13වෙනි කොටස🦋

හිරුව.හිරු ඇවිත් මන් ගාවින් වාඩිවුනාම මන් හිරූව බදාගත්තේ මගේ වේදනාව බෙදාගන්න වගේ.මන් හයියෙන් ඇඩුවේ හිරු මගේ පිට හෙමිට අතගාද්දි.මන් හිරූගෙන් ඈත්වුනේ කදුලු පිහදගෙන.මන් දැක්කේ හිරූගේ යුනිෆෝම් එක මගේ කදුලු වලින් තෙමිලා තියෙනවා.

“සොරි හිරූ මන් නිසා ඔයාගේ යුනිෆෝම් එකත් සවුත්තු වුනා නේද…”හිරූ යුනිෆෝම් එක දිහා බලලා හිනාවුනේ සැහැල්ලුවෙන්.

“ඒ ගැන කරදර වෙන්න එපා මිහානා ඒක ඉක්මනට වේලෙයි.”හිරූයි මායි දෙන්නම බලාගෙන හිටියේ පාර එහා මෙහා යන මිනිස්සු දිහා.

“හරි මට කියන්න මිහානා ඇයි ඔයා මගේ ක්‍රශ් එකගේ කම්බුලට ගහලා දුවගෙන මෙතනට ආවේ…ඔයා කැමති නම් ඒ ගැන මට කියන්න මිහානා මන් ඔයාට බලකරන්නේ නෑ.”හිරූට තවත් මේවා හංගලා වැඩක් නෑ.මන් හිරූට හැමදේම කියන්න හොදම වෙලාව මේක.මන් දිග හුස්මක් ගත්තේ කතාව කොතනින්ද පටන් ගන්නේ කියලා හිතාගන්න බැරුව.

“එයා එයා…ආරුගේ තාත්තා…”

“මොකක්ද…එයා ආරුගේ තාත්තා…”හිරූ හයියෙන් කෑ ගැහුවේ මන් කියන දේ විශ්වාස කරන්න බෑ වගේ පෙනුමක් මූනේ රදවගෙන.හිරූ කෑ ගහපු කෑ ගැහිල්ලට අපි ලගින් ගියපු මිනිස්සු දෙන්නෙක් හැරිලා බැලුවේ හිරූට වගේම මටත් සියුම් ලැජ්ජාවක් දැනෙනකොට.

“කෑ ගහන්න එපා හිරූ…අර මිනිස්සු හිතනවා ඇති අපි දෙන්නට පිස්සු කියලා.”මන් කිව්වේ කේන්තියෙන්.හිරූ බැලුවේ අපි දිහා බල බල ගිය මිනිස්සු දෙන්නා දිහා.හිරූ ඇස් දෙක තද කරලා පියාගත්තේ දැනුනු ලැජ්ජාවට.

“මන් ඒක කලින්ම දැනගත්තා මිහානා ඒ ඔයා ආදිගේ කම්බුලට ගහපු වෙලාවේ.ඒත් මගේ හිත පිලිගන්න කැමති නෑ ඒ මන් දැකපු දේ ඇත්ත කියලා.”හිරු කියද්දි මමත් හිතින් ප්‍රාර්තනා කරේ අනේ ඒක එහෙම නොවුනනම් කියලා.

“ඒ කියන්නේ මගේ ක්‍රශ් එක මගේ හොදම යාලුවගේ බෝයිෆ්‍රෙන්ඩ්…”මම හිස එසෙව්වේ හිරු කියපු දේ ඇහෙනකොට.

“ඒ මගේ බෝයිෆ්‍රෙන්ඩ් නෙවේ.”මන් එහෙම කිව්වම හිරූ නලල රැලි කරලා බැලුවේ මන් දිහා.

“ඒත් ඔය දෙන්නට පුතෙක් ඉන්නවා.”

“ඔව් ඒ මම එයාගේ බොරු ආ/ද/රේ/ට අහුවුන හින්දා.”හිරූ ඇස් දෙක ලොකු කරගෙන බලාගෙන හිටියේ මන් දිහා.

