“සමාධි ඇයි එයාගෙ අම්මට වෛ / ර කරන්නෙ?…”

මාලක අනෝමාගෙන් එහෙම ඇහුවා.නමුත් ඇයට සත්‍යය සිද්දිය පවසන්න බැහැ.කුමක් හෝ බොරුවක් කිව යුතු යැයි අනෝමා කල්පනා කරා.එකපාරටම මාලකගේ ජංගම දුරකථනයට ඔහුගේ මිතුරෙකුගෙන් ඇමතුමක් ආවා.ඒ ඇසිල්ලේම අනෝමා කුස්සියට ගියා.

මාලක විනාඩි කිහිපයකට පසුව ෆෝන් එක කට් කරලා බලද්දි අනෝමා ළඟ හිටියෙ නැහැ.ඇය මුළුතැන්ගෙට යන්නට ඇති කියල ඔහු හිතුවා.

ගෑ/ණි පැන ගත්තනෙ.මෙතන මොකක් හරි රහසක් තියනවා.අනෝමා මොනවා හරිම දෙයක් මගෙන් හංගනවා.මෙච්චර දේවල් කියලත් අනෝමා මට කිව්වෙ නැහැනෙ සමාධිගෙ අම්මගෙ නම ගමවත්.

සමාධි එයාගෙ තාත්තා කව්ද කියලා දන්නෑ කියන්නෙ බොරුවක් වෙන්න ඕනි.ප්‍රදීපුයි සමාධියි මෙහෙ ආවෙ නිකන් නෙවෙයි.මේ දෙන්නගෙ මොකක් හරි යටිකූට්ටු අරමුණක් තියනවා.

“මනුලි මැඩම් ආවෙ නැද්ද නැන්දෙ?…”

මනුලි මැඩම්ගෙන් කෝල් එකක්වත් ආවෙ නැති නිසා මං හවස් වෙද්දි ගෙදරට ගියා.දුව පේන්නවත් හිටියෙ නැති නිසා එයා නිදි ඇති කියලා හිතාගෙන මං කුස්සියට ගියා. අනෝමා නැන්දා රෑට කෑම හදනවා.

“අද මනුලි මැඩම් බේබිත් එක්ක එයාලගෙ අම්මගෙ ගෙදර නවතිනවා කියලා ඇමතිතුමාට කෝල් එකක් දීලා තිබුනා දුවේ…”

“බේබි නැතුව මට හරිම පාළුයි නැන්දෙ…”

මං කැරට් අලයක් හප හපා පුටුවකින් වාඩි උනා.වෙනදා මේ වෙලාවට මං කාලය ගත කරන්නෙ මගෙ ආරණ්‍යාත් එක්ක.මගෙ පුංචි රෝස බෝනික්කිව නැතුව අද මට ගොඩාක් පාළුයි.මගෙ මැණික හිටියා නම් මේ වෙනකොට මොනවා හරි කියව කියව ඉන්න තිබුනා.

“දුක් වෙන්න එපා දුවේ.මැඩම් හෙට උදෙන්ම බේබිවත් අරන් ගෙදර එයි…”

“ඇයි නැන්දෙ බේබි දැන් මොන්ටිසෝරි යන්නෙ නැත්තෙ?මනුලි මැඩම්ගෙන් අහන්නත් බයයි එයා බනියි කියලා…”

“බේබිව අවුරුදු හතරෙන්නෙ දුවේ මොන්ටිසෝරි දැම්මෙ.පහුගිය කාලෙ බේබි ටිකක් අසනීපත් උනානෙ.ඇමතිතුමා කිව්වා අවුරුදු පහෙන්ම මොන්ටිසෝරි යවමු කියලා…”

ඒකත් හොඳයි.දැන්ම තියා දුව ගොඩක් මහන්සි උනාම එයාව ආයෙමත් එයාව අසනීප උනොත් එහෙම.ඒ නිසා ලබන අවුරුද්දෙ ඉඳන් මොන්ටිසෝරි යන එක හොඳයි.

