ක්‍රෙසන්ට් ඩයමන්ඩ් අභිරහසේ සුලමුල හෙලිවේ. සැකකරුවෙකු මරුට.

මුළු ලොවම භීතියෙන් මුසපත් කල ප්‍රංශයේ පැවති අති භයානක මිනීමරු සංවිධානයක් වන ක්‍රෙසන්ට් ඩයමන්ඩ් සංවිධානය මුලිනුපුටා දැමීමට එරට බුද්ධි අංශ සමත්ව ඇති බව විදෙස් ආරංචි මාර්ග පවසයි. මෙහි ආරම්භක සාමාජිකයන්ගෙන් අයෙක් ශ්‍රී ලාංකිකයෙකු වීම විශේශත්වයක්. ප්‍රංශ තානාපතිව සිටි දිවංගත ශ්‍රීමත් රොඩ්‍ර්රික් අතුරලිය මහතාගේ ඥාති පුත්‍රයෙකු බව කියන මෙම පුද්ගලයා එම මහතාගේ පුත් ශ්‍රීනාත් අතුරලිය සහ සේයා අතුරලිය යන දෙපලගේ මරණ වලට වගකිවයුතු බවද අනාවරණය වී ඇත. ඊයේ දින රහස් පොලීසියට ලැබුණු තොරතුරකට අනුව මෙම පුද්ගලයා පානදුර ප්‍රදේශයේදී අතඅඩංගුවට ගෙන ඇති අතර පලායාමට මගක් නොමැති බව දැනගත් ඔහු එම මොහොතේ සිය දිවි හානි කරගෙන ඇති බැව් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

පසු දින මම ඇහැරුනේ රුපවාහිනී ප්‍රවෘත්ති වල හඬට. ධනුෂ්ක අයියා පොරොන්දු වූ පරිදිම සිදු වූ දේවල් ඒ විදිහටම මාධ්‍ය වලට ගිහින් නැහැ. ඒ ගැන නම් මට තිබුනේ ලොකු සතුටක්. ගිත්නා වගේම සයුරු අයියත් මේ කිසි දෙකට වග කිවයුතු නැති නිසා ඔවුන්ටත් ඔවුන්ගේ පෞද්ගලික ජිවිත වලට හානියක් නොවෙන විදිහට ගැටලුව විසඳගන්න අපි තීරණය කළා. ඒ අනුව තමයි සැහෙන්න කරුණු වසන් කරලා පිටතට ප්‍රවෘත්තිය ඒ විදිහට ගියේ.

මම ලෑස්ති උනේ ගිත්නා බලන්න යන්න. එයාගේ මෙන්ටල් කන්ඩිෂන් එක හොඳ තත්වයක තිබ්බේ නැති හින්දා එයාව රෝහල් ගත කරන්න සිදු උනා. දැන් දවස් දෙකක් තිස්සේ එයා හොස්පිටල් එකේ.

පුතා කොහෙද යන්නේ? ලෑස්ති වෙලා සාලෙට යද්දීම කතා කලේ අම්මා.

දැන් ඉතින් ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනට ලෑස්ති වෙයන්කෝ. හිත හිතම මම අමමා දිහාට හැරුනා

ගිත්නා බලන්න යන්න අම්මා.

ගීත්නා ත් මාත් අතර තිබ්බ සම්බන්දෙ ඇරුනම අනිත් හැමදේම ගෙදර අයට කියල තිබ්බෙ. ඒ සම්බන්දෙ ගැන කටක් ඇරල කියන්නෙවත් කොහොමද. මට ඒ ගැන මතක් වෙනකොටත් මහ ජුගුප්සාජනක හැඟීමක් හිතට එනව.

ඒ ළමයට කොහොම ද පුතා දැන්. අම්ම අහද්දි මම කල්පනාවෙන් මිදුනා.

