-7 කොටස-
“කොහෙ යන්නද?”
“මට මේ ගේ ඇතුලෙ මෙහෙම තනියම ඉන්න බෑ හිමංස..පොඩි එවුනුත් නැහැ කවුරුවත් ..
ප්ලීස් හිමංස ..මං අපේ ගෙදර ගිහින් එන්නම්…”
“පිස්සුද තමුසෙට ..කසාද බැන්දට පස්සෙ එහෙම තනියම මහගෙදර යන සිරිතක් තියෙනවද?”
“එහෙනම් ඔයා එන්නකො ඉතිං..”
“ඇයි මට වෙන වැඩ නැද්ද?”
“අනේ..ප්ලීස් හිමංස…මං අද ගිහින් ඉදලා හෙට හවස එන්නම්…”
“මේ නිශාදි මගෙන් මොකුත් නාහා තියනවා ඔය ෆෝන් එක”
හිමංස ෆොන් එක දඩස් ගාලා තිබ්බා.
ෂිට් ..එයාට එච්චර තරහ ගන්න දෙයක්ද මං කීවෙ..තනියම මෙහෙම ගෙදරට වෙලා හිටියොත් මට පිස්සු හැදෙයි..වස කම්මැලියි..මෝඩයෙක් මහ..
නිශාදි හිතින් බැන බැන ඉන්නකොට ෆෝන් එක රිං වෙන්නගත්තා…
“හෙලෝ”
” පැය බාගයයි දෙන්නෙ ..ලෑස්ති වෙලා ඉන්නවා ..මං කැබ් එකක් එවන්නම්…කැබ් එක හෝන් කලාම එළියට එනවා.”.
හිමංස කියවගෙන ගිහින් කට් කලා.
නිශාදිට හරි සතුටුයි..නපුරු වුණාට ඔහොම හොද ගතිත් තියෙනවා.නිශාදි ඉක්මණට ලෑස්ති වුණා..
හරියටම පැය බාගයක් යද්දි ගේට් එක ළඟ හෝන් කරනවා…නිශාදි සෙරප්පු දෙක හොයන පරක්කුවට හෝන් එක කඩන්න වගේ..
මොන මෝඩ කැබ් කාරයෙක්ද දන්නෙ නැහැ..එච්චර හදිස්සිය..මං මොකටද දුවන්නෙ..සල්ලි ගෙවලනෙ කැබ් එකේ යන්නේ..හිමංස වගේම තමයි හිමංසගෙ කැබ් කාරයත් ..
නිශාදි හෝන් සද්දෙ ගණන් නොගෙන තවත් විනාඩි දෙක තුනක් වට පිට බල බල ඉදලා ගාට ගාට ගේට් එකට ළඟට ගියා..ගේට් එකෙන් එළියට ඇවිත් හෙමීට ගේට් එක වහලා ලතාවට කැබ් එක ළඟට ඇවිදගෙන ගියේ බිම බලාගෙන ..
කැබ් එකේ පිටිපස්සෙ දොර ඇරලා ෂිට් එකට ගොඩ වෙනකොටම.
‘‘තමුසෙට වෙලාවට වැඩ කරලා පුරුද්දක් ඇත්තෙම නැද්ද? නැලවි නැලවි ආව හැටි.මේ ටිකට බීරිත් වෙලාද?.. “
ආ…. මේ ඩ්‍රයිවින් ෂීට් එකේ ඉන්නෙ හිමංස නේද?නිශාදිගෙ මූණ හොදටම අවුල් උනා..
“දැන් තමුසෙ හදන්නෙ මාව ඩ්‍රයිවර් කරන්නද?එනවා ඉස්සරහට”
අම්මෝ සැර..යකෙක්ද කොහෙද ගිය ආත්මෙ..වැරදිලා මේ සැරේ මනුස්සයෙක් වෙලා තියෙන්නෙ…කැබ් එකක් එවනවා කීවට කවුද දන්නෙ මෙයා එයි කියලා..නිශාදි ඉස්සරහ ෂීට් එකට ගොඩවුණා..ඕං පටං ගත්තා ඩූම් 3 ආයෙත්…කවුද දන්නෑ ලයිසන් දුන්නෙ..