“මං මේ කිරි එක ඇමතිතුමාට දීලා එන්නම්. දුව එතකල් ඔහොම ඉන්නකො…”

“අනේ නැන්දෙ ඇමතිතුමා මාව ඇහුවොත් නැන්දා කියන්න මාව දැක්කෙ නෑ කියන්න…”

මං එකපාරටම එහෙම කියද්දි අනෝමා නැන්දා හිනා උනා.ඒත් මට නම් හරිම බයයි. මනුලි මැඩමුත් අද ගෙදර එන්නෑලු.තේනුක මහත්තයත් මොකක්දෝ වැඩකට එලියට ගිහින් තවම ගෙදර ආවෙ නැහැ.ආයෙත් මාලක මට කතා කරොත් එහෙම මම නම් උ/ගෙ කාමරේ පැත්ත පලාතකටවත් යන්නෑ.

“දුව බය නොවී ඉන්නකො.ඇමතිතුමා ආයෙ කවදාවත් දුවට කරදර කරන්න හදන්නෑ. දුවට මාව විශ්වාසයි නේද?…”

අනෝමා නැන්දා කිරි එක ට්‍රේ එකේ තියාගෙන මගේ පැත්තට හැරුනා.අනෝමා නැන්දා එහෙම කිව්වට මං කොහොමද බය නොවී ඉන්නෙ.ඔය වගේ මිනිස්සු සත පහකට විශ්වාස කරන්න හොඳ නෑ.

“මට නැන්දව විශ්වාසයි.ඒත් ඇමතිව විශ්වාස නැහැ.එයා එදා ප්‍රදීප්ට තර්ජනේ කරා ඒ ගහපු එකට කොහොම හරි ප / ලි ගන්නවා කියලා..”

“කවදාවත් එහෙම දෙයක් වෙන්නෑ දුව. ඔයාලා දෙන්නගෙන් කාටවත්ම ඇමතිතුමාගෙන් කිසිම ප්‍රශ්නයක් වෙන්නෑ කියලා මට දිවුරලා පොරොන්දු වෙන්න පුලුවන්…”

අනෝමා නැන්දා කිරි එකත් අරගෙන උඩට ගියා.මගෙ හිතට අමුත්තක් දැනුනා.එයා කොහොමද එච්චර ලොකු විශ්වාසෙකින් කියන්නෙ ඇමතිතුමාගෙන් මටවත් තේනුක මහත්තයටවත් කිසිම කරදරයක් වෙන්නෑ කියලා?

අනෝමා ආපහු කුස්සියට එද්දි චේතනා හිටියෙ ලොකු කල්පනාවක.ඇය කල්පනා කරන දේ අනෝමා දන්නවා.

“දුව කල්පනා කරන්නෙ මං කියපු දේ ගැන නේද?…”

“ඔව් නැන්දෙ.නැන්දා කොහොමද එච්චර ලොකු විශ්වාසෙකින් කියන්නෙ ඇමතිතුමාගෙන් මටවත් ප්‍රදීප්ටවත් කිසිම අනතුරක් වෙන්නෑ කියලා?…”

“ඇමතිතුමා එදා මට එහෙම පොරොන්දු උනා දුව.එයා ඉපදිච්ච දවසෙ ඉඳන් මංනෙ බලාගත්තෙ.ඉතින් මං කියන දේ අහනවා…”

“ඔය වගේ දේශපාලකයො කවදාවත් එයාලා මිනිස්සුන්ට දෙන පොරොන්දු ඉශ්ඨ කරන්නෑ නැන්දෙ.එයාලා දන්නෙ බොරු පොරොන්දු දිදී මිනිස්සුන්ව රවට්ටන්න විතරයි.අවුරුදු ගානක් මේ ගෙදර ඉඳලත් නැන්දට ඒක තේරුම් ගන්න බැරිද?…”

මං කෙලින්ම ඇහුවා.අනෝමා නැන්දා මට උත්තරයක් නොදී හාල් ටික හෝදන්න ගත්තා.මං අහපු ප්‍රශ්නෙට එයාට දෙන්න උත්තරයක් නැහැ.මාලක එයාගෙ බොස්.මං ආරණ්‍යාව බලා ගන්න ආපු වැඩකාරි. මාලකගෙ පැත්ත ගන්නවා වෙනුවට අනෝමා නැන්දා කවදාවත් මගේ පැත්ත ගන්නෙ නෑ.

“මං කාමරේට යනවා නැන්දෙ.බේබි අද එන්නැති නිසා මට කරන්න කියලා වැඩකුත් නෑනෙ…”

“හා දුවේ…”

චේතනා මිදුලට බැහැලා නිකමට වගේ වටපිට බලලා උඩ බලද්දි නිවසේ උඩු මහලේ බැල්කනියෙ ඉඳන් මාලක ඇය දිහා බලන් ඉන්නවා ඇය දැක්කා.ඉන් බියට පත් වූ චේතනා පසු නොබලා එක පිම්මේම දුවගෙන ගියා.ඒ දුවගෙන ගිය පාරට ඇය නැවතුනේ කාමරේ දොරකඩිනුයි.