තාම කා එක්ක වත් කතා කරන්නේ නැහැ අම්මා. බලාගත්තු අතේ බලන් ඉන්නවා

ඩොක්ටස්ලා මොකද කියන්නනේ?

ඒක තාවකාලික තත්වයක් කියල තමයි කිව්වේ. හැබැයි ඉතින් හොඳ වෙන දවසක් කියන්න බැහැලු

දෙවියන්ගේ පිහිටෙන් ඒ දැරිවිට හොඳ වෙන්න ඕනේ. ඉන්න මම ඉක්මනට මොනවහරි හදල දෙන්නම් ගෙනියන්න. අම්මා එහෙම කියල ආයෙම කුස්සිය පැත්තට ගියා.

අම්මා හදල දීපු සුප් එකත් අරගෙන මම ගියා ඇයව බලන්න. සයුරු අයියාගෙ බිරිඳ හිටියා එයා ලඟ.

දැන් කොහොමද අක්කෙ එයාට.

වෙනසක් නෑ මල්ලි.

කාලද ඉන්නෙ එයා.

ඔහෙ නෑ.

අම්මා සුප් එකක් හදල දුන්නා. ඒක වත් දෙමු ද?

කෝ දෙන්න. මම පොවන්නම්.

කමක් නෑ අක්කෙ මම පොවන්නම්.

හ්ම්ම්. එහෙනම් මල්ලි මෙතන ඉන්නකො. මම ඩොක්ට එක්ක කතා කරල එන්නම්. අක්කා එහෙම කියලා ගියා.

ගීත්නා.. මම හෙමින් එයාට කතා කරා. ඒත් එයා හැරිල වත් මගේ දිහා බැලුවෙ නෑ. මම එතන තිබ්බ පුටුවත් අරගෙන එයා ලඟින් වාඩි උනා.

කොහොම හිටපු කෙල්ලක් ද? දවස් ගානක් නොකා ඉඳලද මන්ද ඒ මූණ මැලවිලා ඇදිල ගිහින් තිබුනෙ.

ගීත්නා.. දැං ඔහොම හිටියා ඇති නේද ? කියන්න ඕන මොනවද කියලවත් මට හිතාගන්න බෑ.

මේක බොන්න හොඳ ලමය වගේ. සුප් බඳුනෙන් ටිකක් හැන්දට අරන් කටට ලං කරද්දි එයා පොඩි ලමයෙක් වගේ ඒක බීවා.

ඔයා මෙහෙම විඳවනව මට බලන් ඉන්න බෑ ගීත්නා. ඉක්මනට හොඳ වෙන්න ප්ලීස්.මගෙයි ඔයාගෙයි ඩියාශිගෙයි අපි තුන්දෙනාගෙම ජිවිත තියෙන්නේ ඔයා තේ ගිත්නා ඔයාට හොද වෙනකම් ඔයා ඉස්සර වගේ හිනා වෙලා ඉන්නකම් ඔයාගේ ජීවිතේට සාදාරණයක් වෙනකම් මම මගේ සතුට හොයන යන්නේ නැහැ

එතකොට ම කොහොමද සමීර මෙයාට දැන් අහන ගමන්ම එතනට ආවෙ මම බලාපොරොත්තු නොවුන කෙනෙක්.

තවම වෙනසක් නෑ අයියා. ධනුශ්ක අයියාගේ පැමිණීම පුදුමයට කාරණයක් උනත් මම ඒ බවක් පෙන්වන්නෙ නැතුවම පිලිතුරු දුන්නා.

මම මේ ලඟකට වැඩකට ආපු ගමන් ආවෙ. ඒ ගමන් හිතුනා ගීත්නා වත් බලන්න. මම අහන්නෙ නැතුවම එයා උත්තර දුන්නා. එයාට සමහරවිට තේරෙන්න ඇති මම හිතපු දේ.

ඩොක්ටස්ලා මොකද කිව්වේ?

