මලක්දෝ නුඹ අරලියා 🌸🌿
🌿විසි හත්වෙනි කොටස🌿
පාන්දර ඉස්සරලම ඇහැරුනේ වන්දනාට රාත්‍රියේ පටන් ගත්ත වර්ෂාව තවමත් එහෙමමයි ටිකක් වත් අඩුවක් නෑ……. අනෙක් පස නිදා සිටින රන්දය දෙස මොහොතක් ඇය බලා සිටියේ ඉතාමත් ආදරයෙන්………………ඊයේ රාත්‍රියේ සිදු වූ සියල්ල සිනමා පටයක් මෙන් ඇයට එක්නෙක සිහි විය……….ඒ සියල්ල සම්පූර්ණයෙන්ම තමාගේද කැමැත්තෙන් සිදු වූ දේවල්මය…………… රන්දය යනු තම අනාගතයයි……. ආදරයයි……. ඇගේ මුළු ජීවිතයය්………. වන්දනා රන්දයට බෙහෙවින් ආදරය කරයි………… ඔහුද වන්දනාට ආදරය කරන බව ඇය හොදින්ම දනී……….. නිසැකවම මේ විවාහය සිදුවෙන බව ඇය දනී…………. රන්දය කවදාවත් තමන්ව අතරමං නොකරනු ඇතැයි ඇයට විශ්වාසයි…………
වන්දනා ඇඳෙන් බැස්සේ bathroom එකට යන්නටයි………….. අැඳ ඇතිරිල්ලේ තිබූ රතු පැහැති සලකුණ දුටු ඇයට තමා ඉක්මන් වුනා වැඩිදැය් පලමු වරට සිතුනි……… bathroom එකේ වතුර වැටෙන හඬට රන්දය අවදි විය……… එක්වරම තමා මේ සිටින්නේ කොහිදැයි රන්දය කල්පනා කලේය…….. ඊයේ රාත්‍රියේ සිදු වු දෙය ඔහුටද මතක් වූයේ සිනමා පටයක් මෙනි…….. තමා අතින් සිිදු වූයේ සිදු නොවිය යුතු දෙයක් බව ඔහුට සිතුනි………. පසුතැවිල්ලක් හා වේදනාවක් දැනෙමින් තිබුණා……… වන්දනාට මුහුණ දෙන්නට නොහැකි සෙයකින් රන්දය පෙළුනි………… ඔහුගේ දෑස් ගියේ ඇඳ ඇතිරිල්ල මතටයි…….. වන්දනා විස්පස් වසරක් සුරැකි පාරිශුද්ධභාවය තමා එක් මොහොතින් විනාශකල බව සිතන විට දැනෙන්නේ තමා ගැනම තරහකි……. එයත් හොඳ සිහියෙන්ම වූ වරදක් වීමත් ඔහුගේ හිත පීඩාවට පත් කලේය……
රන්දය ඉතාමත් හැඟීම්බරව ඇඳ ඇතිරිල්ල පුරා සිය අත ගෙන ගියේය……. ඔහුගේ දෑසින් වැටුනු කඳුලක් ඇතිරිල්ලේ ලා පැහැ මල් අතර සැඟව ගියේ ඔහු බලා ඉද්දිමය………… එවිටම bathroom එකේ දොර විවර විය……. වන්දනා සිටින්නේ තුවාය පිටිනි…………. රන්දය අඩියට දෙකට ඇය ලඟට ආවේ වන්දනාගේ ඇඳුමක්ද රැගෙනය…………
❤️ මෙන්න මේක ඇඳගන්නවා……… ඔය මගුල තමයි මේ හැම එකකටම මුල…………
වන්දනා ඇස් දෙක ලොකු කරලා රන්දය දිහා බැලුවෙ රන්දය ඉන්නේ තරහෙන්ද කියලා හිතන ගමන්…….. ඒත් රන්දයගේ මුහුනේ තිබුනේම පසුතැවීමක් පරාජිත බවක්………….
🌹 මොකද මේ අයියේ………..
❤️ මට ස…මා..වෙ…න්න මැණික……… මට තව හුුඟක් හිතන්න තිබුණා…… ශිට් ඒ වෙලාවේ මොනා වුනාද දන්නෑ….. මං මහ මොඩයෙක් තිරිසනෙක්…………… ඇයි මං ඔයාට ඒ වගේ අපරාධයක් කලේ…………….
