“මට මගෙ දරුවව දෙන්න අයියෙ.ආරණ්‍යා මගේ දුව.මමයි එයාව මේ ලෝකෙට බිහි කරේ.මට මගෙ දරු පැටියව ඕනි අයියෙ…”
චේතනා මාලකගෙ කකුල් දෙක අල්ලගෙන තම දරුවා ඉල්ලමින් කඳුලු සලමින් ඇඬුවා. ඇගේ මව් සෙනෙහස දුටු තේනුකගෙ ඇස් වලටත් කඳුලු ඉනුවා.තේනුක චේතනා දෙස බලා සිටියෙ මහත් වේදනාවෙන්.
මාලක ඔලුවෙ අත ගහගෙන කල්පනා කරන්නට උනා.සිදු වූයේ ඔහු සිහිනෙකින්වත් අපේක්ෂා නොකල දෙයකි.මීට මාස කිහිපයකට පෙරදී මනුලි තමා සමඟ ප්‍රකාශ කල සමාධි ගැන දැනුනු සැක සහිත බව මාලකට සිහිපත් උනා.මතු යම් දිනෙක එය සත්‍යයක් වන බව මාලක නිකමටවත් හිතුවෙ නැහැ.
සමාධි නොහොත් චේතනා තම නැගණිය ලෙස පිලිගෙන තමා ඇයට ආදරණීය සහෝදරයෙක් වන්නට සිතුවත් තමන්ගෙ ප්‍රාණය සම දරු පැටියාව ඇයට ලබා දෙන්නේ කෙසේද?ඔහු දස අතේ ඒ ගැන කල්පනා කරන්නට ගත්තා.
“එතකොට නංගි ඔයාලා දෙන්නා මෙහෙ ආවෙ….. දරුවව ගෙනියන්නද?…”
සෑහෙන වෙලාවකට පස්සෙ මාලක කටහඬ අවදි කරේ මහත් ශෝකයෙන්.
“අපි ආවෙ දරුවව හොරෙන් උස්සගෙන යන්න නෙවෙයි.නීත්‍යානුකූලව දරුවව අපි ගාවට ගන්නයි.අපේ දරු පැටියව චේතනාගෙ අම්මා සර්ලාට විකිණුවෙ චේතනාට හොරෙන්.එදා සර්ගෙ නංගි පාරක් පාරක් ගානෙ අඬ අඬා දරු පැටියව හොය හොයා ඇවිදලා තියනවා.නීතිය ගැන හොඳින්ම දන්න සර් දන්නවනෙ දරුවව අයිති කාටද කියලා…”
“මට එදා නිකමටවත් හිතුනෙ නෑ කවදා හරි මෙහෙම දේකට මුහුණ දෙන්න වෙයි කියලා. නංගි…. ඔයාගෙ හිතේ තියන වේදනාව මට තේරෙනවා.මගේ තනතුරේ බලය පෙන්නලා දරුවව ඔයාලට ලබා නොදෙන තැනට නීතිය නවන්න මට පුලුවන්කමක් තිබ්බත් මං ඒක කරන්නෑ.ඔයාලා තරමටම මාත් මේ වෙලාවෙ ගොඩක් අසරණයි.ඔයාගෙ මව් සෙනෙහස මට නොතේරෙනවා නෙවෙයි මගෙ නංගි.ඒත් මං මොනවද දෙයියනේ කරන්නෙ?
