“හෙට අපේ පැටියගෙ උපන් දිනේ මහත්තයා. අපේ බෝනික්කිට හෙටට අවුරුදු පහක්…”
රෑ වෙලා නිදාගන්න ලෑස්ති වෙද්දි මං තේනුක මහත්තයට අපේ ආරණ්‍යා දූගෙ උපන්දිනේ මතක් කරා.එයාට ඒක අමතක වෙලාද දන්නෑ.හිතාගන්නවත් බැරි තරම් ඉක්මනට කාලය ගෙවිලා ගිහින්.මගෙ පුංචි සුරංගනාවි හෙට එයාගෙ අවුරුදු පහේ උපන්දිනේ සමරනවා.
“මට ඒක හොඳට මතකයි චේතනා.මගෙ පුංචි රෝස මල ඉක්මනට ලොකු වෙලා.ඒ පුංචි කටින් එකම එක සැරයක් හරි අප්පච්චි කියලා අහගන්න මං ආසාවෙන් බලාගෙන ඉන්නවා…”
“මං හිතුවෙ මහත්තයට දුවගෙ උපන්දිනේ මතක නැතුව ඇති කියලා…”
“ත/මු/සෙ/ට පි/ස්/සු/ද චේතනා?මට මගෙ දරුවගෙ උපන්දිනේ එහෙම ලේසියෙන් අමතක වෙනවද?හිරේ හිටපු කාලෙ මට හැම අවුරුද්දකම හෙට වගේ දවසක දරුවව මතක් වෙනවා.දුව ඉපදුනු ආරංචිය මට කිව්වෙ අමිල.එදා තමයි මං වැඩියෙන් සතුටු වෙච්චි දවස.කිසිම හිරකාරයෙක් හිරේදි කිසිම දේකට ඒ තරම් සතුටු වෙලා නැතුව ඇති…”
හිරේ ඉන්නැද්දිත් එයා හිතලා තියෙන්නෙ දුව ගැනයි.මගෙ වැරදි නිසයි එයාට දුවව නැති උනේ.මොලේ කල්පනා කරලා වැඩ කරලා හරි කෙනාගෙ පැත්ත ගත්තා නම් අද අපිට මෙහෙම වෙන්නෑ.මං නිසා අවුරුදු ගානක් තිස්සෙ එයා කොච්චර දුක් විඳිනවද.
“හෙට ගෙදර පාටියක් දානවලු කට්ටියම.අපි දෙන්නටත් උදේම එන්න කිව්වා.ඇමතිතුමා හෙට උදේ වරුවෙම ගෙදරලුනෙ…”
“මේක අපේ කාමරේ.මෙතන වෙන කවුරුවත් නෑනෙ.ඇමතිතුමා නෙවෙයි අයියා කියන්න. ඔයාලා දෙන්නා සහෝදරයො කියලා අමතක උනාද?…”
එයා හිතන්නෙ මට ඒක අමතක වෙලා වෙනදා පුරුද්දට එහෙම කියනවා කියලා.ඔය වගේ සහෝදරයො නම් මට එපා.මගෙ ජීවිතේ තිබ්බ සතුට,සැනසීම මගෙන් උදුර ගත්තු එ කා ට සහෝදරකම් කියලා සෙනෙහස පාන්න මට කොහෙත්ම උවමනාවක් නැහැ.
