විනාඩි කීපයක් යන්නට මත්තෙන් භූමි හා පොලිස් කණ්ඩායම ෆාම්හවුස් එක වැටළුවේ කිසිවෙකුටත් පැන ගැනීමට කිසිඳු ඉඩක් නොතබමින්……… භූමිත් රජීවත් ගෙතුලට පිවිසියේ දෙපසින් එන මැරයින් වලක්වමින්………. ඔවුන් ඇතුළට යන විටත් සාකේත් තුහීගේ ඇඳුමින් අදිමින් සිටියේ ඇය කෑ ගසද්දීය………

” අතෑරපන් පාහරයා………… තෝ පිරිමියෙක්ද යකෝ………

රජීව් එල්ල කල පා පහරට ඔහු විසිවී ගොස් බිම වැටුනේ කපා හෙළුෑ කෙසෙල් කඳක් සේය……. එවිටයි ඔවුන් ඔහුව දුටුවේ………

” මේ මොකාද බං….. මූ……….

රජීව් ඇසුවේ විමතියෙන්…… භූමිත් ඔහු දිහා බැලුවේ විමසිල්ලෙන්……. සාකේත් පැනයන්නට උත්සහ දැරුවත් ඒ වන විටත් නුවන් ඇතුළු පිරිස එතැනට පැමිනෙමින් සිටියහ……….

” භූමි……. ඔයා නංගිව ඉක්මනින් හොස්පිටල් එක්ක යන්න……. ඉක්මන් කරන්න………..

භූමි අත වූ ආයුධය අත්හැර තුහී වෙතට දිව ගියේ නෙත් වලින් කඳුළු ගලන විට…… ඔහුගේ දෑස් කඳුලින් බොඳවී තිබුණි……..

” තුහි……. මගේ මැණික…….. මොනවත් වෙන්නෑ හොදද බය වෙන්න එපා…… කෝ එන්න අපි යමු………

භුමි තුහීව සිය ලයට තුරුළු කරගෙන කීවේ ඇගේ මලානික මුහුණ පිරිමදිම්න්……….

” භූමි චුට්ටක් ඉන්න…… තුහින්‍යා නංගි…….. ඔයාට ටිකක් කතා කරන්න පුළුවන්ද……..

කෙල්ල හිස සැළුවේ පුළුවන් කියන්නටයි……

” හොදයි වැඩි දෙයක් ඕනෙ නෑ…… මූව දන්නවද……..

” ඔව්………..

භූමි මෙන්ම සියල්ලන්ම ඇය දෙස පුදුමයෙන් බැලූහ……..

” මේ තමයි සාකේත්……… මං ඔයාට කියලා තියනවා…..

භූමිගේ කෝපය තිබුණාටත් වඩා වැඩි විය………

” උඹට කොහෙන්ද එච්චර හයියක් ආවේ…… මගේ කෙල්ලට අත තියන්න……. ආ…… තෝ දන්නෑ මං කවුද කියලා……….

ඒ වන විටත් සාකේත් ද භූමිව හොදින්ම හඳුනාගෙන සිටියේය……….. ඔහු සිටියේ බයෙන් බීරාන්තවයි……….. මේ සිටින්නේ රංගන වික්‍රමනායක ඇමතිගේ මැර පුතා බවත් විශ්වවිද්‍යාල ජාලයම හොල්ලාගෙන සිටින Monster orion ලගේ leader කියලත් සාකේත්ට මතක් වුනා

” උඹ දන්නවානේ මං කවුද කියලා……… මං උඹට ඇඩ්‍රස්වත් නැති කරනවා….. දැනගනින්……..

භූමි තුහීව අත්හැර සාකේත් වෙත පනින්නට උත්සහ කරද්දි රජීව් මෙන්ම තුහීත් ඔහුගේ ඇඟෙහි එල්ලුනහ……

” භූමි කලබල වෙන්න එපා……… ඔයා නංගිව එක්ක යන්නකෝ………

නුවන් කියද්දි රජීව්ද එය අනුමත.කලේ භූමි තවදුරටත් මෙහි රැඳුනොත් සාකේත් මැරුම්කන බව ඔහු අත්දැකීමෙන්ම දන්නා බැවිනි………………..

