මලක්දෝ නුඹ අරලියා 🌸🌿
🌿විසි පස්වෙනි කොටස🌿
🌹 අයින්වෙලා හිටපන් මගෙන්…… ලඟට ආවොත් බලාගෙනයි…………
වන්දනා…… සිටි තැනින් මදක් ඉවත් වුනේ අශේන් දිහාට පිලිකුල් සහගත බැල්මක් හෙලලා…..
🌿 උඹ කොහොමද යකෝ… මට එහෙම කියන්නේ………… හරි ගනන් නේද උඹේ………. මං අද ගනන් බස්සන්නම්……..
අශේන් ඇයව ඇඳට තල්ලු කලේය…….. ඉන්පසු දෑතම ඇඳ විට්ටමේ ගැට ගැසුවේ වන්දනා එල්ල කරන පහරවල්ද දරාගනිම්නි…………. අවසානයේ ඔහු වන්දනාගේ කම්මුලට වැරෙන් පහරක් ගැසුවේය…………. ඇය එහෙමම නිසල විය…………. දෑස් නිලංකාර වී යනු දැනුනි……………. මද වේලාවකින් යලිත් දෑස අරින විට ඇය දුටුවෙ අශේන් ඇගේ ඇඳුම් ඉවත් කරන්නට දරණ උත් සාහයයි……… නමුත් පිටතින් උස් ව ඇසෙන හඬ අශේන්ගේ යහළුවන්ගේ නොවන බව නම් වන්දනා හට තේරුණි…… එනිසාම ඇය පුළුවන් තරම් හයියෙන් කෑ කෑ ගැසුවාය……….
🌹 මාව බේරගන්න….. කවුරැ හරි එළියෙ ඉන්කවාද……. අනේ……..
🌿 කට වහපන් ….
අශේන් ඇයට යලිත් වැරෙන් පහරක් ගැසුවාය………………. එවිටම කාමරයේ දොර මහා හඬක් නගමින් විවර විය…………
වන්දනා කඳුළු අතරින් දුටුවේ රන්දයවයි…………….
🌹 සු..දු..අයි……..යා……………
වන්දනා සිහිසුන් වූවාය……….. රන්දය ඇයව සුරැකිව වාහනයෙන් තැබුවේය…….. අනෙක් පිරිස අපරාධකාරයින් අල්වා ගත්තෝය…………
🍃 සර්…………… සර් මැඩම්වත් එක්ක ඔය වාහනේ එන්න………..අපි……. මේකේ යන්නම්…………
රන්දය කෙල්ල එක්කම ආපහු නුවරට එන්න පටන් ගත්තා…… ඒ වෙද්දි වන්දනාට සිහිය ඇවිත් තිබුනේ……… හිස රිදෙන්න ගත්ත නිසා ඇස් දෙක එටහමම පියාගෙන හිටියා……… රව්දයති ඇයට කතා කලේ නෑ…….. ටික වේලාවකින් ඇය සීට් එකෙන් ටිකක් කෙලින් වෙලා රන්දය දිහා බැළුවා………..
❤️ චූටි…………..
🌹 ඔයාට පින් අයියේ මාව බේරගත්තට………
කෙල්ලට ඇඬුනත් එක්ක එහෙම කියනකොට…………
❤️ පිස්සියක් වගේ අඬන්නැතුව ඉන්නවා චූටි……..මං ඉන්නකම් ඔයාට මොනවත් වෙන්න මං ඉඩ තියන්නෑ………….
🌹 අයියේ……….
❤️ ම්ම්ම්ම්ම්…. කියන්න………
🌹 මේක අහන්නකො………..
කෙල්ල දැම්මේ ඇගේ දුරකතනයේ record වී ඇති හඬපටයක්………… ඒ එදා බීමතින් අශේන් හා යාළුවන් සම්මානිගේ ගණිකා මඩම ගැන කියූ දේවල්………….
❤️ වන්දු….. ඔයා නම් මාර කෙල්ලක්……..