රන්දය සිය කෙස් වලින් ඇද ගනිමින් ඇඳෙහි වාඩි වූයේ අත් දෙකෙන්ම සිය මුහුණ නැවතත් වසා ගනිමිනි……………. වන්දනාට එය බලා සිටීමට නොහැකි තරම් දුක්බර දසුනක් විය…………
🌹 අයියා………. ඔයාටම දොස් පවරගන්න එපා…….. please……. මමත් වැරදීනේ…… මටත් හිතන්න තිබුනා………… දැන් අපිට පහුගිය දේ වෙනස් කරන්න බෑ………… please ඔහොම අඬන්න එපා………
❤️ මෙහෙන් වාඩිවෙන්නකෝ……… මේ අහන්න………
වන්දනා අඳේ අනෙක් පසින් වාඩි වූ පසු රන්දය ඇගේ දෑතින්ම අල්ලා ගත්තේය………………
❤️ මොනවා වුනත් මං ඔයාව අත්හරින්නේ නෑ වන්දු…….. මං ඔයාට ආදරෙයි ඒක ඔයා දන්නවානේ………… අපි දෙන්නා ඉක්මනටම මැරි කරනවා එච්චරයි………. හරිද……….දැන් අද නඩුවනේ…….. මොකද කරන්න හිතාගෙන ඉන්නේ………….
🌹 රන්දේ………. අප්පච්චිට මොනවා වෙයිද……………..
❤️ එයාටත් දඬුවමක් ලැබෙයි……….
🌹 අද එයාට පොඩිහාමුදුරුවෝ බලන්න ඕනි කීවා…….. මං එයාව එක්ක යන්නම්…….
❤️ සමහර විට වන්දු මේවා ඔක්කොම සම්මානිගේ plan නම්….. අප්පච්චි මේ වෙලාවේ ඔයාට උදව් කරන්නත් පුළුවන්…………….
🌹 සමහර විට……….ඔයාත් එනවා නේද අපි එක්ක යන්න………….
❤️ ම්ම්හු…… මට බැරි වෙයි රත්තරන්…… මට නන්දන අංකල් එන්න කීවා…………. ඔයා යන්නකෝ……ම්ම්ම්ම්…….
වන්දනා හිස සලා පහලට යන්නට සැරසුනාය…………
❤️ කොහේද යන්නේ………
🌹 මං ඔයාට තේකක් ගේන්නම් ලෑස්තිවෙන්න………..
වන්දනා යන දිහා රන්දය බලා සිටියේ ආදරය පිරුණු දෑසිනි……… දැන් ඇය තමාගේමය…………… කවදාවත් ඇයව අහිමි නොවනු ඇත……… මේ සියල්ල අවසන් වූ දිනයක ඇයව විවාහ කරගැනීම ඔහුගේ එකම අරමුණයි…………….
🌷🌷🌷🌷🌷🌷
උදෑසන නෙළුම්දෙණිය වලව්ව යන පාරේ තුන්මංසල අභියස සිටින සුරනිමල නෙළුම්දෙණිය දුටු වන්දනාට සතුටක් වගේම සංවේගයක් ඇති විය…….. සුරනිමල මෙතුවක් දවස් කිසි දිනක උන් වහන්සේ දැක තිබුනේ නැත…. දැකීමට අවශ්‍යතාවයක් තිබුනේද නැත………. පසු ගිය දිනක සම්මානිගේ පුතු විසින් වන්දනාව පැහැරගෙන ගිය බවක් වත් සුරනිමල දන්නේ නැත………….. වන්දනා දුටු විට ඔහු අසරණව සිනාසුනි………. ඊයේ දුටුවාටත් වඩා අද අප්පච්චි මලාන්කව ඇතැයි ඇයට සිතුනි…………
🌹 අප්පච්චි…… අැයි මේ….. මොකක් හරි අසනීපයක්ද……..
✨️ නෑ දුව එහෙම මොනවත් නෑ……..
වන්දනා සිනාවක් පා ඔහුගේ අතක් අල්ලා ගත්තේය………
🌹 එහෙනම් නගින්නකෝ කාර් එකට…… මං ඩොක්ටර් කෙනෙක් හාද….. මට හංගන්න බෑ…………… මොනාද ඔය අතේ තියෙන්නේ…………
✨️ ඔයා ඩොක්ටර් කෙනෙක් වුනාද……. මට හරි සතුටුයි ආනන්දිතාට ඕනැ කලෙත් ඔයාව ඩොක්ටර් කෙනෙක් කරන්න…………. මේ මං අපේ හාමුදුරුවන්ට පූජාකරන්න පොඩි පොඩි දේවල් ටිකක් ගත්තා………
අප්පච්චිගේ හැම කතාවක් අගටම අම්මාගේ මතකයක් එකතු වේ….. සිදු වූ සියල්ල ගැන ඔහු පසුතැවෙන බව ඇයට හොදින්ම වැටහුණි…………. ඔවුන් දෙදෙනා මද වේලාවකින් සල්මල් ආරාමයට ලඟා විය………..
🌹 යමු අප්පච්චි……….