තුහින්‍යා තෙදිනක් ⁣රෝහල් ගත කර සිටියේ ඇය ඉතා දුර්වලව සිටි නිසාය……….. අද ඇයව රෝහලෙන් බැහැර කර තිබේ….. තුහීගේ මව පියා භූමිගේ මව සෙහන්ස්‍යා ගිහන්ස්‍යා ජාන්වී හා දිල්රූ තුහීගේ ඇඳ වටා සිටියේ වෛද්‍යවරයා එනතුරුය……..

” අම්මා……. මට බයයි…….. එයාට මොනවත් ප්‍රශ්ණයක් නැතුව ඇති නේද………

තුහී අසරණව අම්මා දෙස බලමින් ඇසුවාය……..

” මගේ පුතා බය වෙන්න එපා……. බුදුසරණින් පැටියට කරදරයක් නැතිවෙයි……..

අම්මා කිව්වේ ඇගේ හිස පිරිමදිම්න්………

එවිටම භූමිත් වෛද්‍යවරයාත් ඒදෙසට ආවේ සිනාමුසු මුහුණින් යුතුවයි……..

“හ්ම්ම්ම්ම්ම්….. තුහින්‍යා…….. කොහොමද ඔයාට දැනෙන්නේ……. ම්ම්ම්ම්…….

” හොඳයි ඩොක්ටර් මගේ….. ද…..රු…වා.

” ඔයා වගේම එයත් හොඳින් තුහින්‍යා….. දැන් පරෙස්සමින් ඉන්න……..හරිද…. එහෙනම් භූමි මං යනවා…….

වෛද්‍යවරයා ගිය පසු සියල්ලන්ම ඔවුන් දෙන්නාට සතුටින් ආශිර්වාද කරන්නටත් සුභපතන්නටත් විය…….. භූමි හා තුහී ඒවා දරාගත්තේ උපේක්ෂාවෙනි…….

ජීවිතයේ වැරදීම්……. පැරදීම්…… අහිමිවීම්……. මෙන්ම විඳි නින්දා අපහස දුක් දොම්නස් සියල්ලටම දෙදෙනාටම දෛවය විසින් සාධාරණයක් ඉටු කර තිබුණි………..

වැරදීම් පැරදීම් අභිමුව ජීවිතය අත්හැරිය යුතු නැත……….. ඒ දුක් කම්කටොළු මැද දෙපා නගන්නේ සුන්දර ලෝකයකට බව පසුව හෝ පසක් වනු ඇත………

ජීවිතය විඳවිය යුතු නැත……… එය විදිය යුතුය………… දුර්ලභ මිනිසත් බව යහපත් ලෙස ගෙවිය යුතුය……….

රළු කුණාටු ඒවි……..

සැඩ සුළං හමාවි……

එනමුත් වසන්තය එනවාමය……….

꧁ වසර දෙකකට පසු ꧂

ශැංග්‍රීලා හෝටල් පරිශ්‍රය අතිශයින් මනස්කාන්ත ජනකය……… අෑතින් පෙනෙන ගාළුමුවදොර පිටියත් මහ සයුරත් ගෙන එන්නේ පුදුමාකාර සුවයකි……….. භූමිගේ වාහනය ශැංග්‍රීලා වාහන අංගනය තුලට දැමුවේ උදෑසන නවය හමාරට පමණය………

” දෝණි……… පුතුට නින්ද ගිහින්ද…….

තුහින්‍යා තුරුලේ නිදා සිටින පුංචි #භූමි දෙස එබී බලමින් ඔහුගේ අත්තම්මා වන නන්දිතා ඇසුවාය………

” ඔව් අම්මේ…… නින්ද ගියා……..