මට ඔයාගෙ හිත රිද්දන්නත් බැහැ.මනුලිගෙ හිත රිද්දන්නත් බැහැ.මනුලි දරුවට පන වගේ ආදරෙයි.එයාගෙ මුළු ලෝකෙම දරුවා. දරුවට පුංචි සීරීමක් උනොත් මනුලිට ලොකු වේදනාවක් දැනෙන්නෙ.පහුගිය කාලෙ දරුවා හොස්පිටල් එකේ ඉන්නැද්දි මනුලි නොකා නොබී ඇඬුවා.මනුලි කවදාවත් හිතුවෙ නැහැ මේ ඉන්නෙ අනුන්ගෙ කුසින් වදාපු දරුවෙක් කියලා.මං කොහොමද නංගි දරුවව මනුලිගෙන් ඈත් කරන්නෙ?එහෙම කරොත් මනුලි ජීවිතේ නැ/ති කරගනියි…”
“එතකොට මං ජීවිතේ නැ/ති කරගත්තට කමක් නැද්ද?ආරණ්‍යා කියන්නෙ මගේ දුව. මමයි එයාව මේ ලෝකෙට බිහි කරපු අම්මා. දරුවෙක් ගැන අම්මට තරම් අයිතියක් වෙන කාටවත් නැහැ.ඔයාට ඔයාගෙ තමන්ගෙ බිරිඳ තරම් නංගිව වටින්නැති වෙන්න පුලුවන් අයියෙ.මොකද මං මුඩුක්කුවෙ ඉපදුනු එකීනෙ.
ඔයාලා මහ හිතක් ප/පු/ව/ක් නැති ති/රි/ස/න්/නු ගානට මගෙ දරුවව මගෙන් උදුරගෙන ගියා.ඔයාට පොඩ්ඩක්වත් හිතුනෙ නැද්ද අයියෙ අම්මා කෙනෙකුගෙන් දරුවෙක්ව වෙන් කරන එක පාපයක් කියලා?ඒ වෙද්දි මගෙ පැටියට සතියක්වත් නැහැ.එදා මං පි/ස්/සි/ය/ක් වගේ පාරක් පාරක් ගානෙ දරුවව හොය හොයා ඇවිද්දා.
දරුවව හොයා ගන්න මට වචනෙකින්වත් උදව් කරන්න කිසිම කෙනෙක් හිටියෙ නැහැ. හැම වේදනාවක්ම මං තනියම දරාගෙන හිටියා.මගේ ප/පු/වෙ ඇවිලුනු ගින්දර දන්නෙ මං විතරයි.දරුවා මනුලිට අම්මා කියද්දි මගෙ පපුව පැ ලෙ න් න එනවා. තේරුම් ගන්න අයියෙ ඒ ඉන්නෙ මගේ දරුවා. මට එයාව ඕනි…”
චේතනා වියරුවෙන් වගේ මාලකව හොල්ලමින් කෑ ගහලා ඇඬුවා.මාලකට මනුලිගෙ පැත්ත ගන්නත් බැහැ.චේතනාගෙ පැත්ත ගන්නත් බැහැ.දෙපැත්තකට සිර වෙලා ඔහු දුක් උනා.
“මට ඔයාව නොතේරෙනවා නෙවෙයි නංගි. චුට්ටක් මාවත් තේරුම් ගන්න උත්සහ කරන්න.හරි මං දරුවව නීත්‍යානුකූලව හරි කොහොම හරි ඔයාලා දෙන්නට බාර දුන්නා කියමුකො.දරුවා එයාගෙ දෙමව්පියො විදියට ඔයාලා දෙන්නව පිළිගන්නෑ නංගි.
දරුවා ලෙඩෙක් නංගි.ඒක ඔයාලා දෙන්නම දන්නවා.එයාගෙ හිතට පුංචිම පුංචි දුකක්වත් දැනෙන්න ඉඩ තියන්න එපා කියලා ඩොක්ටර්ලා කියලා තියෙන්නෙ.දරුවට හයියෙන් කෑ ගහලා අඬන්න හොඳ නෑ.ඉතින් ඔයාලා කොහොමද දරුවව බලා ගන්නෙ?…”
“මමයි දරුවගෙ අම්මා.මං දරුවව බලා ගන්න ඕනි කොහොමද කියලා ඔයා මට උගන්නන්න ඕන්නෑ…”
චේතනා කතා කරන්නෙ කේන්තියෙන්.මොන විදියක හරි සටනක් දීලා ඇයට ඕනි කොහොම හරි දරුවව ලබා ගන්න.මාලක ඔහුට පුලුවන් හැම විදියකටම ඇයට සත්‍යය පහදා දුන්නත් ඇය ඒවා තේරුම් ගත්තෙ නැහැ.
