-6 කොටස-

හිමංස ගිටාර් එක පැත්තකින් තියලා හෙමීට නිශාදි දිහාට ඇවිදගෙන ආවා…කවදාවත් දැකපු නැති කෙනෙක් දිහා බලනවා වගේ නිශාදි ඇස්දෙකත් ලොකු කරගෙන බලාගෙන ඉන්නවා..

හිමංස ළඟට ආවම නිශාදිට දැනුනෙ හුස්ම හිර වෙනවා වගේ..ඒ තරම් ආකර්ශණයක් ඒ දෙනෙත් වල තිබුණා…

අමුත්තො ගොඩක් දෙනා මේ කපල් එක දිහා බලං හිටියා..හොදට මැච් වෙනවා..හැමෝගෙම හිත් එහෙම තමා කීවෙ…

“පුංචෝ..යමු කේක් කපන්න…”

නිශාදි මේ ලෝකෙට ආවෙ අතේ එල්ලිලා අඩගහන චුට්ටගෙ හඩින්..චුට්ටා දෙන්නවම එක්කගෙන ගියා කේක් කපන තැනට…

“හැපි බර්ත්ඩේ ටූ යූ… හැපි බර්ත්ඩේ ටූ යූ… හැපි බර්ත්ඩේ ඩියර් චුට්ටා….

හැපි බර්ත්ඩේ ටූ යූ….”

චුට්ටා කේක් කපලා හිටපු ඔක්කොටම කැව්වා….චුට්ටගෙ අතින් අන්තිමට කේක් කෑල්ල කෑව කෙනා චුට්ටගෙ සයිස් එකේම ලොකු නිල් පාට ටෙඩියෙක් චුට්ටගෙ අතේ තිබ්බා…

“ෂා..වාව්..ලස්සනයි අන්කල්…ඒත් ඔයා කවුද ..මං දන්නෙ නැහැනේ…”

“මං තරුන්..”

හිමංසගෙ දිහාවට යොමු වෙලා තිබුණු නිශාදිගෙ ඇස් ඒ හඩ දිහා යොමු වුණේ ඉබේමයි…

තරුන්…තරුන් නානායක්කාර… එයාටම උරුම වුණු අපූරු හිනාවෙන් නිශාදි දිහා බලං හිටියේ ඇස් වල උතුරලා යන ආදරෙන්…හිමංස වගේම ලස්සනට ඇදලා හිටපු තරුන් දුප්පත් කොල්ලෙක් කියලා අද දකින කාටවත් කියන්න බෑ…

නිශාදිගෙ මූණට ලස්සන හිනාවක් ආවෙත් …. දෙපා තරුන් ළඟට යන්න එසවුණේත් ඉබේමයි…ඇසිපිය හෙලන්නැතුව නිශාදි දිහා බලං හිටිය හිමංස තමන්ගෙ සුරත මිට මොළවගත්තා…මේ හිනාව නිශාදිට දෙන්න පුළුවන් තරුන්ට විතරයි…

නිශාදි තරුන් ළඟට ගිහින් හිට ගත්තා..

‘‘තරුන්…”

‘‘ඕ….. ඔයා ද අපේ පුංචාගෙ විසේස යාලුවා…එහෙනම් මට එපා මේ ටෙඩියා..ඔයාම තියාගන්න..”

චුට්ටා එහෙම කියද්දි හිමංස එතෙන්න ආවා.

‘‘එහෙම කරන්න හොද නැහැනෙ චුට්ටො..මේ අංකල් ගෙනාපු තෑග්ගනෙ මේක”

‘‘ඔයා තමයි බාප්පි ඔක්කොම කරන්නෙ.. ඔයානෙ පුංචව අරං යන්න දෙන්නෙ මෙයාට….මං තරහයි..”

චුට්ටා මූණ බෙරි කරගෙන ගිහින් එයාගෙ යාළුවො එක්ක එකතු වුණා..

‘‘තරුන් යමු..මොනවහරි කාලා ඉමු..”