“මහ ලොකු සහෝදරයා.ඔයාට ඔච්චර ඉක්මනට අමතක උනාද මහත්තයා අපේ දරු පැටියව අරන් ගියේ ඕ/කා කියලා.මගෙ සතුටයි සැනසීමයි උදුරගෙන දැන් ඉන්නවා සැප විඳ විඳ.මට උ/ න් දෙන්නගෙ මූණවල් දකිද්දිත් කේන්තියි…”
“මං ඒක කිව්වෙ නිකමට වගේ චේතනා. වෙච්චි කිසිම දෙයක් මට අමතක වෙලා නැහැ.මං ඒවා ලේසියෙන් අමතක කරන්නෙත් නැහැ.හැබැයි මේ ටික දවසට මෑන් හිතාගන්නවත් බැරි විදියට වෙනස් වෙලා…”
“ඇමතිතුමාද?…”
“ඔව්…”
“එයා ඔයාට මොකුත් කිව්වද?…”
“මට නම් මොකුත් කිව්වෙ නැහැ.ඔයා නංගි කියලා දැනගත්තට පස්සෙ මාලක සෑහෙන වෙනස් උනා.මට ඒක තේරෙනවා…”
“ඔයාට මොනවා වීගෙන එනවද කියලා මට තේරෙන්නෑ මහත්තයා.මෙච්චර කාලයක් මාලක ගැන කේන්තියෙන් හිටපු ඔයා කොහොමද මේ තරම් ඉක්මනට එයා ගැන ඔහොම කරුණාවෙන් හිතන්නෙ?…”
“මොන කරුණාවක් ගැනද ත/මු/සෙ ඔය කියවන්නෙ චේතනා?පි/ස්/සු/ද?මාලක කව්ද, ඒ/කා නිසා අපිට මොනවද උනේ කියලා මට කවදාවත් අමතක වෙලා නැහැ.දැන් මේ කතාව නවත්තලා හෙට දවසෙ කරන්න ඕනි දේවල් ගැන හිතනවා…”
“හෙට අපේ දුවට දෙන්න තෑග්ගක් එහෙම ගත්තද මහත්තයා?…”
“හ්ම්ම්…”
“අනේ මහත්තයා ඔයා මට කිව්වෙත් නෑනෙ දුවට තෑග්ගක් ගත්තා කියලා.මොනවද ගත්තෙ?…”
“ඒක මං මොකටද කාටවත් කියන්නෙ?…”
“කාටවත්??අමතක උනාද මං ඒ දරුවගෙ අම්මා කියලා?මොනවද මගෙ දුවට උපදිනේට දෙන්න ගත්තෙ?…”
තේනුක මහත්තයා ඇඳෙන් නැගිටලා ගිහින් අල්මාරිය ඇරලා මොකක්ද මන්දා පෙට්ටියක් උස්සගෙන ආවා.ඒකෙ තමයි අපේ පුංචි සුරංගනාවිට දෙන්න ගත්තු තෑග්ග තියෙන්නෙ.
“ආනේ….. හරිම ලස්සන ගව්මක් මහත්තයා. අනේ ගොඩාක් ලස්සනයි මේක.ඔයා කවද්ද මේක ගෙනාවෙ?මං දැක්කෙත් නෑනෙ…”
රෝස පාට ලස්සන දිග ගව්මක්.අත් දෙකට නෙට් රෙද්දෙන් මහපු චූටි රැලි පටි දෙකක්. මේ ගව්ම ඇන්දම අපේ පැංචි සුරංගනාවියක් වගේ ලස්සනට ඉඳියි.මට ඉවසිල්ලක් නැහැ පැටියා මේ ගව්ම ඇඳන් ඉන්නවා බලනකල්.
“අද හවස ගෙනාවෙ.හෙට අපි දෙන්නම ගිහින් මේක දුවට දෙමු.එයා ගොඩක් සතුටු වෙයි…”
පහුවදා උදෙන්ම තේනුකයි චේතනායි පුංචි ආරණ්‍යාගෙ උපන්දින සාදයට සහභාගී වෙන්න ගියා.මනුලිගෙ දෙමව්පියොත් ඇවිත් හිටියා උපන්දින උත්සවේට.ඔවුන්ව දකිද්දි චේතනාට නම් දැනුනෙ නොරිස්සුම් සහගත හැඟීමක්.ඇය මනුලිටවත් මනුලිගෙ දෙමව්පියන්ටවත් පොඩ්ඩක්වත් කැමති නැහැ.
පඩිපෙළ බැහැගෙන ආරණ්‍යාවත් වඩාගෙන පල්ලෙහාට එන මාලකගෙ දෑස් රැඳී තිබුනෙ චේතනා දෙසයි.ඇගේ දෑස් තුල නලියන වෛ/ර/ය හඳුනා ගන්නට ඔහුට අපහසු උනේ නැහැ.ගි/නි පිටවෙන දෑස් වලින් ඇය ඔහු දෙසම බලාගෙන උන්නා.
මාලකගේ මුහුණෙන් මදකට ඈත් වුනු චේතනාගෙ දෑස් රැඳුනේ ඔහු අත උන් තම දියණිය වෙතයි.ලා නිල් පැහැති තට්ටු ගව්මකින් සැරසී සිටින තම දියණියව ඇය දුටුවේ බෝනික්කියක් මෙනි.පුංචි ආරණ්‍යාගේ ලස්සන දුටු චේතනාට ඇසි පිය පවා ගසන්නට අමතක උනා.ඇය ගල් ගැසී මෙන් ආරණ්‍යා දෙසම බලාගෙන හිටියා.
“පුතා මොකද මේ සවන්ට්ලාටත් පාර්ටියට ඉන්වයිට් කරේ?ලැජ්ජ නැද්ද පුතාට මේ තර්ට් ක්ලාස් මිනිස්සු එක්ක එකට පාර්ටි වල ඉන්න?එතකොට අපේ තත්වෙට මොකද වෙන්නෙ?ශික්…”
මනුලිගෙ අම්මා තමාවයි තේනුකවයි පෙන්නලා මාලකට එහෙම කියද්දි චේතනාට හොඳටම කේන්ති ආවා.දත් මි/ටි කාගෙන ඇය ලෑස්ති උනේ මනුලිගෙ අම්මා ඉස්සරහ ජාතිය අමතන්න.නමුත් තේනුක ඇයව නැවැත්තුවා.
