මලක්දෝ නුඹ අරලියා 🌸🌿

ඇමති උපුල් මඩුගල්ලේ සිටියේ එහා මෙහා යමිනි…… සම්මානි අසල පුටුවට බරදී වයින් වීදුරුවක් හිස් කරමින් සිටියාය….. ඔවුන්ගේ සිත් කැලඹිමෙන් පිරී ගොසිනි………

🔵 මේ පොඩි කෙල්ලක් කොහොමද අපිට මෙහෙම අභියෝග කරන්නේ ආ.. සමිමානි…………..

🌱 මේවා අපේ මෝඩ අශේන්ගේ වැඩ…. ශිට්…. ටිකක් ඉවසන්න බැරි වුනානේ…. අශේන් ඒකිව උස්සපු දවසේ උන් බීලා කතා කරපුවානේ මේකි රෙකෝඩ් කරගෙන තියෙන්නෙ……..

🔵 ඕකි ව අපි ඉවරයක් කරන්න ඔනි……. අර සුරනිමල මරමු කීවාට තමුසෙ ඇහුවේ නෑනේ සම්මානි………. කවුද මේකිට උදව් කරන්නේ මට හිතාගන්න බැරි ඒක…….

🌱 කවුද ඉතින් රන්දයයි අර නන්දන සමරසේකර කියන එකයි මිසක්…….. ආනන්දිතාගේ අන්තිම කැමති පත්‍රය ලියලා තියෙන්නේ මේකිටනේ……….

🔵 රන්දය මේ රන්දය කියන්නේ සුලක්ඛනාගේ පුතාද………..

🌱 ඔව් ඇයි….

🔵යකෝ ඌ මගේ දුව දුෂේරාව බඳින්න ඉන්නේ………

🌱මොනවා…………… එහෙනම් මේ අවස්ථාවෙන් පුයෝජනයක් ගමු……. කොහොමත් සුලක්ඛණා මෝඩ ගෑණි….. ඔක්කොටම වඩා ආනන්දිතා එක්ක තරහයි…………

🔵 හරි මං දැන්ම මේ ගැන කතා කරන්නම්………… මංයනවා හෙට නඩුවෙදි හම්බවෙමු……………

උපුල් මඩුගල්ලේ මේ සියලලල සුලක්ඛනා මැණිකේගේ කණෙහි තැබුවේය…… කෝපාවිෂ්ඨ වු නාගකන්‍යාවක් මෙන් ඇය වෙව්ලා ගියාය…………

⚪මං ඉන්නකම් ඒවා කොහෙද දඩාවතේ යන පර බැ&&& මං මගේ කොල්ලා දෙන්නෑ.

🔵දැන් ඒ දෙන්නා අතර affair එකකුත් තියෙනවානේ…….. මට නම් මේ සැරේ බේරෙන්න බැරි වෙයි සුලක්ඛනා……. ඔයා ඒකිට කවදාවත් දිනන්න දෙන්න එපා…… රන්දය දුෂෙරාටම බන්දන්න මොනවා හරි කරන්න ඔයාට පුළුවන් මොකද රන්දය ඔයාට ආදරෙයි………

⚪ මොකක් හරි කරන්නම්………….

උපුල මඩුගල්ලේ දුෂේරාටද ඒ ගැන පැවසුවේය…………. දුෂෙරා ද උපුල්ගේම කපාපු පලුවකි ඒ නපුරු කම් දුෂ්ඨ කම් ඇයට හොදට පිහිටා තිබුනි……… ඇය රන්දයට ඇමතුමක් ගත්තාය……….

🌸 රන්දය මට කතා කරන්න ඔනි……

❤️ අද නම් බෑ දුෂෙරා මට වැඩ තියනවා……..

🌸එහෙම බෑ එන්නම ඕනි………

රන්දයට ආවේ දැඩි කෝපයකි…….. ඔහු සිටියේ සාක්ෂි ගලපමිනි……. ඒ නිසාම ඇමතුම විසන්ධි කර දුරකතනයද ක්‍රියාවිරහිත කලේය…………….. නමුත් සුලක්ඛණාගෙන් නම් ඔහුට බේරුමක් නොවීය……..ඇය ඔහු සොයාගෙන පොලිසීයටම ආවාය……..

❤️ ඇයි අම්මා මේ…….. කතා කරගන්න දෙයක් ගෙදරදි කතා කරමු මේක මගේ වැඩ කරන තැන…..

⚪ කති කරන්න ගෙදර එන එකක්යැ…. එක එක ගුබ්බෑයම් අස්සේ රිංගනවානේ…….

❤️ අම්මා මොනවද මේ කියන්නේ ආ……..

⚪දුෂේරාව බදින්න ඕනි….මං හඳහන් බලවනවා….. දිනයකුත් දාගන්නවා……….

රන්දයට ආවේ පුදුම කේන්තියකි…… අම්මා නිසා කිසිවක් කියන්නත් නොහැකිය…… නමුත් තමාගේ ජීවිතය ගැන ඒකාධ්පති තීරණ ගැනීමට අම්මා වුවත් ඇයට නොහැකිය………..