“මං කියන දේ චුට්ටක් තේරුම් ගන්න නංගි. ඔයාගෙ හිතේ දරුවා ගැන තියන ආදරේ සෙනෙහස ගැන මට සැකයක් නැහැ.දරුවා ඔයා ගාවට ගත්තම එයා මනුලිව ඉල්ලලා අඬයි.ඒ පුංචි හිතට මේ දේවල් තේරුම් ගන්න බැහැ.අඬලා අඬලාම එයා ලෙඩෙක් වෙයි.
එතකොට දරුවගෙ ජීවිතේ තවත් අනතුරේ වැටෙන එක විතරයි වෙන්නෙ ඔයාලා දෙන්නා දරුවට මොන තරම් සැප සම්පත් දුන්නත්,මොන තරම් ආදරයක් සෙනෙහසක් දුන්නත් දරුවා හොයන දේ දෙන්න බැරි නම් එයාට දුක හිතිලා අඬයි.
මේ වෙලාවෙ ඔයා කරන්න ඕනි කොහොම හරි හිත හදාගන්න එක නංගි.දරුවා අපි ගාව හිටියා කියලා එයාට අපෙන් වරදක් වෙන්නෑනෙ.දරුවා ගොඩක් සතුටින් ඉන්නෙ දැන්.ඔයාට ඒක පේනවනෙ.ඔයා දරුවට ඇත්තටම ආදරෙයි නම් මේ වෙලාවෙ එයාගෙ සතුට ගැන හිතන්න…”
දත් මිටි කාගෙන කේන්තියෙන් නැගිටපු චේතනා කොණ්ඩෙත් අවුල් කරගෙන කාමරේ තිබ්බ හැම බඩුවක්ම උස්සලා පොළවෙ ගැහුවා.තේනුකයි මාලකයි ඇයව බොහෝ වෙහෙසක් දරා නවත්ත ගත්තා.ඇගේ දෑස් ගි/නි බෝලයක් වගේ.මාලකට ඇය දෙස බලන්නත් බය හිතුනා.
පුංචි දරුවෙක් වගේ චේතනා බිම වැතිරිලා ඇඬුවා.තේනුකව ඇයව තම ප/පු/ව/ට වාරු කරගෙන දුක තුනී කරන්න හැදුවත් ඇගේ කඳුලු නැවතුනේ නැහැ.
“මට මගෙ දරුවව දෙන්න අයියෙ….. මට එයා නැතුව ජීවත් වෙන්න බෑ දෙයියනේ…”
මාලක චේතනා ළඟින් වාඩි උනා.විටෙක අධික කේන්තියත් තවත් විටෙක කඳුලත් ඇයට දරා ගන්න බැරි උනා.
“අමාරුවෙන් හරි මං කියන දේ තේරුම් ගන්න මැණික.මනුලිව අමතක කරන්නකො. මුලින්ම හිතන්න ඕනි දරුවගෙ අසනීපෙ ගැන.දරුවගෙ හිතට දුකක් වේදනාවක් දීලා ඔයාට පුලුවන්ද සතුටින් ඉන්න?එයා අඬලා අඬලා ලෙඩෙක් උනාම වෙන්නෙ මොකක්ද කියලා තේරුම් ගන්න මගෙ නංගියෙ.දරුවා ලෙඩෙක් නොවී හොඳ නිරෝගිමත් දරුවෙක් උනා නම් මං කොහොම හරි හිත හදාගෙන දරුවව ඔයාලා දෙන්නට බාර දෙනවා.ප්ලීස් තේනුක ඔයාවත් නංගිට මේක තේරුම් කරලා දෙන්න…”
මොනවා කියන්නද කියලා තේනුකට හිතාගන්න බැරි උනා.මාලක කියන දේ ඔහුට නොතේරෙනවා නෙවෙයි.නමුත් චේතනාගෙ හදවතේ තියන මව් සෙනෙහසට විරුද්ධව දෙයක් කරන්න තේනුකට හිත හදාගන්න බැහැ.ඔහුත් දරුවට ආදරෙයි.ඔහු මේ හැම දෙයක්ම කරේ දරුවව ලබා ගන්න.
