14වෙනි කොටස🦋

“හ්ම්ම් හරි එහෙනම්.”සහන් කිව්වේ සන්සුන් හඩින්.ඒත් එක්කම වගේ ආදීගේ පෝන් එක රින් වුනේ ආදී කේන්තියෙන් පෝන් එක අතට ගනිද්දි.කෝල් එක එන්නේ තාත්තගෙන් කියලා දැකපු ආදී පෝන් එක ඕෆ් කරේ මේ වෙලාවේ කාත් එක්කවත් කතා කරන්න තරම් මූඩ් එකක් ආදීට නැති නිසා.

“දැන් ඔයා හොටෙල් එක ගත්තනේ ඒක කොහොමද මිහානට දෙන්නේ…”සහන් ඇහුවේ පෝන් එක සාක්කුවට දාගෙන එලිය බලාගෙන ඉන්න ආදීගෙන්.සහන්ගේ හඩට හැරුනු ආදී ….

“මම තාම ඒක මිහානට දෙන්නේ නෑ.මන් දැනට හොටෙල් එකේ බොස් වෙලා එයාට මගේ යටතේ වැඩ කරන්න දෙනවා.මිහානා මට සමාව දුන්න දවසක මන් ඒක එයාට දෙනවා.”

“ඇයි දැන් ඒක එයාට දෙන්නේ නැත්තේ…”

“දැන් මන් ඒක මිහානට දුන්නොත් එයා ඒක ගන්නේ නෑ.මන් එහෙම කරනවා කියන්නේ එයා තවත් කේන්ති ගන්නවා කියන එක.

“ඒත් ආදී….”සහන් තවත් යමක් කියන්න හැදුවත් ආදී තමන්ගේ ඇගිල්ල මුවට තියාගෙන කිව්වේ තව මොකුත් කතා කරන්න එපා කියලා.ආදී සීට් එකට බරවෙලා දෑස් පියාගත්තේ සහන් දිහත් බලලා.

🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡

“අද ගොඩක් නරක දවසක්.ආදී මට අද දවස නරක දවසක් කරා.ජොබ් එක නැතිවුනා එයා නිසා මට ආපහු ජොබ් හොයන්න වෙලා.මන් බලන්න් ගියපු රෙස්ටුරන්ට් එකෙත් වේකන්සි නෑ.ආදී ඔයා මන් ඔයාට වෛ/ර කරනවා.”මන් හයියෙන් කෑ ගහලා කිව්වේ වේදනාව පිටවෙන්න වගේ.කල්පනාවේ හිටපු මට ඇහුනේ වාහනයක් හෝන් කරන සද්දෙ.මම හැරිලා බලද්දි දැක්කේ ඒක ගිහාන්ගේ කාර් එක.මගේ මූනේ ඇදුනේ හිනාවක්.මන් එහෙමම හිනාව මූනේ රදවගෙන ගියේ ගිහාන්ගේ කාර් එක ලගට.

“ගිහාන්..”මන් දුවගෙන ගිහින් කාර් එකට නැගලා වාඩිවෙද්දිම වගේ ආරුගේ පුංචි දෑත් මගේ දිහාට දික්කරේ ආරුව ගන්න කියන්න වගේ.

“අම්මා…”ආරු කතා කරේ හුරතල් හඩකින්.

“ආරු එන්න අම්මා ගාවට.”ආරු මගෙ ඔඩොක්කුවට පැනලා මාව බදාගත්තේ මන් ඒ පුංචි මූන හාදු වලින් තවරද්දි.මන් කොච්චර ප්‍රශ්න ගොඩක දුකක හිටියත් ආරුගේ එක හිනාවක් ඇති මගේ ඒ හැමදේම නැති කරලා දාන්න.

“ඔයා මොනවද මෙහෙ කර කර හිටියේ…අනික ඇයි ඔයා මට කිව්වේ නැත්තේ අද කලින් ඕෆ් වෙලා එනවා කියලා.”ගිහාන් අහද්දි මගේ මුවින් පිටවුනේ සුසුම් හඩක්.