“ආන්ටි කෑනුගහ ඉන්නකො.මමයි මේ දෙන්නට ඉන්වයිට් කරේ.අනික දූ හරිම ආදරෙයි සමාධිට…”
මාලක එහෙම කියද්දි මනුලිගෙ අම්මගෙ මූණ ඇද උනා.චේතනාට රවලා ඇය අහකට ගියා.ටිකකින් මනුලිත් ලොකු කේක් එකක් අරගෙන ඇවිත් ඒකට ඉටිපන්දම් ගහලා පහේ ඉලක්කමක් මැද්දෙන් තිබ්බා.
Happy Birthday To You🎂🎈
Happy Birthday To You🎂🎈
Happy Birthday dr Aranya🎂🎈
Happy Birthday To You🎂🎈
කේක් කෑල්ලක් ක/පා/ගෙ/න පුංචි පැටික්කි මුලින්ම දුවලා ගියේ චේතනා ළඟට. චේතනාගෙ ඇස් වලට කඳුලු පිරුනා ඒ මොහොතෙදි.පිටි අල්ලෙන් ඇස් දෙක පිහදාගෙන ඇය පාත් වෙලා ආරණ්‍යාගෙ කම්මුල් දෙකම ආදරෙන් සි/ප ගත්තා.
ආරණ්‍යාගෙ අතින් මුලින්ම කේක් කන්න බලන් හිටපු මනුලිගෙ මූණ ඇද උනා ආරණ්‍යා කේක් කෑල්ල අරන් චේතනා ගාවට දුවගෙන යද්දි.
“සුබම සුබ උපන්දිනයක් වේවා බේබි.මෙන්න බේබිට අපෙන් පුංචි තෑග්ගක්…”
ආරණ්‍යාගෙ අතින් කේක් කෑල්ලක් කාලා තේනුකයි,චේතනායි ගෙනාපු තෑග්ග ඇයට දුන්නා.
“අනේ හරිම ලස්සන ගව්මක්.මේක මට ගොඩාක් ලස්සනට තියෙයි නේද අම්මි?…”
පුංචි ආරණ්‍යා ගව්ම අතට අරන් හැඩ බැලුවා.අම්මාගෙන් තාත්තගෙන්, ආච්චිගෙන්,සීයාගෙන් තමන්ට ලැබුනු තෑගි වලට වඩා ඇය චේතනා දුන්නු රෝස පාට ලස්සන ගව්මට ආස උනා.
“දූ ඔයා හරිම නෝටි ළමේක්.ඇයි අම්මියි තාත්තියි ඉන්නැද්දි මේ සව්න්ට්ලාට මුලින්ම කේක් කැව්වෙ?…”
මනුලිගෙ අම්මා ආරණ්‍යාගෙන් එහෙම අහද්දි චේතනාට කේන්තියෙන් දත් මි/ටි කෑවා.
“සමාදි ඇන්ටියි ප්‍රදීප් අංකලුයි හරිම හොඳයි ආත්ති.සමාදි ඇන්ති බබා එක්ක හැමදාම සෙල්ලම් කරනවා.ආත්ති වගේ නපුලු නෑ සමාදි ඇන්ති.ආත්ති කොයි වෙලේ බැලුවත් කාට අලි බනිනවනෙ…”
හොඳම වැඩේ නා/කි/ච්/චි/ට.ඔය අහගත්තෙ මගෙ දරුවගෙන්.මේ හය හතර නොතේරෙන පුංචි දරුවට උනත් තේරෙනවා මේ මහ යස්සනීගෙ නපුරු මූ/ස/ල කම.
“ඇමතිතුමා…. ඔබතුමාව හොයාගෙන පොලීසියෙන් ඇවිත්.මං කිව්වා අද බේබිගෙ උපන්දිනේ නිසා මේ වෙලාවෙ ඇමතිතුමාව හම්බ වෙන්න බැහැ කියලා.ඒත් මේක හදිස්සියක්ලු.උසාවි නියෝගෙකින්ලු ඇවිත් තියෙන්නෙ…”
ගේට්ටුව ළඟ ඉන්න ආරක්ෂක නිළදාරියෙක් ඇවිත් මාලකට එහෙම කියද්දි චේතනා, මනුලි විතරක් නෙවෙයි අනික් අයත් පුදුමයෙන් වගේ බැලුවා.