දෙදෙනාම සල්මල් මාවත දිගේ පඩිපෙල නැග ආවාස ගෙය දෙසට යන විට ඔවුන් එන දෙස බලා සිටින අනුරුද්ධ පොඩිහාමුදුරුවෝ දකින්නට ලැබුණි………. දෙදෙනාම උන් වහන්සේට නිහඬවම වන්දනා මාන කලහ………
🔸 යමු ඇතුලට……….
තමා මේ කරන දෙයට පොඩිහාමුදුරුවෝ කැමති වේදැයි ඇය සිතුවාය………..
🌹🌹 නෑ පොඩිහාමුදුරුවෝ ඉතින් බුදුබණ දන්න කෙනානේ……. උන් වහන්සේගේ හිතේ කොහොමත් තරහක් වෛරයක් නෑ………. අප්පච්චිට සමාව දෙයි…………
🔸 මේ මොනවද අප්පච්චි…………….
පොඩිහාමුදුරුවන්ගේ කරුණාබර හඬට සුරනිමලගේ දෑස් යලිත් කඳුලින් පිරුණි………. දරුවන් ආනන්දිතාමය…… ඇගේ හොඳ ගතිගුණ දරුවන් තිදෙනාටම පිහිටා තිබුණි………
🔸 වාඩි වෙන්නකෝ… අප්පච්චි නංගි ඔයත් ඔහෙන් වාඩි වෙන්න………
🌹 පොඩි හාමුදුරුවනේ අප්පච්චිට ටිකක් පොඩිහාමුදුරුවෝ දකින්න ඕනි කීවා……..
✨️ එහෙමයි පොඩිහාමුදුරුවනේ……..
🔸 හොඳයි……අප්පච්චි ආවේ අතීතයේ දේවල් කියලා හඬා වැලපිලා සමාව ඉල්ලන්න නම්….. දැන් ඒවා ගැන කතා කරලා පලක් නෑ……….අප් කරන හොද නරක ගොනු පසුපස එන රිය සක වගේ පස්සෙන්ම එනවා අප්පච්චි……. මුහුදු පතුලේ පර්වත කුහරයක කැලෑවක් අස්සේ හරි මේ ලෝකෙ කොහේ මුල්ලක හැංගුනත් අපි කරපු ටද්වල් වලට දවසක අපිට දඬුවම් ලැබෙනවා එහෙමයි බුදුහාමුදුරුවෝ දේශණා කරලා තියෙන්නේ……………. ඉතින් අප්පච්චි වරද තේරුම් අරන් යහ මගට එනවා නම් අප්පච්චි ප්‍රමාද නෑ……. මොකද මිනිස්සු නවසිය අනූ නව දෙනෙක් මරපු අංගුලිමාලත් අපේ බුදුහාමුදඅරුවන්ගේ මහා ශ්‍රාවකයෙක්…….
✨️ එහෙමයි එහෙමයි අපේ හාමුදුරුවනේ…………….
🔸 දැන් නංගි යම් දෙයක් කරනවා….. මං ඒකට උදව් කරන්නේ නංගි කාවවත් මරන්න නෙවේ වරදකරුවන්ට දඬුවම් දෙන්න හදන නිසා……. මං ඒත් කිව්වේ ඒවා අපි නොකලට සොබා දහමෙන් දඬුවම් ලැබෙනවා………… මං හිතනවා අප්පච්චි නංගිට උදව් කරයි කියලා…….. නංගි අරක අප්පච්චි දන්නවද……
🌹මොකක්ද අපේ හාමුදුරුවනේ
වන්දනා දැනගෙන හිටියේ නෑ හාමුදුරුවන් අහන දේ ගැන……….
🔸 අප්පච්චි දන්නවද සම්මානි හේවාවිතාරණගේ පුතා මේ ලඟදි දවසක නංගිව පැහැරගෙන ගිහින් කරදර කරන්න හැදුවා කියලා………. රන්දය හිටි නිසා හොදයි………..
සුරනිමලගේ අත මිට මෙලවිනි……….. අශේන් කොහොමත් අම්මා වගේම සල්ලාල බව ඔහු දනී……..
🔸 අප්පච්චි කේන්ති ගන්න එපා……… අපි බලමු මොකද වෙන්නේ කියලා……… මං හිතන්නෙ අප්පච්චි නෙළුම්දෙණිය වලව්වට ගියොත් හොඳා නංගි එක්ක……
✨️ මං එහෙම කරන්නම් අපේ හාමුදුරුවනේ…………
අද සුරනිමලගේ හදවතට සතුටුය……….. දරුවන් ඔහුට සමාවක් ලබාදී ඇති බව විශ්වාසය………………………..
