මලක්දෝ නුඹ අරලියා 🌸🌿

🌿විසි හතරවෙනි කොටස🌿

රන්දය රැගත් වාහනය නුවරඑලිය දෙසට ඇදෙන්නට විය………. කළු පැහැති වීදුරු වලින් යුත් වන්දනා සිටින වෑන් රිය ද නුවරඑළියට තවම පැමිණියේ නැත……. ඇය සිටින්නේ බිම වැතිරීය…… කොහේ කොතැනක සිටිනවාදැයි ඇයට නිනව්වක් නැත………..

රන්දයගේ වාහනය වේගයෙන් නුවරඑළිය දෙසට ඇදෙමින් තිබුණි……. ඔහු නුවරඑළිය දක්වා වූ සියළුම පොලිස් ස්ථාන වලින් උදව් ඉල්ලුවේය……….. ඔහුට පලමු හෝඩුවාව ලැබුනේ ගම්පොල පොලීසියේ මුර පොලින්ය……ඔවුන්ද ඒ වාහනය පසු පස ලුහුබඳිමින් සිටියහ…………….

❤️ කුමාරසිරි හොයන්න කොහේද උන්ගේ ෆාම්හවුස් තියෙන්නේ කියලා………..

තවත් අඩ හෝරාවක් පමණ ගත විය………. ඔවුන් රම්බොඩ උමග පසු කරමින් සිටියෝය………… වෙලාව සවස තුන ලෙස සටහන් වුනත් මීදුම නිසා ඊට වඩා අඳුරක් තිබුණි…………..

🍃 සර්……. උන්ට එහෙ ෆාම්හවුස් පහක් තියනවා……. ඒ ඔක්කොම මඩුගල්ලෙටයි සම්මානිටයි තමා අයිති…………

❤️ ශිට් දැන් පහක් හොයන්න වෙනවානේ…………

රන්දයට දැනුනේ පුදුම අසරණකමකි…….

නමුත් කෙල්ලට කරදරයක් වේ යැයි සිතීමට පවා ඔහු බිය විය……..

වන්දනා රැගත් වාහනය වේගයෙන් පැමිණ නැවැත්තුවේ මිපිලිමාන ප්‍රදේශයේ ඇති ෆාම්හවුස් එකේය……….. ඔවුන් වන්දනා රැගෙන ගොස් කාමරයකට දමා වැසුවේය……. නමුත් ඒ එක මනුස්සයෙක්වත් ඇය හඳුනන්නේද නැත…….. ඔවුන් ඇයට හිරිහැර කලේද නැත…….. ඇය දොරට මෙපිටින් සිට පිටතින් ඇහෙන හඩට සවන් දුන්නේය………

🌱 බොස්…….. වැඩේ හරි……… නෝනා කාමරේට දාලා තියෙන්නේ…… හරි ඔක්කොම දෙන්නම්……… හා…… හරි හරි……..

යලිත් කාමරයේ දොරටුව හැරුණි……….. ඇගේ අත් ලෙහා දැමු ඔවුන් දෑස් ආවරණයද ඉවත් කලේය……..

🌹 කවුද තමුසෙලා මේ කොහේද ඇයි මේ මෙහෙට මාව අරන් ආවේ කෝ අර මිනිහා අශේන්…………

🌱 නෝනා ඔයාගේ ප්‍රශ්ණ වලට අපිට උත්තර දෙන්න බැ……… කරුණා කරලා තේරුම් ගන්න………. අපි කරන්නේ අපිට කීව දේ විතරයි……. මහත්තයා දැන් එයි……………..

එසේ පැවසූ ඔවුන් යන්නට ගියේ ඇයට අවශ්‍ය ආහාරපාන හා ඇඳුම් පැලඳුම්ද ලබාදීමෙන් පසුවයි……………..

🌹🌹 මේ මොන විකාරයක්ද……… අශේන් නම් මහ පිස්සෙක්…………

වන්දනා සිතුවේ දරාගත නොහැකි කේන්තියෙනි………. කේන්තියටත් වඩා ඇයට ඉමහත් බියක් දැනේ………….

🌹🌹 අනේ රන්දේ………. මාව බේරගන්න……. අනේ මාව බේරගන්න……………

කෙල්ල හඬන්නට විය නමුත් ඇයට කිසිසේත්ම තමා බේරාගන්න රන්දයට හැකි වේයැයි සිතුවේ නම් නැත…………….