” අම්මේ තියන දඟේ…… තුහී මෙයත් ඔහොම තමා ඒ කාලේ…….

” ඒ කාලෙ විතරක් නම් බැරියැ නන්දිතා අම්මේ ලොකු අයියා කෝමත් දැනුත් ඒමනේ…….

සෙහන්ස්‍යා කීවේ සරදම් සිනා පාමින්…….. ඔවුන් මේ පැමිණ සිටින්නේ රවීන්ද්‍ර දන්තනාරායනගේත් කෞමදී දන්තනාරායනගේත් දියණිය වන වෛදහී දන්තනාරායගේ.උත්කර්ෂවත් විවාහ මංගල උත්සවයට සහභාගි වීමටයි……. ඊට මේ මුළු පවුලටම ආරාධනා ලැබුණි……….

භූමි එතෙක් වේලා තුහීගේ අතෙහි සිටි පුතුවඩා ගත්තේ තුහීගේ අතක් දැඩිව අල්ලාගෙනයි……. මේ උත්සව ශාලාවේ සිටින අයගෙන් පිරිසක් තුහීට කිසි දිනයක මවක් විය නොහැකි බව ඉඳුරාම පැවසූ අයයි….. ඔවුන්ට පෙනෙන්න තුහීව කැඳවාගෙන යාමේ දැඩි අවශ්‍යතාවයක් භූමිට තිබුණි……..

විවාහ උත්සවය ඒ වන විටත් ආරම්භ කර තිබූ අතර තවමත් විවාහ චාරිත්‍ර ඉටුවෙමින් පැවතුණි……… එනිසා ඔවුන් පසෙක වූ මේසයක් වටා වාඩි විය….. පුංචි පුතු වසරක් පමණ වයසැති දඟමල්ලකි…….. අසල හිස් ඉඩෙහි දඟලන දරුවන් වෙත යන්නට වෙර දරන පොඩි එකා දෙස භූමි හා තුහී බලා සිටියේ සිනාසෙමින්……

” එන්න සූදූ අපි යමු…….

නිවසේදිත් එහෙමයි……… පුංචියි නැන්දයි එක්ක කොල්ලා ඇති තරම් සුරතල් වේ…….. කොල්ලා ඔළුවෙන් හිටගන්නට පැවසුවත් මේ නැන්දයි පුංචියි එහෙමත් ඉඳී ඒ තරමට කොල්ලට ඔවුන් ආදරය කරයි……..

” මේ දෙන්නා එක්ක කොල්ලා හදාගන්න වෙන්නෑ…….

භූමි කිව්වේ තුහින්‍යාට රහසින් වගේ……. ඇයත් සිනාසෙමින් ඔහුන් සමගින් පොඩිවුන් අතරට ගියාය……

” මේ අක්කා අර බලනවාකෝ…… කෞමදී නොනා……. එයාගේ මුහුණ නිකම් වයස පාටයි…..

සෙහන්ස්‍යා කිව්වේ ඈතින් ඉන්න කෞමදීව පෙන්නලා……

” ඒ මදිවට අර බලනවාකෝ ටිශා අක්කා…… හැටි විතරක් මට පේන්න බෑ…… මේ අක්කා තමුසෙ අඳුරන මොකෙක්වත් නැද්ද ඕයි……

සෙහන්ස්‍යා වට පිට ඇහැ දමමින් කීවත් තුහින්‍යා නම් වැඩි ඕනැකමට කොහේවත් බැලුවේ නෑ…… කෙල්ලො තුන් දෙනා කතාවට වැටිලා හිටියා මිසක් පුංචි දරුවා ගැන බලන්න අමතක වෙලා……. කොල්ලා හෙමින් හෙමින් චූටි අඩි තිය තිය ඉස්සරහට යනවා……

” අක්කා….. කොයි භූමි පුතා…….