හිමංස හිත තද කරගෙන අවස්ථාවට මුණ දුන්නා….නිශාදි රූකඩයක් බලං හිටියා…ඩග් ඩග් ගාලා පපුව ගැහෙනවා..තව ටික වෙලාවකින් තරුන් එක්ක යන්න ඕනෙ…

ඒත් මහ මොකද්දෝ දුකක් දැනෙනවා…ඇයි මේ..තරුන් දැක්කාම දැනුනු සතුට එක්කම මෙච්චර බයක් මට දැනෙන්නෙ…

“තෑන්ක්ස් …ඒත් මට ලේට් වෙනවා..ප්ලීස් හිමංස අපි පොඩ්ඩක් එළියට ගිහින් කතා කරමුද?”

හිමංසගෙ ගාර්ඩ්න් එකේ ගල් බංකුව උඩ නිශාදි ඉදගෙන හිටියා…හිමංස තරුන් දෙන්නා දෙපැත්තෙ හිට ගෙන හිටියා…ඒ දෙන්නගෙ කතාවට නිශාදි සම්බන්ධවුණේ නැහැ…

මොකද්ද මේ වෙන්නෙ..මගේ ජීවිතේ අතින් අත පාවෙන කාසියක්ද ..මගේ කැමැත්ත කොයි වෙලේවත් වැදගත් වෙන්නෙ නැද්ද?…. නිශාදි එයාගෙ හිතින් ඒ ප්‍රශ්නෙ ඇහැවා දහස් වතාවක්…

‘‘ ප්ලීස් ….හිමංස මේ දේට කැමැති වෙන්න ..මට වෙන විකල්පයක් නැහැ…නිශාදි දන්නවා මං එයාට කොච්චර ආදරේද කියලා..ඔයා එයාව බදිනකල් මං බලං හිටියෙත් ඔයාට වගේ එයාට සැප පහසුකම් දෙන්න බැරි නිසා…ඒක නිශාදි හොදටම දන්නවා…”

‘‘ඒත්…. මේක කරන්නෙ කොහොමද? උඹ හිතන්නෙ මං මොකෙක් කියලද තරුන් ආ……මට හැඟීම් දැනීම් නැද්ද?………..”

‘‘ප්ලීස් මචං ..මට තේරෙනවා.. ඒත් මං දන්නවා ..මෙච්චර කල් උඹ නිශාදිව මලක් වගේ පරෙස්සම් කලා..ඒ විදිහටම මේ ටික කාලෙත් එයාව බලාගනී කියලා..මට විශ්වාසයි උඹව…”

‘‘ තරුන් ..උඹට වටින් නැද්ද මේ කෙල්ලව..ආ..”

‘‘මට ඒ ගැන කියන්න වචන නැහැ…ඒත් නිශාදිව හොදින් බලාගන්න නම් මාත් උඹ වගේම සල්ලිකාරයෙක් වෙන්න ඕනේ…මට රට යන්න අවුරුද්දකට මේ ජොබ් එක ලැබුණෙ අපේ වාසනාවට…නිශාදිවත් එක්ක යන්න පුළුවන් නම් හොදයි..ඒත් එහෙ කොහොම වෙයිද මං දන්නෙ නැහැ…අනික හෙට උදේම තියෙන්නෙ ප්ලයිට් එක”

‘‘ඇයි උඹ මට මේවා කලින් කිව්වෙ නැත්තෙ..”

හිමංස හිටියෙ පුදුම ඉවසීමකින්..තරුන්ගෙ කන පලන්න තරම් තරහයි හිමංසට..ඇයි යකෝ… මෙච්චර චාන්ස් එකක් දීලත් ප්‍රයෝජන ගන්නෙ නැති මෝඩයෙක්නෙ..සල්ලි නම් කවදා හම්බ කර ගන්න බැරිද?

ඒත් හිමංස ඕව කියන්න ගියේ නැහැ….අවුරුද්දක් හරි නිශාදි දිහා බලාගෙන විතරක් හරි ඉන්න තියෙනවනේ…ඒත්..මේ විදින්න පුළුවන් වේදනාවක්ද?

‘‘මං අදම කියන්න ආවෙ නිශාදිව එක පාරක් හරි බලලා යන්න ඕනෙ නිසා… සොරි..”

‘‘සොරි ..මගුල.”

