🌿🌸 මලක්දෝ නුඹ අරලියා 🌸🌿
🌿විසි හයවෙනි කොටස🌿
✨️ තමුන්………. තමුන් නේද මගේ ගෙදර ඉන්නේ………… එතකොට…….. එතකොට… නෑ නෑ වෙන්න බෑ……… තමුන් මගේ දුවද…………..
වන්දනාට හුඟක් කේන්ති ගියා……… ටිකක් හිත සන්සුන් කරගත්ත ඇය රතු පැහැති ලිපි ගොණුවක් සුරනිමල දෙසට දිගු කලා………. වන්දනා දිහාම බලාගෙන ඔහු එය අතට අරන් පෙරලනකොටම දැක්කේ උඩින්ම තිබුණු උප්පැන්න සහතිකය……………….. එය කියවන විට සුරනිමලගේ මුහුණ විටින් විට වෙනස් වන්නට වුනා……….
✨️ අරලියා යශෝරාවි නෙළුම්දෙණිය එතකොට………… එතකොට……….
🌹 මං කියන්නම් Mr නෙළුම්දෙණිය…………..
වන්දනා ඔහුට Mr නෙළුම්දෙණිය කියලා කතා කරද්දි ඔහුට දැනුනේ දැඩි වේදනාවක්……….. තමන් කොහොමත් කරපු පව් වලට පසුතැවෙමිනුයි හිටියේ…….. සුරනිමල සාවධානව වන්දනාගේ කතාවට සවන් දුන්නා
🌹 මං අරලියා යශෝරාවි නෙළුම්දෙණිය තමයි…….. නිවේදිතා අම්මා මාව අරන් ලන්ඩන් යනකොට මගේ නම වෙනස් කලා වන්දනා මේඝනාවි වික්‍රමනායක කියලා………….. අකැමැත්තෙන් වුනත් මට පිලිගන්න වෙනවා මං biologically Mr නෙළුම්දෙණියගේ දුව කියලා……. ඒ වගේම දැන් මේ හැමදේකම නීත්‍යානුකූල අයිතිකාරිය මං…….. මං විතරමයි………. හරිද………… ඒක මට මගේ අම්මා අවසන් කැමතිපත්‍රයෙන් නීත්‍යානුකූලව පවරලා තියනවා………. දැන් මං ඉන්න නෙළුම්දෙණිය වලව්වත් අයිති මට………….. මේ ව්‍යාපාර කටයුතු මං තමයි මීට පස්සේ බලාගන්නේ…………….
සුරනිමල එක වචනයක් වත් කීවේ නෑ………. යටි හිත ඒ ගැන හුඟක් සතුටු වුනා වගේම ඔහු ආනන්දිතා හට කෘතඥ වුනා……… මොකද මේ වෙනකොටත් තම ව්‍යාපාර සියල්ලක්ම පාලනය කරන්නේ සම්මානි……….. සහ ඇගේ දරුවෝ………..
🌹 ඔයාට ඒක ප්‍රශ්ණයක් නෙවේ නේද Mr නෙළුම්දෙණිය…….. ආ…………………
දැහැනින් මිදුනාක් මෙන් සුරනිමල නෙළුම්දෙණිය වන්දනා දෙසම බලා සිටියේය……. නමුත් ඇයව ආදරයෙන් වැලඳගැනීමට ඔහුට නොහැකිය………. ඇත්තටම තාත්තා යන වචනයටද තමා නිගාවකි………….. කොතරම් මං මුලාවී අන්ධ වී සිටියාදැයි කියනවා නම් කාමාතුරයෙක්ට තම දියණිය බිලි දීමට තරම් තමා මෘගයෙක් සේ ක්‍රියා කලේය……….. එනිසා කවදාවත් තමා හට සමාවක් නම් නොලැබිය යුතු යැයි ඔහු සිතුවේය…………….
✨️ ඔ.ඔ..ව්…….. මට ඒක ප්‍රශ්ණයක් නෙවේ……………..
🔶 Are u mad……..මොකක්ද මේ කරන්නේ සුරේ……… මං දැනගත්තා ගේ ඇතුලට රිංගනකොට කට්ට සූත්තරකාරි………… මේ ගෑණි මේ බොරුවක් කියන්නේ සුරේ…………
🌹 සම්මානි……… තමුන්ට කොහෙන්ද අයිතියක් මේ ගැන කතා කරන්න…….. මං මේ කතා කරන්නේ අප්පච්චි එක්ක……. තමුන් කවුද…….. ආ………… තමුන් කවුද……..
වන්දනා කිසිම කලබලයක් ආවේගයක් නැතුවම එය කියා දැම්මාය………. වට මේසය අසල සිටි කවුරුත් සමච්චල් සහගත හිනාවක් පෑවෝය…………..