“ඒ ආදී නිසා…ආදී නුවර ඇවිත් “ගිහාන් නලල රැලිකරගෙන සුක්කානම උඩ තිබ්බ අත තවත් තදවුනේ ඒ දෑස් කේන්තියෙන් නලියද්දි.

ගිහාන් මුල ඉදන්ම ආදී එක්ක කේන්තියෙන් හිටියේ.ගිහාන් කවදාවත් ආදීගෙයි මගෙයි සම්බන්දෙට කැමති වුනේ නෑ.මට වෙලාවකට හිතෙනවා ගිහාන් ඇයි ආර්යන්ට මෙච්චර ආ/ද/රේ කරන්නේ කියලා.ඒත් ගිහාන් ආරුගේ තාත්තට වෛ/ර කරනවා.

“ඔයා එයාව දැක්කද…”මන් හිස වැනුවේ ඔව් කියන්න.

“කොහෙදිද…”

“එයා මන් වැඩ කරන තැනට ආවා.ඒකයි මන් කලින් ආවේ…ගිහාන් මන් ජොබ් එකෙන් අයින් වුනා.”ගිහාන් මොකුත් නොකියා බලාගෙන හිටියේ පාර දිහා.

ගිහාන් මගේ හැම හැසිරීමක් දිහාම හොදට බලාගෙන ඉන්නවා.ඒක නිසාම එයා ආර්යන්ව ස්කූල් එකෙන් ගන්න ඇති.”මන් එහෙම හිතුවේ ගිහාන් දිහාම බලාගෙන.

“ඔයා හිතපු දේ හරියටම හරි මිහානා.මාව තේරුම් ගත්ත එකම කෙනා ඔයා විතරයි .ඔයා වගේ කෙනෙක් මට හම්බුනේ මගේ වාසනාවට.”ගිහාන් හිනාවෙලා මට ලංවෙලා අල්ලගත්තේ මගේ අත් දෙකෙන්.

“මිහානා ප්ලීස් මට තව අවස්තාවක් දෙනවා නේද…”

“නෑ ගිහාන් මට ඒක කවදාවත් කරන්න බෑ.”මන් එහෙම කියද්දිම වගේ ගිහාන් මොකුත් නොකියා වාහනේ ස්ටාට් කරේ ආරුගේ ඔලුව අතගාලා.

🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡

“අපි ඉන්නේ හරි තැන කියලා ඔයාට ශුවර්ද…”සහන් ඇහුවේ ජගත්ගෙන් වටපිට බලලා.ජගත් වාහනය මිහානගේ ගෙදරට පොඩ්ඩක් ඈතින් නැවැත්තුවේ අපිව කාගෙවත් අවදානයට ලක්වෙන්නේ නැති වෙන්න.

“ඔව් සහන් මහත්තයා.”ආදී කාර් එකේ දොර ඇරගෙන බැලුවේ වටපිටාව දිහා.ආදීට දැනුනේ තමන් ගැනම වරදකාරී හැගීමක්.මේ හැමදේම මගේ වරදක් හොදට හිටපු එයාව මායි මේ තත්වෙට දැම්මේ.මන් මිහානව දාලා ගියේ නැත්තම් එයා කවදාවත් මේ වගේ තැනක ඉන්නේ නෑ.

ආදීට දැනගන්න හම්බුන විදිහට නුවර තියෙන බෝඩිම් කාමර වලින් මේ පැත්ත තමා භයානකම පැත්ත.ආදීගේ දෑත් ඉබේටම ගියේ කම්බුලට.මිහාන ඇයි තමන් එක්ක මෙච්චර කේන්තියෙන් ඉන්නේ කියන එක ආදීට හිතාගන්න පුලුවන් වුනා.මේ වගේ තැනක ජීවත් වෙනවනම් ඒ කෙනා ශක්තිමත් කෙනෙක් වෙන්න ඕන.

“දැන් මොකක්ද ඔයාගේ ප්ලෑන් එක මිහානව මෙතනින් එක්කගෙන යනවද….”සහන් ඇහුවේ ආදී පියවි සිහියට එද්දි .ආදී මෙතනට එද්දි මිහානව ආපහු එක්කගෙන යනවා කියලා හිතාගෙන ආවත් මිහානා තමන් එක්ක එන්න කැමති වෙයිද කියන එක ආදීට ඇති කරේ ප්‍ර්‍රශ්නයක්.

