38_වන_කොටස❄️💦

අපහසුවෙන් නැගී සිටියත් හිස කරකැවෙන්නාක් මෙන් දැනුනි……. මුළු සිරුරම අප්‍රාණිකව ඇති ලෙසින් පුදුමාකාර අපහසුතාවයකින් පෙලෙන්නට විය………. තුහී යලිත් ඇඳ මතින් වාඩි වූවාය……..

” අක්කා……. ඇයි……මොකද……….

සෙහන්ස්‍යා ඉක්මනින් ඇය වෙතට ආවේ තුහීගේ සුදුමැලි වූ මුහුණ දෙස බලාගෙනමයි…………

” අනේ මන්දා නංගි…….. හිස කකියනවා…. කලන්තෙ වගේ……

” කෝ.බලන්න ඇඟත් ලාවට රත් වෙලා……. මේ ඔයා ටිකක් නිදා ගන්නකො මං තේ එකක් ගේන්නම්………

තුහී යලිත් ඇඳෙහි ඇල වූවාය…….. මද වේලාවකින් සෙහන්ස්‍යා තේ එකක් ගෙනආවත් එය බොන්නටවත් පිරියක් තිබුනේ නැත………තුහී බොහෝ කල්පනා කලාය…….. ඇය ඉක්මනින් නැගිට කැලැන්ඩරය බැලුවේ දෑස් විමතියෙන් විසල් වී යද්දි……..

” දෙයියනේ……….. ඒක……………??? විශ්වාස කරන්නත් බෑ……. ඒ…….ක එහෙම වෙලාවත්ද……..

තුහී අදහාගත නොහැකිව කල්පනා කරන්නට විය……… ඇගේ හදවත වසාගෙන පුදුමාකාර සතුටක් දැනෙන්නට විය………

” දැන්මම සතුටු වෙන්න හොඳ නෑ අපි බලමු……

තුහී දෑස් පියාගත්තේ සැනසුම් සුසුමක් හෙලමින්…………

🌞🌥️🌞🌤️🌞🌥️🌞🌤️

🌷 🌷 🌷 🌷 🌷

” අක්කා…….. දැන් නවයට විතර ඇති නැගිටින්නකෝ……….

සෙහන්ස්‍යා තුහීගේ උරහිසට තට්ටු කර කතා කලාය………

” අක්කා……. නැගිටලා ලෑස්ති වෙනවාකෝ බෙහෙත් ටිකක් ගන්න යන්න………

තවමත් වැස්ස පහව ගොස් නැත……. මීදුම් තට්ටු මුළු නිවසම වසාගෙන සිටියේය……….. තුහී ඉක්මනින් සූදානම් වුවත් ඇගේ ඇඟට දැනුනේ තෙහෙට්ටුවකි…….

” ලොකු පුතේ මං උදේට රොටී හැදුවා කාලා යන්න…. ගිහින් බෙහෙත් ටිකක් අරන් එන්න………..

අම්මාගේ බල කිරීමට රොටියක් අතට ගත්තත් කන්නට නම් පිරියක් තිබුනේම නැත…….. නමුත් ඇය ලුණුමිරිස් ටිකක් දවටාගෙන යන්තම් කැබලි දෙකක් පමණ ආහාරයට ගත්තාය……..

” ඇති මට……. අපි යමුද……..

තුහී නංගිත් එක්ක පයින්ම බස් නැවතුමට යන විට ඇය ඉතා විමසිල්ලෙන් තමා දෙසන බවත් යමක් පවසන්නට උත්සහ කරන බවත් තුහීට සිතුණි…….. නමුත් ඊට පෙර ඇය නංගිට තම සිතේ ඇති සැකය පවසන්නට සිතුවාය………..

” නංගි…………………..

” ම්ම්ම්ම්ම්ම්……..
කියනවා……….

” කොහොම කියන්නද කියලා මට හිතාගන්න බෑ…… ඒත්……

” ඒත් කිව්වේ අක්කේ තේරෙන්න කියනවාකෝ………

නමුත් තුහී කියන්නට මැලිව මදක් පැකිළුනාය…..

” මේහ්…… ඕයි….. තමුසෙ කියන්න හදන්නේ මං පුංචි කෙනෙක්වත් වෙන්න යනවා කියල නෙවේ නේද

සෙහන්ස්‍යා පැවසූ දෙයට තුහී ගැස්සී ගියාය…….. සෙහන්ස්‍යාත් අක්කාව හොඳින් නිරීක්ෂණය කරමින් සිටියාය……..