වන්දනා ඒ අවස්ථාවත් අපතේ හැර නැත………… සිදුවූ අයහපතත් ඇය තම වාසියට හරවාගෙන තිබුණි…….. රන්දයට ඇය ගැන දැනුනේ ආඩම්බරයකි…………
රන්දයගේ දුරකතනය නාද විය….. එය කනේ ගසාගෙනම වාහනය පැදවිය නොහැකි බැවින් රන්දය අතරමඟ වාහනය නවත්වා ඇමතුම සම්බන්ධ කරගත්තේය……….
❤️ කුමාරසිරි කියන්න……..
🍃 සර් ඉස්සරහ හොදටම වැස්ස මීදුම පාරවල් පේන්නේ නෑ යන එක අවධානම්…… මොකද කරන්නේ………..
❤️ ටිකක් ඉන්න මං මෙහෙ OIC ට කතා කරන්නම්…..
එහෙම කියලා රන්දය ආපහු ඇමතුමක් ගත්තේ නුවරඑළියේ OIC සහන් අරඹේවෙලට…….
❤️ සහන් මං අත්අඩංගුවට ගත්තු අපරාධකාරයෝ තුන් දෙනෙක් ඉන්නවා……….. මේ තියන කාලගුණය එක්ක නුවරට යන එක අවධානම්…….. ඒ හින්දා මං අද උන්ව මෙහෙට භාරදෙන්නම්……. ok මං එහෙම කරන්නම්…………
යලිත් ඔහු කුමාරසිරිට ඇමතුම ගත්තේය…..
❤️ කුමා……… උන් ටික මෙහෙට භාරදෙන්න…… මං තව ටිකකින් එන්නම්….. ඔයාලත් අද මෙහෙ නවතින්න…….
🍃 සර්…. එතකොට මැඩම්
❤️ මං ඒකට මොකක් හරි කරන්නම්……..
ඇමතුම විසන්ධි කර ඔහු බැලුවේ වෙලාවයි……….. රාත්‍රි නවය හමාර සනිටුහන්ව තිබුණි………………..
❤️ වන්දනා…….. ඉස්සරහට යන්න බෑ නංගි………….. අපිට අද මෙහෙ ඉන්නම වෙනවා………………
වන්දනාද එය තේරුම් අරන් සිටියාය…………… වෙන කල හැකි දෙයක්ද නැත……….. ඇයට කොහොමත් රන්දයව විශ්වාසය……….
🌹අපි දැන් මොකද කරන්නේ…
❤️ අද ඉඳලා යන්න වෙනවා නංගි………….
🌹 කමක් නෑ අයියේ……..
❤️ ඔයාට මාව විශ්වාසයි නේද…………….
වන්දනා සිනාවෙන්ම හිස වැනුවේ ඔව් කියන්නටයි……… රන්දය වාහනය blue mountain තානායමට හැරවුවේය……… ඔවුන්ට හිමිවුනේ තරමක් ලොකු ඇඳක් ඇති කාමරයක්ය……. රන්දය ඉල්ලුවේ ඇඳන් දෙකක් ඇති කාමරයක් වුනත් එවැනි කාමරයක් සොයා ගත නොහැකි විය…………… කෙල්ලව කාමරයට ඇරලවා රන්ද පිටව ගියේය…….. ඔහු නැවතත් ආවේ දහය හමාරට පමණය ඒ වනතුරුත් වන්දනා ඔහේ ජනේලයෙන් එපිට බලාගෙන සිටියාය……… දැන් නම් වන්දනා සිටියේ අසාමාන්‍ය ලෙස බියට පත්වයි…………. ඔවුන්ට එරෙහිව සටන් කිරීම ආරම්භ කලත් එහි ඇති අවදානම ඇය වැටහෙන්නේ දැන්ය…….. නමුත් ඉදිරියට තැබූ පය ආපස්සට ගන්නටත් ඇය හිතක් නැත………….
❤️ චූටි නංගි……………
ඒ රන්දයගේ හඩයි ඇය ගොස් දොරටුව විවර කලාය…………..
❤️ ආ……… ඇඟ සොදගෙන මේක ඇඳගන්න…………..
