“මොකක්??සමාධි කොහොමද මගෙ ඩැඩීගෙ දුවෙක් වෙන්නෙ?අනෝමාගෙ මොලේ හොඳ නැති වීගෙන එනවද?…”
“මං කියන්නෙ ඇත්ත කියලා සර්ට බොහොම ඉක්මනට තේරෙයි.අර අහිංසක කෙ/ල්ලට සර්ගෙ අතින් වරදක් වෙයි කියලා බයටයි මං මේ ඇත්ත අදම කියන්න ඕනි කියලා තීරණේ කෙරුවෙ…”
“මට තේරෙන්නෑ අනෝමා මොනවා කියනවද කියලා.තමුන් මේ ගෙදර සවන්ට්. කරුණාකරලා වැදගත් මිනිස්සුන්ට නම්බු දීලා කතා කරන්න පුරුදු වෙනවා.මගෙ ඩැඩීට බොරුවට අපහස කරන්න ලෑස්ති වෙන්න එපා.එහෙම උනොත් මං තමුසෙව අස් කරලා දානවා…”
කේන්තියෙන්ම පුටුවත් පැත්තකට ඇදලා දාලා මාලක සාලෙන් යන්නයි ලෑස්ති උනේ. ඒත් අනෝමා ඔහුට යන්න ඉඩ නොදී මග හරස් කරා.
“මං යන පාර හරස් කරන්න තරම් තමුන්ට හයියක් ආවෙ කොහෙන්ද?මං කව්ද කියලා අමතක උනාද?…”
“මට සමාවෙන්න සර්.සර් මාව රස්සාවෙන් අයින් කරත් කමක් නෑ.ඒත් මට මේක කියන්න ඉඩ දෙන්න.සමාධිට කරදර කරන්න එපා සර්.සමාධි කියන්නෙ සර්ගෙ නංගි. අම්මලා දෙන්නෙකුගෙ කුසින් වදාපු දරුවො උනාට සරුයි සමාධියි දෙන්නම සේනක සර්ගෙ දරුවො.ඒක සමාධි දන්නෑ.සේනක සර්ට ඒ රහස මේ ගෙදර අනික් මිනිස්සුන්ගෙන් හංගන්න පුලුවන් උනාට මගෙන් හංගන්න බැරුව ගියා…”
මාලක මද වෙලාවක් කල්පනාවට වැටුනා. ඇය මේ කියනා දෙය සත්‍යක්ද?සමාධි කියන්නෙ ඇත්තටම තමාගෙ නැගණියද?සේනක විජේවර්ධන නම් වූ තම පියා තම මවට අමතරව තවත් ගැහැණියකට පෙම් බැන්දාද?
මාලක දන්නා පරිදි තමාගේ පියාට කිසියම් ගෑණු කෙනෙකු සමඟ එවැනි නරක ආශ්‍රයක් තිබුනු බවට ආරංචි ලැබී නැත.දේශපාලනික වශයෙන් සේනක විජේවර්ධන හොර මැර කපටිකම් කර ඇත.නමුත් ඔහු කිසිදාක වෙනත් ගැහැණියක් සමඟ සම්බන්දකමක් තිබූ බව තමාවත් තම මවවත් දැන සිටියේ නැත.