‘‘ඔය සීට් බෙල්ට් එක දාගන්නවා..හිමංස” හයිවේ එකට කැබ් එක දැම්මා.
කියනකල් හිටියේ නපුරා.නිශාදි හිතින් බැන බැන කටවහගෙන හිටියා..
‘‘මොකද පිට්ටු ගිල්ලද..”
හිමංසට ලොකු ප්‍රශ්නයක් නිශාදි කට පියාගෙන ඉන්න එක..එයාට දැන් අමතකයි ඊයේ රෑ කරපු තර්ජනේ..
‘‘ඔයා ඇයි ආවෙ ඉතිං..මං හිතුවෙ කැබ් සර්විස් එකකින් එවයි කියලනෙ.. ඔයා කැබ් සර්විස් එකකුත් කරනවද?”
‘‘ඔව් ඇයි හොද නැද්ද?”
“හොදයි හොදයි..හයිවේ එකට දාපු එක ලොකු දෙයක්”
“ඒ මොකද?”
“ඩූම් 3 පෙන්නන්න ලේසියිනෙ එතකොට..”
හිමංසගෙ මූණට ලස්සන හිනාවක් ආවා..
“තමුසෙත් ඉතිං ආසයිනේ ඩූම් 3 එකට..හා නැද්ද?තමුසෙ පොඩ්ඩක්වත් බය නෑනේ ස්පීඩ් යනවට..මං හොදට බලාගෙන ඉදලා තියෙනවා..”
“ඔයා නම් මාරයි හිමංස.”නිශාදි පුදුමෙන් කීවා
“ඒ මොකද”
“ඇයි අනේ…?ඔයා මගෙ දිහා බලාගෙන ඔච්චර ස්පීඩ් වාහනේ ඩ්‍රයිව් කරන්නෙ ..මාර ටැලන්ට් එකක් වාව්..”
හිමංසගෙ හිනාව තවත් වැඩිවුණා..
“ඔහොම හිනා වෙලා මනුස්සයෙක් වගේ ඉන්නකො හිමංස..එතකොට ඔයා මාර හැන්ඩ්සම්..”
“තමුසෙ මගෙ ටැලන්ට් දැකලා නෑ තව..හහ්…………………..”.හිමංස නෝන්ඩියට හිනා වෙද්දි නිශාදිට ලැජ්ජහ හිතුණා.
“මෝඩයා..තමුසෙ මහ නරකයි.”
“ඇයි ..මං නරක දෙයක් කිව්වාද?”
“නපුරා”
“වෙන මොකුත් නම් නැද්ද?කියන්න මට ..”
“ඒක නෙවෙයි හිමංස..ප්ලීස් …මං බඩුවක් අහන්නම්..කේන්ති නොගෙන උත්තරයක් දෙනවද?”
හිමංස කූල් ඩවුන් වෙලා ඉන්න මේ වෙලාව තමා ඒක අහන්න හොදම..
“අහනවා ඉතිං.”
“හිමංස..මට දවල්ට ගෙදරට වෙලා ඉන්න කම්මැලියිනෙ..දවල්ට පොඩි අයත් නැහැ..මට පිස්සු වගේ ..මං ආයෙත් ඔෆිස් එකේ වැඩට යන්නද?”
නිශාදි බයෙන් බයෙන් ඇහැවෙ බැනුම් අහන්න වෙයි කියලා දන්න හින්දා..හිමංස නිහඩව කල්පනා කරනවා..පුදුමයි.
“හරි..හෙට උදේ ලෑස්ති වෙනවා..”
“හිමංස ඔය ඇත්තමද?තෑන්ක්ස් ඔයාට”
නිශාදිට සතුටට නිකම්ම හිමංසගේ අත ඇල්ලුනා.හිමංස රවනවා…
“ඔහ්..සොරි..”
