෙට කැමති නැහැ… මං හිතන්නෙ නැහැ කොයි වෙලාවකදිවත් මං ඔයාට බලාපොරොත්තුවක් දුන්න කියලා…මං ආදරේ කරන කෙනෙක් ඉන්නවා.. තරුන්… ප්ලීස් හිමංස… මාව තේරුම් ගන්න….”
“නිශාදි .. තමුසෙ එකෙක් එක්ක නෙවයි දහයක් එක්ක යාලුවෙලා හිටියත් මට කමක් නැහැ…. මං තමුසෙව කසාද බදිනවා.. අද ඉදලා ඒ සම්බන්දෙ නවත්වන්න ඕනේ..”
“ඔයාට හිතක් පපුවක් නැද්ද හිමංස ඔහොම කියන්න…”
“මේ …ඔය බම්බු ආදර කතා මට වැඩක් නැහැ.. ඕව ඔක්කොම බොරු සෝබන..තමුසෙ අද ඉදලා මට ආදරේ කරනවා. එතකොට හරිනේ…”
හිමංසට තමන් ගැනම ලැජ්ජයි…. මෝඩයෙක් වගේ නිශාදිගෙ ජීවිතේ කණපිට පෙරලුවේ මං නේද.. ඒත් නිශාදි .. දැන් නම් මට ඔයාව නැති කර ගන්න කොහොමත් බැහැ….කොහොමහරි ඔයාගෙ හිතේ මගේ නම මං ලියවනවා.
එහෙම හිතනකොටත් කොල්ලට මාර සතුටක් දැනුනෙ.
“නිශාදි… ඔයා තරහද මා එක්ක.. “
“ඇයි”
“උදේ මං කෑගැහවට…”
“මං ඕව හිතේ තියාගෙන ඉන්නෙ නැහැ හිමංස… “
“ඇයි”
“හැම වෙලේම දුකින් ඉන්න මට බැහැ හිමංස… හෙට මැරෙයිද කියන්න බැහැනෙ…අද සතුටින් ඉන්න ඕනෙ…”
“පිස්සු කියවන් නැතුව ඉන්නව.. තමුසෙට මොකුත් වෙන් නැහැ මං ඉන්නකල්…”
හිමංසගෙ ආදරේ නිශාදිට දැනෙනවා.. ඒත් නිශාදි බයයි.. තරුන් මහා පවුරක් වගේ හිතේ හිටගෙන ඉන්නවා…. කොහොමද දෙන්නෙකුට මේ හිත බෙදලා දෙන්නෙ…..
හිමංස කැබ් එක නතර කලේ එයාගෙ ඔෆිස් එකේ
“හිමංස ඔයා කීවනෙ මට අද ඔෆිස් යන්න දෙනවා කියලා.. ඒත් මේ කොහෙද.”
“ඔෆිස් එක තමයි …හැබැයි මගේ… ඔයාට මගේ ඇසිස්ටන් විදිහට වැඩ කරන්න පුලුවන්…මං වැඩ බලලා හොද සැලරි එකකුත් ගෙවන්නම්.. ම්ම් මොකද කියන්නෙ… your choice”
නිශාදි හිතත් එක්ක තර්ක කරලා කොහොම හරි වැඩේට කැමති උනා… හිමංස නිශාදිව ඔෆිස් එකට එක්ක ගියේ ආඩම්බරෙන්… හැමෝටම පොදුවෙ නිශාදිව හදුන්වලා දුන්න හිමංස එයාගෙ රූම් එකට ගියේ නිශාදිට කට්ටිය අදුන ගන්න කියලා…
ඔෆිස් එකේ හැමෝම හිමංසට ගරු කරන හැටි හිමංසට හිනාවෙලා කතා කරන හැටි දැක්කම නිශාදිට පුදුමයි .. මේ නපුරා ඔෆිස් එකේදි නම් හොදයිද කොහෙද…
හිමංස එයාගෙ රූම් එකට ගියාට මොකද හිතයි ඇස් දෙකයි ඔක්කොම තිබුනේ වීදුරුවෙන් එහා පැත්තෙ තියෙන කොටසේ. කට්ටිය එක්ක නිශාදි හිනා වෙවී කතා කරනවා දකිද්දි හිමංසට දැනුනෙ ලෝකෙම දිනුවා වගේ සතුටක්…
කොච්චර රණ්ඩු කලත්… නපුරුකම් කලත්… මගෙ හිතේ තියෙන ආදරේ අඩු වෙන් නැහැ කවදාවත් නිශාදි .. කවදාහරි ඔයා මට ආදරේ කරනකල් මං බලං ඉන්නවා…..ඔව්… බලෙන් ආදරේ ගන්න බෑ නිශාදි.. ඔයාම මට ආදරේ කරයි දවසක… මං බලං ඉන්නවා මගෙ මැණික..