“ඔයා කියන්නේ ආදී ගැන ඇත්තටම ඔයාගේ හිතේ ආ/ද/ර/ය/ක් නැද්ද…”මන් ඒකට උත්තර දෙන්න ගියේ නැත්තේ ඒ ප්‍රශ්නේ ආපහු සැරයක් මගේ හිතේ දෝංකාර දෙනකොට.මම ආදීට වෛ/ර කරනවා.කවදාවත් ඒ වෛ/රේ මගේ හිතෙන් නැතිවෙන එකක් නෑ.

“ඔයා දැන් ඔය මට කියන්න හදන්නේ ඔයාගේ හිත එකපාරක්වත් ආදී ගාවට ගියේ නෑ කියලද…”

“ඔව් දැන් මගේ හිතේ ආදී නෑ.මගේ හිතේ දැන් එයා ගැන තියෙන්නේ වෛ/ර/ය/ක් විතරයි ඒක හැමදාටම එහෙමමයි.”මන් කියපු දේට හිරුගේ මුවින් පිටවුනේ සුසුම් හඩක්.

“ඒත් මිහානා දැන් ඔයාව ජොබ් එකෙන් අයින් කරලා.”

“මාව අයින් කරේ නෑ මන් එතනින් අයින් වුනා.”මන් කිව්වේ හිරූ කියපු දේ නිවැරදි කරමින්.

“හරි ඔයා අයින් වුනා දැන් ඔයා මොකක්ද කරන්න හිතාගෙන ඉන්නේ ඉස්සරහට …ඔයා දන්නවා අපි දෙන්නට මේ ජොබ් එක ගන්න එක ලේසි වුනෙ නෑ.ඔයා කොහොමද ඉක්මනට වෙන ජොබ් එකක් හොයාගන්නේ …”හිරු ඇහුවේ වේදනාවෙන්.

“මම දන්නේ නෑ හිරූ…”මන් ජොබ් එකෙන් අයින් වුන එක මගේ වැරැද්දක් නෙවේ.මට ඕන වුනේ කිසිම ප්‍රශ්නයක් ඇති කරන්නේ නැතුව එතනින් යන්න .ඒත් මන් ආදී ඉස්සරහට ගියේ පියත් සරුයි ගයාන් සරුයි බලකරපු නිසා.

“මන් ගෙදර ගිහින් වෙන ජොබ් මොනවද තියෙන්නේ කියලා හොයන්න පටන් ගන්න ඕන හිරූ.”

“හ්ම්ම් හොද අදහසක්.”මන් නැගිට්ටේ හිරුත් නැගිටලා මගේ බෑග් එක මගේ අතේ තියෙනකොට.

“පරිස්සමට ගෙදර යන්න.”මම ඔලුව වනලා බැලුවේ ත්‍රීවීල් එකක් එනවද කියලා.ඒත් එකපාරටම මට යමක් මතක් වෙලා මන් හැරුනේ හිරූ දිහාට.

“ප්ලීස් හිරූ මන් ඉන්න තැන ආදීට කියන්න එපා.”මන් එහෙම කියද්දි හිරූගේ මූනේ ඇදුනේ හිනාවක්.හිරූ ඔලුව වනලා යන්න ගියේ මගේ මුවින් සුසුම් හඩක් පිටවෙනකොට

“තෑන්ක්ස් ආදි සර් අද ඉදන් මේ හොටෙල් එක ඔයාගේ.”ගයාන් කිව්වේ හිනාවෙලා.

“මන් ඔයාට කිව්වා ඒක මගේ නෙවේ.”ආදී කියද්දි ගයාන් හිස වනලා කිව්වේ”ඔව් ඒක අයිති මිහානට.ආදී නැගිටලා ගයාන්ට අතට අත දුන්නේ හිනාවෙලා.