“ආදී ඔයා මිහානව එක්කගෙන යනවද…”

“නෑ…”

“නෑ…ඇයි ආදී හේතුව….”ආදී සහන්ට උත්තරයක් දෙන්න හැදුවත් ඒ හැගීම මැඩගත්තේ මිහානගේ ගේ ගාව නවත්තපු කාර් එක දැකල.මිහානා කාර් එක ඇරගෙන බැස්සෙ පුතාවත් වඩාගෙන.ඒක දැකපු ආදීගේ ඇස්වලට කදුලු ඉනුවේ ඒ ඉන්නෙ තමන්ගේ පුතා කියලා මතක් වෙද්දි.කදුලු මැදින් වුනත් ආදීට හිනාවක් ආවේ ආදීගේ
පුතාව එක පාරක් හරි තමන්ගේ දෑස් වලට දැකගන්න හම්බුන හින්දා…

ඒත් එක්කම වගේ පිරිමි කෙනෙක් කාර් එකෙන් බැහැලා මිහානගේ අතේ හිටපු පුතාව අතට ගත්තේ මිහානගේ උරහිස වටේ අත යවලා.මිහානගේ නලලට සිපුමක් තියන්න හැදුවත් මිහානා හිනවෙලා දිව්වේ ඔහුත් ඒ හිනාවට එකතු වෙද්දි.

ආදීට දැනුනේ තමන් පි/ච්/චෙ/න/වා වගේ හැගීමක්.ආදී අත මිට මොලවගෙන බලාගෙන හිටියේ ඇතුලට යන මිහානා දිහායි ඒ පිරිමි කෙනා දිහයි.ආදීගේ කේන්තිය පාලනය කරගන්න බැරිම තැන ආදී හැදුවේ ඒ මනුස්සයට ගහන්න.සහන් ආදීව පිටිපස්සට ඇදලා ඇරගෙන හිසින් සන් කරේ මොකුත් කරන්න එපා කියලා.

ආදී ආපහු සැරයක් ඒ පැත්ත බලද්දි දැක්කේ මිහාන ඒ මනුස්සයා එක්ක ඇතුලට යනවා.ආදීගේ හිතට දැනුනේ දරාගන්න බැරි වේදනාවක්.ආදීට දැනුනේ තමන්ගේ හිතේ නූලක් බැදලා ඒක තදින් ඇදගෙන යනවා වගේ හැගීමක්.

“ජගත්….ජගත් ….කවුද ඒ මිනිහා.”ආදී ඇහුවේ කේන්තියෙන් කෑ ගහලා.ජගත් යමක් කියන්න කලින් ආදී ගාවට ගියපු සහන්….

“ඒ ගිහාන්…මිහානගේ පොඩි කාලේ යාලුවා….”

“පොඩි කාලේ යාලුවා…”

“ඔව් මිහානගේ පවුලේ අයයි ගිහාන්ගේ පවුලෙ අයයි ගොඩක් කල් ඉදන් හොද යාලුවෝ…”

“ඔයා කොහොමද දැනගත්තේ..

“එයා අපේ කැම්පස් එකේ ..ඔයාට මතකද ආදී ඔයා දවසක් මට කිව්වා එයා ගැන හොයන්න කියලා.”එතකොටම වගේ ආදීට මතක් වුනේ මිහානගෙයි තමන්ගෙයි සම්බන්දෙට හැමවෙලේම විරුද්ද වුනේ ගිහාන් නේද කියලා.ඒ කියන්නේ ගිහානුයි මිහානයි ආ/ද/රේ කරනවද….”ආදී ඒ ගැන හිතද්දි පවා ආදීගේ හිතේ ඇති කරේ කේන්තියක්.ආදී ජගත් ගාවට ගිහින් ජගත්ගේ කොලර් එකෙන් අල්ලගත්තේ ඒ කේන්තිය පොඩ්ඩක්වත් අඩුනොවෙද්දි.

🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡

💫මතු සම්බන්ධයි