“හිමංස කඩයක් ළඟ නතර කරන්නකො .මොනවාහරි ගන්න..”
.හයිවේ එකෙන් එළියට එනකොටම නිශාදි කීවා..ඒත් හිමංස ඇහුන් නෑ වගේ ඉස්සරහ බලාගෙන ඩ්‍රයිව් කරනවා.
“හිමංස අනේ නතර කරන්නකො”
‘‘දැන්ද තමුසෙට මතක් වුණේ ඕවා..මහලොකුවට මහගෙදර යන්න කතා කලාට ඒවා ගැන සිහියක් නැහැ.කටවහගෙන ඉන්නවා දැන්..”
ෂිට් ..රාස්සයෙක්ම තමයි..නිශාදිට තරහ වැඩි කමටම කදුලු එනවා ..ඒත් මේ මෝඩයට පේන්න අඩන්නෙ ඇයි මං.
නිශාදිගෙ ගේ දොරකඩ වාහනේ නතර කලා
.ඒත් නිශාදි බහින්නෙ නැතුව බුම්මගෙන බලා ගෙන ඉන්නවා..හිස් අතින් මෙහෙම ගෙදරකට යන්න පුළුවන්ද?ලැජ්ජාවෙ බෑ.
“බහිනවා”
“මට බෑ.”
“එහෙනම් ඉන්නවා…”
හිමංස බැහැලා ගිහින් පිටි පස්සෙ ෂීට් එකේ තිබ්බ මළු ගොඩක් අරගෙන ගෙට ගොඩවෙන හැටි නිශාදි බලං හිටියෙ පුදුමෙන්..අයියෝ..මට ඒ බෑග් ටික පෙනුනෙ නැත්තෙ ඇයි..මෝඩියක් මං..
නිශාදි ඉක්මණට බැහැලා …හිනා වෙවී ගෙට ගොඩ වෙන හැටි හිමංස බලාගෙන හිටියේ කට කොනකින් හිනා වෙවී..
හිමංසයි නිශාදිගෙ අම්මයි බර කතාවක්…නිශාදිගෙ ගෙදර හිටියේ අම්මයි තාත්තයි නිශාදියි විතරයි…බෑණා පොඩ්ඩට මහ ඉහළින් සැලකුම් …නිශාදිව ගණන් ගත්තෙවත් නැහැ..පුදුම ලෝකයක් මේක..
. අද රෑ නැවතිලා යන්න කියලා අම්මලාගෙ ඉල්ලීම අහක දාන්න හිමංසට බැරි වුණා..මොනවා වුණත් හොද බෑනනෙ එයා..
මගුල් ගෙදර වගේම අම්මා රසට උයලා පිහලා දීලා අළුත් ජෝඩුවට සැළකුවා.. එක අතකට තරුන් එක්ක ගියා නම් අම්මලා අද මෙච්චර සතුටින් ඉදියිද..නිශාදිට එහෙම හිතනකොට නම් මාර විදිහට දුක හිතුණා…අම්මලා දන්නවා නම් ඇත්ත කතාව ..තව අවුරුද්දකින් මං කරන දේ..
දෙන්නා ඇද දෙපැත්තෙ ඉදගෙන කල්පනා කරනවා.
..මාර වැඩේ තමා ..කොහොමද දැන් එක ඇදේ නිදියන්නෙ..අම්මලා දන්නවයැ මං නිදන්නෙ වෙනම කියලා..ඒ මදිවට මගෙ ඇදත් පොඩියිනෙ..
“මොනවද තමුසෙ කුටු කුටු ගාන්නෙ..”
හිමංස නිශාදි දිහාට හැරිලා ඇහැවෙ නිශාදි මුමුණන ඒවා මොනවද කියලා හිතා ගන්න බැරිවුණු නිසා..