ඔෆිස් එකේ සෙට් එක ට්‍රිප් එකක් දාගෙන ඒකට නිශාදිවත් කැමති කරවගත්තෙ බොහොම අමාරුවෙන්.. හිමංස නම් උඩින් නොපෙන්නුවට ෆුල් හැපි එකේ හිටියෙ ට්‍රිප් එක යන්න…
හවස ජෝඩුව ගෙට ගොඩ වෙනකොටම පොඩි දෙන්න නිශාදිව වට කර ගත්ත..
“පුංචා නැතිව අපි පාලුවෙන් හිටියෙ. නපුරු බාප්පි පුංචව අපෙන් ඈත් කරනවා. “
“මෙන්න බොලං වැඩක් . ඕකට තමා කියන්නෙ ඉස්සෙල්ලා ආව කනට වඩා පස්සෙ ආපු අග ලොකු වෙනාවා කියලා.. මං නැත්නම් ඔයාලට හම්බුවෙයි ඔහොම නල්ල මලේ පුංචෙක්….”
හිමංස තවත් මොනවදෝ කුටු කුටු ගගා පඩිපෙල නගිනවා
“පුංචා මොකද බාප්පිට වෙලා තියෙන්නෙ… අර කනේ කතාව මොකද්ද ..”
“ආ …අනේ ඕවා අපිට වැඩක් නැහැනෙ චූටි.. මං වොශ් එකක් දාගෙන එන්නම් .අපි මොකද්ද අද කරන සෙල්ලම… ඔයාලා කල්පනා කරලා බලන්නකො…”
💙💙💙💙💙
ගොඩ දවසකින් විනෝද් හම්බුනේ නැති නිසා විනෝද්ලගෙ ගෙදර යන්න ලෑස්ති වෙලා පඩිපෙල බහින හිමංස දැක්කෙ සාලේ සෙටිය පිටි පස්සෙ හැංගිලා එබිකං කරන නිශාදිව… මේකිට මොනවා වෙලාද මේ…
හිමංස හෙමින් හෙමින් අඩි තියලා පඩිපෙල බැහැලා සෙටිය පිටිපස්සට ඇවිත් ඉද ගන්නකල් නිශාදි හිමංසව දැක්කෙ නෑ. එයාගෙ අවධානෙ සම්පූර්ණයෙන් යොමු වෙලා තිබුනෙ සාලෙ දොර දිහාට
හිමංස නිශාදිගෙ උරහිසට අත තිබ්බ ගමන් නිශාදි ගැස්සිලා බැලුවා..
“මොකද තමුසෙ මෙතන කරන්නේ”
“කෑ ගහන්න එපා මෝඩයෝ..ස්ස්ස්ස්..”
නිශාදි කටට දබර ඇගිල්ල තිබ්බා…හිමංස ඒ දිහා බලං හිටියේ ආසාවෙන්…කැටයම් …ඇස් ලොකු කරන් ඉන්න හැටි…අල්ලගෙන ඉඹින්නමයි හිතෙන්නෙ…
“අපි හැංගිමුත්තන් කරනවා”
“මොකක්.හ්හ්… හා….. හිමංස්ට හිනාව” නවත්තගන්න බැහැ
“ඊ ඊඊඊඊඊ … මෝඩයෝ ඔහොම හිනාවෙන්න එපා අහුවේවි මාව… පොඩිකාලෙ හැංගිමුත්තන් කරලා නැද්ද..”
“තමුසෙ නම් නිශාදි … පිස්සියක් අප්පා…”
හිමංස නිශාදිගෙ කොන්ඩෙ අවුස්සලා නැගිට්ටා… පොඩි එවුන් දෙන්න එතකොටම ගේ ඇතුලට ආවා…
“බාප්පි පුංචාව දැක්කද ඔයා..”
“මොන පුංචාද…”
හිමංස දොරකඩ ලගට ආවා..
“අපේ පුංචව අනේ…. අපි හැංගිමුත්තන් කරනවා.. පුංචා හැංගිලා”
“ආ මං නම් දැක්කෙ නැහැ…හැබැයි සෙටිය පිටිපස්සෙ නම් කවුරුවත් නැතෝ….”
හිමංස කෑගහගෙන එලියට පැන්නා..
හිමංස හිටියෙ පුදුම සතුටකින්.. අද නම් මූඩ් එක ෆුල් හැපි…උදෙන්ම නිශාදි නින්දෙන් හිනාවෙනව දැක්ක හින්දද මංදා… විනෝද් නම් ගොඩක් සතුටු වුනා හිමංස ගැන… හිමංස ආපහු එනකොට රෑ හතට විතර ඇති..