ගිහන්ස්‍යා කියද්දි තුහීටයි සෙහන්ස්‍යාටයි දෙලොව රත් වුනා……

පුංචි භූමි හෙමින් සැරේ ගිහින් පිටුපස හැරී සිටි කාන්තාවගේ නිල් පැහැති ගවුමෙන් අදින්නට වුනා………. කාන්තාව ආපසු හැරෙන විටම දැක්කෙ කොල්ලාගේ සුරතල් සිනා මුව……. ඇයට පුංචි එකා ගැන ලෝබ හිතුනා……

ඒ වෙන කවුරුත් නෙවේ ඇය නෙහාරා….

” අනේ සුදු මහත්තයෝ කෝද මේ රස්තියාදු ගහන්නේ ආ……. කෝ මගේ පුතුගේ අම්මි……..

නෙහාරා ඉතාම ආදරයෙන් ඔහුව ලං කරගනිමින් අහද්දි තුහී සෙහන්ස්‍යා හා ගිහන්ස්‍යා එතැනට ආවා…….

” සුදු මහත්තයෝ කොහෙද රත්තරන් ඔයා මේ යන්නේ අපි කොච්චර බය වුනාද…….

තුහින්‍යා දරුවා ළඟ ඉන්න ගැහැණියට වැඩි අවධානයක් යොමු නොකර කොල්ලාව අල්ලා ගත්තේ හදවතේ වූ බර සැහැල්ලු කරමින් හුස්මක් ගනිමින්……

එක්වරම දරුවා අත්හල නෙහාරා තුහී දෙස බැලුවේ පුදුමයෙන්……….

” තු………..හි………න්‍යා………….

” නෙ……….හා……..රා………….

දෙන්නට දෙන්නා නම් මුමුණගෙන ඔවුනොවුන් දිහා බලාගෙන හිටියේ පුදුමයෙන්………..

” නෙහාරා….. කෝ… වේදේශ්….

එහෙම අහගෙන එතනට ආව කෞමදීගේ අවධානය එක් වරම බිඳුනේ තුහීත් ඔහු අත සිටින සිගිති සුරතල් දරුවාත් දැකීමෙන්……

කෞමදීගේ මුහුණේ ඇති වුන හැඟීම් වෙන වෙනමම අරගෙන කියනවා නම් ඒ තුළ පුදුමය,,, දුක,,, වේදනාව,,, පසුතැවීම ඔය හැම එකක්ම තිබුනා….

” තුහී පුතේ…….. අනේ මං දැක්කෙවත් නෑ….. ආවා කියලා ටිකක් කෝල් කරන්න එපැයි……..

රවීන්ද්‍ර දන්තනාරායන ආවේ පුදුම සතුටකින්……… එවිටම භූමිත් තුහීගේ අමිමත් තාත්තාත් මල්ලිත් එතැනට ආවා…….

” නංගි…….. මල්ලි…..ආව එක ලොකු දෙයක් යමු….. යමු….. ⁣මනමාලි එක්ක කතා කරන්න…….

” දෙව්සිත්මි………. පුතේ අනේ මට සමාවෙන්න දරුවෝ………..

කිසි කෙනෙක් හිතුවේ නැති විදිහට කෞමදී තුහීගේ අතින් තදින් අල්ලා ගෙන කඳුළු සලන්නට වුනා……. කියන්නෙ මොනවද කියලා තුහීට හිතාගන්නත් බෑ….. ඇය නිහඩවම හිටියා……..

” තුහී……. මටත් සමාවෙන්න නංගි…… මං ඔයාට හුඟක් වැරදි කලා…… කොච්චර නම් මං ඔයාගේ හිත රිදෙව්වද…… ඒ කරපු පව් වලට මට දඬුවම් ලැබිලා තියනවා……..

නෙහාරාද කිව්වේ පුදුමාකාර සංවේගයකින්……. ඇගේ දෑස්ද කඳුළු පිරී තිබුනා……..

