සතියක් පමණ ගත උනා. ප්‍රවෘත්ති සේරම යටපත් වෙලා යන්න එච්චර කාලයක් ගියේ නැහැ. ඒ හින්දා තවමත් මගේ අනන්‍යතාවය හෙළිකිරීමේ ගැටළුවක් මතු උනේ නැහැ. ඒ ගැන පියවර ගන්න කලින් ගිත්නා සනීප කරගෙන ඉන්න ඕනෙනේ. ගීත්නාට තවමත් සුවයක් නැහැ. දැන් සති දෙකක් විතර ගත වෙලා. ස්ටුඩියෝ එකට යන්න කලින් එයාව බලන්න යන එක මගේ පුරුද්දක් වෙලා. ඩියාශිට කතා කරන්න උත්සහ කලත් එයාව සම්බන්ධ කරගන්න කිසිම විදිහක් තිබ්බේ නැහැ. කලාගාරයට කතා කරන්න පුළුවන් කම තිබ්බත් මට එයාව කරදරේ දාන්න උවමනාවක් තිබ්බේ නැහැ. මොකද එයාගේ තාත්තා මොන විදිහේ කෙනෙක්ද කියලා මම තාම දන්නේ නැති නිසා. එයා ගිත්නාගේ තාත්තට උදව් කලේ ඇත්තටම බයට ද නැත්තම් මොන චේතනාවකින්ද කියල හරියටම දන්නේ නැති නිසා අපි තව ටිකක් ඉවසන්න හිතුව.
ගොඩක් වෙලාවට ධනුෂ්ක අයියත් මාත් එක්ක රෝහලට යන්න ආව.
ඌ නම් ඇත්තටම ගිත්නාට කැමති ඇති. නැත්තම් ඔච්චර කට්ටක් කයිද? පව් ඉතින්.ගිත්නාට අකමැති වෙන්නේ කවුද?
එයාට සනීප වෙන එකක් නැද්ද මල්ලි? ධනුෂ්ක අයියා ඇහුවේ මාත් එක්ක යන ගමන්. ඒ හිතෙත් දෙගිඩියාවක් ඇති. මම දුවන්නේ මිරින්දුවක් පස්සෙද කියලත් වෙලාවකට මට හිතෙනවා. එයා මට කැමති වෙයිද මල්ලි.
අපි ඉස්සරලම එයාව හොඳ කරගෙන ඉමු අයියේ. වෙලාවකට මට හිතෙනවා හොස්පිටල් එකේ තියන්නේ නැතුව එයාව ගෙදර එක්කගෙන යන්න. තමන්ට පුරුදු පරිසරේ ඉන්නකොට ටිකක් හරි හරියයි කියලා මට හිතෙනවා. ඒ ඇත්තටම මට හිතුනු දේ.
ඔව් ඒක නම් ඇත්ත. ධනුෂ්ක අයියත් එකග උනා.
ඒ උනාට වෛද්‍යවරුන්ගේ අදහස උනේ ඇය තව ටික දවසක් රෝහලේ සිටිය යුතු බව. ඉතින් අකමැත්තෙන් උනත් අපිට ඒකට එකඟ වෙන්න සිදු උනා
ඒ සිදුවීමෙන් දවස් දෙකකට ව්තර පස්සේ හදිසියේම මට කෝල් එකක් ආවේ සයුරු අයියාගෙන්. ඒ දවස් දෙකටම ස්ටුඩියෝ එකේ වැඩ අධික වෙච්ච හින්දා මට ගිත්නා බලන්න යන්න පුළුවන් උනේ නැහැ
මල්ලි ඉක්මනට හොස්පිටල් එකට එන්න
ඇයි අයියේ ගීත්නාට මොකද?
එයාට සිහිය ආව මල්ලි. ඔයාව අහනවා ඉක්මනට එන්න
හරි අයියේ මම ඉක්මනට එනවා
මොකද බන් කලබලේ. මගේ කලබලේ දැක්ක රවින් ඇහුව.
ගීත්නාට සිහිය ඇවිත්. ඉක්මනට යන්න ඕනේ.
උඹව දැකලා ආයේ අවුල් යයිද දන්නේ නැහැ කෙල්ල. රවින් කිව්වේ සීරියස් මුඩ් එහෙකින්.