හිමංස ළඟ තිබුණු මල් පෝච්චියකට පයින් ගැහැවා…මේ වගේ බූරුවෙක්ට නිශාදි මොකට පණ කඩාගෙන ආදරේ කරනවද මං දන් නැහැ..ෂෝ එක තිබ්බට වැඩක්ද මේකගෙන්…

‘‘නවත්වන්න දෙන්නම..දෙන්නටම මාව එපානෙ…මං යන්නම්..මටත් ඔය කවුරුවත් ඕනෙ නැහැ…”

නිශාදි කීවෙ බලං ඉන්න බැරිම තැන..

‘‘නිශාදි ප්ලීස් මං කියන දේ තේරුම් ගන්න..අවුරුද්දයි..එක අවුරුද්දයි…”

තරුන් නිශාදි ළගින් වාඩි වෙලා එයාගෙ අත අල්ලගත්තා..

‘‘ඔයා දන්නවනෙ නිශාදි….මං ඔයාට කොච්චර ආදරේද කියලා…මේ වෙලාවෙ මට වෙන කරන්න දෙයක් නැහැ පැටියො…ඔයාව මගෙ දුප්පත් ගෙදරට එක්ක ගිහින් දුක් ‍දෙන්න බෑ මට…අනික අපේ ගෙදර අය එක්ක ඔයාට කොහොමත් ඉන්න බැහැ….”

හිමංසට යකා නැග්ගා..එයාගෙ ඇස් ඉස්සරහම නිශාදිගෙ අත අල්ලගත්තම….කොහොම ඉවසන්නද?

‘‘තරුන් ..උඹේ තීරණේ ඒක නම් මේකත් හොදට අහගන්නවා.. අවුරුද්දක් නිශාදි මං ළඟ ඉදියි…ඒත් ඒ අවුරුද්දෙන් පස්සෙ නිශාදි තීරණේ කරන්න ඕනේ උඹවද මාවද කියලා…”

‘‘මට කවුරුවත් ඕනෙ නැහැ..මං යනවා ඔලුව හැරිච්ච අතේ.. ඔයාලා හිතං ඉන්නෙ මං කවුරු කියලද? “

නිශාදිගෙ මූණ හොදටම අප්සෙට් ගිහින්..තරුන් මෙහෙම කරයි කියලා එයා කවදාවත් හිතුවෙ නැහැ…ඒ මදිවට මේ හිමංස මොනවද කියවන්නෙ…මොනවා කරන්නද මොනවා කියන්නද කියලා නිශාදිට හිතාගන්න බැහැ..ඇයි මටම මෙහෙම වෙන්නේ..

‘‘නිශාදි…මං මේ බොහොම කරුණාවෙන් කියන්නෙ..මාව යකෙක් කරගන් නැතුව දැන් යනවා ගේ ඇතුලට..ගිහින් චුට්ටලා එක්ක ඉන්නවා..ඉතිං යනවා..”

හිමංස කෑගහපු පාරට නිශාදි වෙව්ලලා ගියා.. තව ටිකක් හිටියොත් මොනවා වෙයිද දන්නෙ නැහැ..ඒ නිසා..නිශාදි තරුන් දිහා දුකින් බලලා ඉක්මණට එතනින් අයින් වෙලා ගේ ඇතුලට ගියා…

හිමංස තරුන් ළඟට ඇවිත් තරුන්ගෙ කොලර් එකෙන් අල්ල ගත්තා…

‘‘තරුන් ….හොදට අහගන්නවා…බැරි වෙලාවත් නිශාදි එක විනාඩියකට හරි මට ආදරේ කරන්න ගත්තොත් මං කවදාවත් උඹට නිශාදිව දෙන්නෙ නැහැ…කවදාවත්…කවමදාවත්…දැන් යනවා..අවුරුද්දකින් පස්සෙ ආයෙත් හම්බුවෙමු…”

‘‘හිමංස ….ඒක වෙන්නෙ නැහැ හිමංස..නිශාදි ආදරේ කරන්නෙ මට විතරයි..ඒක මට හොදටම විශ්වාසයි..එයා එහෙම කෙල්ලෙක් නෙවෙයි… එක හිතින්මයි ආදරේ කරන්නෙ…මං තරම් උඹ එයා ගැන දන්නෙ නැහැ…නිශාදිගෙ සතුට තියෙන්නෙ මං ළඟ….

උඹ මොනවා කිව්වත් ඒකයි ඇත්ත…එයාගෙ ආදරේ බලෙන් ගන්න බෑ උඹට මොනදේ ගත්තත් වැඩක්ද ආදරේ නැතුව..”