” දෙව්සිත්මි දුව……… ඔයාගේ වරදක් නෑ කියලා ඔප්පු වෙලාම තියෙන්නේ මේ….. රත්තරන් පැ⁣ටියෙක් ඔයාට ඉන්නේ දුව……. අපේ වේදේශ්ටයි දරුවො නැත්තේ…….. ඇත්තමයි පුතේ.අපි හුඟක්ම ආකල්ප අතින් වැරදි මිනිස්සු…. බැඳලා කල් ගිහාම දරුවෙක් නැති වුනාම හැමෝම කියන්නේ ඒක ගැහැණු කෙනාගේ වරද කියලා…….. ඒක වැරදී කියලා මට තේරෙද්දිත් වෙන්න ඕනි හැමදේම වෙලා ඉවරයි………. එදා ඔයාට මං කරපු දේ අද නෙහාරාට මං නොකරන්නේ….. මං ඒ කරපු වැරදි වලට හුඟක් පසුතැවෙන නිසා…… ආයෙ ආයේ ඒවරද කරන්න මං කැමති නැති නිසා……. ආයෙත් මට සමාවෙන්න දුව……. ඔයා කැමති නම් මට ටිකක් පුතාව වඩා ගන්න දෙන්න පුළුවන්ද…….

කෞමදී එය ඇසූ විදිහට තුහින්‍යාට පමණක් නොව එතැන සිටි සියළුමදෙනාට ඇති වුනේ පුදුමාකාර දුකක්….. තුහී පුංචි භූමිව ඇගේ අතට දුන්නේ කහටක් නැතුවමයි……

” තුහී……….. මටහරි සතුටුයි…… ඔයා හරිම හොද කෙනෙක්……

නෙහාරාද කිව්වේ දරුවාගේ සිගිති අත්පා පිරිමදිමින්……..

” අපි වගේ ගෑණුන්ට මේ සතුට එක අතකට හිමි වෙන්න ඕනෙත් නෑ…… මොකද මං දැන දැනම ඔයාලාගේ පවුල් ජීවිතයට ඇගිලි ගහපු ඒක කඩා ඉහිරවපු කෙනෙක් තුහී…… එ් හින්දා මට මං ගැන දුකක් නෑ…….. ඒත් ඔයා ගැන සතුටුයි මට…

” එහෙම කියන්නත් එපා අක්කා….. මිනිස්සු අතිනුයි වැරදි වෙන්නේ…… ඒවා හදාගන්නත් ඕනි අපිම තමා…….. අක්කයි අයියයි හොඳ gynecologist කෙනෙක් ගාවට යන්නකෝ….. දැන් තාක්ෂණය හරි දියුණුයි අක්කා……. ඔයාගේ බලාපොරොත්තුවත් ඉටුවෙයි අනිවාර්යෙන්ම……… අනික ඔයා අපේ පවුල් ජීවිතය මැද්ද⁣ට ආව නිසා තමයි මට මේවගේ හොඳ ජීවිතයක් හම්බ වුනේ………

තවත් බොහෝ දේ කතා කර රිදුම් දෙන හදවත් තවත් පාරවන්නට කිසිවෙකුගේ සිතක් නොවීය……..

” නිර්මානි නංගි මල්ලි…… මට පුළුවන්නම් සමාව දෙන්න…….

කෞමදී කියද්දි රවීන්ද්‍ර සැනසුම් සුසුමක් හෙළුවේ ඇත්තටම තම බිරිඳ දැන් වැරදි අවබෝධ කරගෙන ඇති බව ඔහුට පසක් වු හෙයිනි………..

වේදේශ් ඈත සිට මේ සියල්ල බලා සිටියත් ඔහු ඔවුන් අසලට පැමිණියේ නැත………. ඔවුන්ට මුහුණදීමට ශක්තියක්ද නැත……..

ජීවිතය…………..

අතිශයින්ම පුදුමාකාරය……

සිතු කිසිවක්ම නොවුනත්

නොසිතූ නොපැතූ බොහෝ දේ සිදු වෙයි…..