“උසාවි නියෝගයක්?මේ වෙලාවෙ…”
“ඔව් ඇමතිතුමා…”
“එන්න කියන්න…”
ආරක්ෂක නිළදාරියා දුවගෙන ගියා.මාලක පුදුමයෙන් වගේ නලල කසමින් සාලෙ කල්පනා කරනවා.ඔහුට එකපාරටම බැලුනෙ තම නැගණිය වූ චේතනා දිහා.ඇය කේන්තියෙන්ම ඔහුට රවමින් අහක බලා ගත්තා.
දෙයියනේ චේතනා නංගි පොලීසියෙන්වත් ගෙන්නලාද?එහෙම උනොත් මනුලි හැම දෙයක්ම දැනගනියි.එයාගෙන් දරුවව වෙන් කරන එක ලේසි නැහැ.දරුවාගෙ ඇත්තම අම්මා චේතනා කියලා දැනගත්තොත් මනුලිට පි/ස්/සු හැදෙයි.
මාලක එලෙස කල්පනා කරද්දි සාලෙ දොරකඩින් මතු උනේ පොලීසියෙ උසස් නිළදාරීන් කිහිප දෙනෙකුත්,සාමාන්‍ය නිළදාරීන් කිහිප දෙනෙක් හා නීතීඥවරුන් දෙදෙනෙකි.ඒ අතර පොලීසියේ උසස් කාන්තා නිළදාරීන් දෙදෙනෙකු සහ සුදු සාරියකින් සැරසුනු කාන්තාවන් දෙදෙනෙකුද සිටියා.
“වාඩි වෙන්න සර්.අද මගෙ දූගෙ උපන්දිනේ. සර්ලා මොනවා හරි බීලම ඉම්මු නේද?…”
“අවශ්‍ය නැහැ ඇමතිතුමා.අපි ආවෙ උසාවියෙ විශේෂ නියෝගයක් අරගෙන.නීතියෙ නාමයෙන් ඔබතුමා අපිට අපේ රාජකාරිය හරියට කරන්න ඉඩ දුන්නොත් හොඳයි.නීතිය ගැන ඔබතුමා හොඳට දන්නවනෙ…”
“අනිවාර්යෙන්ම.ඔබතුමන්ලාගෙ රාජකාරියට අපිත් අපේ උපරිම සහයෝගය දෙනවා.මොකක්ද උසාවි නියෝගය?…”
මාලක කිසිම වෙනසක් නොපෙන්වා සන්සුන් මුහුණින් යුතුව එලෙස ඇසුවා.උසාවියේ විශේෂ නියෝගය කියවූ මාලකගේ ඉහින් කනින් දාඩිය පෙරන්නට විය.
“මොකක්ද මාලක ඔය?ඇයි ඔයා මේ බය වෙලා වගේ?…”
මනුලිට කිසිවක් නොකියූ මාලක තම අත රැඳි පත්‍රිකාව පොලිස් නිළදාරියාට ලබා දී හිසේ අත තබාගෙන සෙටියට බර උනා.වසර කිහිපයකට පෙර තමා දුර දිග නොබලා කල වරද අද තම නැගණිය සැපින්නක් සේ තමාගේ පසු පසින් පන්නා ප/ලි ගන්නට සැරසෙයි.ඇය පිට වරදක් තැබිය නොහැකිය. ඇයත් ඇගේ සැමියාත් වෙහෙසෙන්නේ ඔවුන්ගේ දරුවා වෙනුවෙනි.
“කතා කරන්න මාලක.මොකක්ද මේ උසාවි නියෝගය?ඇයි ඔයා මේ බය වෙලා වගේ?ඔයාට මොකද වෙලා තියෙන්නෙ?…”
මාලකගේ නිශ්ෂබ්ද බව මනුලිට ගෙන ආවේ පුදුමයකි.ඔහු කිසිදාක මෙවැනි අයුරින් හැසිරී නැත.මෙලෙස අපහසුතාවයකින් සිට නැත.
“ඔව් පුතා.ඇයි ඔයා නිශ්ෂබ්ද?මොකක්ද මෙතන සිද්ද වෙන්නෙ?ඔයා මොකක් හරි වැරැද්දක්වත් කරාද?…”
“ඔව්.මං ලොකු වැරැද්දක් කරා.ලොකු වැරැද්දක්…”
මුළු නිවසම දෙදරා යන තරම් සද්දෙට මාලක හයියෙන් කෑ ගැහුවා.මනුලි ඉබේම පිටිපස්සට විසික් වෙලා ගියා මාලකගෙ හඬට.චේතනාගෙ මුවඟට නැගුනේ සමච්චල් සහගත සිනහවකි.
“ඔයා…. මොනවද මේ…. කියන්නෙ මාලක?…. මොකක්ද ඔයා…. කරපු වරද?…”
මතු සම්බන්දයි.