“මට මේක විශ්වාස කරන්න බැහැ අනෝමා. තමුන් ගාව සාක්කි තියනවද සමාධි මගෙ ඩැඩීගෙ දුවෙක් කියලා ඔප්පු කරන්න?…”
“මං ගාව එහෙම කිසිම සාක්කියක් නැහැ සර්.ඒත් සර්ට එක දෙයක් කරන්න පුලුවන් සමාධි සර්ගෙ නංගිද කියලා හොයාගන්න…”
“මොකක්ද?…”
“ඩීඑන්ඒ ටෙස්ට් එකක් කරලා බලන්න සර්…”
“හ්ම්ම්…”
“මං මේක සර්ට කොහෙත්ම හිතුවෙ නැහැ. ඒත් තමන්ගෙ සහෝදරයා අතින් සහෝදරීව අ/නා/ථ වෙනවා මට බලන් ඉන්න බෑ සර්…”
“මේක ගැන කිසිම දෙයක් මනුලිගෙ කනට යන්න බැහැ තේරුනාද?එහෙම උනොත් තමුන් මේ ගෙදර රස්සාව කරලා ඉවරයි…”
“මං සර්ගෙ විශ්වාසෙ රකිනවා…”
“හ්ම්ම්.ගුඩ්.ඒ වගේම මේකත් හොඳට මතක තියාගන්නවා.මේ දේ බොරුවක් වෙලා සමාධි මගෙ ඩැඩීගෙ දුවෙක් නෙවෙයි නම් තමුන් ලෑස්ති වෙනවා ගෙදර යන්න…”
“හා සර්…”
සිතුවිල්ලේම මාලක තමාගේ කාමරේට ආවා. සමාධි සැබෑවටම තමාගෙ සහෝදරියක්ද කියලා දැනගන්න නම් ඩීඑන්ඒ පරීක්ෂණයක් කල යුතුමයි.ඒ සඳහා ඇගේ හිසකෙස් අවශ්‍යයයි.එය ලබා ගන්නෙ කොහොමද?
මාලක ඒ ගැන කල්පනා කරමින් ඇඳෙන් ඉඳ ගනිද්දි ඇඳ මැද්දෙ දිගු කෙස් ගස් කිහිපයක් තිබෙනු දුටුවා.ඉස්සෙල්ලා ඇය තමා සමඟ පොර බද්දි ඇගේ කොණ්ඩය ලෙහුනා.ඒ අවස්ථාවේදි මේ කෙස් ගස් කිහිපය ගැලවෙන්නට ඇති කියලා ඔහු හිතුවා.
මාලක ඒ කෙස් ගස් කිහිපයකට පරිස්සමට අරන් තිබ්බා.
බලමුකො ඇත්තටම තමුසෙ මගෙ ඩැඩීගෙම දුවෙක්ද කියලා.මේක බොරුවක් වෙනවා කියලා මට හොඳටම ශුවර්.අ ර කි එහෙම කිව්වෙ මං ත/මු/සෙ/ට මොනවා කරයි කියලා තියන බයට.
“ඔයා තවම බයෙන්ද ඉන්නෙ චේතනා?…”
මං හිටියෙ බර කල්පනාවක.තේනුක මහත්තයා කිරි එකක් හදාගෙන ඇවිත් මගෙ ගාවින් වාඩි උනා.වෙලාවකට එයා මට හරිම ආදරෙන් සළකන්නෙ.ඒත් සමහර වෙලාවට හරිම නපුරුයි.
“ටිකක් විතර බය හිතෙනවා මහත්තයා. ආයෙමත් මාලක මට කරදර කරන්න හදයිද දන්නෑ.ඉස්සෙල්ලා ඔයා ආවෙ නැත්නම් මට වෙන්නෙ මැ / % / න් / න…”
“ඔච්චර බයෙන් මොකටද උ/ ගෙ කාමරේට ගියේ?ත/මු/සෙ/ට තිබ්බෙ බෑ කියලා නොගිහින් ඉන්න.ඒකට අපි දෙන්නව ගෙදරින් පැන්නුවට කමක් නෑ…”
“එතකොට අපේ දුව?…”
“දුවව අපි දෙන්නා ගාවට ගන්න පුලුවන් වෙන ක්‍රමයක් හොයාගන්නවා ඊට පස්සෙ. මට ත/මු/සෙ/ව ඌ ට බි ල් ල ට දීලා දරුවා ළඟට අරන් වැඩක් නෑ චේතනා.මීට පස්සෙ මොනම හේතුවක් නිසාවත් මාලකගෙ කාමරේට යන්න බැහැ.තේරුනාද?…”
එයා මගෙ නිකටෙන් උස්සලා ඇහුවා.මං ඔලුව වනලා හා කිව්වා.