සෑබෑ ආදරය යැයි සිතාගෙන ආදරය කලද……. සැබෑ ආදරය ඇත්තේ අල්ලා බදාගත් තැන්හී නොව… අත්හැර නිහඬ වූ තැන්වලමය……..

සිහින ඉටු වුයේ අතීතයේ සිහින නොතිබූ මිනිසුන්ගේමය…….

පිරිමියෙකු හෝ ගැහැණියක වේවා යහපත් සිතුවිලි වලින් යුතු නම් ඔවුන් නිබඳවම ජය ලබන්නේමය…….

සමාජය විශමය……. ඒ තුල ගැහැණිය තවමත් සිටින්නේ සුභදායීම තත්වයක නොවන බව හොඳින්ම පෙනෙනා දෙයකි…….. ගැහැණිය ස්වභාවයෙන්ම

අහිංසකය සුකොමලය ලඳ බොලඳය…..

ඔබට එසේ පෙනෙන්නට පුළුවන නමුත් ගැහැණිය සිතනවාට වඩා ශක්තිමත්ය………

ඇය ජීවිතය දරාගන්නීය…….. ඇය දෙසට වැටෙන ගල් මුල් චෝදනා අපහස මල් මිටක් සේ දරාගන්නීය…..

අවසන ලොව විඳීමට සිදුවන අපහසුම වේදනාවද සම සිතින් විඳ මෙලොවට නව ජීවයක් බිහි කරන්නීය……..

දරුවෙකු ලැබුනත් නොලැබුනත් ස්වභාවයෙන්ම ඇය මුළු ලොවටම මවක් වන්නීය………

මේ මුළු මහත් සමාජයම එලෙස සිතනවා නම් කොතරම් අගනේද…….

සියළු දේ දරා ගැනීමේ

අවසන ජීවිතය යනු තේරුම් ගත නොහැකි අමුතුම සොඳුරු නවාතැන්පොලකි……….

මිනිසත් බව යනු දුර්ලභ මහාර්ඝ සම්පතකි………..

ඉදින් ඒ ලද මිනිසත් බව මුළු මහත් විශ්වයේම සුභසිද්ධිය යහපත උදෙසා කැප කල යුතුය…….

සමාප්තයි

මුලින්ම ස්තූති වන්ත වෙනවා හැමෝටම……… අවසානය වෙනතුරුම රැඳී සිටියාට……..

🌹 හැමදාමත් වගේ මේ කතාවටත් like එකකින් comment එකකින් ධෛර්යයක් වූ ඔබ සැමටත් මගේ හෘදයාංගම ප්‍රණාමය……..

🌹 මේ කතාව පුරාවටම නොයෙකුත් අයුරින් මට උදව් උපකාර කල හැමෝටම හුඟක්ම ස්තූතියි…… විශේෂයෙන්ම

නංගිලාටත්,, ලස්සන ලස්සන කවර් ෆොටෝ හදලා දුන්න

විහඟි රණසිංහ

යන නංගිලා මල්ලිලාත් මං ආදරයෙන් මතක් කරන්නම ඕනි….

🌹 ඉතින් ඔවුන්ගේ කතාව අවසන්…….. ඉක්මනට ඉවර කලා කියලත් හිතෙනවා…… ඒත් ඊට වඩා ලියන්න හිතුනෙත් නෑ… එහෙනම් අපි යනවා….✋👐🙌❤️

🌹 මෙච්චර දවසක් ඔබ සමගින් නිරන්තරයෙන්ම රැඳී සිටි මමත් පුංචි නිවාඩුවකින් පසු යලිත් පැමිනෙන්නම් ඉක්මනින් අළුත් කතාවක්ද සමගින්………. අම්මෝහ්…. මට දැන් ටිකක් මහන්සී……..

මාහදවීණාවේසත්සරහඩා_වැටේ

රාක්ෂන්ධා

සමගින් එකතුවන්න……….🌹🌹🌹🌹

ආදරෙයි හැමෝටම………..

ත්‍රිලක්ෂණා වෛශාලි අතපත්තු