වන්දනා ඉටි බෑග් එක අතට ගත්තේ රන්දය දිහා කෘතඥපුර්වක බැල්මක් හෙලලා…………. ඒත් රන්දයට වන්දනාගේ මේ සංවර කම දරාගන්න බැරිව හිටියේ………… වන්දනා තවම පරණ පුරුදු වාදිහට කතා කලේ නෑ……………. රන්දය ආපහු හැරිලා යන්න හදපු වන්දනාගේ අතින් ඇද්දේ කෙල්ල නොහිතපුම වෙලාවක නිසා සමබරතාවය ගිලිහුණු කෙල්ල රන්දයගේ පපුවේම එල්ලුනා………….
❤️ I am sorry වන්දනා…….මං ඒක හිතලා කරේ නෑ……. මං ආසා නෑ.ඔයා ඔය ඉන්න විදිහට………මං කැමති අර දඟ නපුරු කටකාර කෙල්ලට මාත් එක්ක හඅම වෙලාවෙම රණ්ඩු වුන කෙල්ලට…….. මං දන්නවා ඔයා දැන් හුඟක් බය වෙලා ඉන්නේ කියලා……. කිසි දේකට බය වෙන්න ඕනි නෑ……මං ඉන්නකම්……. හාද………… අනික මට ඔයා එක්ක ටිකක් කතා කරන්නත් ඕනි……. අදම……. ඉක්මනින් යන්නකෝ……. නාන්න එපා හරිද………..
කෙල්ල හිස වනලා ආයෙම bathroom එකට ගියේ රන්දය දෙස තවත් පාරක් බලලමයි…….. වන්දනාගේ හිතේ ඇති වෙච්ච බයයි තැති ගැන්මයි නැති වෙලා ගිහින් තිබුනේ ඒ වගේම ඇගේ හිත පුරාම රන්දය ගැන ආදරයකුත් කියාගන්ව බැරි තරම් ගෞරවයකුයි තිබුනා……….
රන්දය නාගෙන ආවේ room service එකට කතා කරලා තේ දෙකකුයි සැන්විච් ටිකකුයි ඕර්ඩර් කරලා…….. බැල්කනියේ වන්දනා වාඩි වෙලා හිටිය තැනින් ගිහින් රන්දය වාඩි වුනේ සීතලේ ගල් ගැහිලා තිබුණු වන්දනාගේ අතක් ඔහුගේ අතට ගුලි කරගනිමිනි………. ඇගිලි තුඩු වල සිට හදවත දක්වා විදුලියක් ගමන් කලා සේ ඇයට දැනුනි……………
❤️ වන්දු…….. මට හුඟක් ලස්සනට කතා කරන්න නම් බෑ……….. ඒකට මං දක්ෂ නෑ……….. මං දන්නවා මං කියන්න යන දේ ඔයාට දැනටමත් තේරිලා ඇති…… මේකයි……… මං……… මං… ඔයාට ආදරෙයි නංගි…………එ්ක මං ඔයා මගේ නෑනා නිසා ඇති වෙච්ච දෙයක් නෙවේ…. මං හුඟක් හිතලා බලලා ගත්ත තීරණයක් ඒක……..
🌹 හ්ම්ම්ම්ම්ම්…… ඒක ඔවා.තීරණය කලාට අයියේ…. ඔයාගේ තීරණය අම්මාගේ කැමැත්ත නෙවෙන්න පුළුවන් නේද….. මට තේරුන විදිහට නම් අම්මා ඔයාට දැනටමත් කෙනෙක් select කරලා ඉවරයි………….
❤️ ඒක ඇත්ත වන්දනා…….. ඒ මං තාම කෙල්ලක් ගැන ගෙදරට නොකියන හින්දා…………. අම්මා මේක ඇහුවම කැමති වෙයි…… මට විශ්වාසයි……. මට ඕනෙ ඔයාගේ උත්තරේ……. මං හිතනවා ඔයත් මාව මැරි කරන්න කැමති වෙයි කියලා………. ම්ම්ම්ම්ම්ම්…….
කෙල්ල බිම බලාගෙනම හිස වැනුවේ මුහුණ ලැජ්ජාවෙන් රතු වෙලා යද්දි………
❤️ වන්දු………. හෙට මේ නඩුවේ සිතාසි ලැබෙයි සුරනිමල මාමටයි සම්මානිටයි ඊට පස්සේ ඔයා හෙටම යන් ඕනි office එකට ගිහින් ඔයාගේ අයිතිය කියන්න ඕනි…………. ම්ම්ම්ම්ම්…. තනියම පුළුවන්ද……….