“සර් දැන් යන්න.මං චේතනාව බලා ගන්නම්. අම්මා කෙනෙකුගෙ හදවතේ තියන වේදනාව සර්ට තේරෙන්නෑ…”
“පොඩ්ඩක් ඔහොම ඉන්න අයියෙ…”
මාලක යන්න හදද්දි චේතනා කඳුලු පිහදාගෙන නැගිටලා මාලක ළඟට ආවා. ඇය ඔහුගෙ මුහුණ දිහා කෙලින් බලාගෙන හිටියා.
“මගෙ දරුවව සතුටින් තියන්නෙ කොහොමද කියලා මං හොඳට දන්නවා අයියෙ.ඒක මට වෙන කවුරුවත් කියලා දෙන්න ඕන්නෑ. මොකද මමයි දරුවගෙ අම්මා.ඇති දැඩි කරා කියලා,ආදරේ සෙනෙහස දුන්නා කියලා ඒක වෙනස් වෙන්නෑ.මට මගෙ දරුවව නොදුන්නොත් ඔයාට අඬන්න සිද්ද වෙයි මිස්ටර් මාලක විජේවර්ධන.අම්මා කෙනෙකුගෙ ශක්තිය මං ඔයාට පෙන්නන්නම්…”
චේතනාගෙ තර්ජනාත්මක හඬ මාලකගෙ කන ඇතුලෙ රැව් දුන්නා.ඔහු තම කාමරේ එහාට මෙහාට ඇවිද ඇවිද පැය ගානක් ඔහේ කල්පනා කරා.ඔහු පුදුම විදියට අසරණ උනා මේ ප්‍රශ්නය නිසා.
උසාවි ගියෝතින් දරුවව අයිති වෙන්නෙ චේතනාටයි තේනුකටයි.නීතියට ආදරේ, සෙනෙහස අදාළ නොවන නිසා හැදූ මවට වඩා වැදූ මවටයි අයිතිය ලැබෙන්නෙ.
නංගිගෙ කැමැත්තෙන් නීත්‍යානුකූල දරුවව ලබා ගත්තා නම් අද මෙහෙම ප්‍රශ්නයක් එන්නෑනෙ.උසාවි ගියොත් කොහොමත් මං රටට ලෝකෙට මුහුණ දීලත් ඉවරයි.මං දරුවව හොරකම් කරා කියලා මුළු රටම දැන ගනියි.
මනුලි මේ ගැන දැන ගත්තොත් මොනවා වෙයිද දන්නෑ.එයා දරුවට පන වගේ ආදරෙයි.මට මනුලිගෙ හිත රිද්දන්නත් බැහැ. නංගිගෙ හිත රිද්දන්නත් බැහැ.චේතනා මගෙ නංගි නොවුනා නම් මේක මෙච්චර ප්‍රශ්නයක් වෙන්න මං ඉඩ දෙන්නෑ.මොනවා කරත් චේතනා මගෙ එකම සහෝදරී.අපි දෙන්නගෙම ඇ/ ඟේ දුවන්නෙ එකම $ල්.ඒත් එහෙම උනා කියලා මං කොහොමද මනුලිගෙ හිත රිද්දන්නෙ.
“අපි දැන් මොකද කරන්නෙ චේතනා?…”
වෙනදාට ඒ ප්‍රශ්නෙ චේතනා අහන්නෙ තේනුකගෙන්.අද තේනුකට සිද්ද උනා ඒක චේතනාගෙන් අහන්න.
“මොනවා කරන්නද?අපි අපේ දරුවව කොහොම හරි අපි ගාවට ගන්නම ඕනි. හොඳින් නැත්නම් නරකින් හරි.මොකද ඔයාගෙ හිත වෙනස් උනාද අ/ රූ කියපුවට?…”
තේනුකගෙ ඇස් ලොකු උනා චේතනා මාලකව ඇමතූ අන්දමට.කවදාවත් චේතනා මේ වගේ කේන්තියෙන් ඉන්නවා තේනුක දැකලා නැහැ.
“ඒ ඔයාගෙ අයියා චේතනා…”
කට කොනකින් හිනා වෙලා චේතනා ඇඳෙන් වාඩි උනා.මාලක ගැන පුදුම කේන්තියක් ඇයට දැනුනෙ.