“ඔලුව වනන්නෙ කට ඇරලා උත්තර දෙන්න බැරිද?…”
“මට තේරුනා මහත්තයා.ආයෙ කවුරු කිව්වත් මං මාලකගෙ කාමරේට යන්නෑ…”
“හ්ම්ම්.ගුඩ්…”
“චන්දෙත් ළඟයි නේද මහත්තයා?එදාට මොකද වෙන්නෙ?…”
“මොනවා වෙන්නද?කලින් තිබ්බ චන්ද වලදි වෙන දේම තමයි මෙදා පාරත් වෙන්නෙ. උදේම නියමිත මධ්‍යස්ථානයට ගිහින් ගිහින් චන්දෙ දානවා.මධ්‍යම රාත්‍රියෙදි ප්‍රතිඵල බලනවා…”
ඕන් කිව්වා ඉතින්.එයා හොඳටම දන්නවා මං අහපු ප්‍රශ්නෙ තේරුම.මේ වගේ වෙලාවකවත් විහිළු නොකර ඉන්න බෑනෙ මේ මනුස්සයට.
“ඒක මං දන්නවා…”
“දන්නවා නම් අහන්නෙ?…”
“මං ඒ ප්‍රශ්නෙන් බලාපොරොත්තු උනේ ඒ උත්තරේ නෙවෙයි මහත්තයා.මේක විහිළු කරන වෙලාවක් නෙවෙයි.චන්දෙන් මාලක දිනයි වගේද පේන්නෙ?හැබැයි එයා දින්නොත් අපිට ලේසි වෙන්නෑ…”
“මං ඒක දන්නවා චේතනා.මේ පාර හිතාගන්න බැහැ වාසිය කොයි පැත්තට කැරකෙයිද කියලා.මාලක ඉන්න පැත්තයි විරුද්ධ පක්ෂෙයි කරට කර ඉන්නෙ.අපිට මේ වෙලාවෙ දුවගෙ ප්‍රශ්නෙ ඉස්සරහට දාලා මාලකව නවත්තන්න බෑ චේතනා.එහෙම උනොත් මාලකයා දුවව අපිට හොයාගන්න බැරි තැනක හංගයි.සමහර විට ගෑ/ණි දුවව අරන් රට පනින්න උනත් බැරි කමක් නැහැ…”
“අනේ එහෙම දෙයක් වෙයි නම් දරුවා ගැන මොකුත්ම කාටවත් කියන්න එපා මහත්තයා. මනුලි මැඩම් දරුවව අරන් රට ගියොත් අපි කොහේ කියලා හොයන්නද?වෙන මොනවා හරි දෙයක් කරන්න…”
වෛද්‍යය පරීක්ෂණ වාර්තාවෙන් සමාධි නොහොත් චේතනා මාලකගේ නැගණිය බවට සනාථ විය.මාලක සිටියේ බලවත් පුදුමයකිනි.ඔහු සිහිනෙකින්වත් මෙවැනි දෙයක් අපේක්ෂා කරේ නැත.ඔහුගේ හිස දැන් පැටලුනු නූල් බෝලයක් වැනිය.කුමක් කරන්නද කියා ඔහුට සිතාගන්නට නොහැකි විය.
එදා එහෙනම් හොඳ වෙලාවට දෙවියො බලලා වගේ තේනුක ආවෙ.බැරි වෙලාවත් මගෙ අතින් සමාධිට වරදක් උනාට පස්සෙ මේ ඇත්ත දැන ගත්තා නම් අනෝමා කිව්වා වගේ මට වෙන්නෙ මුළු ජීවිත කාලෙම පසුතැවිලි වෙන්න.