✨️ රන්දය කිව්වේ…………
🔸 සදහම් මාමාගේ පුතා…………
✨️ සුලක්ඛණාගේ පුතාද…….. දුවගෙයි රන්දයගෙයි අතර සම්බන්ධයක් තියනවද………..
එක්වරම සුරනිමල ඇසූ පැනයට වන්දනා නිරුත්තර වූවාය…….. දෙදෙනාම පිලිතුරක් බලාපොරොත්තුවෙන් සිටින නිසා ඇය හිස වැනුවාය……..
✨️ හ්ම්ම්ම්ම්ම්….. සුලක්ඛණා එක්ක අමාරු වෙයි…….. මොකද එයා ආනන්දිතා එක්ක නයි වෛරයි……….
🔸 ඒ මොකද අප්පච්චි…… ඒ……
✨️ සුලක්ඛණා මට ආදරය කලා කාලයක්……… ඉතින් අන්තිමට මට ආනන්දිතා බදින්න වුනා……. ඒකට හේතුව ඉතින් දෑලබණ්ඩාර මහත්තයා මාව හුඟක්ම විශ්වාස කලා…….. ඒකයි….. ඒ තරහට සුලක්ඛණා සදහම්ව බැන්දා…. එදා ඉඳන් හතුරුකම්ම තමයි කලේ…….ආනන්දිතා අහිංසකයි……… එයා හැමදේම දරාගත්තා……….
🔸 රන්දය නංගිට එහෙම කරන එකක් නෑ……. හැබැයි අපි කරලා තියන පින් පව් අනුව සිද්ධ විය යුතු දේ වෙයි………… හෙට නඩුව නේද……………
🌹 එහෙමයි….. හාමුදුරුවනේ ………. සාක්ෂි නම් ඕනැවටත් වඩා තියනවා ඇසින් දුටු සාක්ෂි දෙකක් තියනවා……..
✨️ සියාතුයි කමලුයි වෙන්න ඇති……. උන් දෙන්නා තමයි හැමදේම දැක්කේ ආනන්දිතාව උන් මරනවා……….
🌹 ඒ කිව්වේ…………
✨️ මට බොරු කියලා මාව කොලඹ ෆැක්ට්‍රියට යවලා…… සම්මානි මඩුගල්ලයා එක්ක එකතු වෙලා ආනන්දිතා ව මැරුවා……. ඒකි හොර ලියුම් හදලා මේ ඔක්කොම ඒකිගෙ නමට හරවගෙන මාව blackmail කලා……… මඩුගල්ලයා සැප වින්දේ ඒ කාලේ ආනන්දිතාගේ දේවල් වලින් තමා……….. ඒ දේපල තමා ඌත් පාවිච්චි කලේ…….. එදා මං නැන්දම්මාගේ මුහුනෙන් කොට්ටය අයින් කරන එක වීඩියෝ කරලා………….. ඒක මට විරුද්ධව පෙන්න පෙන්න තමා මේ ඔක්කොම කලේ……….. මං එයා මැරුවේ නෑ………. වන්දනාත් දැක්කේ ඒකනේ නේද………..
වන්දනා හිස සැළුවේ ඔව් කියන්නටයි………………..
🔸 කරන්න දෙයක් නෑ……. අප්පච්චි……..ඔයා වරදක් කලේ නැත්තම් ඔයාට නීතියෙන් දඬුවමි ලැබෙන්නැති වෙයි……… අපි බලමු………… ගිහින් නංගි එක්ක ඉන්න……….
ඔවුන් දෙදෙනා පොඩිහාමුදුරුවන්ගෙන් සමුගෙන යලිත් නිවසට ආවෝය……….
🌷🌷🌷🌷🌷🌷🌷
නඩුව ආරම්භ විය…………. ආරම්භයේ සිටම ඊට ඇමති මඩුගල්ලේ ගෙන් තිබුනේ බාධාමය………….. නමුත් වන්දනා ඉන්ද්‍රඛීලයක් සේ නොසැලී සිටියාය………… නඩු වාර තුනකට පසු සාක්ෂි කැඳවන ලදී……………. ඉන් ඇරඹි නඩු වාරයට වන්දනා ඇතුළු පිරිස ඉදිරිපත් කල සාක්ෂි අතිශයින් ප්‍රබල විය……………… විත්තියේ නීතිඥයින් නඩුව අත්හැර දමා කිබුනත් ඇමති මඩුගල්ලේ හා සම්මානි එය අත්හලේ නැත…………. ඔවුන් අශේන්ට හා ඇමතිගේ පුතු ශේන්‍යට වන්දනා මැරීමේ කොන්ත්‍රාත්තුව භාරදුන්හ……………
෴ මතු සබැඳියි ෴
ලියන්නේ
෴ ත්‍රිලක්ෂණා වෛශාලි