ඉක්මනටම හොඳ වෙයි කියලා තමයි කිව්වේ. මම කිවේ ගීත්නාගේ ඔලුව අතගාමින්. ඒ වෙද්දිත් එයාට නින්ද ගිහිල්ලා.

එතකොට සයුරු අයියාගෙ බිරිඳ නැවත ආපු හින්දා එයාට ගීත්නාව භාරදීලා අපි පිටත් උනා.

සමීර යන්නෙ ස්ටුඩියෝ එකට නම් මාත් එක්ක යතහැකි. මාත් මිරිහානට යන්නෙ.

හා අයියෙ

මට තේරෙනව සමීරගෙ හිතේ තියෙන ප්‍රශ්නෙ. වැල් වටාරම් ඕන නැහැනෙ මගේ හිතේ ගීත්නා ගැන අදහසක් තියෙනව. ඒක ඉතින් හරිම ඉක්මනින් ඇති වෙච්ච අදහසක් තමයි. ධනුශ්ක අයියා කියද්දි මම බැලුවෙ පුදුම වෙලා. ඒ වගේ කතාවක් නම් මම එයාගෙන් කොහෙත්ම බලාපොරොත්තු උනේ නැහැ.

මම දන්නව එයා මට වඩා ගොඩක් බාලයි. මම හිතන්නේ අවුරුදු පහක් විතර. මම හිත හිත ඉද්දි ධනුෂ්ක අයියා කියාගෙන ගියා. සමීර හිතනවද ඒක ප්‍රශ්නයක් වෙයි කියලා. අපි ගැන කිසිම දෙයක් නොදනන හින්ද වෙන්නැති එයා මගෙන් එහෙම අහන්නේ? මම මේ ගැන ඔයාට කෙලින්ම කියන්න හිතුවේ ඔයත් දැන් එයාගේ සහෝදරයෙක් වෙනවනේ. මම සයුරුට නම් මේ ගැන කලින්ම කියල තියෙන්නේ.

සයුරු අයියා මොකද කිව්වේ?

එයා නම් කිව්වේ ගිත්නාගේ ජිවිතය ගැන තීරණ එයාට ම ගන්න දෙනවා කියලා. මට බය හිතෙනවා එයා මට අකමැති වෙයි වත්ද කියලා. ධනුෂ්ක අයියා කියද්දී මට හිනා යන්නත් ආව. වගකිවයුතු පොලිස් නිලධාරියෙක් ආදරයේදී බොළඳ වෙන තරම්.

මොකද බන් හිනා වෙන්නේ?

නැහැ අයියේ මම මේ කල්පනා කරේ ඔයා අර මම දන්නා පොලිස් ඉන්ස්පෙක්ටර්මද කියලා

ආදරයේදී තනතුර තරාතිරම වැඩක් නැහැ මල්ලා.

ගිත්නා සනීප වෙනකම් ඉමු අයියේ. ඔයා දන්නැති කතාවක් තියෙනවා. මම හිතන්නේ ඔයා ගිත්නා ගැන හැමදේම දැනගෙන ඉන්න එක හොඳයි. මම හිතන්නේ නැහැ සයුරු අයියා වත් ඔයාට මේ ගැන කියන්න ඇති කියලා. එත් මට හිතෙනවා ඔයා ගිත්නාට ඇත්තටම ආදරේ නම් මේ ගැන දැනගත්ත කියල ඒ ආදරේ වෙනසක් නැති වෙයි කියලා.

ඇත්තම කිව්වොත් ගිත්නායි මමයි අතරේ එෆෙයාර් එකක් තිබුනා. මම කියද්දී ධනුෂ්ක අයියා බැලුවේ ගැස්සිලා වගේ.