“අයියා… මහ ලොකු අයියා.ඕ/කා අපේ දරුවව හොරකම් කරේ.මගෙන් මගෙ දරුවව වෙන් කරලා දැන් සැනසෙනවා.මං ළඟදීම එයාගෙ සැනසීම සදහටම නැති කරලා දානවා.මං හිතුවෙ නෑ මහත්තයා ඔයාගෙත් හිත වෙනස් වෙයි කියලා…”
“ත/මු/සෙ/ට පි/ස්/සු හැදීගෙන එනවද චේතනා.මාලක කියපුවට මගෙ හිත වෙනස් උනේ නැහැ.මට බය දරුවගෙ ජීවිතේ ගැන. අපි බලෙන් හරි කොහොම හරි දරුවව අපි ගාවට අරගෙන ඒකෙන් දරුවගෙ ජීවිතේට බලපෑමක් උනොත්?…”
“එහෙම වෙන්නෑ මහත්තයා.දරුවා ඕන්නම් දවසක් දෙකක් අඬයි අර යස්සනීව ඉල්ලලා. අපි දෙන්නා ඒ වෙලාවට කරන්න ඕනි දරුවා ළඟින්ම ඉඳලා මොනවා හරි බොරු කියලා දරුවාගෙ හිත වෙනස් කරන එක.ටික දවසක් ගියාම දරුවගෙ හිත හැදිලා එයාට මාලකවයි මනුලිවයි අමතක වෙයි.පස්සෙ එයා අපි දෙන්නට හුරු වෙයි.මට ඒක විශ්වාසයි…”
“එහෙම වෙනවා නම් ඒක කොච්චර දෙයක්ද චේතනා.මාලක අපිට දරුවව බාර දුන්නත් මනුලි දෙන්නෑ ,,,,,
“එව්වා කොහෙද මේ චේතනාත් එක්ක. මෙච්චර දවසක් මං ඉවසුවෙ අපේ රහස පිටට යයි කියලා.ඒත් දැන් ඒක මාලකත් දන්නවනෙ ඒ යස්සනීගෙ කැමැත්ත අකමැත්ත ගැන මට වැඩක් නැහැ.හොඳින් බැරි උනොත් නරකින් හරි මං කොහොම හරි මගෙ දරුවව මගේ ගාවට ගන්නවා…”
“අපි කරන දෙයක් කරන්න ඕනි බොහොම පරිස්සමෙන් චේතනා.මනුලි හෙට ගෙදර ආපු ගමන්ම මාලක මේ සිද්දිය එයාට කියයි.එයා දරුවව අරන් රට පනින්න උනත් බැරි කමක් නැහැ.එහෙම නැත්නම් මනුලි දරුවව කොහේ හරි හංගයි.ඊට කලින් අපි ඉස්සර වෙන්න ඕනි…”
“ඔව් මහත්තයා.එයාලා ඉස්සර වෙන්න කලින් අපි ඉස්සර වෙන්න ඕනි….. හෙට මාලකට රැස්වීමක් තියනවා කිව්වා නේද?කීයටද ඒක තියෙන්නෙ?…”
“උදේ අටට අගමැතිතුමාගෙ කාර්යාලයෙ රැස්වීම තියෙන්නෙ.චන්දෙට තව සති දෙකයිනෙ තියෙන්නෙ.කොහොමත් මාලක හෙට ඉඳන් එන සතියෙ සෑහෙන කාර්යබහුල වෙයි චන්ද වැඩ නිසා.එතකොට එයාට ඔය ගැන මනුලිත් එක්ක කතා කරන්න වෙලාවක් නැහැ.හෙට මනුලි ගෙදර එද්දි අට පහු වෙයිනෙ සමහර විට.ඔයා කෝකටත් මනුලියි දරුවයි ගැන ඇහැ ගහගෙන ඉන්න.එයාට කිසිම වෙනසක් දැනෙන්න ඉඩ තියන්න එපා…”
“චන්දෙට කලින් අපිට මොකුත් කරගන්න බැරි වෙයිද මහත්තයා?…”
“බය නැතුව ඉන්න චේතනා.අපිට අපේ දරුවව අපි ගාවට ගන්න පුලුවන්.හැබැයි එයාලා අපිට සැනසීමෙන් ඉන්න දෙන එකක් නැහැ.දරුවව ගත්තට පස්සෙ මාලකට වඩා මනුලිගෙනුයි අපි ප්‍රවේශම් වෙන්න ඕනි…”
“උ/න් දෙන්නට මං තව වැඩිකල් මගෙ දරුවව ළඟ තියාගෙන ඉන්න දෙන්නෑ මහත්තයා…”
පහුවදා උදෙන්ම මාලක තේනුක මහත්තයත් එක්ක අගමැතුමාගෙ රැස්වීමට ගියා.මං මග බලන් හිටියෙ මනුලි මගෙ දුවව ගෙදර එක්කන් එන්නෙ කීයටද කියලා.උදේම එනවා කිව්වට ටික ටික පරක්කු වෙද්දි මට බයත් හිතුනා ඊයෙ වෙච්චි දේවල් මතක් වෙලා.