ඒත් නිශාදි පේන්න හිටියෙ නැහැ.. පොඩි දෙන්නත් නැහැ.. කොහෙ ගිහින්ද මෙයාලා අම්මත් නැහැ…..මං නිශාදිට කීවනේ මට නොකියා එලියට බහින්න එපා කියලා…
කොයි නිශාදි….
“සීතා.. සීතා”
“මහත්තයා ..”
“කොයි නිශාදි නෝනා… “
“මහත්තයා .. නිශාදි නෝන ලොකු නෝනත් එක්ක පන්සල් ගියා..පොඩි බේබිලා දෙන්නත් ගියා”
“ඒ මොකටද”
“වදින්නනෙ මහත්තයා පන්සල් යන්නෙ..”
“ආ ඔව් නේද…. කොහෙ පන්සලටද ගියේ”
“ගමේ පන්සලට”
“එහෙමද .. ඒක කොහෙද තියෙන්නෙ”
සීතට බකස් ගාලා හිනා ගියා…
“කොහෙද ඉතිං චූටි මහත්තයා වැස්සකටවත් පන්සලකට ගොඩ වෙලා තියෙනවයැ… පොඩි කාලෙත් ඔහොමනෙ… “
“මේ… ඒ පන්ඩිතකම් තමුන්ට වැඩක් නැහැනෙ…තැන කියනවකො…”
සීත පන්සලට යන්න පාර කීවා.
“මහත්තයා ඔහොමද පන්සල් යන්න හදන්නෙ”
හිමංස නැවතිලා පුදුම වෙලා සීතා දිහා බැලුවා..
“ඇයි”
“ඔහොම රතු පාට ඇදගෙන පන්සල් යනවද.. සුදු පාටනෙ අදින්නෙ…නිශාදි නෝනා නම් අද මාර ලස්සනයි .. සුදු පාට ලස්සන දිග ගවුමක් ඇදගෙන ගියේ.. හරිම පිං පාටයි…”
ශිට්… කවදා කාපු ටකරංද මේවා.. මේකි හින්ද මං ගෙදර වැඩකාරයින්ටත් විහිලුවක් වෙලා…හිමංස නිල් ඩෙනිමට සුදු ටී ෂර්ට් එකක් දා ගත්තා..
💙💙💙💙
හිමංස පන්සලේ බෝමලුව ලගට යනකො නිශාදි පොඩි උන් දෙන්න දෙපැත්තෙ තියාගෙන වදිනවා . හිමංස දැක්ක ගමන් පොඩි දෙන්න ලගට ආවා.
“බාප්පි.. ඔයා ආවෙ ඇයි”
“ඔයාලා බලන්නනෙ චුට්ටො”
“අම්මෝ කියන බොරු… පුංචාව බලන්නනෙ ආවෙ.. දන් නැද්ද ..පන්සලේ ඉදලා බොරු කියන්න හොද නැහැ..”
💙💙💙
බෝමලුවෙ ඉදන් ඇස් පියාන ගාථා කියන නිශාදි දිහා හිමංස බලං හිටියෙ කියා ගන්න බැරි හැගීමකින්..ඒ කියපු ගාථා එකක්වත් හිමංස දන් නැහැ
නිශාදි ඇස් අරිනකොට පොඩි දෙන්න ලග නෑ.. හිටියෙ හිමංස
“හිමංස ඔයා….කොයි වෙලේද ආවෙ.. පොඩි දෙන්න කෝ”
“මං ආව නිසා දෙන්න අම්මත් එක්ක ගෙදර ගියා.. ඇයි මට නොකියා ආවෙ….”
“සොරි… අම්ම එමු කීවම මට කියන්න අමතක උනා”
“මොනවද ඒ කිව්වෙ කුටු කුටු ගගා..”
“හිමංස මේක පංසලක්..කෑ ගහන්න එපා පිස්සු ඔයාට .. යමු දැන්..”
දෙන්නා ටික දුරක් එද්දි සුදු පාට වෑන් එකක් පාර හරහට නතර කරලා තිබුනා.. හිමංස කාර් එක නතර කලේ බැන බැන..
“මොන බූරුවෙක්ද….”
වෑන් එකෙන් එලියට බැස්සෙ මදාවි පෙනුම තියෙන කොල්ලො තුන් දෙනෙක්..උන් තුන් දෙනා කාර් එක ඉස්සරහ හිටගත්තා.
නිශාදි ඇස් ලොකු කරං බලං ඉන්නවා..