🔶 මට එහෙම කතා කරන්න උඹ කවුද………..
🌹 දන්නැත්තම් අහගන්නවා සම්මානි…… මං අරලියා යශෝරාවි නෙළුම්දෙණිය ආනන්දිතා දෑලබණ්ඩාරගෙයි සුරනිමල නෙළුම්දෙණියගෙයි බාලම දුව………… ඒ වගේම මේ ව්‍යාපාරජාලයේ ඕනර්………. තව මොනවා හරි දැනගන්න තියේද…….. Mr සපරමාදු…….. අනවසරයෙන් ආයෙම කාටවත් ඇතුලට එන්න දෙන්නෙපා…. මං දන්නවා මෙයා දැන් ආවෙත් ඔයාට ලොකුකම් පෙන්නලා කියලා…… හැබැයි ආයෙම එහෙම වෙන්න මං ඉඩ තියන්නේ නෑ…………. සම්මානි තවත් මගෙන් අපහස විදින්නැතුව ගියොත් තමයි වඩාත් හොඳ……………
🔶 උඹ වගේ පොඩි එකියක් මට මොනවා කරන්නද යකෝ……….. උඹත් අම්මා වගේම නටනවා වැඩී…………. යන්න ආසා හිතිලා වගේ අම්මා ගිය දිහාට………..
🌹 තර්ජන ගර්ජන වලට මං බය නෑ සම්මානි…… කරුණා කරලා දැන් මෙතනින් යන්න………..
🔶 උඹ කොහොමද මාව මෙතනින් යවන්නේ….. මේක මගේ මහත්තයාගේ තැන………………..
වන්දනාගේ මුහුණේ තිබෙන සමච්චල් සහගත හිනාවට හා අවඥාසහගත බැල්මට සම්මානිට හොඳටම කේන්ති යයි………….. වන්දනා ඇය අසලටම ආවාය……………..
🌹 සම්මානි……….. මං එක සැරයකුත් කීවා…… විශ්වාස නැත්තම් මේ ෆයිල් එක බලන්න…… මෙච්චර කාලයක් මගේ අම්මාගේ දේවල් අයිති කරගෙන හුගාක් දේවල් කරානේ ඔයා…………. දැන් ඔයාගේ කාලේ ඉවරයි………. මාරයාගේ මල බෙර වැයෙන කාලෙ ඉවරයි සම්මානි….. මේ දෙවියෝ බණ අහන කාලේ……….. මේක මගේ අම්මාගෙන් මට ලැබුණු අයිතිය ඒ හින්දා ඔයාට ඒකට මොනවත් කියන්න බෑ………. Mr සුරනිමල ඔයාගේ husband නම් ඒක ඔප්පු කරන්න කසාද සහතිකයකුත් ඇතිනේ නේද…………… ආ සම්මානි……………..
සම්මානිට තරු පෙනුනේ ඇත්තටම මේ වනතුරු කසාදයක හෝ විවහ සහතිකයක අවශ්‍යතාවයක් නැතුවම මේ වස්තු සම්භාරය භුක්ති වින්දත් මේ කොහෙන්දෝ ආව කෙල්ල මොහොතකින් සියල්ල උදුරාගත් බැවිනි……………
🔶 හිතන්නේ උඹ දිනුවා කියලා නම් ඒක වැරදී……… ලේසියෙන් මං උඹට දිනන්න දෙන්නෑ………… අක්කට වඩා අන්ත වේදනාවක් විඳලයි උඹ මැරෙන්නේ ඒක මතක තියාගනින්……
🌹 එහෙමද අක්කා වගේ මං අහිංසක නෑ…… අනික මං ඔය කාටවත් ඕනැ විදිහට නටන්නෙත් නෑ…………
🔶 ඒකිත් හිටියේ ඒකි ගැන ඔය විදිහටම අධිමානයෙන් තමයි……. අන්තිමට මොකද වුනේ…… අපා දුක් වින්දේ……. ආයේ ශේන්‍යට අහු වුනා කියන්නේ බේරෙනවා බොරු………………… උඹත් ලෑස්ති වෙලා ඉඳපන් බැ&&
කරන්න පුළුවන් තර්ජන ගර්ජන ඔක්කොම කරලා සම්මානි යනතුරු වන්දනා නිහඬවම බලාගෙන සිටියා…….. ඊටත් පස්සේ සුරනිමල වන්දනා ලඟට ආවේ ඉතාමත් දුක්බරව……….. ඇවිත් වන්දනා ඉදිරිපිට අත් දෙක එකතු කලා……….. ඇත්තටම ඒ දසුන වන්දනාට ඇති කලේ ඉමහත් වේදනාවක්………. වන්දනාගේ හිත එදා වගේම අදත් කිව්වේ ඔහු නිදොස් අැති කියලා…………
✨️ සමාවෙන්න දුව………. මට කිසිම අයිතියක් නෑ ඔයා ඉස්සරහ මෙහෙම හිටගෙන ඉන්නවත්……….. මං හුඟක් වැරදී…… ඒවා තේරුම් යද්දි මං පරක්කු වැඩී………. කොච්චර පරක්කු වැඩිද කියනවා නම් ආනන්දිතයි දරුවනුයි මට අහිමි වෙලා……… මං කරපු පව් වලට මං වන්දි ගෙවන්න ඕනි…………. මං අපරාධකාරයෙක් ඔයාටයි අම්මටයි අයියටයි අක්කටයි……….. ආනන්දිතා ගෙදර ඉදිද්දිම මං සම්මානිව ගෙදරට ගෙන්නගෙන තියනවා……. ඒත් අම්මා ඒවා ඉවසුවා……… තවත් මං කරපු හපන්කම් කියන්න ඕනි නෑ…… දුව ඒවා දැනගන්න ඕනෙත් නෑ………… හැබැයි එක දෙයක් ඔයා දැනගන්න ඕනි……. එ් මං මිනීමරුවෙක් නෙවේ කියලා……….