❤️ මොන මගුලක්ද……… අම්මා දැන් යන්න……… මං දුෂෙරා බඳින්නෑ මට කෙනෙක් ඉන්නවා බදිනවා නම් එයා විතරයි මං බඳින්නෙ………..

⚪ ඒවා නම් මං ඉන්නකම් වානා පුතේ හරිද………. ආනන්දිතා වගේම ඒකිගේ ළමයිනුත් මූසල මුස්පේන්තුයි……….

❤️ කට වහගන්න අම්මා……. ආනන්දිතා නැන්දා ඔය කියන විදිහ නෙවේ….. ඔයා නම්…. මට ලැජ්ජයි අම්මා කියන්නත්…… ඇයි ඔය තරම් ලොකු නැන්දා එක්ක තරහා……. සුරනිමල මාමා නිසාද…….. ඇයි ඔයාට අපපචචි බැදලා වුනත් එයා එක්ක හොදින් ඉන්නෙ නැතුව අනුන්ගේ ජීව්ත විනාශ කරන්න ගියේ්…….. එයාලගේ මරණ වලට ඔයාගෙත් වචනයක හරි සම්බන්ධයක් ඇති……….

⚪කට වහගනින්……..

සුලක්ඛණාගේ අතක් විත් රන්දයගේ කමිමුලක නතර විය තම සේවා ස්ථානයේ සේවකයින් ඉදිරිපිටම අම්මා තමාට නිග්‍රහ කලා යැයි ඔහුට දැනුනේ දැඩි කෝපයකි………. නමූත් ඔහු ඉවසුවේය………….

⚪ උඹ බදින්නේ මට ඕනැ කෙනා ඒක තමා අවසන් තීරණය………

සුලක්ඛණා ගියේ අවසන් තීරණයද ඔහු ඉදිරිපිට තබමිනි………… රන්දයට දැනුනේ කියාගත නොහැකි තරහකි වේදනාවකි………. නමුත් ඔහු නඩුවේ කටයුතු වලට සිය හදවත යොමු කලේය………………..

🌷🌷🌷🌷🌷🌷

රන්දයගේ දැඩි ආරක්ෂාව යටතේ සිටි නිසා වන්දනා කොටු කර ගැනීමට ඔවුන් අපොහොසත් විය……….. එදා වන්දනා පටිගත කල හඬ පට වලිනුත් සොයාගත් තරුණියන් දුන් සාක්ෂි වලිනුත් සම්මානිත් අැමති මඩුගල්ලේත් කර මුලටම හිර විය……………… අවසානයේදී ඔවුන්ට සත්‍ය වසන් කිරීමට නොහැකි විය…………… ආනන්දිතාගේ මව තමා සුරනිමල හා සම්බන්ධයක් ඇති කරගත්තේ දේපල ලබා ගැනීමට බව දැනගත් නිසා ඇය මැරු බවත් අනපේක්ෂිතව එතැනට ආ සුරනිමල කොට්ටය අයින් කරනු ඇය වීඩියෝ කර ආනන්දිතාගේ දේපල ලියාගන්නට ඔහුට බල කල බවත්,,, ආනන්දිතා ඊට අකැමති වූ නිසා ඇමති මඩුගල්ලේ හා තමා එක්වී ඇයව සමූහ දූෂණයට ලක් කර මරා දමා නෙළුම් වැවට දමා පොලීසියට අල්ලස් දී එය සියදිවි නසා ගැනීමක් බවට ඔප්පු කල බවත්,,,, ආනන්දිතා අවසන් කැමති පත්‍රයකින් තම දේපල සියල්ල දුවට පැවරූ බව දැනගත් බැවින් අැමති පුතුට අැය විවාහ කරදුන් බවත්,,, නොසිතූ විරූ ලෙස මංගල රාත්‍රියේ අධ්ක ලේ වහනයෙන් ඇය මියගිය බවත්,,, ඇය පාපෝච්චාරණය කලාය…………

අවසන් නඩු තීන්දුව ලැබෙන්නේ ඊලඟ නඩු වාරයේදීය……………. වන්දනාගේ නිවසට සුලක්ඛණා ආවේ දහවල් දෙකත් පසුවීය………… වන්දනා ඈත තියාම ඇයව හඳුනාගත්තාය……. සුරනිමලද වැව අසල සිට ආවේ ඇය එන්නේ හොදකට නම් නොවන බව දැනගෙනමය…………….

⚪ආ……. නෙළුම්දෙණිය මැණිකේ…… මං ආවේ බැහැදැකලා යන්න……

එය උපහාසාත්මක ඇමතීමක් බව වන්දනාට වැටහෙන්න වැඩි වේලාවක් ගියේ නැත……… කොහොමත් වන්දනා ඇයගෙන් මීට වඩා හොඳ ඇමතීමක් බලාපොරොත්තු වුනේද නැත……….

🌹 නැන්දා ඇතුලට යමු……..