රැයක් දවාලක් නැතුව මාලක ඔහේ කල්පනා කරන්න ගත්තා.බොරු අසනීප තත්වයක් මවා පාමින් කිසිඳු රැස්වීමකට සහභාගී නොවූ මාලක දින කිහිපයක් නිවසටම වී කාලය ගත කරා.
“අනෝමා මෙහෙ එන්න…”
මනුලි උදෑසනින්ම ආරණ්‍යාවත් රැගෙන සිය මව බැලීමට ඇගේ නිවසට ගියා.මේ දින කිහිපයේදීම මනුලි නිවසේම සිටි නිසා මාලකට අනෝමාගෙන් කිසිම දෙයක් අහන්න බැරි උනා.
“ඇයි සර්?…”
“අනෝමා පෙරේදා කියපු දේ හරියටම හරි. සමාධිත් මගෙ ඩැඩීගෙ දරුවෙක්…”
“ඒ විතරක් නෙවෙයි සර්.ඒ දරුවා සර්ගෙ එකම සහෝදරී…”
මාලක දුප්පත් අහිංසක සමාධිව සහෝදරියක් ලෙස පිළිගන්නට අකමැති බව අනෝමාට සිතුනා.
“හ්ම්ම් ඔව්.මට අනෝමාගෙන් දෙයක් දැන ගන්න ඕනි.අනෝමා දන්න හැම දෙයක්ම මට කියන්න.කව්ද සමාධිගෙ අම්මා?එයා කොහෙද ඉන්නෙ?…”
“සමාධිගෙ අම්මා ජීවතුන් අතර නෑ සර්…”
“එතකොට සමාධි හැදුනෙ වැඩුනෙ කොහෙද?කොච්චර කල් වෙනවද සමාධිගෙ අම්මා නැති වෙලා?නැදෑයො කවුරුවත් නැද්ද එයාලට?…”
“මං දන්න විදියට නම් සමාධිට හිටියෙ එයාගෙ අම්මයි ආච්චියි විතරයි.ආච්චි නැති වෙලා අවුරුදු හයක් හතක් විතර ඇති.අම්මා නැති වෙලා අවුරුදු දෙකයි…”
“මට මේ ගැන සම්පූර්ණ ඇත්ත දැන ගන්න ඕනි අනෝමා.සමාධිගෙ අම්මා කොහොමද අපේ ඩැඩීව අඳුරගත්තෙ?එයාලා කොහෙද ජීවත් උනේ?…”
ඒ ප්‍රශ්නෙට අනෝමා ටිකක් පසුබැස්සා. චේතනාගෙ මව ගැන සත්‍යය පැවසුවොත් ආරණ්‍යාගේ සැබෑ මව චේතනා බව ඔප්පු වෙනවා.ඒ ගැන නොපැවසුවොත් මාලක වැරදි වැටහීමක් ඇති කරගනියි.
“ඇයි අනෝමා නිශ්ෂබ්ද?කරුණාකරලා මට ඇත්ත කියන්න.මං මෙච්චර කාලයක් හිතාගෙන මගෙ ඩැඩී මමීට අවංකවම ආදරේ කරා කියලා.එයා එහෙම කරලා නැහැ.මමීව රවට්ටගෙන තව ගෑ/ණු කී දෙනෙක්ව ආශ්‍රය කරාද දන්නෑ…”
“මං කියන්නම් සර්…”
“ඉතින් කියන්න…”
මාලක නොඉවසිල්ලෙන් මෙන් අනෝමාගේ කතාවට සවන් දුන්නා.චේතනා ආරණ්‍යාගේ සැබෑ මව බවත්,මුඩුක්කු වත්තෙ ප්‍රේමා චේතනාගේ මව බවත් ඇය ප්‍රකාෂ කරේ නැහැ.