මාලකට හිනා ඇය තමාව දැකලා බියවී දුවගෙන ගිය ආකාරයට.

පි/ස්/සු කෙල්ල මාව දැකලා බය වෙලා දුවගෙන ගිය පාරට සුසන්තිකාගෙ රෙකෝඩ් එකත් කැඩුවා වගේ.

මාලක හිනා වෙවී කාමරේට ආවා.අල්මාරිය ඇරලා ඔහු අතට ගත්තෙ තමාගේ කුඩා කල සිට චායාරූප දැමූ ඇල්බම් එක.එහි තමා මාස එකහමාරේදී පමණ ගත් චායාරූපත් පළමු උපන්දිනයේ සිට ඉන් පසුව එළඹෙන සෑම උපන්දිනයකදීම ගත් චායාරූප එහි අඩංගු වේ.

ඔහු ඒ සියල්ල දෙසම මහත් ඕනෑකමින් බැලුවා.එහි තමා තම මවටත් පියාටත් මැදිව ඔවුන්ගේ ආදරය නොඅඩුව ලබයි.එක් චායාරූපයක මවත් පියාත් තමාගේ කම්මුල් සි/ප ගනියි.තවත් චායාරූපයක පියා තමාව සතුටින් බදාගෙන සිටියි.

ඩැඩීට තිබුනෙ එදා සමාධිවත් අපි ගාවට ගන්න.එහෙම කරා නම් මගෙ මමී එයාට හොඳ අම්මා කෙනෙක් වෙයි.හරියට මනුලි ආරණ්‍යාට ආදරේ කරනවා වගේ.පව් කෙ/ල්ල කවදාවත් තාත්තා කෙනෙකුගෙ ආදරේ උණුහුම ලබලා නැහැ.

ඇල්බමයේ ඇති චායාරූප දෙස බලමින් මාලක එහෙම හිතුවා.සමාධි තමාගේ නැගණිය බව දැනගත් මොහොතේ පටන් මාලකගේ හිත ඔහුටත් හිතාගන්නට නොහැකි ලෙස වෙනස් උනා.සමාධි කෙරෙහි කා / මු / ක රා / ගී හැඟීම් වලින් පිරී තිබූ ඔහුගේ සිතෙහි සහෝදර සෙනෙහස දළු ලා වැඩුනා.

මං ඒ කාලෙ කොච්චර දුකින්ද හිටියෙ මට මල්ලියෙක් හරි නංගියෙක් හරි නැති එකට. කොලේජ් එකේ හැමෝටම වගේ අක්කලා, අයියලා,නංගිලා,මල්ලිලා හිටියා.මට විතරයි ඒ කිසිම කෙනෙක් හිටියෙ නැත්තෙ.දෙවියො මං කියපු දේ අහලා මට මගෙ සහෝදරීව මුණ ගස්සලා තියෙන්නෙ අවුරුදු ගානකට පස්සෙ.

සමහර විට එදා ඩැඩී කැමැත්තෙන් ඉන්න ඇති සමාධිව හදාගන්න.ඒත් සමාධිගෙ අම්මා කැමති වෙන්න නැතුව ඇති සමාධිව ඩැඩීට දෙන්න.

රෑ අටට විතර මාලක චේතනායි තේනුක ඉන්න කාමරේ ගාවට ඇවිත් දොරට තට්ටු කරා.ඔහු දන්නවා ඒ වෙලාවෙ තේනුක ගෙදර ඉන්න බව.

“මේ වෙලාවෙ කව්ද ආවෙ?අද මනුලි මැඩමුත් ගෙදර නෑනෙ…”

මං ගිහින් දොර අරින්න හදද්දි තේනුක මහත්තයා මගෙ අතින් ඇද්දා.රෑට කවුරු හරි ඇවිත් මෙහෙම දොරට තට්ටු කරද්දි බයත් හිතෙනවා මට.

“ඔහොම ඉන්නවා මං බලන්නම්…”

තේනුක මහත්තයා ගිහින් දොර අරිද්දි එකපාරටම කාමරේට ඇතුල් උනේ මාලක. මගෙ ඇඟත් වෙව්ලන්න ගත්තා.මට ඉබේටම බැලුනෙ දොර දිහා.මාලක ඇවිත් තියෙන්නෙ තනියමද දන්නෑ.