” අනේ නංගි…… මට බනින්න නම් එපා……. මටත් හිතාගන්න බෑ……. බයකුත් දැනෙනවා……..

තුහින්‍යා කිව්වේ ඇස් වල කඳුළුත් පුරවගෙන…….. ඒත් සමඟම බස් රථය ඇවිත් නතර කලා……

” පරෙස්සමින් නගිනවාකෝ…….. අඬන්නැතුව……

සෙහන්ස්‍යා හරියට වැඩිමල් සොයුරියක සේ පැවසුවාය……… කොහොමත් අැය වෛද්‍යවරියක් වීමට ඉගෙනගන්නා නුවණැති යුවතියකි……… එනිසා ඕනෑම දෙයක් දෙස නුවණින් නිිවැරදිව බැලීමට ඇයට හැකිය………. බස් රථයේ එතරම් සෙනගක් නොවීය……. ඔවුන් දෙන්නා වාඩි වුනේ මැද හරියට වන්නටයි……

” අක්කා………… කලබල වෙන්න එපා…… ඔයා දුක් වෙන්නත් එපා……. අනිත් එක වැදගත්ම දේ එහෙම වුනා කියලා පසුතැවෙන්නත් එපා…… මොකද අක්කා ඔයාට අර මිනිස්සු අපහස කරපුවාට උත්තර දෙන්න ඕනි…… ඔයා අම්මා කෙනෙක් වෙන්න සුදුසු නෑ කියලා උන් කොහොමද කියන්නේ අක්කා….. ඔයා බය වෙන්න එපා හැමදේම හරියයි….

සෙහන්ස්‍යා ඇයව අස්වසමින් පැවසුවාය……..

” අක්කා……..අපි අයියටත් කියමුද…….

සෙහන්ස්‍යා දුරකතනය අතට ගත්තේ භූමිට කතා කිරීමටයි……. නමුත් තුහින්‍යා එය වැලැක්වූවාය…….

” පිස්සුද……. බලලා ඉමු…………

” හා…….. එහෙනම්……..
මේ අක්කා…….. ජාන්වී අක්කටයි දිල්ටයි කතා කරමුද…… හුඟ දවසකින් දැක්කේ නෑ………

“සෙහා…… ඔයා හදන්නේ එයාලටත් කියන්නද…….

” ඇයි අක්කේ එයාලා දැනගත්තම මොකද……. මං වගේම ඒ දෙන්නත් සතුටු වෙයි…… සතුටට අඬයි………

සෙහන්ස්‍යා කිව්වේ පසුවන තේ වතු දෙස බලමින්…… ඇය ජාන්වීට හා දිල්රූට කතා කර එන ලෙස පැවසුවාය……

ඔවුන් බසයෙන් බසින විට උදෑසන දහය පසුවී තිබුණි……… ඔවුන් ගියේ නුවර එළිය ප්‍රසිද්ධ වෛද්‍ය මධ්‍යස්ථානයටයි…..

” මේ…… අක්කා…… ඇයි අයියා කතා කලේ නැත්තේ………

” එයා උදේ යනවා කිව්වා නංගි මල් වගයක් බලන්න………. දවල් වෙලා ගනී…….

” එයා හරි ශෝක් අනේ…….. මලක් වගේ තමයි…….. හරි හොඳයි…….

සෙහන්ස්‍යා කොාහාමත් භූමිට පණ ඇරලා ආදරය කරයි……. භූමි කියා වෙනසක්නැත…… ඔහුත් එලෙසම ඇයට ආදරය කරයි…….

පිලිගැනීමේ කවුළුව අසල සිටි යුවතිය අසලට යමින් සෙහන්ස්‍යා හාත්පසම නෙත් යොමු කලාය…….

” ම්ම්ම්ම්ම Good morning…..miss මගේ අක්කට Pregnancy Test එකක් කරන්න ඕනි……..

” ඉන්න මිස් මං appointment එකත් දාල දෙන්නම්……

තුහින්‍යා වෛද්‍ය පරීක්ෂණයට සහභාගි වීමට ඇතුළට ගිය හෙයින් සෙහන්ස්‍යා පිටතින් රැඳී සිටියාය…… ජාන්වී හා දිල්රූ මඟ පැමිනෙමින් සිටින බව කෙටි පණිවිඩයකින් එවා තිබුණි……… මද වේලාවකින් තුහින්‍යා පැමිණ සෙහන්ස්‍යා ලඟින් වාඩි විය…….