“සේනක ඇමතිතුමා සමාධිගෙ අම්මව ආශ්‍රය කරද්දි සර්ට අවුරුදු හය හතක් විතර ඇති. සර්ගෙ අම්මා ගෙදර නැති දවස් වල කීප වතාවක්ම සමාධිගෙ අම්මව සේනක ඇමතිතුමා මේ ගෙදරට එක්කන් ආවා.ඒ ඇවිත් පැයකට දෙකකට වඩා ඉන්නෙ නැහැ. ඉක්මනින් යනවා.සමාධිගෙ අම්මා හොඳ කෙනෙක් නෙවෙයි සර්…”
“ඔව් ඉතින්.හොඳ කෙනෙක් නම් අනුන්ගෙ මිනිස්සු එක්ක ඉඳීද.ඩැඩීගෙ සල්ලි වලට තමයි ඔය ගෑ/ණි එන්න ඇත්තෙ…”
“වෙන්න ඇති සර්.ඒ දවස් වල සේනක ඇමතිතුමා නිතරම වගේ සමාධිගෙ අම්මව එක එක තැන් වලදි මුණ ගැහුනලු.ඔහොම කාලයක් යද්දි එකපාරටම සමාධිගෙ අම්මා ඇමතිතුමාව මුණ ගැහෙන එක නවත්තලා. ඇමතිතුමා දවසක් මාවත් ගෙදරට යැව්වා සමාධිගෙ අම්මව බලන්න.
එදා ගියාට පස්සෙයි මං දැන ගත්තෙ සමාධිගෙ අම්මට දරුවෙක් ලැබෙන්න ඉන්න වග.ඒ දරුවා සමාධි.මාස ගානක් ගියාට පස්සෙලු දන්නෙත්.දරුවා නැති කරගන්න හැදුවත් වැඩක් වෙලා නැහැ.මං ඇවිත් ඇමතිතුමාට විස්තරේ කිව්වා…”
“එතකොට ඩැඩී මොකද කිව්වෙ?…”
“ඇමතිතුමා ටිකක් කලබල උනා.එවලෙම මාත් එක්ක ගියා සමාධිගෙ අම්මව හම්බ වෙන්න.වෙච්චි දේවල් කිසිම කෙනෙකුට නොකියන පොරොන්දුව පිට ඇමතිතුමා සමාධිගෙ අම්මට සල්ලි වගයක් දීලා ආවා.
ඊට පස්සෙ කාලෙක සමාධි දුව ඉපදුනා. රෝසම රෝස පාට කෙලි පැටික්කි.දැක්කම ආසාවෙ බැහැ.මටත් හරියට ලෝබ හිතුනා ඒ කෙලි පොඩිත්තිව දැක්කම.ඇමතිතුමා නම් ගියෙ නෑ දරුවව බලන්න.මාසෙකට වතාවක් මගෙ අතට සල්ලි දුන්නා ගිහින් දෙන්න කියලා.
සමාධි දුව ටිකෙන් ටික ලොකු වෙද්දි එයාගෙ අම්මා ඇමතිතුමා එක්ක ආයෙමත් සම්බන්දකම් පටන් ගත්තා.හැබැයි ඒ කිසිම දෙයක් කවදාවත් නෝනාට දැනගන්න ඉඩ තිබ්බෙ නැහැ.හැම දෙයක්ම හොර රහසෙයි සිද්ද උනේ.ටිකෙන් ටික දරුවො උස් මහත් වෙද්දි ඇමතිතුමා ඒ සම්බන්දෙ නැවැත්තුවා…”
“එතකොට ඩැඩී ඊට පස්සෙ කවදාවත් සමාධිගෙ අම්මව ආශ්‍රය කරේ නැද්ද?සමාධි ප්‍රදීප් එක්ක මෙහාට ආවෙ අපෙන් ප / ලි ගන්නද?…”
“නෑ සර්.සමාධි දන්නෑ සර් එයාගෙ සහෝදරයෙක් කියලා.කොටින්ම කියනවා නම් සමාධි එයාගෙ අම්මට වෛ / ර කරනවා…”
මතු සම්බන්දයි.
ලයික් එකක් දාගෙනම යන්න.ගොඩාක් ස්තූතුයි හැමෝටම