ඈතින් ඇහෙන මීගහවත්ත කෝවිලේ සීනු හඬට ඇය කන්දුන්නාය……….

🌹🌹 අනේ දෙවියනේ ඔබ වහන්සේ මගේ අත්තම්මයි අම්මයි අක්කයි තුන් දෙනාවම මරනකම් බලන් හිටියා……. දැන් මටත් ඒ දේම වෙනකම්ද බලාගෙන ඉන්නේ…….

ඇය දෙවියන්ටද දොස් කීවාය……. නමුත් ඇය දෙවියන්ගෙන් පිහිට පැතුවාය………. අනපේක්ෂිතව දොර විවර වීමෙන් කෙල්ල ගැස්සී ගියාය……….පැමිණ සිටියේ ඇය බලාපොරොත්තු වු පරිදිම අශේන්ය……..

🔥 පුංචි නෝනා……..කොහොමද ඉතින්………

වන්දනා කේන්තියෙන් හා පිලිකුලෙන් ඉවත බලාගත්තාය……….

🔥 ඔහෝ…….මං ආසම නෑ ඔයා ඔහොම කේන්තියෙන් ඉන්නවට……….. දැන් හිතන්න දෙයක් නෑ……… ඔයා බේරගන්න කවුරුත් එන්නෑ පැටියෝ……. මං විතරයි ඉන්නේ……..අපි දෙන්නා විතරයි මේ මුළු ෆාම් හවුස් එකටම………..

🌹 මට පාඩුවේ ඉන්න දෙනවා අශේන්………

🔥 ඒක නම් කරන්න බෑ…….. මං ඔයාට ආදරෙයි ඒකවත් තේරෙන්නැද්ද………

අශේන් කීවේ වන්දනා අසලටම ඇවිත්………

🌹 ආදරේ……….මේකද තමුසෙගේ ආදරේ………

🔥 වන්දනා……….. මේ අහපන්……..මං උඹට ආදරෙයි කැමැත්තෙන් හරි අකැමැත්තෙන් හරි අද උඹ මගේ.වෙනවාමයි……… ඒක මතක තියාගෙන හිටපන් ටික වෙලාවක්….. මගේ යාළුවෝ දෙන්නෙක් එන්න තියනවා…… මේ අශේන් කිසි දෙයක් තනියෙන් කන්නෑ බෙදාගෙන කන්නේ………. ඒ හින්දා ටික වෙලාවක් ඉවසගෙන හිටපන්……..

අශේන් කිව්වේ වන්දනාගේ මුහුණ මිරිකලා දමමින්…………

🌹 උඹට හෙන ගහනවා පාහරයා……. බලාගෙන හිටපන්………… කාලි අම්මා එනවා……මාව බේරගන්න…….. එයා කවුරු හරිම එවනවා මාව බේරගන්න……… උඹට කවදාවත් බේරෙන්න බෑ………..

🔥එහෙස හිතාගෙන ටික වෙලාවක් හිත හදාගනින් වන්දනා……. උඹගේ හෙන ලොකු ලයින්නේ තිබ්බේ……….මේ අශේන්ට කිසි කෙල්ලක් ඔය වගේ ලොකු සීන් දාලා නෑ

අශේන් ගියේ සද්දෙන් දොරත් වහලා ඒකත් ලොක් කරලා………….. වන්දනා එහෙමම බිම වාඩි වෙලා අඩන්නට වුනා ඇයට සිහි වුනේ දාස්පෙතිව………

🌹🌹 අක්කේ ඔයා කොච්චර බය වෙන්න ඇතිද දුක් විදින්නට ඇතිද ඒක කොච්චර කටුක අත්දැකීමක් වෙන්න ඇත්ද අක්කේ………… මං මේ හැම එකාගෙන්ම පලිගන්නවා………… කාලකණ්නි……….

වන්දනා බයෙන් ගැහෙමින් සිතුවේ තමා ඉදිරියෙන් ඇති භයානක දෛවය ගැනයි…………..

රන්දයගේ වාහනය නුවරඑළිය නගරයට ලං විය…………. ඒ අසලදීම ඔවුන්ට ගම්පොල පොලීසියේ කණ්ඩායම හමු විය……….

🍃 මොකද කරන්නේ සර්……. අපි දැනටමත් දෙකක් සර්ච් කලා එහෙ නම් කිසි දෙයක් නෑ……… එකක් සීතා එලියේ තියනවා අනිත් එක මේ ලඟ මූන් ප්ලේන්ස් වල තියනවා අනික මිපිලිමානේ තමා තියෙන්නේ මිපිලි මානේ එකට නම් යන්න බැරි වෙයි මීදුම හින්දා………..