” තව විනාඩි විස්සකින් විතර කතා කරන්නම් කීවා…….

” හ්ම්ම්ම්ම්ම්….. ඔයා දැන් සන්සුන් වෙලා ඉන්න අක්කේ……. බය වෙන්න එපා……

” අනේ මන්දා…….. අම්මටයි අප්පච්චිටයි මුහුණ දෙන්නෙ කොහොමද……..

” තමුසෙ නම් මහ මෝඩියක් අක්කේ…… මේ ටෙස්ට්එක පොසිටිව් නම් අයියට කියලා ඉක්මනින් බඳිනවා ඊට පස්සෙ ගැටළුවක් නෑනේ….. මල විකාර……. තමුසෙත් අනේ මන්දා……

සෙහන්ස්‍යා කිවිවේ කෝපයෙනි………

” Mrs තුහින්‍යා…………..

එක්වරම තුන් වන කාමරයේ දොරටුව අසල සිටින හෙදිය තුහින්‍යාගේ නම කතා කරන විට ඇය සෙහන්ස්‍යාගේ අතට තට්ටුවක් දමා නැගී සිටියාය…….
තුහින්‍යා වෛද්‍යවරිය අසලට ගියේ නැගණියවද කැටුවයි…….

” වාඩිවෙන්න Mrs තුහින්‍යා…..

” Thank u doctor…..

” ම්ම්මිම්ම්ම්ම්…… ඔන්න Happy News එකක් දරුවො……… ඔයා අම්මා කෙනෙක් වෙන්නයි යන්නේ…….. දැන් පරෙස්සම් වෙන්න ඕනි…… පුළුවන් තරම් ඉක්මනින් ක්ලිනික් එකේ register වෙන්න….. ම්ම්ම්ම්ම්…

” හොඳයි…….. ස්තූතියි……..

” හරි එහෙනම්…… හැබැයි මහත්තයා ආවා නම් තමා හොඳ……..

” එයාට අද එන්න වුනේ නෑ ඒකයි නංගි එක්ක ආවේ…….

” හරි කමක් නෑ Mrs තුහින්‍යා….. පරෙස්මින් යන්න එහෙනම්…

තුහින්‍යාගේ දෑස් කඳුළින් පිරී ඇත……. හදවත පුරාම උතුරා යන්නේ පුදුමාකාර සතුටකි……… ඇයට කෑ ගසා හඬන්නට තරම් සිත් වෙයි…….. වසර ගනනාවක් පුරා විඳි සිත්තැවුල් අපහස උපහස වලට හොඳ පිලිතුරක් ලැබී තිබේ……..

” අනේ අක්කා……. මට හරිම සතුටුයි දෙයියනේ……

සෙහන්ස්‍යා ඇයව තදින් ලං කරගනිමින් කීවේ ⁣වෛද්‍ය මධ්‍යස්ථානයෙන් පිටත ඉන්නා ජාන්වී හා දිල්රූ අතැට යමින්…….

” මොකෝ බං තුහී….. උඹ නිකම් මලානික වෙලා……..

ජාන්වී ඇසුවේ තුහීගේ මුහුණද පිරිමදිමින්……. සෙහන්ස්‍යා ඔවුන් දෙස බලා සිටියේ ආදරයෙන්……

” ජාන් අක්කා……… තුහී අක්කා…… අම්මා කෙනෙක් වෙන්නයි යන්නේ…..

” අනේ⁣හ්………. අනේහ්……. මට සතුටුයි අනේ තුහී……. සතුටුයි මැණික……. මං කිව්වෙ පිසාචයෝ ගිහාම දෙවියො නිකම්ම වඩිනව තුහී…… අනේ මගේ මැණික ඔයා⁣ට බුදු සරණයි……..

ජාන්වී දිල්රූ ඇයව වැලඳගත්තේ උතුරා යන සොයුරු පෙමින්……
තුහී එය පවසන තුරු රහසක්ව තබා ගැනීමට ඔවුන් සියල්ලන්ම දිවුුරුම් දුන්හ……… එදින භූමි අැමතුමක් නොගත්තේ අධික ලෙස කාර්යබහුලව සිටි හෙයිනි…….. රාත්‍රියේ කතා කලද ඇය ඒ බව දුරකතනයෙන් නොපැවසීමට තීරණය කරගෙන සිටියාය………

“අක්කා………… අම්මලට කිව්වත් වරදක් නෑ…….. එයාලා දොස් කියන එකක් නෑ…… අනේ මන්දා මට නම් හරිම සතුටුයි…….