ඔහොම බලන්න එපා. ඒක හරිම අහම්බෙන් වෙච්ච දෙයක්. ගිත්නා වත් මම වත් අපි දෙන්නා සහෝදරයෝ වෙන වග දැනගෙන හිටියේ නැහැ. ඒක දැනගෙන හිටියේ ගිත්නාගේ තාත්තා විතරයි. එයා ගිත්නාව මගේ ජීවිතේට එව්වේ මගේ විස්තර දැනගන්න. කොහොමහරි එයා මට ආදරේ කළා මම එයාගේ කවුද කියල නොදැන. මගේ හිතෙත් එයාගන අදහසක් තිබුනා ඇත්තම කිව්වොත්. එත් ගිත්නා මුණගැහෙන්න කලින් ඉඳන් මම කෙනෙක්ට ආදරේ කළා. ඉතින් ඒ ගර්ල් මගේ ජිවිතේ හිටපු නැති කාලේ තමයි ගිත්නා මට ලං උනේ.

එතකොට දැන් ඒ ගර්ල් ආයේ ඔයාගේ ජිවිතේ ඉන්නවද? මම විස්තරේ කියනකම් නිහඬවම හිටපු ධනුෂ්ක අයියා ඇහුවා.

ඔව් අයියේ. එයා තමයි මට මේ අබිරහස විසඳගන්න උදව් කලේ. ඒකත් දිග කතාවක් තමයි. ඒත් එයා හිටියේ නැතත් මම ගිත්නාට ලං වෙන්නේ නැහැ ආයේ ඒ විදියට. එයා මගේ සහෝදරියක් කියල කලින් දැනගෙන හිටියනම් මම කොහොමට වත් එයාට ලං වෙන්නේ නැහැ. මට ඒක මතක් වෙනකොටත් මහා අමුතු හැඟීමක් දැනෙනවා.

මම කියන දේ අහන ඉඳල ධනුෂ්ක අයියා මගේ ඔඉටාට තට්ටු කලේ එයා ඔක්කොම තේරුම් ගත්තා කියන්න වගේ.

ඒක අමතක කරන්න මල්ලි ඔයාගේ වත් ගිත්නාගේ වත් වරදක් නැහැ මෙතන. ඔය දෙන්නා මුණගැහුණු විදිහයි වැරදි. ඒකට ඉතින් වග කියන්න ඕන අර ඒ කෙල්ලගේ තාත්ත කියන මනුස්සයට තමයි. ඔය මිනිහා මොන හිතකින් ඒ කෙල්ලව එයාගෙම සහෝදරයෙක්ට ලං කරාද? මට නම් ඒ යකා මැරුණත් මදි වගේ.

අනේ මන්ද අයියේ. මනුස්සයෙක්ට සල්ලි වලට ඔච්චර දෙයක් කරන්න පුලුවන්ද?

ඒක ඇත්ත. දැන් මොනවද මල්ලි ඉස්සරහට කරන්න හිතාගෙන ඉන්නේ?

ඩියාශිව එක්ක එන්න ඕන අයියේ

එක්ක එන්න ඕන කිව්වේ?

එයා දන්නේ නැහැ ගිත්නා මගේ කවුද කියලා. ගිත්නාගෙයි මගෙයි තිබුණු සම්බන්දෙ හින්ද එයා මගෙන් ඈත් උනා. මම දන්නේ නැහැ දැන් එයා කොහේ ඉන්නවද කියලා. එයාව හොයාගන්න ඕන මන්. මගේ හිත කියනවා එයාව හොයන යන්න කියලා. එත් මම කොහොමද ගිත්නා මෙහෙම ඉද්දි එයාව දාලා යන්නේ.

බය වෙන්න එපා මල්ලි හැමදේම හොඳින් විසදෙයි.

මමත් එහෙම හිතනවා අයියේ. ගීත්නාට හොඳ උනාට පස්සෙත් එයාගෙ හිත හැදෙනකම් ඔයාට ඉවසල ඉන්න වෙනව අයියේ.

ඔව් මල්ලි මම ඔය කතාව දන්නෙ නැහැනෙ. මම ලෑස්ති එයාට ඕන තරම් කල් දෙන්න