39_වන_කොටස❄️💦💙
තුහින්‍යාගේ දෑස් හා දෑත් තදින් බැඳ දමා තිබූ බැවින් කිසිවක්ම පෙනුනේ නැත………….. නමුත් ඇය විමසිල්ලෙන් අවට සිටින පිරිසගේ පිලිසදරට සවන් දෙමින් සිටියත් තමා මේ පැහැරගත්තේ කවුද කියා වත් ගෙන යන්නේ කොතැනකටද කියාවත් හරි හැටි ඇසුනේ නැත………..
” බොස්ට කෝල් එකක් ගනින් රත්තා…….
එකෙක් පවසනු ඇසුණි…….. නමුත් අනෙකා කුමක් පැවසුවාදැයි තුහීට ඇසුනේ නැත………
” අරුන් අපිව දැක්කා දැනටමත් අපිව ෆලෝ කරනවා ඇති විජහට යමං කළුවා………
තවත් එකෙක්ගේ කට හඬ ඇසුණි…… අඩ හෝරාවක් පමණ යැයි සිතිය හැකි කාලයක් තුළ ඔවුන් රැගත් වාහනය යම් ස්ථානයක නතර විය…….. එකෙකු දුරකතන ඇමතුමක් ලබාගනු තුහීට ඇසුණ බැවින් ඇය ඉතා හොදින් ඊට කන්දුන්නාය…….
” බොස් අපි පොට් එකට ඇවිත් ඉන්නේ…. මොකද කියන්නේ මේකිව එලියට ගන්නද එපාද…….
” හරි බොස් එහෙනම් මේකිව ඇතුළට අරන් යන්නම්….. ආ ඔව් දැනටමත් ඌ මේකිව හොයනවා ඇති…….
ඇමතුම විසන්ධි කල මැරයා අනෙකුත් අයට සංඥා කලේ ඇයව ඇතුලට අරන් යන ලෙසයි……. හැඩි දැඩි අත් හතරක් ඇවිත් ඇයව දෙපසින් අල්ලා ගනිද්දි තුහී බොහෝ දැඟළුවත් තම කුසේ වැඩෙන සිගිති ළදරු සෛලය ගැන සිතා ඇය සන්සුන් විය………
” අනේ දෙයියනේ ඇයිමේ…… කවුද මුන්….. ඇයි මාව මේ විදිහට අරන් ආවේ……. මේ නම් අර ජරා වේදේශ්ගේ වැඩක් වෙන්න ඕනි….. ශිට්….. ඇයි දික්කසාද වෙලත් මට මේ මිනිහා ඉන්න දෙන්නැත්තේ……..
තුහින්‍යා සිතුවේ කෝපයත් තරහත් එකට මිශ්‍රවූ හැගීමෙන්…..
“කුමාරි හාමි ටිකක් ඉන්නවා දඟලන්නැතුව…..තමුන්ට අද ඕනැ තරම් දගලන්න පුළුවන් අපේ බොස් එක්ක…… මේකිගේ ඇස් ලිහපල්ලා….. ලිහලා කාමරේට දාලා තියපල්ලා….බොසා තව ටිහිකින් එයි…….
එතැන සිටි ප්‍රධානියා යැයි කිව හැකි මැරයෙක් සේස්සන්ට විධානය කරන්නට විය……….
” භූමි…….. ඔයා කොහේද……. අනේ අපිව බේරගන්න……. අපි දෙන්නගේ ආදරයේ සංකේතය එයාව බේරගන්න ඔයා එන්නම ඕනි……..
තුහී සිතුවේ දෑසින් ගලන කඳුලැලි උරහිසින් පිස දමමින්……….
💫💫💫💫💫💫💫
භූමි පිස්සෙක් මෙන් කලබල වී සිටියේය…… වසර දෙකකට පසු භූමි යලිත් පරණ ඇල්නිලම් බවට පත්ව සිටියහ…….. Team Monster orion යළිත් සන්නද්ධව සිටියේය……….
” රවී තෙනූ ධනා…… උඹලා සඳ තැන්න පැත්තට පලයල්ලා……. අපි අනෙක් පැත්තට යන්නම්…… මොනා හරි තිබුනොත් ඉක්මනින් කියන්න ඕනි….. හැබැයි මොන හේතුවක් හින්දාවත් වේදේශයා පැනගන්න බෑ….. හරිද…………..
එසේ පැවසූ රජීව් භූමි හා සිතිජ සමගින් වාහනයකට තැගුනු අතර තරුන් අපරාධ විර්ශණ අංශයේ නිළධාරින් සමගින් ඔවුන්ගේ වාහනයටද නැගුණි…….. ඔවුන් සියළු දෙනා මොහොතින් තුහින්‍යා සොයා මෙහෙයුම් ආරම්භ කලහ…….
