-4 කොටස-

“නිශාදි . “

හිමංසගෙ කෑගැහිල්ල නිශාදිට ඇහුනෙ නැහැ…රැල්ල පාගන්න ගත්තම ඔක්කොම අමතකයි..හිමංස බය උනේ එයා බැන්න නිසා මුහුදට පනින්න යනවද කියලා…හිමංස තමන්ගෙ කකුලත් ඇද ඇද දුවගෙන ගියා නිශාදි ඉන්න පැත්තට ..

“නිශාදි..”

ඒ පාර නම් නිශාදිට ඇහුනා.. නිශාදි වෙරල පැත්තට හැරෙනකොටම ලොකු රැල්ලක් ඇවිත් නිශාදිව වැටෙන්න ගියා… ඒත් හිමංස වැටෙන්න දුන් නැහැ…නිශාදිව අල්ලගත්තා.

“නිශාදි… පිස්සු හැදිලද…රැල්ල සැර වෙනවා .. කොහෙද යන්නෙ ඔය…”

“මැරෙන්න .. ඇයි ඔයා යන්න කීවෙ..”

“මෙහෙ එනවා…”.

හිමංස නිශාදිව ඇදගෙන ආපහු බංකුව ලගට ආවා…

“අහ්…..”

දැන් තමයි තුවාලෙ වේදනාව දැනෙන්න ගත්තෙ… ලුණු වතුර තුවාලෙකට ගියාම ආයෙ අහන්න දෙයක්ද

“අනේ හිමංස ඔයාගෙ තුවාලෙ පෑරෙන්න ඇති… මොකද්ද ඔයා කලේ..”

” තමුසෙ මැරුනොත් තරුන් පොලොවෙ පස් කයි…යමු දැන්”

“ඔහොම ඩ්‍රයිව් කරන්නෙ කොහොමද. තුවාලෙ රිදෙනවනේ”

“තුවාලෙ වේදනාව මොකද්ද නිශාදි … හිතේ වේදනාව එක්ක බලද්දි” හිමංස කීවෙ හිතින් විතරයි ….

නිශාදිගෙ උවමනාව නිසාම ලග තිබුනු ඩිස්පැන්සරියකින් හිමංස බෙහෙත් දාගත්තා..

නිශාදිට කණගාටුයි වෙච්චි දේට… ගොඩක්ම අප්සෙට් හිමංසගෙ තුවාලෙ පෑරුනු එකට…

“හිමංස ඩ්‍රයිව් කරන දිහා බලං ඉන්න නිශාදි දිහා හිමංස බැලුව..”

“මොකද තමුසෙ ඔහොම බලන්නෙ… මගෙ මූනෙ බයිස්කෝප් එකක් යනවද”

“නෑ …. ඩූම් ත්‍රී යන්නෙ.. තුවාල වෙච්චි කකුලත් එක්ක ඇක්සලේටරේ පාගන්නෙ ඒ විදිහටනෙ….”

නිශාදි ඇක්ශන් දදා කියද්දි හිමංස හිනාව නතර කර ගත්තෙ බොහොම අමාරුවෙන් .

‘මං හිතුව තරම් මේකි අහිංසකත් නැහැ.. කටත් තියෙනවා…මේ දාන කැටයම් දැක්කම තරුන් එකපාරටම අත ඇරිය එකත් පුදුමයි. මං තරුන් උනා නම් කීයටවත් මෙහෙම වෙන්න දෙන්නෙ නැහැ…’

හිමංස තමන්ගෙම හිතත් එක්ක මේ තර්ක කරන්නෙ…. දිග කොන්ඩෙ ..කතා කරන ඇස්… සුන්දර හිනාව…. ඉස්සර මිනිස්සු ශෝබමාන ලදක් කීවෙ නිශාදි වගේ අයට වෙන්න ඇති.

