කොරෝනා වෛරසයෙන් ආරක්ශා වීම සඳහා සියලු මන්ත්‍රීවරුන්ට හා කාර්‍ය මණ්ඩලයට බෙදා දීම සදහා මුඛ ආවරණ 5000ක් සැපයුම් අංශයෙන් ඇණවුම් කළ බව පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානය පවසනවා. මේ සදහා පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානයේ නිලධාරිනී එස්. ආර්. ඩී. කරුණාරත්න මහත්මියගෙන් කළ විමසුමකදී ඇය සදහන් කලේ කෙරෝනා වෛරසයෙන් ආරක්ශා වීම සදහා පාර්ලිමේන්තු කාර්‍ය මණ්ඩලයට දැනටමත් උපදෙස් දී ඇති බවයි.

කොරෝනා වෛරසයෙන් ආරක්ශා වීම සදහා අවශ්‍ය උපදෙස් මන්ත්‍රීවරුන්ට හා කාර්‍ය මණ්ඩලයට නිකුත් කරන්නැයි කතානායක කරූ ජයසූරිය මහතා සහ වේත්‍රදාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු යන මහත්වරුන් වෛද්‍ය මධ්‍යස්ථානයට උපදෙස් දී ඇත. කොරෝනා වෛරසයෙන් වැළකීමට අවශ්‍ය උපදෙස් පත්‍රිකා ඊයේ පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානයට ලැබුණු බවත් මන්ත්‍රී ඇමති වරුන්ට හා කාර්‍ය මණ්ඩලයට බෙදා දීමට කටයුතු යොදා ඇති බවත් කරුණාරත්න මහත්මිය ප්‍රකාශ කළා.

එම පුවත්පත් වාර්තාව පහතින්