දින දෙකකට පෙර අංගොඩ IDH රෝහලට ඇතුලත් කෙරුණු 43 හැවිරිදි චීන ජාතික කාන්තාව මේ වනවිට සම්පූර්ණ සුවය ලබා සෞඛය තත්වය යහපත් අතට පත්වී ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසනවා. නියමිත ප්‍රතිකාර හමුවේ කොරෝනා වෛරසය සුව කල හැකි බවත් ජනතාව අනිසි ආකාරයෙන් බිය විය යුතු නැති බවත් මෙයට කදිම නිදසුනක් බවයි එම ආරංචි මාර්ග පවසන්නේ.