.හිමංසට ගෑනු ලමයින්ගෙ බැල්ම අඩුවක් තිබුනෙ නැහැ… ඒත් හිමංසගෙ හිත ගියපු කවුරුවත් ඒ අතරෙ හිටියෙ නැහැ…වාසනාවට හෝ අවාසනාවට හිමංසගෙ හිත ගියෙ නිශාදිට… හිමංස අනුත්තරාගෙ නෑදෑයෙක්….

වෙඩින් එකේ දෙවනි මනමාලි හිමංසගෙ ඇස් වලට අහුවුනේ වෙඩින් එකට ආව ගමන්මයි… දැක්ක ගමන් හිමංස තීරනේ කලා නිශාදිව මැරි කරන්න…

ගත්ත තීරනේ ක්‍රියාත්මක කරන්න හිමංස පරක්කු වුනෙත් නැහැ..නිශාදිගෙ කැමැත්ත අදාල උනෙත් නැහැ…ඒත් අද…. නිශාදිගෙ ඒ වචන පේලිය හිමංසගෙ ජීවීතේ වෙනස්ම කරලා..

“මොන දේ ලබා ගත්තත් ආදරේ බලෙන් ලබා ගන්න බැහැ මිස්ටර් හිමංස …”

💙💙💙💙

හිමංස කාර් එක නතර කලේ ලොකු ශොපින් මෝල් එකක් ලග… වෙලාව රෑ හතටත් කිට්ටුයි….නිශාදි හිමංස දිහා බැලුවෙ පුදුම වෙලා..

“නිශාදි.. හෙට චුට්ටගෙ බර්ත්ඩේ එක… හවස පාර්ටි එකක් තියෙනවා… එයාට ප්‍රසන්ට් එකක් ගන්න ඕනි…”

නිශාදි ඒ වැඩේට නම් ගොඩක් ආස උනා..

“මේ දෙන්නගෙන් කවුරුවත් මට කීවෙ නැහැනෙ මේ ගැන…”

“එයාලා උදේට ඔයාව සප්‍රයිස් කරන්න ඉන්නෙ..ඔයා දන්නෙ නැති විදිහට ඇක්ට් කරන්න…”

දෙන්නම එකතුවෙලා පොඩි එකාට ලස්සන ඇදුමකුයි තව සෙල්ලම් බඩුයි අර ගත්තා…

ඊලගට හිමංස ලේඩීස් අයිටම් පැත්තට යද්දි නිශාදි ඩිම් වෙලා බලං හිටියා.. හිමංස ගවුම් තෝරන්න පටං ගත්තා..

“හිමංස මේ ගවුම් මොකටද”

හිමංසගෙන් උත්තර නෑ.. හිමංස රන්වන් පාට ලස්සන ගවුමක් තෝරලා නිශාදිට දුන්නා ..

” ඕක ඇදල බලන්න.. තරුන් හෙට රෑ පාර්ටි එකට එන්නෙ… ඔයාට පාර්ටි එකට ඉදලම යන්න පුලුවන්… “

හිමංස ඒ ටික කීවෙ අහක බලාගෙන..

“ඒත් මට ගෙනාපු ගවුම් තියෙනවා .. ඕව ඕනෙ නැහැ හිමංස ..”

“තමුසෙට ඒ පන්ඩිතකම් වැඩක් නැහැනෙ.. කියපු දේ කරනවා”

..නිශාදි බුම්මගෙන පිටෝන් රූම් එකට යන හැටි හිමංස බලං හිටියා… බුම්මගත්තමත් අමුතු ලස්සනක්……

නිශාදි ගවුම ඇදලා බැලුවා… ගානට තියෙනවා.. කොහොමද දන් නැහැ කෙල්ලොන්ට ඇදුම් තෝරන්න පුරුදු උනේ….

ඒ අතරෙ හිමංසට කෝල් එකක් ආවෙ විනෝද්ගෙන්…

“හිමංසයෝ…. දැන් සනීපද උඹට”

“දැන් කකුල අඩුයි බං”

“කකුලක් ගැන නෙවෙයි මං අහන්නෙ..”