🌹 හොඳයි Mr සුරනිමල ඒවා උසාවියෙන් ඔප්පු වෙයි….. සාක්ෂිත් ඇතුව…………..
සුරනිමල නෙළුම්දෙණිය යන්නට ගියේ ඇය දෙස දුක්මුසු බැල්මක් හෙලමිනි…….. නමුත් දැන් ඔහු නිකම්ම නිකම් නිකමෙකි…………. දැන් මේ වන විට උසාවි සිතාසිත් ලැබී ඇතැයි ඇය සිතුවාය….. ඉන් සම්මානි තව තවත් උරණ වනු ඇති………. දැන් ඔවුන් සතුව තිබූ සියල්ල අහිමි වී ඇත……….. එවන් තත්වයක සම්මානි ඇතුළු පිරිස සුරනිමල හට කෙසේ සලකාවිදැයි සැක සහිතය………. වන්දනාගේ හදවතට දැනුනේ ඉමහත් වේදනාවකි………….
දහවල් දොලහත් පසුවී රන්දය ඇයට ඇමතුමක් ගන්නාතුරුම වන්දනා සිටියාය……….. රන්දය සිටින්නේ වැදගත් රැස්වීමකය…………….. ඇමතුම සම්බන්ධ වන විට කෙල්ලගේ හදවතට දැනුනේ ඉමහත් සතුටකි…………
❤️ මැණික මොකද වුනේ ම්ම්ම්ම්……
🌹 හැමදේම හොදින් වුනා අයියා………. ඒත් අනේ මන්දා………..
❤️ ඇයි…………….
🌹 මට හිතෙනවා අප්පච්චි මිනීමරුවෙක් නෙවේ කියලා…………
❤️ එහෙම වෙනව නම් කොච්චර හොඳයිද……………
🌹 අද ඉක්මනින් එනවද…………
❤️ ඇයි මං නැතුව ඉන්න බැරි තරම් පාළුයිද…………
🌹 හ්ම්ම්ම්ම්………………….
❤️ දැන් ඉතින් හැමදෙයක්ම හොදින් විසඳෙන්නනේ යන්නේ……….. මං අපේ ගෙදරය අයත් එක්ක කතා කරන්නම්……. අම්මයි අප්පච්චියි හුඟක් සතුටු වෙයි….. ඔයා ගැන දැනගත්තම…………
🌹 අනේ මන්දා බයයිත් එක්ක……… සුලක්ඛණා නැන්දා කැමති වෙයිද………..
❤️ හුඟක් කැමති වෙයි………………..
🌹 එහෙනම් ඉක්මනින් එන්නකෝ………….
වන්දනාගේ හිතට හරි නැත…………… ඇයට සිහිවෙන්නේම ඇගේ අප්පච්චිය……..
🌹🌹 ඔයා දැන් කොහේ ඇතිද අප්පච්චි………. මට නම් දුකයි ඔයා ගැන…….. එදා මං දැක්ක දේ බොරුවක්ද එතකොට………. ඔව් එහෙම වෙන්න ඇති…… අත්තම්මාගේ මුහුණේ තියන කොට්ටය අයින් කරනවා වෙන්න ඇති දකින්න ඇත්තේ………
වන්දනා අත් දෙකෙන් එහාට මෙහාට මාරු කරමින් සිටි දුරකතනය ගෙන ඇමතුමක් ගත්තේ සුරනිමලටයි………..
🌹 අප්පච්චි…………
✨️ දුව……..මං හිතුවේ නෑ කවදාවත් මට අප්පච්චි කියයි කියලා……….