සිරාවටම එහෙම වෙයිද බන්
මම දන්නේ නැහැ
සයුරු අයියා කෝල් කරලා කිව්වේ ඉක්මනට එන්න කියලා එයා මාව අහනවා කියල
ඒකත් එහෙමද ගිහින්ම බලපන් ඉතින්
මම යනකොට හිටියේ සයුරු අයියගේ බිරිඳ විතරයි.
සමීර.. මාව දැක්ක ගමන්ම ගිත්නා කතා කරා. කොහොමද ඉතින්.
මම අහන්න ඕනේ එක එයා මගෙන් අහනවා
ඔයාට කොහොමද?
මම හොඳින්.
එහෙනම් ඔයාලා කතා කරන්නකෝ මම එළියෙන් ඉන්නම්. එහෙම කියලා සයුරු අයියගේ බිරිඳ එලියට ගියා.
මට හොඳ උනේ අද නෙවේ. බය වෙලා වගේ බලන්න එපා. ගිත්නා කිව්වා. ඇත්තට මුණ දෙන්න ටික දවසක් ඕන උනා. එකයි ඔයාට එක පාරටම කතා කරේ නැත්තේ සමීර.
ඒ කියන්නේ මම ආවේ නැති දවස් දෙකේ?
ඔව් පෙරේදා. අයියා හැදුවේ එවෙලේම ඔයාට කතා කරන්න මමයි කිව්වේ එපා කියලා.
ඇයි ගිත්නා
සමීර මගෙන් ඇයි අහන්නේ. ඔයාට පුලුවන්ද මේ ඇත්ත පිළිගන්න. මම ආදරය කරලා තියෙන්නේ මගේම අයියට? අයි දෙවියනේ තාත්තා එහෙම කලේ.?
එහෙම කියලා එයා අඬන්න ගත්තා
ගීත්නා හොඳ වෙච්ච ගමන් ඔහොම අඩන්න එපා. ආයෙත් අසනීප උනොත්.මම කිව්වා. මේ කෙල්ලන්ව නැලවීම සම්බන්දයෙන් නම් මම හරිම දුර්වලයි. එයාලා අඩන වෙලාවට මට හිතාගන්න බහ මොනවා කරන්නද කියලා.
ඒ උනාට එයා නම් අඩන එක නැවැත්තුවේ නැහැ. මට තුරුල් වෙලා තව හයියෙන් ඇඩුවා මිසක්.
දැන් ඇති නංගි අඩන එක නවත්තන්න. මම කිවේ බැරිම තැන.
එයා ටික ටික සන්සුන් උනා.
මම දන්නේ නැහැ සමීර. ඔයා නංගි කිව්වට මට එකපාරටම ඒක පිළිගන්න බැහැ. මම අද ඔයාට එන්න කිව්වේ දෙයක් කියන්න. මගේ හිත හැදෙනකම් ඔයා මගේ අයියෙක් කියලා මට පිළිගන්න පුළුවන් වෙනකම් අපි දෙන්නා මුණ ගැහෙන්නේ නැතුව ඉමු.
ඔයා හිතනවානම් ඒක හරියයි කියලා මම ආයේ ඔයාව බලන්න එන්නේ නැතුව ඉන්නම් ගීත්නා
මට ටික දවසක් දෙන්න. හැමදේම අමතක කරන්න නම් මම මැරිලා ඉපදෙන්න ඕනේ. එත් කල් යනකොට මම හිතනවා මට හිත හදාගන්න පුළුවන් වෙයි කියලා. කාලය හැමදේටම බෙහෙත කියනවනේ
අවසන් වතාවට ඒ නළලත දෙතොල් තිබ්බේ සොයුරු බැඳීමෙන් වග මට විස්වාසයි. එයාට කොච්චර කල් ඕන වෙයිද දන්නේ නැහැ. ඒත් මම හිතන්නේ ඒ ඉල්ලීම සාදාරනයි. එක අතකින් මම එයාගෙන් ඈත්වෙලා ඉන්න තරමට එයාට ඉක්මනට තව කෙනෙක්ට ලං වෙන්න පුළුවන් වෙයි.
මම ආවේ එහෙම හිත හිත.
ධනුෂ්ක අයියට කෝල් කරේ ගිත්නාට සනීප වෙචච වග එයාට කියන්න ඕන කියලා හිතුනු නිසා.
අයියේ.
ඔව් මල්ලි කියන්න.