🌹 තනියම හැමදේකටම මුහුණ දෙන්න බලාගෙන තමයි මං ආවේ අයියේ ඒත් දෙවියෝ එච්චර අකාරුණික නෑ….. මට ඔයාව මුණ ගැස්සුවා…………
❤️ උන් නිකම් ඉන්න එකක් නෑ…….. ඒකටත් ඔයා ලෑස්ති වෙන්න ඕනි……….
🌹 එතකොට දැන් අප්පච්චිටයි සම්මානිටයි විතරද දඬුවම් ලැබෙන්නේ…………. උපුල් මඩුගල්ලේට…….
❤️ ඌටත් අනිවාර්යෙන්ම දඬුවම් ලැබෙයි………….. උගේ දුවට තමා අම්මා මාව බන්දලා දෙන්න යන්නේ…………
🌹 උගේ පුතා තමයි මගේ අක්කි මරලා දැම්මේ……….. උන් ඔක්කොම දඬුවම් ලබන්නම ඕනි………….
❤️ උෟ ඇමති හින්දා කොහොම හරි ගැල වෙයි බබා……
🌹 ඒකට මොකද කරන්නේ මං…………
❤️ කරන්න දෙයක් නෑ අපි මේක කරලා බලමු……… උන් බේරෙන්න හැදුවොත් අගමැති තුමාගෙන් උදව් ගන්න තමයි වෙන්නේ……… ආනන්දිතා නැන්දා එයාගේ ආදරයලුනේ අපි බලමු…………..
🌹 මං නම් හිතන්නෑ එයා උදව් කරයි කියලා……. ඒක් දැන් පටන් ගත් වැඩේ අතරින්න බෑ………..
❤️ හ්ම්ම්ම්ම්ම්….. අපි හෙට උදෙන්ම යමු…….. දැන් නිදාගමු……..
දෙන්නා නිදාගනිද්දි රාත්‍රී එකට පමණ ඇති…………….
🌷🌷🌷🌷🌷🌷🌷
පහුවදා උදේම ඔවුන් නුවරට එද්දි වෙලාව අටට විතර ඇති……… ආව ගමන්ම නැවතත් වන්දනා සූදානම් වුනේ රැජිණ ඇඟලුම් ආයතනයට අනුබද්ධ ව්යාපාරජාලයේ ප්‍රධාන කාර්යාලයට යන්නට ඒ මේ සියළුම ව්‍යාපාරයන්හි අධිපතිනිය ලෙස……… දැනටමත් එහි සිටින ආනන්දිතාට හිතැති සේවක පිරිසත් සම්මානි රිතූ හා අශේන්ගේ බලහත්කාරකම් වලින් පීඩාවට පත් සෙසු සේවකයිනුත් ඇයව පිළිගැනීමට බලාගෙන හිටියා……..
තද නිල් පාට ඔසරියකින් සැරසුනු වන්දනා ආවේ නන්දනත් එක්කමයි……….. ආයතනයේ මුල පුටු වල සිටි සියලලන්ම ඇගේ පැමිණීම ගැන ඉමහත් සතුටක් තිබුනත් කීපදෙනෙක් හිටියා සම්මානිට හිතැති අයත් ඒ අය දැනටමත් කෙල්ල පැමිණ ඇති බව දැනුම් දුන්නා…….
නමුත් එක් වරම පෙනී සිටි මේ තැනැත්තිය කවුද කියා බලන්නට මද වේලාවකින් සුරනිමල නෙළුම්දෙණියත් පැමිණියා…………. ඇය ඒ වන විටත් board meeting එකක් පවත්වන්න පටන් අරගෙනයි තිබුනේ……….. එතෙන්ට ආව සුරනිමලගේ ඇස් දෙක නලලට ගියා කෙල්ලව දැකලා…………………..
🌿❤️🌹🌿❤️🌹🌿❤️🌹🌿❤️🌹🌿❤️🌹🌿❤️🌹🌿❤️🌹🌿❤️🌹🌿❤️🌹
෴ මතු සබැඳියි ෴
ලියන්නේ