තේනුක මහත්තයා මාව වැහෙන්න මගෙ ඉස්සරහ හිට ගත්තා.එදා මාලක, තේනුක මහත්තයගෙන් ප / ලි ගන්නවා කියලා තර්ජනේ කරපු එක මට මැවි මැවි පේන්න ගත්තා.

“මොකටද ආවෙ?…”

ඒත් මාලක නිහඬයි.එයා මගෙ දිහා බලලා කාමරේ බිත්ති දිහා බලාගෙන කල්පනා කරන්න ගත්තා.ඔහොම සද්දෙ නැතුව ඉඳලා එකපාරටම මොනවා කරන්න හදනවද දන්නෑ.ඉනේ පි /ස්/තෝ/ල/ය/ක්/ව/ත් හංගගෙන ඉන්නවද දන්නෑ.

“ඇයි කතා කරන්න බැරි ගො ළු ද?මොකටද ආවෙ?…”

තේනුක මහත්තයා ආයෙමත් ඇහුවා.මට බයේ බෑ.ටික වෙලාවකින් මාලක කාමරේ තිබ්බ පුටුව ඇදලා අරන් වාඩි උනා.අපි දෙන්නටත් ඇඳෙන් වාඩි වෙන්න කිව්වා.

“මුලින්ම කියන්න ඕනි මගෙන් මීට පස්සෙ ඔයාලා දෙන්නගෙන් කාටවත්ම කිසිම කරදරයක් වෙන්නෑ.සමාධි අයැම් වෙරි සොරි එදා මගෙන් ඔයාට සිද්ද වෙන්න ගිය දේට. ඇත්තටම එදා මට ඕනි දේ සිද්ද උනා නම් ඔයා නෙවෙයි මමයි මුලින්ම ජීවිතේ නැති කරගන්නෙ.මට සමාවෙන්න සමාධි…”

මට ඉබේටම වගේ බැලුනෙ තේනුක මහත්තයගෙ මුහුණ දිහා.එයත් මගෙ මූණ දිහා බැලුවා.මාලක අද ඇඳේ වැරදි පැත්තෙන්වත් නැගිටලාද?එහෙම නැත්නම් එයා ඊගාවට මේ මොකාටද එන්න ලෑස්ති වෙන්නෙ?චන්දෙත් අත ළඟටම ආපු නිසා මේක මාලකගෙ රඟපෑමක්ද?

මට එක එක නානප්‍රකාර දේවල් මතකයට නැගුනා.මාලක හැසිරීම මට මහ පුදුමයක් උනා.මට විතරක් නෙවෙයි තේනුක මහත්තයටත් ඒක පුදුමයක් වෙන්න ඇති.

“මිස්ටර් මාලක මේ මොකාටද එන්න හදන්නෙ?ඇමතිවරු කොච්චර වැරදි කරත් ඒ වැරදි වලට කාගෙන්වත් කවදාවත් සමාව ඉල්ලන්නෑනෙ.ඇයි මේ අපෙන් සමාව ඉල්ලන්නෙ?…”

කට කොනකින් හිනා වෙලා තේනුක මහත්තයා එහෙම අහද්දි මාලකගෙ මුහුණ කේන්තියෙන් පිරෙනවා වෙනුවට යම්කිසි අපහසුතාවයක් පෙනුනා.පුදුමයි මාලකගෙ මේ හැසිරීම තවත් මට.

“ඔයාලා දෙන්නත් එක්ක මේ කතා කරන්නෙ ඇමති කෙනෙක් කියන එක මුලින්ම අමතක කරන්න ප්‍රදීප්…”

“එහෙනම් අපි ඔබතුමා කවුරු කියලද හිතන්න ඕනි?…”

“සහෝදරයෙක් කියලා හිතන්න පුලුවන්ද?…”

තේනුක මහත්තයා එකපාරටම බකස් හයියෙන් ගාලා හිනා උනා.ඒත් මාලක හිනා උනේවත් කේන්ති ගත්තෙවත් නැහැ. කලකිරීමකින් වගේ තේනුක මහත්තයා දිහා බලාගෙන හිටියා.