⚪ මට නැන්දා කියන්න තෝ කවුද බොන්ඩියේ……….. මං සුලක්ඛණා මැණිකේ……

වන්දනාට මේ ඇය පැමිණ ඇත්තෙ තමාගෙත් රන්දයගෙත් සම්බන්ධයට නැවතීමේ තිත තබන ලෙස නිවේදනය කරන්නට බව තේරෙන්න මහ වේලාවක් ගියේ නැත………………

🌹හරි දැන් සුලක්ඛනා මැණිකේ මට කියනවාද මේ වන්දනා හම්බවෙන්න ආවේ ඇයි කියලා………

වන්දනාගේත් ඉවසීම හොඳටම ඉක්මවා ගොස් තිබුනත් එයද ඇය ඇසුවෙ ඉතාමත් ශාන්තවයි…… වන්දනා මේ කතා කරන්නේ පුදුම ඉවසීමකිනි…… නැත්නම් වන්දනාට තරම් කිසිවෙකුට තරහ යන්නේ නැත…………..

⚪ පරට්ටි තෝ මගේ.කොල්ලව අල්ලගත්තේ රෙද්ද උස්සලද… වල් පරට්ටි….. අම්මත් එහෙමයි දුවත් එහෙමයි……

දැන් වන්දනාගේ රතු කට්ට පැන අවසන්ය………..

🌹මේ සුලක්ඛණා මැණිකේ….. මං ඔයාට මෙචචරවත් හොදින් කතාකලේ ඔයා මගේ රන්දයගෙ අම්මා නිසා…. මගේ මාමාගේ නෝනා නිසා…….. ඔයා මහා ලොකු වලව්කාර මැණිකේ කෙනෙක් නේද ඒ වුනාට කට ඇරියම නම් මුඩුකකු ගෑනු පරාදයි……….. කරුණා කරලා ටිකක් හොඳින් කතා කරන්න නැන්දේ

සුලක්ඛණා කසෙන් පහර කෑ එකියක් ලෙස කිපුනාය………. අත එසෙව්වෙ ඇයට ගහන්නටයි නමුත් සුරනිමල විසින් ඇග් අතක් තරයේම අලලා ගත්තේය……..

✨️ ඇති හොදටම සුලක්ඛණා…… දෛවයේ තියනවා නම් රන්දයට වන්දනාව අයිති වෙන්ක ඔනි කියලා ඒක වෙයි……. කරුණාකරලා යන්න………..

⚪මං බලාගන්නම්

සුලක්ඛණා ගියේ වන්දනාට ගර්ජනාද කරමිනි……………

නමුත් සුලක්ඛණා මැණිකේ එය අත්හැරියේ නැත………….. ඇය හුගක් කල්පනා කලේය………. රන්දයගේ විරෝධතා මැද ඇය හඳහන් බලා විවාහයට දිනත් නියම ගත්තාය…… මින් මසක් ඇතුලත විවාහයට දිනයක් ගන්නට ඇයට හැකි විය……..

🌷🌷🌷🌷🌷🌷

අවසන් නඩු වාරය උදා විය………… නමුත් සුරනිමල නෙළුම්දෙණිය අසනීප බව පවසා පැමිණියේ නැත………….. අසෙනිය හා ඇය නඩුවට ගියේ අසෙනියගේ වාහනයෙනි………… යන අතරතුර ඇය සුලක්ඛණා මැණිකේ පැමිණි පුවත අසෙනියට පැවසුවාය………

🍃 පිස්සු ගෑණියෙක්නේ….. ඔයා දැන් රන්දෙට කීවද…….

🌹 නෑ… අසෙනි….එයා මේ දවස් වල හුඟක් වැඩ….. ඒ හින්දා කීවේ නෑ…….

🍃 මිනිහා අද එනවද………

🌹 ඔව් එනවා කීවා………

ඔවුන් උසාවිය අසල වාහනය නවත්වන විට රන්දය එතැන සිටියේය……….

❤️ ආ….ආවද…………

සෙනඟ සිටිනවානේදැයි කියාවත් රන්දයට ගානක් නැත…… ඔහු ඇයගේහිස ආදරයෙන් සිපගත්තේය…… ප්‍රශ්ණ ගැටළු ටික පසුව විසදාගන්නවායැයි ඔහු සිතුවේය……. වන්දනා හමු වූබවක් සුලක්ඛණා ද රන්දයට පැවසුවේ නැත……. ඇයට ඊටත් වඩා හොඳ සැලැස්මක තිබුණි……….

❤️ ඔය දෙන්නා ඇතුලට යන්නකෝ මං එන්නම්……..

රන්දය මදක් පොලීසීය දෙසට ගියේ තවත් විස්තර ටිකක් ලබා දිය යුතුව තිබූ බැවිනි………..

මද වේලාවකින්……නඩු වාරය ආරම්භවිය…………….

෴ මතු සබැඳියි ෴

ලියන්නේ

෴ ත්‍රිලක්ෂණා වෛශාලි