මාලක හැම දෙයක්ම මනුලිට කියලා මනුලි දුවවත් අරගෙන කොහාට හරි පැනලා ගියාවත්ද?
මගෙ හිතට බිය මුසු හැඟීමක් දැනුනා.
තව පැයක් විතර බලලා තේනුක මහත්තයට කෝල් එකක් දීලා බලනවා කියලා හිතනකොටම මනුලිගෙ කාරෙක ගේට්ටුවෙන් ඇතුල් උනා.හිතේ තිබ්බ හැම තරහක්ම හැම කේන්තියක්ම නැති වෙලා ගියා මගෙ බෝනික්කිව දකිද්දි.මගෙ පැංචි රෝස පාට ලස්සන ගව්මක් ඇඳලා සුරංගනාවියක් වගේ ලස්සනයි.
“ඇන්ති ඊයෙ පාළුවෙන්ද ඉටියෙ බබා නැති නිසා?…”
ගෙට ඇතුල් වෙනකොටම මගෙ පුංචි බෝනික්කි හුරතල් හඬින් මගෙන් එහෙම ඇහුවා.
“ඔව් බේබි.මට ගොඩාක් පාළු හිතුනා.කතා කරන්නවත් කවුරුවත් හිටියෙ නෑනෙ.බේබි කොහෙද ගියේ?…”
“හා හා ඇන්ටිත් එක්ක කතා කරගන්න පුලුවන් පස්සෙ.ඉස්සෙල්ලා දූ වොශ් එකක් දාගෙන ඉම්මුකො.ආපු ගමන්ම පටන් ගත්තා හෑල්ල…”
එයා ඒ බැන්නෙ දුවට නෙවෙයි මට.දරුවා මාත් එක්ක කතා කරත් එයාට ඒකෙ වැරැද්දක් පේනවා.යස්සනී මගෙ දරුවව මගෙන් උදුරගෙන මටම ච න් ඩි ක ම් පෙන්නන්න එනවා.
වෙනදාට දුවව නාවන්නෙ මං.අද මොකද දන්නෑ යස්සනී දුවව නාවන්නෙ.මාලක මොනවා හරි කියලාවත්ද මෙයාට.බලමුකො මාත් ඉන්නෙ මේ වහලෙ යටනෙ.
“සමාධි මෙහෙ එන්න පොඩ්ඩක්…”
දහයට විතර මනුලි මැඩම් මට කතා කරා. හැබැයි ඒ මූණෙ ලොකුවට තරහ පාටක් නම් තිබුනෙ නැහැ.
“ඇයි මැඩම්?…”
“බේබිගෙ රෙදි වගයක් තියනවා හෝදලා දාලා කාමරේ අස් කරන්න.මං ටිකක් නිදාගන්නවා.මට හරියට නිදිමතයි.බේබිත් නිදි එයාගෙ කාමරේ.ඇහැරුනාම කිරි එකක් හදලා දෙන්න…”
“හා මැඩම්…”
මතු සම්බන්දයි.
මනුලි දැනගත්තොත් මොනවා කරයිද?හොඳ හොඳ බාල්දි ටික පෙරලමු නේද?