එහෙම කියලා හිනාවෙලා එතනින් ඈතට යන තරුන් දිහා හිමංස බලං හිටියෙ ගල් ගැහිලා…නිශාදි කීව දේමයි තරුන් දැන් කීවෙ..ආදරේ බලෙන් ලබා ගන්න බෑ…

හිමංසගෙ ඔලුව පුපුරන්න වගේ හිමංස වේගෙන් පඩිපෙළ නගින දිහා නිශාදි බලං හිටියෙ දුකින් ..කකුල දැන් හොදයිද දන් නැහැ..දැන් මං කොහොමද හිමංස එක්ක ඉන්නෙ මෙහෙම… තරුන් මේ විදිහට අසරණ කලේ ඇයි මාව…

‘‘පුංචා…ඔයාගේ විසේස යාළුවා කොයි දැන් ..”

චූටි නිශාදිගෙ අතකට තට්ටු කරනවා.

“ම්ම්…එයා ගියානෙ චූටි..”

“ඇයි..එයා ඔයාව එක්ක ගියෙ නැද්ද?”

“නැහැ…එයාට බැරිලු අද එක්ක යන්න .. “

“ෂෝක්නෙ..මං චුට්ටට කියලා එන්නම් මේක…හැපි නිවුස්…”

චූටි උඩ පැන පැන දුවනවා…නිශාදි චුට්ටට ගත්ත තෑගි ටික දෙද්දි පොඩි එකාට හරි සතුටුයි..සෙල්ලම් බඩු වලට තමා ගොඩක්ම කැමති වුණේ..හිමංස කන්න වත් පහළට ආවෙ නැහැ.ඔක්කොලාම හිමංසව හොයනවා…

“අනේ දූ පුතාව එක්ක එන්නකො…කෝ මේ ළමයා…එයාගෙ යාළුවා ගියාද?”

‘‘ආ ඔව් අම්මේ..හිමංසට මොකද්දෝ වැඩක් තියෙනවා කීවා..කාමරේ ඇති මං එක්කගෙන එන්නම්..”

හිමංසගෙ අම්මලා මේ මොකුත් දැනගෙන හිටියෙ නැහැ..තරුන් හිමංසගෙ යාළුවෙක් කියලයි හිමංස කියලා තිබුණෙ..

නිශාදි හිමංසගෙ කාමරේට ඇතුලු වුණේ වෙන කරන්න දෙයක් නැති කමට..හිමංස ඔලුව බදාගෙන ඇදේ ඉදගෙන ඉන්නවා.

‘‘හි….හිමංස..” නිශාදි බයෙන් බයෙන් කතා කලා..හිමංස එක පාරටම ඔලුව හරවලා බැලුවා..

‘‘හිමංස අම්මලා කන්න අඩගහනවා..ප්ලීස්..අපි යමුද?”

හිමංස අදෙන් නැගිටලා ඇවිත් නිශාදිව අල්ලගෙන බිත්තියට හේත්තු කරලා නිශාදිගෙ මූණට එබුණා..හිමංසගෙ ඇස් වලින් ගිනි පිටවෙනවා වගේ…නිශාදි වෙව්ලනවා…හිමංස හිටියෙ පිස්සුවෙන් වගේ..උමතුවක්….ඒක විස්තර කරන්න බැරි උමතුවක්…

‘‘ නිශාදි.. අර වගේ හිවලෙකුටද තමුසෙ ආදරේ කලේ..ආ..කියනවා මට.. ඒකට තමුසෙව ඕනෙම නම් දැන් අරං යන්න තිබුණනෙ..මේකද ආදරේ..

තමුසෙ එදා මට කීවා වගේම ඌත් දැන් මට කියලා ගියේ ආදරේ බලෙන් ලබා ගන්න බෑ කියලා..ඔව් …මට තමුසෙගෙ ආදරේ ඕනෙ නැහැ…ඕනෙම නැහැ…තමුසෙ මේ ගෙදර ඉන්නවා අවුරුද්දක් තව…ඒත් මතක තියාගන්නවා..