“සහෝදරයෙක්??…. ඔබතුමාට පි/ස්/සු හැදීගෙන එනවද?ඔබතුමා වගේ සහෝදරයො මේ ලෝකෙ කාටවත්ම ලැබෙන්න හොඳ නෑ.සහෝදරියක් හිටියා නම් තේරුම් ගනියි ගෑණු ළමේකුගෙ ජීවිතේ තියන වටිනාකම…”

“නෑ ප්‍රදීප්.සහෝදරියක් හිටියත් නැතත් මේ වගේ මිනිස්සු කවදාවත් ගෑණු කෙනෙකුට ගරු කරන්න ඉගන ගන්නෑ.මේ වගේ ජ /රා හිත් තියන මිනිස්සු ගෑණු ළමයින්ව දකින්නෙ සෙල්ලම් බඩු ගානට.සල්ලි වලට ඕනිම දෙයක් කරන්න පුලුවන් කියලා මෙයාලා හිතන්නෙ.එයාලගෙ සල්ලි වලට හැම ගෑ/ණි/ම නැවෙන්නෑ.මාවත් මෙයා සල්ලි වලට ගන්නයි බැලුවෙ.ඒක කරගන්න බැරුව ගිය තැන තමයි මාව අ/නා/ථ කරන්න හැදුවෙ…”

මාලකගෙ දැඩි නිශ්ෂබ්ද බවිනුයි හැසිරීමෙනුයි මට ලොකු ධෛර්යක් ලැබුනා. මං කියපුවා මාලක අහගෙන හිටියෙ හරිම අසරණ ලීලාවෙන්.මාලකට ඇත්තටම අද මොනවද මේ වෙලා තියෙන්නෙ කියලා මට නම් හිතාගන්නම බැහැ.

“ඒක ඇත්ත සමාධි.කරුණාකරලා ඔබතුමා ආපු කාරණාව කියලා කාමරෙන් යන්න. ලැජ්ජ නැද්ද මෙහෙම වැඩකාරයොත් එක්ක එකට වාඩි වෙලා ඉන්න?…”

“අයියා කෙනෙක් තමන්ගෙ නංගිව බලන්න එන එක ලැජ්ජාවක්ද ප්‍රදීප්?…”

“මොකක්?…. මොකක්ද ඒ කතාවෙ තේරුම?…”

“කෙටියෙන්ම කියන්නම්.සමාධි කියන්නෙ මගෙ නංගි ප්‍රදීප්.ඔයා මගෙ මස්සිනා.ඒක මං දැනගත්තෙ දැන් ටික දවසකට කලින්…”

අපි දෙන්නා මූණට මූණ බලාගෙන ඉන්නවා. මට නම් මේ මොකුත් තේරෙන්නෑ.නිකන් කරකවලා අතෑරියා වගේ.මාලක මොනවද මේ කියවන්නෙ?එයාගෙ ඔලුව හොඳ නැති වීගෙන එනවද?

“ඔබතුමා මොනවද මේ කියවන්නෙ?ඔලුව වැදුනද කොහේ හරි?මගෙ බිරිඳ කොහොමද ඔබතුමාගෙ නංගි වෙන්නෙ?…”

“ඔයාලා මුලින්ම මං ඇමති කෙනෙක් කියන එක අමතක කරලා මේ ගැන හිතන්න ප්‍රදීප්. එතකොට ඔයාට මාව විශ්වාස කරන්න පුලුවන්.මං මේ බොරු නෙවෙයි කියන්නෙ. මමයි සමාධියි අම්මලා දෙන්නෙකුගෙ උනාට අපි දෙන්නා එකම තාත්තගෙ දරුවො. සේනක විජේවර්ධන කියන්නෙ අපි දෙන්නගෙම තාත්තා.

ඒ කතාව මට කිව්වෙ අනෝමා.ඒත් මං ඒක විශ්වාස කරේ නැහැ.ඒත් ඩීඑන්ඒ ටෙස්ට් එකෙන් ඔප්පු උනා අපි දෙන්නා සහෝදරයො කියලා.ඔයා ඔයාගෙ අම්මට වෛ / ර කරනවා කියලා අනෝමා මට කිව්වා.ඒත් ඒ ඇයි කියලා අනෝමා මට කිව්වෙ නැහැ…”

මාලක කියපු දේවල් චේතනා අහගෙන හිටියෙ හීනෙන් වගේ.ඇගේ හිත පුරාම විවිධාකාර සිතුවිලි සැරිසරන්නට උනා.ඔහු තමන්ගෙ සහෝදරයා කියලා හිතද්දි ඇගේ හිතට දැනුනු දේ බොහොමයි.ඇය සිහිනෙකින්වත් එවැනි දෙයක් බලාපොරොත්තු උනේ නැහැ.