“ඔයා එක්ක මේ වගේ ඩීල් එකක් කරන්න ලැබුන එක සතුටක් සර්..”ආදී මොකුත් නොකියා එලියට ආවේ සහනුත් ආදීගේ පස්සෙන් එද්දි.කාර් එකට නැගපු ආදී සීට් එකෙන් වාඩිවුනේ සහනුත් ආදී ගාවින්ම වාඩිවෙද්දි.කාර් එක ස්ටාට් කරලා ජගත් බැලුවේ ආදී දිහා.

“සර් මන් එයා ඉන්න තැන හොයාගත්තා…එයා ඉන්නේ මේ නුවරට පොඩ්ඩක් ඈතින් තියෙන පොඩි ගමක”.ආදී හිස වැනුවේ මිහානාව ආපහු සැරයක් දකින්න පුලුවන් කියන විශ්වාසෙන් .ඒත් එක්කම ආදීට දැනුනේ තමන්ගේ පෝන් එක වයිබ්‍රේට් වෙනවා.ආදී පෝන් එක අතට අරගෙන බලද්දි දැක්කේ තමන්ගේ අම්මගෙන් ආදීට ඇවිත් තියෙන මැසේජ් එක.

“මිහානා එහේ ඉන්නේ තනියමද…”ආදී ජගත්ගෙන් ඇහුවේ මැසේජ් එක ඩිලීට් කරලා.

“ඔව් සර්…”

“අපි යමු මිහානා ඉන්න තැනට.”ආදී කිව්වේ ගොඩක් සතුටෙන්.

සහන් ආදීට පෙන්නුවේ ආදීගේ අම්මා සහන්ට එවපු මැසේජ් එක.

“මන් ඔයාට කිව්වා මගේ අම්මා එවන මැසේජ් බලන්න එපා කියලා.ඔයා මට ආපහු මේවා පෙන්නුවොත් මන් ඔයාව ජොබ් එකෙන් අයින් කරනවා.එතකොට ඔයාට වැඩ කරන්න වෙන්නේ ඔයාගේ තාත්තගේ ඔෆිස් එකේ.”ආදී ඒක කිව්වා විතරයි සහන් පෝන් එක සාක්කුවට දාගත්තේ බයෙන්.ආදීගේ මූනට හිනාවක් ආවේ සහන් හැසිරෙන විදිහට.

“ආදී මේ හොටෙල් එකට යන පාර නෙමේනේ… අපි කොහෙද යන්නේ..”සහන් කිව්වේ ජනේලේන් එලිය දිහා බලාගෙන.

“මිහානා ඉන්න තැනට.”

“මිහානා ඉන්න තැනට ඒ මොනවා කරන්නද…”ආදී සහන් දිහා බැලුවේ කේන්තියෙන් .

“මිහානා දැන් ඔයාට වෛ/ර කරනවා.එයා පොඩ්ඩක්වත් කැමති නෑ ඔයාගේ මූන දකින්න.අපි මිහානා ඉන්න තැනට යනවා කියන්නේ ඒක ලොකු කරදරයක් වෙනවා .අපි හිතන්න ඕන මිහානගේ ආ/ද/ර/ය ආපහු ගන්නේ කොහොමද…අපි කොහොමද එයාට පැහැදිලි කරන්නේ කියන එක.ඒත් උ/බ මේ කරන වැඩෙන් ප්‍රශ්නේ දුරදිග යනවා මචං.”

“කටවහගන්නවා…අපි එතනට යනවා.”

“හ්ම්ම් හරි එහෙනම්.”සහන් කිව්වේ සන්සුන් හඩින්.ඒත් එක්කම වගේ ආදීගේ පෝන් එක රින් වුනේ ආදී කේන්තියෙන් පෝන් එක අතට ගනිද්දි.කෝල් එක එන්නේ තාත්තගෙන් කියලා දැකපු ආදී පෝන් එක ඕෆ් කරේ මේ වෙලාවේ කාත් එක්කවත් කතා කරන්න තරම් මූඩ් එකක් ආදීට නැති නිසා.

💫මතු සම්බන්ධයි