පුළුවන් තරම් මගෙන් ඈත් වෙලා ඉන්නවා..මට තරහා ගියොත් මගෙ අතින් තමුසෙට මොනවා වෙයිද දන්නෙ නැහැ…තමුසෙගෙ තරුන් කවදාහරි එනකල් තමුසෙ විදව විදව මේ ගේ ඇතුලෙම ඉන්නවා…

මගෙත් එක්ක ඇරෙන්න තමුසෙට තනියෙන් එළියට බහින්න බෑ..තේරුණාද?”

නිශාදි බයටම ඔලුව හෙල්ලුවා…

“ඒ වගේම අපි දෙන්නගෙ ප්‍රශ්න එකක්වත් මේ ගෙදර අය දැන ගන්න බෑ..හරිද.. දැන් එනවා. කෑමට යන්න…. ඔහොම මල ගෙදරකට යනවා වගේ ගිහින් හරියනවද… හිනාවෙනවා ටිකක්”

මේ හිමංසට පිස්සු හැදිලද….නිශාදි හිතුවට කියන්න ගියෙ නැහැ…එයා මූනට හිනාවක් ගත්ත…

💙💙💙

තුරුල් වෙලා කුරුලු ජෝඩුවක් වගේ පඩිපෙල බහින අලුත් ජෝඩුව දිහා දෑලබන්ඩාර පවුලෙ අය බලං භිටියෙ හරි ආඩම්බරෙන්…පොඩි කාලෙ ඉදලම හිතුවක්කාර නාහෙට අහන් නැති හිමංස නිශාදි එක්ක කිසි ප්‍රශ්නයක් නැතුව පවුල් කන එක ගැන හිමංසගෙ අම්මට නම් මාර සතුටුයි…

මොකද එයා බයෙන් හිටියෙ හිමංස මොනවා කරගයිද කියලා…

නිශාදි වගේ අහිංසක කෙල්ලෙක් හිමංසව හැන්ඩ්ල් කරන එකත් පුදුමයි..දෑල බන්ඩාර පවුලෙ අය එක ගෙදර හිටියට ජීවත් උනේ හැමෝගෙම පුද්ගලිකත්වට ගරු කරලා…

හිමංසගෙ ජීවිතේට කොයි වෙලාවකවත් එයාල ඇගිලි ගැහැවෙ නැහැ… ගෙදර උඩ තට්ටුව වෙන් කරලා තිබුනෙ හිමංසට…

මේ හිනා වෙලා ඉන්න කුරුලු ජෝඩුව හිත් ඇතුලෙන් කොච්චර ලොකු ගින්දරකින් පිච්චෙනවද…

. මේ ලෝකෙ ගොඩක් මිනිස්සු එහෙමයි… ලෝකෙට පේන්න හිනා උනාට අභ්‍යන්තරේ කොච්චර ලොකු වේදනාවක් හංගගෙන ඉන්නවද..

🖤🖤

හිමංස පහුවදා උදෙන්ම කම්පැනි එකට ගියා…. සති දෙකක් තිස්සෙ එයාගෙ වැඩ ටික අතපහු වෙලා තිබුනෙ…එයා ගොඩක් බිසී උනා වැඩත් එක්ක

නිශාදි උදේ වරුම හරිම පාලුවෙන් හිටියෙ .. පොඩි දෙන්නත් ඉස්කෝලෙ ගිහින්… අම්මලත් බිස්නස් වැඩ වලට ගිහින්.. අයියයි අක්කයි දෙන්නත් නෑ…. ගෙදර වැඩට ඉන්න අය විතරයි ඉන්නෙ. එයාලත් හිමංසට තියෙන බය නිසා නිකමටවත් නිශාදි එක්ක කතාවට එන්නෙ නැහැ…තරුන් දැන් මුහුදින් එහා ගිහින් ඇති…

නිශාදි හිමංසගෙ නම්බර් එක ඩයල් කලේ බලං ඉන්න බැරිම තැන…කෙල්ල කෝල් කරද්දි හිමංසට පුදුමයි …

“හෙලෝ.”

“හිමංස මං”

“මං කියන්නෙ කවුද…”

“නිශාදි”

“කියනව ඉතිං .. ඔෆිස් එකට ඇව්ල්ලාවත් මට කනක් ඇහිලා ඉන්න දෙන් නැද්ද …”

“මහ නපුරුයි ඔයා”

“ඒක කියන්නද ගත්තෙ…”

“නෑ”…..

” මං යනවා කියන්න”…