අවසානේදි ගම්පොල පිරිස සීතා එලියටත් රන්දය ඇතුළු පිරිස මූන් ප්ලේන්ස් වලටත් ගියහ………… වන්දනා සිටින මිපිලිමාන ෆාම්හවුස් එකට තවත් ආගන්තුක පිරිමි දෙදෙනෙක්ද පැමිණියහ………….. වන්දනාගේ ජීවිතය වාසනාව හා අවාසනාව අතර දෝලනය වෙමින් තිබේ…………… කෙල්ලෙකුට ජීවිතයේ වඩාත්ම වටිනා දෙය නම් ආත්ම ගෞරවයයි………. දෙවියන් බැලිය යුත්තේ ඔවුන් දෙසයි……… මෙසේ අසරණව අතවරයට ලක්වන්නට යන කාන්තාවන් දෙසයි…… නමුත් අදත් එදා මෙන්ම දෙවියන්ගේ නෙත් වන්දනා දෙසට හැරී තිබුනේ නැත………. පැමිණ සිටි පිරිම් දෙදෙනා රංග හා නුවන් ය……. ඔවුන් අශේන්ගේ පව්කාර මිතුරන්ය……… ඇයට කාමරයෙන් පිටුපස සිදු වන සියල්ලක්ම ඇසේ……..

🌱 ඒයි අශේනයා……. කෙල්ල ලස්සනයිද….. පෙන්නපන්කෝ….. ටිකක්.

🔥 ඉවසන් හිටපන් මූසලයෝ…….. මේක බීලා ඉවරවෙනකම්……..

🌱 මූමොකෙක්ද මන්දා……….

🦇️ පොලිස් කේස් නෑ නේද……..

🔥 නෑ බං නෑ……. බීපල්ලකෝ…….

මද වේලාවකින් ඔවුන් පදමට වෙරි විය………..

🌱 ඈ බං අශේනයා……පස්සේ මේකිට මොකෑ කරන්නේ……….

🔥 කලින්උන් ගිය තැනටම තමා මේකිත්…….. දොස්තරද මගුල වැඩක් නෑ…………. හොඳ ගානකට විකුනන්න පුළුවන්

🦇️ ඒ කියන්නේ සම්මානි ආන්ටිගේ බඩු පොට් එකටද මේකිත් දාන්නේ………

🔥 අම්මාට මේකිගෙන් හොඳට හොයන්න පුළුවන්….. වාත්තු කලා වගේ…………….

🌱 මඩුගල්ලේ ඇමතියටත් ඉතින් කෙල්ලෝ පේන්න බෑනේ……….

🦇️ හැබැයි උගේ දුවත් පට්ට කෑල්ල ආ………….

අශේන් මහා හඬින් සිනාසෙන්නට විය………….

🔥 මං ඒකත් ලයින් කරන් ඉන්නේ……. ඉස්සරලා මේකිගෙ ලොකුකම බස්සලා ඉන්න ඕනි……. අපේම ගෙදරට ඇවිත් ඔකි මට සද්දේ දැම්මේ…………

🌱 ඇත්තද බං ගිය සතියෙත් පොට් එකට පොලීසියෙන් පැන්නා කියන්නේ……. නිළියෝ තුන් දෙනෙකුත් හිටියලු නේද……… සම්මානි ආන්ටි නම් ඉතින් කොහොමහරි බේරෙන්න ඇති………..

🔥 ඔව් බං……අම්මට නම් ඉතින් ඕවා nothing………. හරි ඔන් එහෙනම් මේක මගේ ගොදුරනේ ඉස්සරලා මං………..

වන්දනා දොර ලගින් ඉවත් වී…… ජනේගය අසල ගඅලි ගැහුනාය………… අශේන් රතු කරගත් දෙනෙතින් බමණ හිසින් දොර හැරගෙන වන්දනා සිටි තැනට ආවේය…………………….

🌿❤️🌹🌿❤️🌹🌿❤️🌹🌿❤️🌹🌿❤️🌹🌿❤️🌹🌿❤️🌹🌿❤️🌹🌿❤️🌹

෴ මතු සබැඳියි ෴

🌺💚🌷🍃🌺💚🌷🍃🌺💚🌷🍃🌺💚🌷🍃🌺💚🌷🍃🌺💚🌷🍃🌺💚🌷🍃🌺💚

ලියන්නේ