නින්දත් නොනින්දත් අතර සිටින තුහීට අවසන් වරට ඇසුනේ ඒ වචන ටිකයි…….

💫💫💫💫💫💫💫💫💫

නරක පසුපසින් හොඳ පැමිනෙන්නා සේම හොඳ පසුපසින් නරකද පැමිනෙමින් තිබුනේ කිසිවෙකු අපේක්ෂා නොකල පරිදිය……. තුහී උදෑසන කාර්යාලය අසලින් බැස්සේ මදක් අපහසුවෙනි……… මදක් එහායින් රජීව් සහ ජාන්වී සිටිනු දුටු තුහින්‍යා හට සැනසුම් සුසුමක් හෙළුනි……. නමුත් එකි වරම ඇය ඉදිරිපිට නැවැත්තූ කළු පැහැති වෑන් රථයෙන් බැස ආ තරුණයින් කීප දෙනෙක් ඇයව වාහනයට දමාගත්තේ ඇය විලාප තියද්දීය…….

” අතෑරපල්ලා…… අතෑරපල්ලා මාව……. රජී අයියා ජාන්වී……මාව බේරගන්න……

“යමල්ලා….. ඉක්මනට…..

එතැන සිටි පිරිමියෙකු කියද්දි එකෙක් තුහීගේ අත් හා දෑස බැඳදැමීය…….. වෑන් රථය වේගයෙන් ඉගිල්ලුණි……..

” දෙයියනේ තුහී……

” ඒ එච් වන් සීරෝ ෆෝ එයිට්…… නම්බර් එක ගත්තා….ජාන්වී ජාන්වී….. ගන්නවා භූමිට……. හරි සෙහන්ස්‍යා එහෙම නැත්කම් හේෂර ඔය කාටහරි ගන්නවා……….

එසේ කියූ රජීව් ඔහු දන්නා කියන හැාමා්ටම කතා කලේය…… නුවරඑලිය පොලිස්ස්ථානාධිපති රජීව්ගේ මාමාය……. ඉතා ඉක්මනින් ක්‍රියාත්මක වූ පොලීසියද තුහී පැහැරගත් වාහනය සොයා මෙහෙයුම් ආරම්භ කලහ……..

ජාන්වීගෙන් රජීව්ගෙන් ආ මඟහැරුණ ඇමතුම් දුටු භූමි ඔවුන්ට ඇමතුමක් ගන්නට හදන විටම සෙහන්ස්‍යාගෙන් ඇමතුමක් ලැබුණි………

” අනේ අයියා…….. අක්කාව කවුරු හරි කිඩ්නැප් කරලා…….. අනේ මං හිතන්නේ ඒක කලේ වේදේශ්ද කොහේද…..අයියේ අනේ අක්කව බේරගන්න…….. අක්කව බේරගන්න අයියේ…….. මගේ අක්කා ඔයාගේ දරුවෙකුට අම්මා වෙන්නයි ඉන්නේ අයියේ………..

“භූමිට ඒ ටික ඇසුනේ ඇස් වලින් කඳුළු ගලද්දී……… ඔහු එහෙමම ඇමතුම විසන්ධි කර වාහනයට නැගුනේ රජීව්ට ඇමතුමක් ගනිමින්……..

” රජ්ජා මගේ කෙල්ල…………..

” භූමි…….. උඹ පරෙස්සමින් පොලීසිය ලගට වරෙන් අපි එතන ඉන්නවා….. දැනටමත් ටීම් දෙකක්ම වාහනය පස්සෙ යවලා තියෙන්නේ……. ⁣හතර දිහාටම තියන පොයින්ට් වලටයි පොලීසි වලටයි මැසේජ් එක දීලා තියෙන්නේ……

භූමි සුසුමක් හෙලමින් ඇමතුම විසන්ධි කර නාහනය වේගයෙන් පැදවූයේ පොලීසිය දෙසටයි

❤️️••••මතු සම්බන්ධයි••••❤️

✍️ ත්‍රිලක්ෂණා වෛශාලි✍️ _