🌹 අප්පච්චි කොහේද ඉන්නේ………
✨️ මං නිලංක අංකල්ගෙ ගෙදර ආවා………..
එනමුත් නිලංක අංකල් ඒ බවක් නිකමටවත් කිව්වේ නැත…………….
🌹 ඇයි එහෙ ආවේ…………
✨️ දුවට බොරු කියන්නේ මොකටද සම්මානිගේ ගෙදර මට ආයේ දොර ඇරෙන්නැති වෙයි………..
🌹 ඒත් අප්පච්චිගේ දුව තාම ඉන්නවා…….. ඒ හින්දා පිස්සු නැතිව මෙහෙ ඇවිත් නතර වෙන්න………….
✨️ ආනන්දිතා හින්දා මට සැනසීමෙන් මැරෙන්න පුළුවන් දුව…….එයා හැමදාම කලේ හරිදේ………. දුව මට එක වතාවක් අයියව මුණ ගස්සන්න…..
🌹 හොදයි මං හෙට එක්ක යන්නම්…………. ඒත් අප්පච්චි ඔයා මට ඇත්තටම මොකද වුනේ කියන්න ඕනි……….
✨️කියන්නම්…….අර ඔයාට උදව් කරන OIC මහත්තයා සදහම්ගේ පුතා නේද…….
🌹 හ්ම්ම්මම්ම…..
✨️ අනේ වාසනාවන්……… ඒක හොදයි……..
🌹 අප්පච්චි එනවද මං වාහනේ එවන්නද…….
✨️ ඕනෙ නෑ දුව………… මං අද මෙහෙ ඉන්නම්කෝ………..
🌹 හොදයි අප්පච්චි……………..
වන්දනා ඇමතුම විසන්ධි කලේ සුසුමකි හෙලමිනි……………
_____^^^^^^^^^_
රාත්‍රී දහය වනතුරුත් රන්දය ආවේ නැත…………….. වන්දනා සිටියේ ෆිල්ම් එකක් බලමිනි…………… මුළු නුවරම දෙවනත් කරමින් එක් වරම ඇද වැටුණු අනෝරා වර්ෂාව නිසා කිසිවක් නොඇසේ………… හොරාවක් පමණ තග වන විට අැයට නොදැනීම නිදිමතක් ආවේය………. රන්දයගේ දුරකතනයද ක්‍රියා විරහිත කර තිබූ බැවින් ඇය යලිත් Bathroom එකට ගියේ ඇඟ සොදාගෙන නිදාගන්නට හිතාගෙනයි…………..
විනාඩි දහයක් විතර ඇඟ සොදාගත් ඇය තුවාය පිටින්ම ගැහෙමින් කාමරයට ආවාය……….. එකි වරම දුටු දසුනින් ඇය බියටත් ලැජ්ජාවටත් පත් වූවාය…………. රන්දය ඇසි පිය නෙහෛලා ඇය දෙස බලා සිටියේය……. නමුත් ඒ දෙදෙනත් තුල තිබුනේ වියරු කාමුක හැඟිමක් නොව ශාන්ත අනුරාගී හැඟීමකි……………
🌹 ඇයි දන්නැද්ද ගැහැණු ළමයින්ගේ කාමරේට එනකොට තට්ටුවක් දාලා එන්න ඕනි කියල……………
❤️ ගෑනු ළමයිනුත් දැනගන්න ඕනි කොල්ලෙක් ගෙදර ඉද්දි දොරවල් වහන් ඉන්න
🌹 එහෙමද කියන්නේ මහත්තයා………..
❤️ ඔව් ඇයි……….
රන්දය වන්දනාගේ ඉණ වටා අත් යවා ඇයව තුරුළු කරගත්තේය………. වන්දනා රන්දයගේ උණුසුමට හා පැටවෙකු මෙන් ගුලි වුනාය………………..
❤️ මං ආදරෙයි මැණික………….. ඔයා ඉතින් මගේනේ…………..
රන්දයගේ දෙතොල් වන්දනාගේ දෙතොල් මතට පහත් විය වන්දනා ඇගේ දෑස් අඩවන් කරගෙන ඔහුගේ පලමු හාදුවේ මිහිර විඳගත්තාය……………… රන්දයගේ දඩබ්බර ආදරණිය බව වන්දනාගේ සිත මත් කර තිබුණි………… පිටතින් වැටෙන අනෝරා වර්ෂාවත් දැඩි සීතලත් ඔවුගේ ගිණිගෙන දැවෙන අනුරාගී හැගීම් වලට අනුබල දුන්නේය………..
෴ මතු සබැඳියි ෴
ලියන්නේ
෴ ත්‍රිලක්ෂණා වෛශාලි