“එහෙනම්”

“ඇයි උඹෙ සුරංගනාවි අර බකමූණට දැන් ස්ථිරව පරිත්‍යාග කරනවනෙ…”

“මොනවද බං කියවන්නෙ…”

“උඹ වගේ මෝඩයෙක්ට ඉතිං වෙන මොනවා කියන්නද.. ඒක නෙවේ.හෙට පාර්ටි එකට මට එන්න වෙන් නැහැ බං .. වෙරි සොරි”

“ඇයි විනෝද් මේ… එන්නම ඕනෙ..හෙට මට පිස්සු හැදෙයි බං.. මං හෙට යකා නැටුවොත්.. මට මාව ෂුවර් නැහැ බං …. නිශාදි නැතුව මං කොහොමද ගෙදර ඉන්නෙ…. “

“හිමංස… එහෙම මොකුත් වෙන එකක් නැහැ… හෙට අපේ සීයගෙ පිංකම.. මං උඹටත් එන්න කියන්න හිටියෙ.. ඒත් පාර්ටි එක නිසා කිව්වෙ නැහැ…”

හිමංස ෆෝන් එක කට් කලේ තරහටමයි… ලග ඉන්න ඕනම වෙලාවට ඉන්න බැරි නම් හොදම යාලුවාගෙන් උනත් වැඩක් තියෙනවද

“හිමංස මේක හොදයි දැන් යමුද”

නිශාදි ඇවිත්

“හ්ම් යමු”

“හිමංස මෙච්චර හොදට ගෑනු අදුම් තෝරන්න පුලුවන් උනේ කොහොමද ඔයාට… “

නිශාදිටත් ඉතිං කට පියාගෙන ඉන්න බැහැ..

“මට රට වටේ ලලනාවො ඉන්නවනෙ.. උන්ට ඇදුම් තෝරලා හොදට පුරුදුයි මට.. තව මොකුත් දැන ගන්න තියෙනවද…”

“නැහැ..නැහැ .. අනේ නැහැ.. “නිශාදි ලාවට හිනාවෙලා කීවා… ඇති ඔයින් ගියා..

💙💙💙💙💙

රෑ දොලහට කිට්ටුයි.. නින්ද අහලකටවත් එන්නෙ නැහැ… හිමංසගෙ නින්ද නිශාදි අරං ගිහින්… නිශාදි හොදට නිදි…..

“ටාං”

“ආ..” නිශාදි ගැස්සිලා ඇහැරුනේ වීදුරුවක් බිදෙන සද්දෙට

“ඒ ඇහුනෙ හිමංසගෙ කාමරෙන් නේද….”

නිශාදිටයි හිමංසටයි ගෙදර උඩ තට්ටුව වෙන් කරලා තිබුනෙ… හිමංසගෙ පවුලෙ අය එයාල දෙන්නගෙ දේවල් වලට ඇගිලි ගැහැවෙ නැහැ…හිමංසයි නිශාදියි ඉන්නෙ කාමර දෙකක කියලාවත් එයාලා දැනන් හිටියෙ නැහැ…

නිශාදි දුවගෙන ගියා හිමංසගෙ කාමරේට… මේසෙ ලග තිබුනු වීදුරුව බිදිලා.. හිමංස ඒ දිහා බලං ඉන්නවා…

“හිමංස මොකද උනේ…. ඔයා හොදින් නේද.. ඔයා වතුර බොන්න ගියාද… ඉන්න මං අස් කරල වෙන ග්ලාස් එකක් ගෙනත් දෙන්නම්…”

නිශාදි පරෙස්සමින් වීදුරු කටු එකතු කරන දිහා හිමංස නිහඩව බලං හිටියා….

නිශාදි අලුත් වීදුරුවකට වතුර පුරවලා හිමංස අතට දුන්නා….

“හැමදාම මෙහෙම මට වතුර ගෙනත් දෙන්න බැරිද නිශාදි..”