“ඔයා තමයි හිමංස මෝඩ වැඩේ කලේ..අම්මා ඉන්න කියද්දි බෑ කියලා කියන්න එපැයි..
තමුසෙ මේ ගෙදර දුව නේද? තමුසෙ හරි නම් මට පින් දෙන්න එපැයි.අද ඉන්න කැමති වුන එකට..දැක්කද තමුසෙගෙ දෙමව්පියෝ මට සළකන හැටි..රජෙක්ට වගේ..”
“රජෙක් .ඔව් මෝඩ රජෙක්.. දැන් බලනවා කොහොමද මේ එක ඇදේ අපි නිදාගන්නෙ..ෂිට්..”
“ඒක මට අදාල ප්‍රශ්නයක් නෙවෙයි..තමුසෙ ඕන තැනක නිදාගන්නවා.”
එහෙම කියපු හිමංස හොදට අත් කකුල් දිගඇරලා නිශාදිගේ ඇදේ නිදාගත්තා.
ෂිහ්..හැටි පෙරේතයා පොළේ ගැහැවා වගේ…දැන් මං කොහෙද නිදන්නෙ..
“හිමංස..හිමංස”
“ඇයි වදේ නිදියනවකො අප්පා… දැන් රෑ දහයයි.. මට නිදිමතයි..”
“මං කොහෙද නිදන්නෙ..මට බෑ බිම නිදන්න..”
“එහෙනම් මට බිම නිදන්න කියලද තමුසෙ කියන්නෙ..තමුසෙගෙ ගෙදරට අමුත්තෙක් ආවම ඔහොමද සළකන්නෙ..බලනවා.තමුසෙගෙ දෙමව්පියෝ එක්ක බැලුවාම තමුසෙ ඒ වැදත් මිනිස්සුන්ගෙ පැත්තකින් වත් තියන්න පුළුවන් එකියක්ද කියලා…ෂුවර් එකට තමුසෙ ඉස්පිරිතාලෙන් මාරු වෙලා ඇවිත් තියෙන්නෙ.හහ්…”
හිමංස හිනාවෙනවා ..නිශාදිට මාර තරහයි..මගේම ඇදේ නිදාගෙන මටම දෙස් දෙවොල් තියෙන හැටි..
“මෝඩයා..දැන් මං කෙහෙද නිදන්නෙ..එළියට යන්නත් බෑ..අම්මලා අහයි ඇයි කියලා. “
එහෙනම් එනවා මගේ ළඟට
එහෙම කියපු හිමංස නිශාදිව ඇදලා ළඟට අරං තුරුළු කරගෙන ඇස් දෙක පියා ගත්තා.
“තමුසෙ මොකද්ද මේ කරන්නේ..අතඅරිනවා මාව..”
“මෝඩි..කෑ නොගහ නිදනවා.නැත්නම් අම්මලා එයි කාමරේට මේ ගෝරිය මොකද්ද බලන්න…බිම සීතලේ නිදන්න බෑනෙ තමුසෙට…නිදියනවා ඉතිං..”
දඩු අඩුවකට හිරවුණා වගේ..නිශාදිට හෙලවෙන්නවත් බැහැ..ඒත් මොනවා කරන්නද දැන්.නිශාදි ඇස් දෙක පියා ගත්තා..
💙💙💙💙
“තරුන් ඇයි මේ ..ඔයා… ඇයි ඔහොම බලන්නෙ.. “
මුහුදු රළ වල සද්දෙ හෝ ගාලා ඇහෙනවා තරුන් හිටියේ නිශාදිගෙ ඇස් දෙක දිහා කෙලින් බලාගෙන
“නිශාදි ඔයා මට ඇයි බොරු කලේ..”
“මොකද්ද මං ඔයාට කරපු බොරුව තරුන් “
“ඔයා මට ආදරේ කලේ නැහැ..අහිංසක මාව විහිළුවකට ගත්තා..”
“මොකද්ද ඔයා තරුන් කීවෙ.. මං එහෙම කරන්නෙ ඇයි..”