” රජ්ජා………… වේදේශයා ඇයි බං එහෙම කලේ…….. ඌට පිස්සුද……… උඹ දන්නවද මචං……. මගේ තුහීට දරුවෙක් ලැබෙන්නලු………
භූමි කියද්දී රජීව්ගේ මුහුණ ප්‍රීතියෙන් දීප්තිමත් විය……. ඔහුගේ අත මිටමෙලැවිණි…..
” නංගිටවත් දරුවටවත් මොනවත් වෙන්නේ නෑ……….
රජීව් ස්ථිරවම කිව්වේ භූමිගේ අත තද කරමින……. ඔවුන් වේගයෙන් පට්ටිපොළට ලඟා වීය……….
තුහාන්යාගේ හිස කරකැවෙන්නට මෙන් විය……… මුළු සිරුරම අප්‍රාණික ගතියකින් පෙලෙන්නට විය…….
” මට වතුර ටිකක්……
ඇය කිව්වේ දොර අසල සිටින මැදි වියේ සේවකයාටයි……. ඔහු ඇය දෙස බැලුවේ අනුකම්පාවෙන් වුවත් මේ මොහොතේදී ඔහුටද කල හැකි යමක් නැති විය…….
” ලොක්කා…… ඔය මනුස්සයාට වතුර ටිකක් දීපන්…….. කන්න බොන්න නොදී ඉන්න එපා කියලා තමා බොස් කීවේ…….
පිටත සිටි පුද්ගලයාගෙන් අවසර ලැබුණු හෙයින් මැද වයසේ පුද්ගලයා ඇයට වතුර ටිකක් පෙව්වේය………
” මා……මා….. අනේ කරුණාකරලා පොලීසියට කියන්න….. මට පිහිට වෙන්න…….
තුහී බැගෑපත් වූවත් ඔහුද ඇය දෙසට හෙළුවේ එවැනිම බැල්මකි……… මද වේලවෙකින් නැවතත් පිටතින් සිටින පුද්ගලයා කෑ ගසන්නට විය…….
” ලොක්කා….. උඹ මොනවද ඕකි එක්ක කුටු කුටු ගාන්නේ….. වරෙන් එලියට…. බොස් එනවා………
එහෙම කියද්දි නම් තුහීගේ මුළු ගතම වෙව්ලන්නට වුනා…….. ඇගේ හිත පුරා පැතිරුනේ පුදුමාකාර භීතියක්……..
පිටතින් ආගන්තුක හඬවල් කීපයක් ඇසෙන්නට විය…….තුහී සිය කුස එක් අතකින් අල්ලාගෙන දෙවියන් යදිමින් කාමරයේ කොණටගුලි වෙනු දුටු මැදිවියේ සෙිවකයා ඇය දෙස දුකින් බලා සිටියේය…… කවුරුන් හෝ කාමරය දෙසට එන බවක් දැනුනෙන් ඇය තවත් තව තවත් ගුලි වූවාය……… එක් වරම දොරටුවෙන් අැතුළු වූ පුද්ගලයා දැක තුහින්‍යාගේ දෑස් විසල්වී මුව සැලෙන්නට විය……. ඇය පුදුමයෙනුත් පුදුමයට පත්ව සිටියාය
” #සාකේත්…………….
තුහින්‍යාගේ මුවින් පිටවුනේ එපමණකි……. ඇගේ අනුමානය සම්පූර්ණයෙන්ම වැරදී ගිය අතර යළිත් කිසිඳු දිනෙක සාකේත් මෙලෙස හමු වේ යැයි ඇය කිසිදා සිතුවේ නැත……..
” ආ…….. සුදු මැනික…… කොහොමද……. හුඟක් කාලෙකින්…….. මගෙන් හැංගිලා හැංගිලා හිටියට අවසානෙදි මං හොයාගත්තනේ ඉතින් කොහොමද…….
සාකේත් ඇය අසලට ඇවිත් වාඩි වෙන ගමන් ඇසුවේ ඇගේ මුහුණටද එබෙමින්……ඔහු වෙතින් ආවේ සැර මත් පැන් ගදකි………. තුහීට අපුලක් දැනුන බැවින් මුහුණ ඉවතට ගත්තාය…….
” කොච්චර කල් හෙව්වද තුහී ඇයි මාව දාලා ආවේ…….
” අනේ සාකේත්.අයියේ ඔයාට පිස්සුද කරුණා කරලා මට යන්න දෙන්න……
සාකේත් නැගිට්ටේ ඇය වෙතටඋපහාසාත්මක බැල්මක් හෙලමින්…….