“දෙමව්පියන්ගෙ වැරදි වලට අපි ප/ලි නෑ නංගි…”

මාලක තමාට නංගි කියද්දි චේතනාගෙ හිතට අමුත්තක් දැනුනා.ඒ ඇමතුම ඇයට නුහුරු නිසා.ඇමතිවරයෙක් උනත් මාලක හැසිරුනේ උතුම් හදවතක් ඇති ආදරණීය සහෝදරයෙකු ලෙසයි.

“මගෙන් ඔයාට ගොඩක් වැරදි සිද්ද උනා නංගි.ඒකට මට සමාවෙන්න.දෙමව්පියන්ගෙ වැරදි නිසා ඔයාට කවදාවත් තාත්තගෙ ආදරේ රැකවරණය ලැබුනෙ නැහැ.අම්මාගෙ ආදරේ උනත් නිවැරැදි විදියට ඔයාට නොලැබෙන්න ඇති කියලා මට හිතෙනවා. පරන දේවල් සේරම අමතක කරලා දාන්න. එකම සහෝදරයා විදියට මං ඔයාට ලස්සන අනාගතයක් ලබලා දෙනවා.ඒක මගෙ යුතුකමක්.නංගිට මොනවද ඕනි මගෙන්?…”

චේතනාගෙ හිත නලියන්න උනා.ඒ පුංචි ආරණ්‍යාව සිහිපත් වෙලා.මාලකගෙන් ඉල්ලනවා නම් ඉල්ලන්න තියෙන්නෙ තමන්ගෙ දරුවව විතරයි.ඊට වඩා වෙන කිසිම දෙයක් ඇයට ඕන්නෑ.

“නංගි මාත් එක්ක තරහ වෙන්න එපා.මේ කතා කරන්නෙ ඔයාගෙ එකම සහෝදරයා. නංගි ඉල්ලන ඕනිම දෙයක් මං දෙනවා.මගේ එකම සහෝදරී වෙනුවෙන් මට කරන්න බැරි දෙයක් නැහැ…”

මාලක චේතනාගෙ අත් දෙකම අල්ල ගත්තා.මේ එලඹිලා තියෙන්නෙ තීරණාත්මක මොහොතක් බව ඇයට දැනුනා.ඇගේ දෙනෙත් ඉබේම හැරුනේ තේනුක දිහාවට. මාලකගෙන් ආරණ්‍යාව ඉල්ලන්න තම දෙතොල් සොලවෙන්නට තේනුකගේ අවසරයත් ඇයට ඕනෑ වුනා.

“නංගි ඉල්ලන ඕනිම දෙයක් ඔයා දෙනවද?…”

තේනුක මාලකගෙන් ඇහුවා.

“ඔව් ප්‍රදීප්.මං මගෙ නංගිට එයා ඉල්ලන ඕනිම දෙයක් දෙනවා.මෙයාට දෙන්න බැරි දෙයක් මං ගාව නැහැ…”

“එහෙනම් ඔයාගෙ හිතේ තියන දේ අයියගෙන් ඉල්ලන්න චේතනා…”

“චේතනා???…”

මාලක ඇහුවෙ පුදුමයෙන් වගේ.ඔහු චේතනාව දන්නෙ සමාධි ලෙසයි.

“ඔව් සර්.මෙයා සමාධි නෙවෙයි චේතනා.මං ප්‍රදීප් නෙවෙයි තේනුක.අපි සර්ට අපේ ඇත්ත නම් කිව්වෙ නැහැ.ඒකට ලොකු හේතුවක් තියනවා.අපි මෙහාට ආවෙ ලොකු අරමුණකට…”

“මොකක්ද ඒ?…”

“ඒ අරමුණයි ඔයාගෙ නංගි ඔයාගෙන් ඉල්ලන්න ලෑස්ති වෙන දේයි දෙකම එකයි සර්…”

“හරි කියන්න.මගෙ නංගිට මං ඕනිම දෙයක් දෙනවා…”

මතු සම්බන්දයි.

හොඳම හරියෙන් නැවැත්තුවම හරිම ශෝක් නේද?😁😊

බෝනස් කොටසක් ඕනි නම් ඉක්මනට 3K ලයික් දෙන්න