ගීත්නාට සිහිය ඇවිත්
ඇත්තමද? ධනුෂ්ක අයියා ඇහුවේ කලබලෙන්. මට සිනා නැගුනේ මේ අර වගකීම් සහගත පොලිස් නිලධාරියාම ද කියලා තව වතාවක් හිතිලා.
මොකද උඹ හිනා වෙන්නේ
නිකම් නිකම්
එයා හොඳින්ද මල්ලි
ඔව් දැන් නෝමල්
අනේ මල්ලි මාව අඳුන්නලා දියන්කෝ
අයියේ මට ඒක කරන්න බැහැ . ඔයා දන්නවනේ. මාව එයාගේ අයියෙක් කියලා පිළිගන්න එයා තාමත් ලැස්ති නැහැ. එහෙම එකේ මට එකපාරටම ඔයාට එයාව අඳුන්නල දෙන්න බැහැ . එයා හිතයි එයාව මට එයාව කරදරයක් හින්ද මෙහෙම කරනවා කියලා .එයා ආයේ මාව එයාගේ සහෝදරයෙක් කියලා පිළිගන්නකම් අපි දෙන්නා ආයේ මුණ ගැහෙන්නේ නැතුව ඉන්න තීරණය කළා අයියේ
හ්ම්. මට සමාවෙන්න මල්ලි. මම ඔයාලගේ හැඟීම් ගැන හිතන්නේ නැතුව එහෙම කතා කලාට. ඔයා කියන එක ඇත්ත. එයා තවම අලුත් බැඳීමක් පිළිගන්න ලෑස්ති නැතුව ඇති
හරි ඉතින් උඹ දැන් මොකද කරන්නේ කියහන්කෝ
මම ආයේ ෆ්රාන්ස් වලට යනවා .මගේ කෙල්ල හොයාගන්න එපයි දැන්
එහෙනම් සුබ පැතුම් මල්ලි. අපිට ඉක්මනට වෙඩින් කේක් කන්න බැරිය. ධනුෂ්ක අයියා එහෙම කියලා ෆෝන් එක තිබබා
ගීත්නාට කොහොමද බන් දැන්. රවින් ඇහුවේ මම ස්ටුඩියෝ එකට යද්දීම
දැන් හොඳයි.
මොකද උඹ නිකම් ගහගන්න වගේ මට උත්තර දෙන්නේ
එයා ආයේ එයාව මුණගැහෙන්නේ නැතුව ඉන්න කිව්වා බන්
හෑ ඒ මොකද
එයා ගොඩක් සෙන්සිටිව්නේ බන් හිත හදාගන්න කල් දෙන්න කිව්වා
ඇත්තනේ බන්. ටිකක් කල් යනකොට එයා ඇත්තට මුහුණ දෙයි. උඹ දැන් මොකද කරන්නේ?
මම යනවා ඩියාශි ව එක්ක එන්න. මේ විස්තර එයා දන්නේ නැහැනේ
ඒ උනාට එයා මේවා නොදැන ඉන්න විදිහක් නැහැ. අර මිනිහා මැරුණු විත්තිය නිව්ස් වල එහෙම ගියානේ.
නිව්ස් වල ගියේ වෙච්ච දේට හාත්පසින්ම වෙනස් කතාවක්නේ බන්. මම හිතන්නේ නැහැ එයා මොනවත් දන්නවා ඇති කියලා
ඉතින් උඹ දැන් දන්නවද එයා ඉන්න තැනක්.
දන්නේ නැහැ.
එහෙනම් කොහොමද එයාව හොයාගන්නේ
මම ගිහින්ම බලනවා. කෙලින්ම ගිහින් එයාගේ තාත්තට මම කවුද කියලා කිව්වා නම් හරිනේ
සමීර මට නම් හිතෙන්නේ උඹ දැන් ඒ කලාගාරේ අයිතිය ගැන තීරණයක් ගන්න වෙලාව හරි
ඔව් බන් ඒක ඇත්ත. මට හිතාගන්න බැහැ . කොහෙන් පටන් ගන්නද කියලා.
ඔව් ඉතින් උඹ දන්නේ මට අරක හිතාගන්න බහ මේක හිතාගන්න බැහැ කියා කිය ඉන්න විතරනේ. අනේ මන්ද බන් උඹ කොහොමද ඔය විදිහට අර කොටි ගානක් වටින මියුසියම් එක බලාගන්නේ?
මට ඕන සාමාන්‍ය ජිවිතයක් රවින්. මම ඒ ගැන තීරණයක් අරගෙන තියෙන්නේ