” යන්න දෙන්න……………… හහ් යන්න දෙන්න නෙවේ යකෝ මං උඹ හොයා ගත්තේ……..අරෑගෙන් අයින් වෙන්නත් කලින් වෙන එකෙක් එක්ක මගුල් නටන්න ගත්තා නේද….. උඹට එහෙමපුළුවන් නම් මාත් එක්කත් ඉන්න පුළුවන් නේ නේද……..
සාකේත් ඇසුවේ තුහීගේ මුහුණ ඔහු දෙසට හරවාගෙන………..
” තමුසෙට ලැජ්ජාවක් නැද්ද මිනිහෝ…….. ශිටි විතරක්…..තමුසේ මහ තිරිසනෙක්……….. තිරිසනෙක්………
” ඔව් මං තිරිසනෙක් තමා…… උඹමයි මාව ඒ තත්වෙට පත් කලේ……. ඉස්කෝලෙ යන කාලේ ඉඳන්ම උඹ පස්සෙන් ආව මට කොකා පෙන්නලා උඹ යන්න ගියා මහාලොකු මස්සිනා එක්ක………. ඒකා උඹව අත්හැරියම ඒත් කමක් නෑ කියලා මං උඹ ගාවට එන්න ඇහුවම මට ගෙම්බර් දාලා උඹ ආයෙත් පැනල ගියා…… ගිහින් ආයෙම එකෙක් සෙට් කරගත්තා…… ඇයි බැ@#$ මගේ මොනාද අඩු……. ආ…… කියපන්…….
සාකේත් කිව්වේ ඇගේ මුහුණ තද කරගෙන අල්ලාගනිමින්……..
” දැනගනින්……. ඒ බබා කතන්දර දැන් ඉවරයි…….. රායිට්….. ලෑස්ති වෙයන්…… අද තමයි ඒ සුන්දර දවස…….. අනිත් උන් එක්ක ඉන්නවා නම් මං එක්කත් එක රැයක් ඉන්න උඹට පුළුවන්නේ….. ලෑස්ති වෙයන්……… මං එනවා තව පැය දෙකකින්……….
සාකේත් පිටව යද්දි වෙලාව සවස පහ පමණ විය………. තුහින්‍යා දෙවියන් යදිමින් හඬා වැටුනත් ඇගේ හඬ අසන්නට කිසිවෙකු නොවීය……. ඇය ලෝක පාලන දෙවිවරුන්ටත් කෝටියක් දෙවිවරුව්ටත් යදින්නට වූයේ ඇගේ ජීවිතය නොව අැගේ කුස තුල වැඩෙන දරුවාගේ ජීවිතයයි…………
” අනේ දෙවියනේ…….අපිව ආරක්ෂා කරන්න….. අපිව ආරක්ෂා කරන්න………
තුහින්‍යාට තෙහෙට්ටුවට එහෙමම නින්ද ගියේය……… දැඩි ශීතලත් වේදනාවත් නිරාහාරව සිටීමෙන් දැනුන අප්‍රාණික ගතියත් නිසා ඇය බොහෝ දුර්වල වී සිටියාය………….
💫💫💫💫💫💫💫💫💫💫💫
සෙහන්ස්‍යා භූමිට ඇමතුමක් ගත්තේ තවමත් කිසිඳු තොරතුරක් දැනගන්නට නොලෑබුණු හෙයින්……. අම්මාත් අප්පච්චිත් ඉන්නේ ඇඬු කඳුලින්….. රන්ජන් සමරවික්‍රම හා ඔහුගේ බිරිදත් නන්දිතා ත් ගිහන්ස්යාත් තුහින්‍යාගේ නිවසට පැමිණ සිටි අතර දුවීන්යත් හේෂරත් භූමි සොයා යන්නට විය…….. එමෙන්ම තුහින්‍යා මවක් වන්නට යන බව තවදුරටත් රහසක් නොවීය………….
” හෙලෝ අයියා
” හංසයා…….. තාම තොරතුරක් නෑ……
” අනේ අයිය අක්කගේ බබා…….???
සෙහන්ස්‍යා හඬන්නට විය……. නූපන් සිඟිති දරුවා වෙනුවෙන් ඇය මැවූ හීන තුහින්‍යා මැවූ සිහිනයන්ටත් වඩා වැඩිය……….
” චූටි නංගි අඬන්න එපා……. කට්ටිය බලාගන්නකො…….. මං ආයෙ ගන්නම්….