“ඔයා සල්ලිකාරයෙක් බැන්දට පස්සෙ මාව අමතක කළා..ඔයාට ලොකු හිමංසව”
“නෑ තරුන්…”
“ඔයාට මාව මතක් වෙන්නෙ නැද්ද?අහිංසක අපේ ආදරේ විනාශ කලේ..ඔය හිමංස නේද? ඒත් ඔයාට ඒවා ගාණක්වත් නෑ දැන්..”
“ඔයා ඇයි මට බනින්නෙ තරුන්..ඔයත් බනිනවා.. හිමංසත් බනිනවා..ඔයා දන්නවද මං කොච්චර ගිනි ගොඩකද ඉන්නෙ කියලා…මං මොකද කරන්නෙ ..හිමංස නපුරු වුණාට මට ගොඩක් ආදරෙයි..ඒක මට දැනෙනවා…ඒත් මං කොහොමද ඔයාව අමතක කරන්නේ..අනේ මට දුකයි තරුන්”
තරුන් නිශාදි ළඟට ඇවිත් හෙමීට එයාව තුරුළු කර ගත්තා.
අඩන්න එපා නිශාදි ..මං ඉන්නවනෙ දැන්…
තරුන් හෙමීට නිශාදිගෙ කම්මුලක් පිරිමැද්දා..තරුන් නළල කිස් කරන කොට නිශාදි ඇස් දෙක පියා ගත්තා..ඒ උණුහුම ….නිශාදි හෙමීට ඇස් ඇරියා..එයා දැක්කෙ තරුන් නෙවෙයි..හිමංස…
‘‘ආ… අයින් වෙනවා ..තමුසෙ මහ..මට පේන්න බෑ තමුසෙව.. යනවා අහකට..”
නිශාදි හිමංසව තල්ලු කරලා කොට්ටයක් අරං හිමංසට ගහන්න පටං ගත්තා.. නිශාදි දැකලා තිබුණෙ හීනයක්… හිමංස උදේ ඇහැරෙන කොටම දැක්කෙ නින්දෙන් හිනාවෙන නිශාදිව.හිමංසට ලෝකෙම අමතක වුණා..
නිශාදි ගෙ කම්මුලක් හෙමීට පිරිමැදල.. නළල කිස් කලේ ගොඩක් ආදරෙන්…
ඒ වෙලාවෙ තමා නිශාදිට ඇහැරුනේ .. ..
“නිශාදි ඕක නවත්වනවා … මං තමුසෙට කරදරයක් කලේ නැහැනෙ.. නවත්වනවා ඕක..”
“එහෙනම් මොනවද කලේ… මං ඒ දැකල තියෙන්නෙ හීනයක්ද.. තරුන් එතන හිටියේ.. මං හිතුවෙ මං ඉන්නෙ තරුන් ලග කියලා”
තරුන්ගෙ නම ඇහුන විතරයි හිමංස කොට්ටෙ අල්ලගත්තා…
“තමුසෙට හීනෙනුත් පේන්නෙ තරුන්වද…”
උදේ පාන්දර හිමංසගෙ ඇස් ගිනිබෝල දෙක්කක් වගේ.. මේකි මට සැනසීමක් දෙන්නෙම නැහැ….හිමංස කොට්ටෙ අල්ලලා පොලොවෙ ගැහැවා..
” නිශාදි .. මේක අහගන්නවා…තමුසෙගෙ කටින් ඔය හිවලගෙ නම මට ඇහෙන්න ආයෙ එක පාරක් වත් කියලා තිබුනොත් මං…මං….”
“ඉතිං මං මොකද කරන්නෙ කියනවා…ඔයා මට මොනවද කරන්නෙ.. මං බය නෑ ඔය තර්ජන වලට..”
නිශාදි කාමරෙන් එලියට යන හැටි හිමංස බලං හිටියෙ තරහින් පුපුර පුපුර…