එහෙම නිශාදිගෙන් අහන්න කියලා හිමංසගෙ හිත බල කලා…. ඒත් අහන්න හයියක් තිබුනෙ නැහැ..

‘තරුන්ට දෙන් නැහැ කීවොත් එයා මෙහෙමවත් මගෙ දිහා බලන එකක් නැහැ…..

නීත්‍යානුකූල බිරිදව තමන්ගෙ කරගන්න බැරි මේ ලෝකෙ එකම අවාසනාවන්ත මනුස්සයා මං වෙන්න ඇති….’

නිශාදි යන්න හදද්දි හිමංස නිශාදිගෙ අත තදින් අල්ලගත්තා…

“නිශාදි …. තමුසෙ ඇයි මට මෙහෙම අනුකම්පා කරන්නෙ.. මං කොච්චර බැන්නත් මෙහෙම සලකන්නෙ….ආ.. කියනවා මට…”

හිමංසගෙ ඇස් වලට ආපහු ඇවිත් තිබුනෙ හවස තිබුන වියරු පෙනුම… නිශාදි ගොඩක් කලබල උනා…

“හිමංස .. අනේ අත අරින්නකො.. යූ හර්ට් මී හිමංස.. යූ හර්ට් මී”

“අහපු දේට උත්තර දෙනවා.”

.අත අරින් නැති නිසා නිශාදිටත් තරහා ගියා

“මං කාටවත් අනුකම්පා කරන් නැහැ… “

“එහෙනම් මොනවටද මගෙ කාමරේට ආවෙ.. මං මේකෙ අස්සෙ මැරුනත් තමුසෙට එන්න වැඩක් නැහැනෙ…”

“මහ නපුරෙක් තමුසෙ… මං ආවෙ මනුස්සකමට…. ඒ උනාට මං ඇවිත් තියෙන්නෙ අමනුස්සයෙක් ලගට.. අත අරිනවා මාව.. “

හිමංසට යකා නැග්ගා… හිමංස නිශාදිව අත ඇරලා ගිහින් කාමරේ දොර වැහැවා..

“හිමංස ඇයි මේ..”

හිමංස නිශාදිගෙ බද වටේ අතදාලා තුරුල් කරන් ඒ ඇස් දිහා කෙලින් බැලුවා…

“නිශාදි… තමුසෙ මට ආඩම්බරකම් පෙන්නුවට මතක තියා ගන්නවා….මට හිතුනු දෙයක් කරන්න පුලුවන් බව ..මං හිමංස දෙනුවන් දෑලබන්ඩාර…තමුසෙගෙ ආදරේ ආපහු තමුසෙට දෙන එක අමනුස්සකමක් තමා ඇත්තටම ..

මොකද මේ ලෝකෙ කිසිම මිනිහෙක් නොකරන දෙයක් මං කරන්නෙ… තමුසෙ බබෙක් නෙවෙයිනෙ මං කියන දේවල් නොතේරෙන්න… දැන් බොරුවට කදුලු හලන් නැතිව යනවා තමුසෙගෙ කාමරේට…. හෙට හවස් වෙනකල් මගෙ ඇස් දෙකට පේන්න එන්න එපා.. ආවොත් මං නරක මිනිහ කියලා කියන්නත් එපා.. යනවා…”

හිමංසගෙ කෑගැහිල්ලට වෙවුල වෙවුල නිශාදි එයාගෙ කාමරේට ගියෙ හිමංසට හිතින් බැන බැන..අඩ අඩ….

‘ඉන්නවකො …. මං හෙට තරුන් එක්ක ගියාම තමුන් සංතෝශෙන් ඉන්නව… ඔහොමත් බය කරනවද කෙල්ලෙක්ව.. මගෙ තරුන් නම් කවදාවත් ඔහොම නැහැ… කටුස්සා පාට මාරු කරනවා වගේ වෙස් පෙරලන්නෙ….මටත් පෙන්නන්න බැහැ ඔයාව හිමංස… ඔච්චර නපුරු ඇයි ඔයා…’