කොච්චර සාමාන්‍ය ලෙස භූමි කතා කලද ඔහු ඉන්නේ ඉමහත් කැලඹීමෙන් හා වේදනාවෙනි……. ඔවුන් තාමත් සොයා යන්නේ වේදේශ් වුවත් සාකේත් යනු ඔහු කිසිදා නොදුටු භයානක සතුරෙකි……..
භූමි ඇතුළු පිරිස පට්ට්පොල දෙසට යන්නට වූ අතර සාකේත් තවත් මිතුරන් පිරිසක් සමගින් යලිත් තිප්පලට පැමිණියේ බමණ මතිනි…….. එයිනුත් නොනැවතුන ඔහු මිතුරන් සමගින් යලිත් මත්පැන් පානය කරන්නට විය…….
” මේකි ඉටි රූපෙ වගේ බං චමියා…….. උඹටත් ආසා හිතෙයි……
සාකේත් කීවේ වැනෙමින්………. සාකේත්ගේ හිත කාමයේ මරු විකලෙන් සිටි බැවින් ඔහුට මේ නෑදෑකම් සහෝදරකම් දෑසට පෙනුනේ නැත……… අහිංසක තරුණියක් විනාශ කිරීමට ඔවුන් පිඹුරුපත් අදිමින් සිටියහ…… දික්කසාද ගැහැහැණියක් දෙස බොහෝ පිරිමින් බලන්නේ ඔය කෝණයෙන්ය……. සමස්ථ සමාජයෙන් වැඩි හරියක්ම අඅයට ලබාදෙන්නේ නරක නාමයක්ය…. එසේ වන්නට ගැහැණුන්ගෙන් සිදුවන වැරදිත් නැතුවාම නොවේ….. එනමුත් ඔය දික්කසාද වන කාන්තාවන් අතරින් වැරදි නොකරන නිවැරදි ගැහැණුන්ද සිටිති………. දික්කසාද වන සියළුම කාන්තාවන් දෙස එකම දෘෂ්ඨි කෝණයකින් බැලීම කිසිසේත් නොකල යුතුය………. තුහින්යාද එවන් වෙනස්ම පිවිතුරු මලකි…….. ආදරණීය හිතක ආදරය ලැබිය යුතු කෙනෙකි…… එක් වරකි ජීවිතය වැරදුනා කියා ඒ ඔස්සේම ජීවිතය අඳුරු කරගත යුතු නැත…… හැම කෙනෙක්ම සතුටින් ජීවත් විය යුතුය…… එබැවින් ඔවුන්ට වැටහෙන අයුරින් නිවැරදි දේ සිදු කිරීමේ වරදක් නැති බව සිතේ…………
” තොප්..පි…….පි….. හිටපියව් මමයි යන්නේ ඉස්සරලාම…….
සාකේත්ට නැගිටගන්නවත් පණක් නැත…….. ඔහු යලිත් වාඩි වූයේ අසල පුටුවත් අල්ලා ගනිමින්………
පට්ටිපොළ දෙසට ධාවනය වන පොලිස් වාහනයත් භූමිගේ වාහනයත් ලං ලංව ගමන් ගත්හ…….. එක්වරම අපරාධ විර්ශණ අංශයේ නිළධාරි නුවන් හට ඇමතුමක් ආවේ නන්නාඳුනන අංකයකින්……….
” පොඩ්ඩක් නවත්තන්න………
ඔහු අතින් සංඥා කරමින් ඇමතුම සම්බන්ධ කරගත්තේය………
“හෙලෝ………..
…………… …………….
” What………????
Ok ok
හරි ස්තූතියි දක්වපු සහයෝගයට අපි ඉක්මනින් එනවා………….
නුවන්ගේ මුහුණේ යලිත් බලාපොරොත්තු දැල්වී තිබුණි…… ඔහු භූමිට යලිත් ඇමතුමක් ගත්තේය…….
” භූමි…………. තව ටිකක් ගිහාම පාළු ෆාම් හවුස් එකක් හම්බවෙනවා…… එතන තමයි කට්ටිය ඉන්නේ ඉක්මනින් යමු…….. තුහී ඉන්නවා….. මට එතන ළඟ ගෙදර කෙනෙකි මේ කතා කලේ…….
නුවන් කියද්දි භූමිගේ හද තුළ නැගුනේ සැනසුම් සුසුමකි……….
💫💫💫💫💫💫💫💫💫
විසිවෙමින් බිත්ති අල්ලමින් සාකේත් තුහින්‍යා සිටින කාමරයට ආවේ….. රාගයෙන් රතුකරගත් නෙත් වලින් ඇය දෙස ගිජු බැල්මක් හෙලමින්………
❤️️••••මතු සම්බන්ධයි••••❤️